මේ විශ්වගුරු කරන වැඩෙන් කාටවත් සෙතක් නැහැ. ඕවාට කියන්නේ සම්ප්රප්පලාප කියලා. වැදගත් යමක් තොරතුරු හොයලා, මහන්සිවෙලා ලියලා පල කරන්න ඇති නොහැකියාව නිසා, නිකන්ම හිතට එන දේවල් අහ අහ ත්රෙඩ් දාන එකෙන් පේන්නේ පුද්ගලයාගේ හිස් බවයි.
මිනිස්සු මෙච්චරක් මේක විශ්වාස කරනවා, මෙච්චරක් නැහැ කියලා දැනගැනීමෙන් මොක්ෂය ලැබෙනවා නම් ඔයාට කලින් මම දාන්නේ ත්රෙඩ් පිට ත්රෙඩ්. මොක උනත්,
මම නම් බුද්ධාගමට අලුත්. මම දන්නේ බොහොම අල්පයක්. මට නම් හිතෙන්නේ ඔය ප්රශ්ණය මොක්ෂයට කිසිම උපනිශ්රයක් නොවෙන දෙයක් කියලයි. මොකද බුද්ධගේ ප්රාතිහාර්ය දැක්වීම/නොදැක්වීම සත පහක උදව්වක් වෙන්නේ නැහැ අද මිනිස්සුන්ට මොක්ෂය සාක්ෂාත් කරගන්න.
ඕවා හිස් වචන කතා කිරීමක්. බුද්ධ කියලා තියේනනේ මම දන්න විදිහට, තමාටත් අනික් පුද්ගලයාටත් වැදගත් වෙන ප්රයෝජනයක් වෙන වචන කතා කරන්න කියලා. මම බුද්ධාගමට අලුත්. දන්න දේ අල්පයි. නමුත් ඇත්ත ඕකයි. උන්වහන්සේව ප්රශ්ණ කර කර හිස් වචන කතා කරනවාට වඩා ධර්මය ගැන සාකච්ඡා කළා නම් වටිනවා.
තෙරුවන් සරණයි!
නිවනම නාථයි.. නිවනම වෙත්වා!!