uba kohomada matho mechara withara danne?
Mehemai eka loka dathuwaka pahala wenne eka buduwarayek pamanai. Api inna loka dathuwe pruthuwiye jambudweepaye thamai buduwaru pahala wenne
Ithin wenath loka dathu thiyenawa nam ewageth Buduwaru inna puluwan. Habai e gana kiyawena thanak nam danne na.
Oya kalin kiyapu eka Budurajanan wahanse thamai deshana karala thiyenne..man sourse hambunoth dannam
.. me tika asa danagaththe
![]()
බුදුන් වදාරන ලෙස ජීවීන් පවතින ලෝක තල වල ධර්මය අවබෝධ කල හැකි පහලම තලය මනුශ්‍ය ලොකයයි.දෙවියන්ට මනුශ්‍ය ලෝකයට පැමිණිය හැක.නමුත් මනුශයන්ට එසේ කල නොහකි නිසයි අවබෝධ කලහැකිම් මිනිස් ලොව පහල වෙන්නෙ....බුදුවරු පහල වන්නේ දබදිවයි ඉපදීම ,බුදුවීම, වගේ තැන් සියලුම බුදුවරුන්ට එකම වෙනව....පලම ධර්ම දේශනය එකම වෙනවා...ඒකියන්නෙ සියලු බුදුවරු ධම්සක් පැවතුම් සුත්‍රය තමඉ ඉස්සරලාම දේශන කරන්නේ...තවද එකම ලෝක දාතුව තුල බුදු වරු දෙනමක් වත් හො බුදුවරයකු හා පසේ බුදු වරයකු පහලවන්නේ නෑ අනෙක තම මෙතෙක් පහල වූ සියලු බුදුවරු පෘථිවියේ පමණක්ම පහලවීම...ඒක දර්මතාවයක්.....
?විවිධ දෙවිවරු වර්ග ඉන්නව. සමහර කොටසක් පෘථිවි තලයේ වෙසෙනව. තව කොටසක් අහසෙ විමාන හදාගෙන ජීවත් වෙනව කියලනන් මම අහල තියෙනව. එහෙමනන් ඒ කට්ටිය පිට සක්වල වෙන්නෙ නෑ නේද?.
මමත් හරියටම දන්නෙ නෑ හැබැයි. මාත් කාලයක් හිතාගෙන හිටිය දිව්‍යලෝක කියන්නෙ වෙනම ග්‍රහ ලෝක වෙන්න ඇති කියල ඒත් එහෙම නෙවෙයි වගේ. හැබැයි එහෙම වෙන්නත් සම්භාවිතාවක් තියෙනව
ඊ ළඟ බුදුවරයා පහල වෙන කොට ලෝකයේ තත්වය මොකක් ද. ඒ කියන්නෙ භෞතිකව දියුණු තත්වයක් පැවතිය හැකිද?. බුදුවරයෙක් පහල වෙන්නෙ භෞතිකව නොදියුණු කාලකයමයි(උදා. රජවරු රටවල් පාලනය කරන, තාක්ෂණිකව නොදියුණු) එහෙම වෙන්නෙ කොහොමද. කල්ප විනාශයක් සිදු වෙන්නෙත් බුදුවරු 5ක් ඉපදුනාට පස්සෙ. නැවත ලෝකය බිහි වෙන්න ඊට පස්සෙ. එතකොට ක්‍රමයෙන් ලෝකය තක්ෂණිකව දියුණු වීම හා බුදුවරයෙක් තාක්ෂණිකව නොදුයුණු කාලයක ඉපදීමයි පහදන්නෙ කොහොමද?
මම දන්නා විදියටනම් .,
* ඔය ප්රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත.
* 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත.
* අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක .
ඔය කරුණු නිසා ,
මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය.
වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය.



බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමණද? වෙනත් ග්‍රහ ලොවක බුදුවරයෙක් පහළ විය නොහැකිද?
මේක මට තියෙන ලොකු ගැටළුවක්
![]()
මෙතන බුදුරජණන්වහන්සේට අපහස කරල, හෑල්ලුවට ලක් කරල පවු පුරවගන්නනන් ලෑස්ති වෙන්න එපා
අදහසක් නැති අය BUMP එකක්වත් දාල යන්න
බුදුවරයෙකු හම විටම පහල වෙන්නේ නොදියුණු කාලයක. ඒ කාලවල මිනිස්සුන්ගේ ජීවන රටාව සංකීර්ණ නැහැ , නොදියුණු කාලයක මිනිස්සු සරල සංසිද්ධි උනත් අලුතින් ඉගෙන ගන්න හදනවා.
දැන් නිකමට හිතන්න මේ කාලයේ බුදුන් පහල උනා කියල. සිදුහත් කුමාරයට සසර කලකිරිලා යන්න් තැනක් තියනවද ? බුදු උන කියල හිතන්න ඒ දේශනා කරන ධර්මය මිනිස්සු පිළිගනියිද ?
තාක්ෂණිකව මිනිස්සු දියුණු වෙන්න වෙන්න මනසික දියුණුව කඩා වැටෙනවා.
ඉතින් මචන් මනුෂ්‍ය කියන ජීවී කොටස පෘථිවියේ ඉන්න අපි විතරක් කියල කියන්නෙ ඇයි. මනුෂ්‍යයා(මනසින් උසස්) කියන ජීවියා වෙන ග්‍රහ ලෝකෙක ඉන්නත් පුළුවන්නෙ. පෘථිවියේ ජීවය බිහි උනු ආකාරයට ජීවය බිහි උනු. ඒ හා සමාන ජීවීන් ඉන්න ග්‍රහ ලෝක තියෙන්න පුළුවන්නෙ.
මහා කල්පයකට බුදුවරු 5ක් පහල වෙනව. මේ විදිහට ලෝක භෞතිකව දියුණු වේගන ගිහින්, දියුණු වේගන ගිහින් ඊ ළඟ බුදුහාමුදුරුවො පහල වෙද්දි ලෝකෙ ඉලෙක්ට්‍රෝනික යුගයත් පහු කරල තියෙන්න ඕනෙනෙ. ඒත් අපි අහල තියෙන බුදුවරු 28ම පහල උනේ භෞතික වශයෙන් නොදියුණු(ඒ ආධ්‍යාත්මිකව දියුණු) යුගවල. එතන පොඩි පරස්පර ගතියක් නැද්ද?පොඩි ගැටළුවක් එනව නේ ද?
දැන් එහෙම කියද්දි උඹ කියයි, කල්ප විනාශ අතරෙ තව ලෝක විනාශ වර්ග තියෙනව කියල. ඒත් මචන් ඒ අතර සිදුවන විනාශ වලදි මිනිස් සංහතියම විනාශ වෙන්නෙ නෑනෙ. හොඳ මිනිස්සු ඉතිරි වෙනව. ඒත් අපි කොහෙවත් දැකල නෑනෙ මීට අවුරුදු මිලියන ගානකට කලින් මෙහෙම භෞතික අතින් දියුණු ලෝකයක් තිබුන කියල( කැනීම් වලින් හම්බෙන දේවල් වලවත්, ඉතිහාස පොත්වලවත්)
දැන් ඔයාටම තේරෙනවා නේද , මුලින් අහපු ප්‍රශ්නෙට උත්ටරයක් ලැබුනත් , එය ඔස්සේ තවත් ප්‍රශ්න රාශියක් ඔයාට ඇතිවෙනවා කියල
