තණ්හාවේ හැටි.

hpalpola

Well-known member
  • පළමු දේශනාවේදීම බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නට යෙදුනා ආර්ය සත්‍යය හතරක් ගැන. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය. ඒ දේශනාව අහලා ඉවරවෙද්දි කොණ්ඩඤ්ඤ භික්ෂුවට බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ වුනා. එදා ඉඳලා මේ වෙනකන් කෝටි ගණනක් මිනිස්සු බුද්ධ ධර්මයේ ප්‍රතිඵල විඳිනවා. සතුට කරාම මෙහෙයවුන දහමක් තමයි බුද්ධ ධර්මය කියන්නේ. පළමු ධර්ම දේශනයේ දී ම බුදුරජාණන්වහන්සේ දේශනා කලා දුකට හේතුව ‘තණ්හාව‘ යැයි කියලා. මේ තණ්හාව අපි ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නේ හරි අපූරු විදියට. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපි සතුටින්. නැත්නම් දුකෙන්.

    නිකමට හිතන්නකො මෙහෙම. ඔයා ආශ කරන කෝප්පයක් තියෙනවා කියලා හිතන්න. මේ කෝප්පෙ තමයි ඔයා තේ බොන්නෙ. ගෙදර අයත් දන්නවා මේක ඔයාගේ කෝප්පය කියලා. මේක ඔයාගේ කෝප්පෙ. දවසක් ඔයා කොහෙ හරි ගිහිල්ල ගෙදර එද්දි දකිනවා මේ කෝප්පෙ කව්රු හරි තේ බීලා හෝදලා නැහැ කියලා. මේක දැක්ක ගමන් මොකක් ද වෙන්නේ? සමහරුන්ට කේන්ති යනවා. වැඩි හරියකට වෙන්නෙ ඒක තමයි. කව්ද මගේ කෝප්පේ තේ බීලා හෝදන්නෙ නැතුව තිබ්බෙ. එක යුද්ධයයි. මෙහෙම කේන්ති යන්නෙ කෝප්පෙ දැක්කට පස්සෙ. ඒකත් නිකන්ම දැක්කට පස්සෙ නෙමෙයි. තේ ඉතිරි කරලා තියෙනවා දැක්කට පස්සෙ. තේ බීපු කෙනා ඒක හෝදලා තියෙන තැනින් තිබ්බනම් මේක වෙන්නෙ නැහැ. කෝප්පෙ හඳුනගන්නවා. තේ ටික දකිනවා. එතකොට ඒ ඉතිරි තේ ටිකත් එක්ක ඇති වෙනවා තරහ. ඒ තරහ ඇති වුනාට පස්සෙ එක්කො කයින්, එක්කො වචනයෙන්, එක්කො හිතෙන් ප්‍රතිචාර දක්වනවා. සමහරු මේ තරහ පිට කරන්නේ තමුන්ට ම වෙන් වුන කෝප්පෙ පොළොවෙ ගහල කුඩු කරලා.

    තවත් කෙනෙක් ඉන්නවා. එයාටත් කෝප්පයක් තියෙනවා. එයාටත් මේ වගේම සිද්ධියක් වෙනවා. හැබැයි එයාට මේ කෝප්පෙ දැක්කම කිසිම විශේෂ හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. මිනිහා මොකද කරන්නෙ ආ කව්රු හරි මේකෙ තේ බීලා හෝදලා නැහැනෙ, මේක හෝදලා තියන්න ඕනා කියලා හෝදලා තියන්න ඕන තැනින් තියලා යනවා. එච්චරයි.

    තවත් කෙනෙක් මේකම දකිනවා තවත් විදියකට. කොහොමද? එයා හිතනවා කව්රු හරි මගේ කෝප්පෙන් තේ බීලා. ඒ කෙනා නොහෝදපු එක මන් හෝදලා තියන්න ඕනා. නැත්නම් ඊළඟට තේ බොන කෙනාට අප්පිරිය හිතෙයි කියලා. මේ විදියට ම නෙමෙයි, මේ වගේ ස්වභාවයට හිතලා ප්‍රතිචාර දක්වනවා.

    දැන් මේ දෙවැනි ආකාර දෙකට දකින දෙන්නත් මුල් ආකාරයට දකින කෙනාත් දකින විදිය එකිනෙකට වෙනස්. පළමුවැනියා තේ කෝප්පෙ තියෙන ඉතිරි තේ ටික නිසා ඇති කරගන්නෙ තරහ සිතුවිල්ලක්. දෙවැනියා ඇති කරගන්නෙ මධ්‍යස්ථ සිතුවිල්ලක්. තුන්වැනියා ඇති කරගන්නෙ තරහක් නැති මිත්‍රශීලී සිතුවිල්ලක්. මේ සිතුවිලි වලින් පළමු සිතුවිල්ලට සෘජුවම බලපාන්නෙ තණ්හාව. මොකද තණ්හාව නොවෙන්න එයා ඒ කෝප්පෙ මගේ කියලා අරන් ඒ දක්වන ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. ඒ හේතුව නිසාම ඒ තැනැත්තාට ඇති වෙනවා දුකක්. හැබැයි තරහව කියන්නෙත් දුකේම ස්වභාවයක් කියලා මේ උන්දැට තේරෙන්නෙ නැහැ. අනිත් දෙන්නට තමුන්ගේ කෝප්පෙ තව කෙනෙක් තේ බිව්වය කියලා දුකක් හට ගන්නෙ නැහැ.

    තේ කෝප්පයක් අරන් මන් මේ පෙන්නුවේ උදාහරණයක් විතරයි. මේ වගේ අවස්ථා අපේ එදිනෙදා ජීවිතය පුරාවටම තියෙනවා. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් රෑට නින්දට යනකම් ම තියෙන්නෙ මේවා තමයි. තණ්හාව අපි දන්නෙත් නැතුව අපිටත් හොරෙන් අපි ලව්වා එකිනෙක දේවල් කරවනවා. අපිත් ඒ දේවල් කරනවා. ඒකයි මන් කිව්වෙ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ අපූරු විදියට කියලා. මේක අපි දන්නවා. නොදන්න දෙයක් නෙමෙයි. නමුත් අවබෝධ වෙන්නෙ නැහැ. ඒකට සමහරු කියන්නේ ‘අපේ හැටි‘ කියලා. මේ හැටිය නිසාම ඉතින් දුක් විඳිනවා.

     

    hpalpola

    Well-known member
  • ඔබතුමා කඩේක තේ හදනා කෙනෙක්ද?
    ඔබතුමා හඳුනාගෙන තියෙනවා. නමුත් ටිකක් වෙනස් වෙන්න ඕනා කඩේක නම් නෙමෙයි. ජීවත්වෙලා ඉන්න ගෙදර තේ හදන කෙනෙක්.
     

    hpalpola

    Well-known member
  • තන්හාව නැති කරන්න කියලා ඔහොම හිටියොත් ඇරලා යනකන් අපි දන්නෑ.
    ඔබතුමා බෞද්ධයෙක් වෙච්චි දාට ඒක තේරුම් ගනීවි. අන්‍යාගමිකයන්ට මේක එච්චර වැදගත් නැහැ
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113

    ඒකයි මන් කිව්වෙ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ අපූරු විදියට කියලා. මේක අපි දන්නවා. නොදන්න දෙයක් නෙමෙයි. නමුත් අවබෝධ වෙන්නෙ නැහැ. ඒකට සමහරු කියන්නේ ‘අපේ හැටි‘ කියලා. මේ හැටිය නිසාම ඉතින් දුක් විඳිනවා.



    තන්හාව අපි දන්නව, නමූත් අවබෝද වෙන්නෙ නැ කියන එක තව පොඩ්ඩක් පැහදිලි කලොත්?
     

    hpalpola

    Well-known member
  • තන්හාව අපි දන්නව, නමූත් අවබෝද වෙන්නෙ නැ කියන එක තව පොඩ්ඩක් පැහදිලි කලොත්?
    තණ්හාව කියන්නෙ මොකක්ද කියලා අපි දන්නවානේ බණ අහල, ඉස්කෝලෙදි ඉගෙන ගෙන එහෙම. නමුත් ඒක අහලා තියෙනවා මිසක්, එදිනෙදා ජීවිතයෙදි ප්‍රායෝගිකව ⁣භාවිතා කරන්නෙ නැහැ. ඒ තණ්හාව ගැන අහලා කියවලා තිබ්බට අවබෝධයක් නැති නිසා.
     
    • Like
    Reactions: NRTG and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    තණ්හාව කියන්නෙ මොකක්ද කියලා අපි දන්නවානේ බණ අහල, ඉස්කෝලෙදි ඉගෙන ගෙන එහෙම. නමුත් ඒක අහලා තියෙනවා මිසක්, එදිනෙදා ජීවිතයෙදි ප්‍රායෝගිකව ⁣භාවිතා කරන්නෙ නැහැ. ඒ තණ්හාව ගැන අහලා කියවලා තිබ්බට අවබෝධයක් නැති නිසා.

    ඔය කියන කෝප්පය කෙරෙහෙ තියෙන තන්හාව, නැතිනම් කෝප්පය මගේ කියා ගැනීම නිසා කෝප්පය කැඩුන විට දුක ඇතිවෙනව කියන එක ඇත්තටම අපිට අවබොදයක් නැති ද?
     
    • Like
    Reactions: NRTG

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    හ්ම්ම්ම්...ඇයි කෝප්පයට කැමති, අකමැති, මධ්‍යස්ත අය ඉන්නෙ? ඔය කට්ටිය දකින මම කවුද? කෝප්පය කියන්නෙ මොකක්ද? 🤔 දැවෙන පස්න.

    මට හිතෙන්නෙ අවුලක් ඇතුලෙ ඉඳගෙන අවුලට පිළියම් කරන්න යනව වගෙ වැඩක් මේක
     
    • Love
    • Like
    Reactions: NRTG and ek_rosh

    hpalpola

    Well-known member
  • ඔය කියන කෝප්පය කෙරෙහෙ තියෙන තන්හාව, නැතිනම් කෝප්පය මගේ කියා ගැනීම නිසා කෝප්පය කැඩුන විට දුක ඇතිවෙනව කියන එක ඇත්තටම අපිට අවබොදයක් නැති ද?
    ඇත්තටම අවබෝධයක් තියෙනවද?

    ඔය කියන කෝප්පය කෙරෙහෙ තියෙන තන්හාව, නැතිනම් කෝප්පය මගේ කියා ගැනීම නිසා කෝප්පය කැඩුන විට දුක ඇතිවෙනව කියන එක ඇත්තටම අපිට අවබොදයක් නැති ද?
    ඇත්තටම අවබෝධයක් තියෙනවද? (මන් හිතනවා ඔයාට මේක තේරෙනවා කියලා)
    හ්ම්ම්ම්...ඇයි කෝප්පයට කැමති, අකමැති, මධ්‍යස්ත අය ඉන්නෙ? ඔය කට්ටිය දකින මම කවුද? කෝප්පය කියන්නෙ මොකක්ද? 🤔 දැවෙන පස්න.

    මට හිතෙන්නෙ අවුලක් ඇතුලෙ ඉඳගෙන අවුලට පිළියම් කරන්න යනව වගෙ වැඩක් මේක

    උදාහරණය හරියට තේරුම් අර ගත්තනම් ඔය ප්‍රශ්නය මතු වෙන්නෙ නැහැ ඔබතුමාට. මම එතැන ලියලා තියෙනවා පුද්ගල කොට්ඨාස තුනක් ගැන.
    ------ Post added on Nov 9, 2024 at 8:57 AM
     
    • Like
    Reactions: NRTG

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    ඇත්තටම අවබෝධයක් තියෙනවද?


    ඇත්තටම අවබෝධයක් තියෙනවද? (මන් හිතනවා ඔයාට මේක තේරෙනවා කියලා)


    උදාහරණය හරියට තේරුම් අර ගත්තනම් ඔය ප්‍රශ්නය මතු වෙන්නෙ නැහැ ඔබතුමාට. මම එතැන ලියලා තියෙනවා පුද්ගල කොට්ඨාස තුනක් ගැන.
    ------ Post added on Nov 9, 2024 at 8:57 AM
    උදාහරණය තේරෙනව මචං ඒ වුනාට අපි පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි ඔහොම සෙට්ප් එකක් (කෝප්පය, ඒකට කැමති, අකමැති උං) තියෙන්නෙ කියල... දැන් ඔය සෙට්ප් එක ඇතුලෙම නේද ඕක තණ්හාව කියන "මම"ත් ඉන්නෙ... මට නම් මේක අවුල්.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඇත්තටම අවබෝධයක් තියෙනවද?


    ඇත්තටම අවබෝධයක් තියෙනවද? (මන් හිතනවා ඔයාට මේක තේරෙනවා කියලා)

    මෙහෙම හිතන්න.. පාරෙ යන වාහනයක් ඇක්සිඩෙන්ට් උනාම දුකක් ඇති නොවෙන්නයි, මාගේ කාර් එක ඇක්සිඩෙන්ට් උනාම දුක වෙන්නයි හේතුව කාර් ඒ මගේ වීම කියන එක අයෙත් අමුතුවෙන් අවබොද කරගන්න දෙයක් තියෙනව ද?
     

    hpalpola

    Well-known member
  • මෙහෙම හිතන්න.. පාරෙ යන වාහනයක් ඇක්සිඩෙන්ට් උනාම දුකක් ඇති නොවෙන්නයි, මාගේ කාර් එක ඇක්සිඩෙන්ට් උනාම දුක වෙන්නයි හේතුව කාර් ඒ මගේ වීම කියන එක අයෙත් අමුතුවෙන් අවබොද කරගන්න දෙයක් තියෙනව ද?
    යාළුවා. ප්‍රශ්නය තියෙන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන එක හරියටම හරි. මගේ කියලා දන්න නිසා තමයි දුක. ප්‍රශ්නය තියෙන්නෙ මගේ බව දන්න නිසා දුක් වෙනඑකනෙ. මේක ඔයාට එහෙම නැතුව ඇති අවබෝධය නිසා. හැබැයි එහෙම අවබෝධ නැති කෙනෙක්ට කොහොම වෙයිද
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    උදාහරණය තේරෙනව මචං ඒ වුනාට අපි පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි ඔහොම සෙට්ප් එකක් (කෝප්පය, ඒකට කැමති, අකමැති උං) තියෙන්නෙ කියල... දැන් ඔය සෙට්ප් එක ඇතුලෙම නේද ඕක තණ්හාව කියන "මම"ත් ඉන්නෙ... මට නම් මේක අවුල්.

    ඔතන ප්‍රශ්නය තියෙන්නෙ, ප්‍රජ්නා ඉන්ද්‍රියෙන් සොවාන් (සහ ඉහල ) කෙනෙකුට පමනක් චතුරාර්ය සත්ය තුල පසක් වන බුදුන් පැවසු, තන්හාව හා දුක, පෘතක්ජනයක් කොහොම ඇල්ලුවත් අල්ලෙන්නෙ, තමන් දන්න තන්හාවක් සහ, තමන් දන්න දුකක් පමනක් ම වීම..සහ ඔය කියන තමන් දන්න දුක සහ තන්හාව ගොඩ නැගෙන්නම, අවිජ්ජවෙන් ගොඩ නැගුන ලෝකය තුල වීම...කෝප්පයට ඇලුනත්, ගැටුනත්, උදාසින උනත්..කෝප්පය/මම / ලෝකය තියෙනකල්, සියල්ල අවිජ්ජව තුල තමයි.