මම දන්නා විදියටනම් .,
* ඔය ප්රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත.
* 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත.
* අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක .
ඔය කරුණු නිසා ,
මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය.
වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය.