බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    බුදුන් වදාරන ලෙස ජීවීන් පවතින ලෝක තල වල ධර්මය අවබෝධ කල හැකි පහලම තලය මනුශ්ය ලොකයයි.දෙවියන්ට මනුශ්ය ලෝකයට පැමිණිය හැක.නමුත් මනුශයන්ට එසේ කල නොහකි නිසයි අවබෝධ කලහැකිම් මිනිස් ලොව පහල වෙන්නෙ....බුදුවරු පහල වන්නේ දබදිවයි ඉපදීම ,බුදුවීම, වගේ තැන් සියලුම බුදුවරුන්ට එකම වෙනව....පලම ධර්ම දේශනය එකම වෙනවා...ඒකියන්නෙ සියලු බුදුවරු ධම්සක් පැවතුම් සුත්‍රය තමඉ ඉස්සරලාම දේශන කරන්නේ...තවද එකම ලෝක දාතුව තුල බුදු වරු දෙනමක් වත් හො බුදුවරයකු හා පසේ බුදු වරයකු පහලවන්නේ නෑ අනෙක තම මෙතෙක් පහල වූ සියලු බුදුවරු පෘථිවියේ පමණක්ම පහලවීම...ඒක දර්මතාවයක්.....
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Mehemai eka loka dathuwaka pahala wenne eka buduwarayek pamanai. Api inna loka dathuwe pruthuwiye jambudweepaye thamai buduwaru pahala wenne
    Ithin wenath loka dathu thiyenawa nam ewageth Buduwaru inna puluwan. Habai e gana kiyawena thanak nam danne na.
    Oya kalin kiyapu eka Budurajanan wahanse thamai deshana karala thiyenne..:yes::yes:man sourse hambunoth dannam :nerd::nerd::nerd::nerd::nerd:.. me tika asa danagaththe:rolleyes::rolleyes::rolleyes:

    බුදුන් වදාරන ලෙස ජීවීන් පවතින ලෝක තල වල ධර්මය අවබෝධ කල හැකි පහලම තලය මනුශ්ය ලොකයයි.දෙවියන්ට මනුශ්ය ලෝකයට පැමිණිය හැක.නමුත් මනුශයන්ට එසේ කල නොහකි නිසයි අවබෝධ කලහැකිම් මිනිස් ලොව පහල වෙන්නෙ....බුදුවරු පහල වන්නේ දබදිවයි ඉපදීම ,බුදුවීම, වගේ තැන් සියලුම බුදුවරුන්ට එකම වෙනව....පලම ධර්ම දේශනය එකම වෙනවා...ඒකියන්නෙ සියලු බුදුවරු ධම්සක් පැවතුම් සුත්‍රය තමඉ ඉස්සරලාම දේශන කරන්නේ...තවද එකම ලෝක දාතුව තුල බුදු වරු දෙනමක් වත් හො බුදුවරයකු හා පසේ බුදු වරයකු පහලවන්නේ නෑ අනෙක තම මෙතෙක් පහල වූ සියලු බුදුවරු පෘථිවියේ පමණක්ම පහලවීම...ඒක දර්මතාවයක්.....

    ඊ ළඟ බුදුවරයා පහල වෙන කොට ලෝකයේ තත්වය මොකක් ද. ඒ කියන්නෙ භෞතිකව දියුණු තත්වයක් පැවතිය හැකිද?. බුදුවරයෙක් පහල වෙන්නෙ භෞතිකව නොදියුණු කාලකයමයි(උදා. රජවරු රටවල් පාලනය කරන, තාක්ෂණිකව නොදියුණු) එහෙම වෙන්නෙ කොහොමද. කල්ප විනාශයක් සිදු වෙන්නෙත් බුදුවරු 5ක් ඉපදුනාට පස්සෙ. නැවත ලෝකය බිහි වෙන්න ඊට පස්සෙ. එතකොට ක්‍රමයෙන් ලෝකය තක්ෂණිකව දියුණු වීම හා බුදුවරයෙක් තාක්ෂණිකව නොදුයුණු කාලයක ඉපදීමයි පහදන්නෙ කොහොමද:)?
     
    Last edited:

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    තාක්ෂණික අතින් නොදියුණු කියන්නේ කොහොමද? :):yes::yes:
    මේ සුත්‍රය කියවා බලන්න පිළිතුරක් හම්බවේවි " සංඛාර උපත්ති සුත්‍රය":yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    විවිධ දෙවිවරු වර්ග ඉන්නව. සමහර කොටසක් පෘථිවි තලයේ වෙසෙනව. තව කොටසක් අහසෙ විමාන හදාගෙන ජීවත් වෙනව කියලනන් මම අහල තියෙනව. එහෙමනන් ඒ කට්ටිය පිට සක්වල වෙන්නෙ නෑ නේද?.

    මමත් හරියටම දන්නෙ නෑ හැබැයි. මාත් කාලයක් හිතාගෙන හිටිය දිව්‍යලෝක කියන්නෙ වෙනම ග්‍රහ ලෝක වෙන්න ඇති කියල ඒත් එහෙම නෙවෙයි වගේ. හැබැයි එහෙම වෙන්නත් සම්භාවිතාවක් තියෙනව

    ඔව් අගසේ විමාන හදාගෙන ඉන්නවා කියන අය පිටසක්වල කියල පිළිගන්න බැහැ එත් බුදුන් වහන්සේ කියල තියන තවත් දිවය ලෝක තිබෙනවා . ජීවය ආරම්භය ගැන කතා කරන කොට බ්‍රහ්ම ලෝකයකින් මෙලොවට පැමිණෙන ජීවින් විශේෂයක් ගැන සඳහන් කර තිබෙනවා. අන්න ඒ අය පිටසක්වල වෙන්න පුළුවන්.

    මෙතන ප්‍රශ්නය තියෙන්නේ අතීතයේ මිනිසුන්ට අහසින් එන හැමෝම දෙවිවරු. ඒක නිසා අපිට පිටසක්වල ජීවින් සහ අපගේ පෘතුවිය ආශ්‍රය කරගෙන ජීවත්වෙන ජීවින් හැමෝම හඳුවන්න වෙලා තියෙන්නේ දෙවිවරු කියල තමයි.

    මචන් මේ පැත්ත ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා. හොයනවා නම් විද්‍යාත්මක සාධක එක්ක හොයන්න. විනෝදාංශයක් විදියට කලාට කමක් නැහැ එත් මේකට කැපවෙන්න එපා. (ආගමට උනත් ඕනවට වඩා ගැති වෙන්න එපා. )

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඊ ළඟ බුදුවරයා පහල වෙන කොට ලෝකයේ තත්වය මොකක් ද. ඒ කියන්නෙ භෞතිකව දියුණු තත්වයක් පැවතිය හැකිද?. බුදුවරයෙක් පහල වෙන්නෙ භෞතිකව නොදියුණු කාලකයමයි(උදා. රජවරු රටවල් පාලනය කරන, තාක්ෂණිකව නොදියුණු) එහෙම වෙන්නෙ කොහොමද. කල්ප විනාශයක් සිදු වෙන්නෙත් බුදුවරු 5ක් ඉපදුනාට පස්සෙ. නැවත ලෝකය බිහි වෙන්න ඊට පස්සෙ. එතකොට ක්‍රමයෙන් ලෝකය තක්ෂණිකව දියුණු වීම හා බුදුවරයෙක් තාක්ෂණිකව නොදුයුණු කාලයක ඉපදීමයි පහදන්නෙ කොහොමද:)?



    බුදුවරයෙකු හම විටම පහල වෙන්නේ නොදියුණු කාලයක. ඒ කාලවල මිනිස්සුන්ගේ ජීවන රටාව සංකීර්ණ නැහැ , නොදියුණු කාලයක මිනිස්සු සරල සංසිද්ධි උනත් අලුතින් ඉගෙන ගන්න හදනවා.

    දැන් නිකමට හිතන්න මේ කාලයේ බුදුන් පහල උනා කියල. සිදුහත් කුමාරයට සසර කලකිරිලා යන්න් තැනක් තියනවද ? බුදු උන කියල හිතන්න ඒ දේශනා කරන ධර්මය මිනිස්සු පිළිගනියිද ?

    තාක්ෂණිකව මිනිස්සු දියුණු වෙන්න වෙන්න මනසික දියුණුව කඩා වැටෙනවා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම දන්නා විදියටනම් .,

    * ඔය ප්‍රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත.

    * 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත.

    * අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්‍රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක .


    ඔය කරුණු නිසා ,

    මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය.

    වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය.

    පිළිගන්න පුළුවන් උත්තරයක් :yes::yes::yes:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමණද? වෙනත් ග්‍රහ ලොවක බුදුවරයෙක් පහළ විය නොහැකිද?

    මේක මට තියෙන ලොකු ගැටළුවක්:rolleyes:

    and2disk.jpg




    මෙතන බුදුරජණන්වහන්සේට අපහස කරල, හෑල්ලුවට ලක් කරල පවු පුරවගන්නනන් ලෑස්ති වෙන්න එපා
    :rolleyes:

    අදහසක් නැති අය BUMP එකක්වත් දාල යන්න


    උඹ මේ ප්‍රශ්නෙ අහන්නෙ මොකද? උඹට ගිහින් බුදුහාමුදුරුවන්ව මුනගැහෙන්න ඕනෙද? එහෙම ඕනෙ නම් උන්වහන්සේ දකින්න ක්‍රමයක් තියෙනව. ඒ තමයි ධර්මය පිලිගෙන, පිලිපැදලා, අවබෝධ කරගෙන නිවන් දකින එක. රහත් වෙනවා කියෙන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දකිනව කියන එක තමා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    buddun pahala wenne darmaya nattama nethi wena kaleka ban.minissunta amathaka wela yana kaleka...may be year 2500...But it will happen soon.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    බුදුවරයෙකු හම විටම පහල වෙන්නේ නොදියුණු කාලයක. ඒ කාලවල මිනිස්සුන්ගේ ජීවන රටාව සංකීර්ණ නැහැ , නොදියුණු කාලයක මිනිස්සු සරල සංසිද්ධි උනත් අලුතින් ඉගෙන ගන්න හදනවා.

    දැන් නිකමට හිතන්න මේ කාලයේ බුදුන් පහල උනා කියල. සිදුහත් කුමාරයට සසර කලකිරිලා යන්න් තැනක් තියනවද ? බුදු උන කියල හිතන්න ඒ දේශනා කරන ධර්මය මිනිස්සු පිළිගනියිද ?

    තාක්ෂණිකව මිනිස්සු දියුණු වෙන්න වෙන්න මනසික දියුණුව කඩා වැටෙනවා.

    Mama hithannne Budu kenek pahala wenne minissu ADHYATHMIKA athin usassma kalayaka.May not be in technology. E kale Indiyawe "SHAD SHASTHRU WARU" pahala wela minissu real sanaseema hoyana kalayak.Eka thama "PAS MAHA BALUM' walath balanne.

    Mama hithanne බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණk novei, Habai aniwaryanma minisun atharamai.Deviyanta wath Brahmayantawath katawath budu wennda ba."SAPTHA SOORYODGAMANA SUTHRA" ye thiyenawa loka winasaya wena hati. "AGGANYA SUTHRA" ye thiyenawa loka winasa wela minisun nawatha hata ganne kohomada kiyala."ABHASSARA " kiyala brahma lokeka jeevin avith minisun dakwa hadena hati eke thiyenawa.Eka wenne පෘථිවියේ_පමණk novei .Habai minisun atharamai budu kenek pahala wanne.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඉතින් මචන් මනුෂ්‍ය කියන ජීවී කොටස පෘථිවියේ ඉන්න අපි විතරක් කියල කියන්නෙ ඇයි. මනුෂ්‍යයා(මනසින් උසස්) කියන ජීවියා වෙන ග්‍රහ ලෝකෙක ඉන්නත් පුළුවන්නෙ. පෘථිවියේ ජීවය බිහි උනු ආකාරයට ජීවය බිහි උනු. ඒ හා සමාන ජීවීන් ඉන්න ග්‍රහ ලෝක තියෙන්න පුළුවන්නෙ.

    මහා කල්පයකට බුදුවරු 5ක් පහල වෙනව. මේ විදිහට ලෝක භෞතිකව දියුණු වේගන ගිහින්, දියුණු වේගන ගිහින් ඊ ළඟ බුදුහාමුදුරුවො පහල වෙද්දි ලෝකෙ ඉලෙක්ට්‍රෝනික යුගයත් පහු කරල තියෙන්න ඕනෙනෙ. ඒත් අපි අහල තියෙන බුදුවරු 28ම පහල උනේ භෞතික වශයෙන් නොදියුණු(ඒ ආධ්‍යාත්මිකව දියුණු) යුගවල. එතන පොඩි පරස්පර ගතියක් නැද්ද?පොඩි ගැටළුවක් එනව නේ ද?

    දැන් එහෙම කියද්දි උඹ කියයි, කල්ප විනාශ අතරෙ තව ලෝක විනාශ වර්ග තියෙනව කියල. ඒත් මචන් ඒ අතර සිදුවන විනාශ වලදි මිනිස් සංහතියම විනාශ වෙන්නෙ නෑනෙ. හොඳ මිනිස්සු ඉතිරි වෙනව. ඒත් අපි කොහෙවත් දැකල නෑනෙ මීට අවුරුදු මිලියන ගානකට කලින් මෙහෙම භෞතික අතින් දියුණු ලෝකයක් තිබුන කියල( කැනීම් වලින් හම්බෙන දේවල් වලවත්, ඉතිහාස පොත්වලවත්)


    * ඔය කියන මනුෂ්‍ය යන්ට සමාන හෝ මනුෂයන්ට වඩා මනසින් උසස් ජීවින් කොටසක් සිටි නම් එය පැහැදිලිව ප්‍රකට විය යුතුය , එහෙත් එසේ නොවන්නේ ඇයි? එහෙම ජීවින් ඉන්නවා නම් පැහැදිලිව සදහන් කරන්න , (මෙහිදී බුද්ධ දර්මය උපයෝගී කර නොගන්න, බුදුදහම පිළිගන්නේ නම් , ලෝක විෂය, බුද්ධ විෂය අචින්ත්‍ය බව ද නුවනින් දැකිය යුතුය.)

    * බුදුකෙනෙක් යනු කවුරුන්ද යන්න පළමුව තේරුම ගත යුතුය, සරලම තේරුම නම්,සත්‍ය සොයාගත නොහැකි කාලයක නිවන් මග තනිවම අවබෝධ කරගෙන අන අයටද දේශනා කරන උතුමෙකු ය. එසේනම් , බුදුකෙනෙක් යනු අවර්තයක ඇරභුම් ලක්ෂයක් වේ , ඇරභුම් ලක්ෂ එකක් පමණක් පිහිටන බව පැහැදිලි විය යුතුයි. එක දිගටම බුදුන් පහල වන්නට නොහැක , එය බුදුන් යන අර්ථයෙන්ම සනාථ වන කාරණයක්. ඒ කිඋවේ බුදු කෙනෙක් කියන්නේ , නිවන් මාර්ගයක් සොයාගැනීමට නොහැකි කාලයක , පළමුවෙන්ම එම මාර්ගය සොයාගන්න උතුමෙක්, එතකොට එවැනි අය දෙන්නෙක් තුන්දෙනෙක් ආදී වශයෙන් පිහිටන්න විදියක් නැහැනේ , මොකද බුදුකෙනෙක් කියල කියන්නේ පළවෙනිම කෙනාට.

    එතකොට , නිවන් මග සැඟවී යමටනම් මිනිසුන් අධ්‍යාත්මික වශයෙන් පරිහානියට ලක් විය යුතුය, අධ්‍යත්මිකව පරිහානියට ලක් වන විට ජීවීන්ගේ ආයුෂද වැඩිවෙයයි අපේක්ෂා කල නොහැකිය, අධ්‍යාත්මික පරිහානියේ අවසානය කොතනදැයි සිතාබැලිය යුතු කාරණයකි, + අන්තඃ කල්ප විනාශය සිදුවන කාල පරාසයන් දල වශයෙන් අනුමාන කිරීමේදී , ඔය කියන ආකාරයේ ජීවීන්ගේ කොටස් විනාශ නොවී පවතියයි ද සිතීමට නොහැක. අනික ඉතුරු වන සුළුතරය නැවතත් අධ්‍යාත්මික දියුණුවකින් පසුව ආයුෂ 84000 පමණ දක්වා වර්ධනය කරගන්න බවද සදහන් එසේම නැවත බුදුවරයෙක් පහල වන්නේ තවත් කලයකට පසුවය.
    දැන් සංසන්දනාත්මකව සිතා බලන්න , ගෞතම බුදුන් පහල වීමට පෙර කාශ්‍යප බුදුන්ගේ කාලයේ නාට්ටාවශේෂද බහුලව දැකිය නොහැකි තර්කය ගැලපෙන්නේ ඉහත දැක්වූ කරුණු වලට නොවේද? , එසේ නැතිනම් , දැනට මිනිසුන් ලබා ඇති දියුණුව(භෞතික) ඔස්සේ අනුමාන කිරීමෙන් අද වනවිටත් භෞතිකව අති දියුණුවක් ලබා සිටිය යුතුය යන මතයටද?

    * අද වනවිටත් විවිද කැණීම්, ගවේෂණ ඔස්සේ මිනිසාගේ ඉතිහාසය 100% ම පිළිගත හැකි තත්වයකට ගෙන නොමැත, එය විටින් විට හමුවන කරුණු ඔස්සේ විවද ස්වරූප ගනී. කරුණු ස්වල්පයක් හමුවේ යම මතයක් ගැන නිගමනයකට එලබීමට නොහැකි වූ පමණින් එම මතය වරදියය් කීමටද නොහැක, .
    History channel - Ancient Aliens - Season 1/2/3 - මගින් ඉතිහාසයේ දියුණු තාක්ෂණයක් තිබුන බවද , එය අදට සාධක සහිතව ඔප්පුකල හැකිමුත් එවැනි තාක්ෂණයක් තේරුම ගැනීමට නොහැකි බවද පවසයි .

    තවද මිහිමත ඉපැරණි නාට්ටවශේෂයන් සුලබව හමු නොවීම ඉතා සරලව තේරුම ගත හැකි කරුණු රාශියක් වේ, ඩයිනෝසෝරයින් මිලියන ගණනින් ජිවත් වන්නට ඇති මුත් , අදට එම සියලු සතුන්ගේ ඇටසැකිලි/පොසිල හමුනොවන්නේ මන්ද? , ඛනිජ තෙල් ලෙස අදට නිස්සරණය කරගන්නා තෙල් සම්පත , ඉපැරණි සත්වයන්ගේ ශරීරයන් අදික පීඩනයක් යටතේ කාලයක් තිස්සේ විවිද විපර්යාසයන්ට ලක්වීමේ ප්‍රතිපලයක් ලෙස දක්වයි, ගල අගුරුද එසේම ඇතිවන්නට ඇතැයි සැලකේ,. මේ ආකාරයට පෙර විසු සත්ව කොට්ටාශයන් අදට දැකීමට නොහැකි වන්නේ කාලයාගේ ඇවෑමෙන් ය.

    ඉලෙක්ට්‍රොනික තාක්ෂනය ඔය කියන ආකාරයට දියුණු නොවී තිබීමට හේතුව ද , අන්තඃ කල්ප සංකල්පයෙන් බිඳවැටේ.


    බුදුදහම විශ්වයේ තිබෙන ලාක්ෂණික ස්වරුපය පැහැදිලි කරන දහමකි , එය තේරුම් ගතහොත් එම ලක්ෂණයන් ගෙන වියුත්පන්න වන සියලුම දේද අවබෝධකරගත හැකි විය යුතුය. එය තේරුම නොගෙන , එය තේරුම ගත් පසුව තේරුම්ගත යුතු දෑ ගැන තර්ක කිරීම නිෂ්පල ය. පළමුව එම මග ඔස්සේ ගමන කරන්නේවත් නොමැතිව එහි අඩුපාඩු සෙවීම කෙසේනම් කල හැකිද?

    දැන් ඔයාටම තේරෙනවා නේද , මුලින් අහපු ප්‍රශ්නෙට උත්ටරයක් ලැබුනත් , එය ඔස්සේ තවත් ප්‍රශ්න රාශියක් ඔයාට ඇතිවෙනවා කියල , ඔය ප්‍රශ්නය ගැන සිතීම කාලය නාස්ති කිරීමක් පමණකි, ඔය වගේ ප්‍රශ්න තේරුම ගැනීමට හැකි මාර්ගයක් බුදුන්වහන්සේ පෙන්වා දී තියෙනවා, ඉතින් එම මාර්ගයේ ගමන කරලා උත්තරයක් ලැබෙනවද නැද්ද බලන එක තමයි නුවනට හුරු.

    තෙරුවන් සරණයි...
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නේ බුදු කෙනෙක් කියන්නේ මේ පද්ධතියෙන් ජීවින්ට එළියට යන්න උදව් කරන කෙනෙක්..
    නමුත් ප්‍රශ්ණය මේ පද්ධතියෙන් එළියේ තියෙන්නේ මොකක්ද කියන එකයි..
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    දැන් ඔයාටම තේරෙනවා නේද , මුලින් අහපු ප්‍රශ්නෙට උත්ටරයක් ලැබුනත් , එය ඔස්සේ තවත් ප්‍රශ්න රාශියක් ඔයාට ඇතිවෙනවා කියල

    Very True:(
     

    moony

    Member
    Sep 22, 2012
    2
    0
    0
    විශ්වයේ තියන බිලියන ගානක මන්දාකිණි වල තියන තව බිලියන ගානක් තරු අතරෙ අපේ සුර්යයා විතරක් විශේෂ වෙන්නෙ ඇයි?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දන්න විදිහට මචං මහා පුරුශ ලක්ෂන 32 සෑම බුදු කෙනෙකුටම පොදු දෙයක්නෙ..
    ඒ කියන්නෙ මිනිසුන් ඉන්න ඔනෑම ග්‍රහලොවක බුදු කෙනෙක් පහළ වෙන්න පුලුවන් ඇති.