බුදුහාමුදුරුවන්ගේ කීර්තිය

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බුදුහාමුදුරුවන්ගේ කීර්තිය


[FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ කීර්තිය මුළු විශ්වය පුරාම ව්‍යාප්ත වූවක්. විශ්වයේ සමහරක් භූමි තලයන්හි ඉපදුන සත්වයෝ බුදුහාමුදුරුවනගෙන් බණ අහන්න ආපු නිසා එක් ආකාරයට විශ්වය පුරා උන්වහන්සේගේ කීර්තිය පැතුරුනා. සමහරක් වෙලාවලදි බුදුහාමුදුරුවො වෙනත් ලෝකයන්ට වැඩම කරලා ධර්ම දේශනා කරනන්ට යෙදුන නිසා උන්වහන්සේ ගැන ප්‍රචලිත වුනා. ඒ වගේම බුදුහාමුදුරුවනගේ සමහර ශ්‍රාවකයෝ, විශේෂයෙන්ම මුගලන් රහතන් වහන්සේත් නොයෙක් අවස්ථා වලදි වෙනත් භූමි තලයන්ට වැඩම කරලා ධර්මය දේශනා කලා නේ, වෙනත් ලෝකවලට වැඩම කරලා ධර්මය දේශනා කරන්නට යෙදුනා. මේ තුලිනුත් බුදුහාමුදුරුවන්ගේ කීර්තිය පැතුරුනා.
[/FONT]



[FONT=&quot]බුදුහාමුදුරුවො තමන්ගේ දීර්ඝ සංසාර ගමනේදී බෝධිසත්ව අවධියේදී ශුද්ධාවාසය හැර අනෙක් බඹ ලෝකවල ඉපදිලා තියෙනවා. උන්වහන්සේ තමන්ගේ අවසන් ආත්මභාවයේදී තමයි ඵලයන් හතරම ලබා ගත්තේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ශුද්ධාවා‍සයේ ඉපදිලා නැති වුනත් තමන්ගේ සෘධි බලයෙන් එක් අවස්ථාවකදි ශුද්ධාවාසයට වැඩම කරන්නට යෙදුනා. ඒ ගමනේදී මිලියන ගණනක් වූ බ්‍රහ්මයන්ගේ වන්දනාවට උන්වහන්සේ ලක් වුනා. එතනදි ඒ බ්‍රහ්මයෝ ප්‍රකාශ කරන්නට යෙදුනා මීට පෙර හිටි බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තමුන් අනාගාමී වෙලා එහි ඉපදුන බව. ඒවගේම එතනදි ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලයේදී අනාගාමි වුන බ්‍රහ්මයන්වත් මුණ ගැහෙන්න හැකි වුනා.[/FONT]


[FONT=&quot]බුදුහාමුදුරුවෝ ශුද්ධාවාස බඹ තල පහටම වැඩම කරලා තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් තමන්ගේ ශිෂ්‍යයෝ වාසය කරන ස්ථානවලදි උන්වහන්සේ කොයි තරම් නම් ප්‍රසිද්ධ වෙන්න ඇති ද කියලා. ප්‍රශ්නයක් මතු වෙන්නේ අරූප තලයේදී උන්වහන්සේගේ කීර්තිය පැතුරුනේ කොහොමද කියන එක ගැනයි. ඒ බ්‍රහ්මයන්ට බුදුහාමුදුරුවෝ ලඟට එන්නවත් බුදුහාමුදුරුවන්ට එතනට වඩින්න වත් ලේසි නෑ. ධර්මයට සවන් දීලා ධර්මය පුහුණු කල අය ත්‍රිවිධ ඥානයන් ලබාලා අරූප ධ්‍යාන ලබලා මිය ගියාට පස්සේ තමන් ආශා කරනවා නම් අරූප තලයේ උපදින්න පුළුවන්. මේ අය බුදුහාමුදුරුවො ගැන දන්නවා වගේම උන්වහන්සේගේ ධර්මයට හිත මෙහය වූවොත් ඉතිරි ඵලයත් ලබන්න පුළුවන් බව දන්නවා. ඉතින් මේ නිසා ඒ අය තමන්ගේ සිහිය පිහිටුවාගෙන විඥාණාචයාතන තලයේදී හෝ ආකිඥායතන තලයේදී හෝ නැත්නම් නේවසඥානාසඥා තලයේදී අරහත් තත්වයට පත් වෙලා පිරිනිවන් පානවා. මේ විදියට බුදුහාමුදුරුවනගේ කීර්තිය මුළු විශ්වය පුරාම පතළවෙනවා. [/FONT]