බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
රත්තරං;13613003 said:
සූකර මද්දව හා ඌරු මස් අතර කිසිම සම්බන්දයක් නැත, විස්තර අවශ්යද? (ප්‍රශ්නයට පිලිතුර බලාපොරොත්තු වන්නේ අල් බයි ගෙන් පමනි )

muge maara neetiyak අල් බයි ගෙන් පමනි:lol::lol::lol:

රත්තරං;13613032 said:
ඉතින් බන් sinhala_muslim නොහොත් malaygay නොහොත අනාගත සක්කිලි_තම්බියෝ,

උබ දාන ඒවයේ වගකීම උබ ගන්නවද නැද්ද කියලයි ඇහුවේ?
කෙලින් උත්තරයක් දියන්? උබ මේක දැම්මේ දැනුම් තේරුම් ඇතිව සම්පූර්න වගකීමෙන්ද?

mama umbagenui ahanne Raththooo.....

උබ anunge aagam apahasa karalaa දැම්මේ දැනුම් තේරුම් ඇතිව සම්පූර්න වගකීමෙන්ද? ah

උබ දාන ඒවයේ වගකීම උබ ගන්නවද නැද්ද කියලයි ඇහුවේ? okatanam umba uththara denna OOne naha mokada umba Russia ve innava kiyala kepara gahalaa anagaththane......

anna A nisa epa....mokada mama kemath naha umba boru kiyalaa cha venavata..
 

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
බුදුන් වහන්සේ ඌරු මස් වැලදුවෙ නෑ .වල් බල්ලනේ
සූකර මද්දව කියන්නෙ හතු ව්‍යාංජනයක්දැනගනිව්.

සූකර මද්දවට කොහේදෝ යන හතු ව්‍යාංජනයක් සම්බන්ද කරගන්නේ ඇයි ? දැන් ඉතිං දී කිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ හාමදුරු නමක් නෝන්ඩිය වහගන්න ඇරපු කෙප්පයක් හොයාගෙන ඇවිත් මෙතන පේස්ට් කරයි.



 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සූකර මද්දවට කොහේදෝ යන හතු ව්‍යාංජනයක් සම්බන්ද කරගන්නේ ඇයි ? දැන් ඉතිං දී කිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ හාමදුරු නමක් නෝන්ඩිය වහගන්න ඇරපු කෙප්පයක් හොයාගෙන ඇවිත් මෙතන පේස්ට් කරයි.




    hari buduhaumuduruwo uuru mas kawa kiwwama... allah kiyapu ewa aththa wenawda? :lol::lol::lol::lol::lol::lol:

    palayan gothayo yanna!
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    සූකර මද්දවට කොහේදෝ යන හතු ව්‍යාංජනයක් සම්බන්ද කරගන්නේ ඇයි ? දැන් ඉතිං දී කිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ හාමදුරු නමක් නෝන්ඩිය වහගන්න ඇරපු කෙප්පයක් හොයාගෙන ඇවිත් මෙතන පේස්ට් කරයි.

    සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?



    අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිතයි
    අන්තිම බුද්ධ පූජාව
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්‍රයාණෝ ය. ඔහු රන් – රිදී, මුතු – මැණික් ව්‍යාපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ඔබ්බවා තනයි. එය ඉතා උසස් අයුරින් කළ නිසා ඔහුගෙන් අගනා ආභරණ ගෙන යාමට දඹදිව්හි දුර බැහැර දේශයන්ගෙන් ද බොහෝ දෙනා පැමිණිය හ. මෙ තෙමේ බෙහෙවින් ම අවංක ව්‍යාපාරිකයෙකු වශයෙන් එදා දඹදිව ප්‍රචලිත නමක් ලබා සිටියේ ය. චුන්ද ව්‍යාපාරිකයා තම සේවක – කාරකාදීන්ට ද නිසි පරිදි සැළකූ, කාටත් උදව් – උපකාර කළ ජනප්‍රසාදයට පත් සැදැහැවත් බෞද්ධයකු වශයෙන් ද නම්දරා සිටියේ ය. එයට හේතුව එතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු වීමයි.
    තථාගතයන් වහන්සේ පුරා හතළිස් පස් වසරක් ලෝක සත්වයා වෙත මහත් කරුණාවෙන් යුතුව දම් දෙසා අවසාන අවස්ථාවේ දී පිරිනිවන් පෑමට වැඩම කළ සේක්, කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්ථන සාල වනෝද්‍යානයට ය. බුද්ධත්වයෙන් පන්සාළිස් වසරෙහි නවම් මස පෝදා අදින් තුන් මසක් ගෙවීගිය දින – වෙසක් පොහෝ දා මාගේ පිරිනිවීම සිදුවන්නේයැ’යි ප්‍රතිඥා දුන් උන්වහන්සේ, පසුදා විසාලාවෙන් පිටත් ව, දීර්ඝ ගමනක් වූ අම්බගාම – ජම්බුගාම – හස්ථි ගාමාදිය සහ ප්‍රසිද්ධ නගරයන් වූ භෝග නුවර ද පසු කොට, රජගහ නුවර හරහා පිරිනිවන් පෑමට නියමිත දිනට කලින් දා පාවා නුවරට භික්ෂු සංඝයා වහන්සේත් සමග පැමිනි සේක.
    එදින දවල් නගරාසන්න ගමක සැදෑහැවතුන් පිළිගැන් වූ දානය වළඳා ඉර අවරට යත්ම පාවා නුවර පිහිටි, ඉහත කී චුන්ද ව්‍යාපාරිකයාගේ සුවිසල් අඹවත්තට වැඩම කළ හ..මේ, අක්කර හත අටක් පමණ විශාල වූ චුන්ද දානපතියාට අයත් අඹ ගසින් පිරීගිය දැකුම්කළු උද්‍යානයකි.මෙය චුන්දකර්මාර ප්‍රභූවරයාගේ පෞද්ගලික විවේකය පිණිස සකස්කරන ලද්දකි.
    බුදුරජාණන් වහන්සේ මහ සඟ පිරිසත් සමග වැඩම කරවනු දුටු උද්‍යාන පාලක තැන ඉදිරියට පැමිණ උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන උයන තුළට වැඩමවා, උයන මැද පිහිටි විවේක ශාලාවෙහි වඩා හිඳුවා, මහා සංඝයාට ද පහසු පරිදි ගස් යට තැනින් තැන පිහිටි කුඩා කූටාගාරයන්හි හිඳීමට පිළියෙල කරවා, තම සහයක කම්කරුවන්ට මෙසේ කීයේ ය. “සහයකයිනි, මේ පැමිණියේ හෙට පිරිනිවන් පාන බවට රට වැසියා අතර කට කතා පැතිර ගොස් ඇති – ශාක්‍ය සිංහවූ බුදුරජාණන් වහන්සේ ය. චුන්ද කර්මාර පුත්‍ර තුමන්ගේ ත්, අපගේත් ශාස්තෘන් වහන්සේ ය. මා වහා චුන්ද කර්මාර තුමන් වෙත ගොස් මුන්වහන්සේ ගේ පැමිණීම දැනුම් දී එනතුරු ඔබ කවුරුත් අවශ්‍ය සිසිල් පැන් ආදිය පිළියෙල කරදිය යුතු යැ’ යි” පවරා, උසීර උයන් පාලකයා වහා චුන්ද තුමන්ගේ ව්‍යාපාරිකස්ථානයට ගියේ ය.
    “චුන්ද කර්මාර පුත්‍රයාණෙනි, හෙට කුසිනාරාවේදී පිරිනිවන් පානා බවට මහජනයා අතර මහා ආන්දෝලනයක් පැතිර පවත්නා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් ඔබ තුමන්ගේ උද්‍යානයට සඟ පිරිසත් සමඟ වැඩම කළා! උන්වහන්සේ පැමිණි බව දන්වීමට පැමිණියෙමි” උසීර ඔබ ගෙනාවේ අගය කළ නොහැකි පුවතක්! ඔබ දැන්ම ම , මේ කීප දෙනෙකුත් සමග මගේ නිවසට යන්න..මේ ප්‍රවෘත්තිය සැදැහැවත් මගේ බිරිඳට ද දන්වන්න. නොබෝ වේලාවකින්,, අඹ – දඹ – මිදී සිසිල් ගිලන්පසක් ඒ වැඩම කළ පන්සිය නමට ම සෑහෙන පරිදි ගෙනෙන ලෙස ඇයට මගේ වචනයෙන් කියන්න. මගේ දරුවන්ට ද මව් සමඟ ගිලන් පස රැගෙන එන ලෙස දන්වා, ඔබ වහාම පළමුව බුදු රදුන්ට පමණක් සෑහෙන තරම් මුද්‍රික හා උගුරැස්ස (වෝච) පැනක් සකස් කරගෙන එන්න. මම දැන් සැනෙකින් බුදු රදුන් වෙත යන්නෙමි’ යි චුන්ද තුමා අඹ උයනට පිටත්විය.
    දුටු විගස, භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් බදාගෙන හඬමින් වැළපෙමින් “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ හෙට දවසෙහි පිරිනිවන් පාන්නෙහි ය’ යන ආරංචිය දැනට තෙමසකට කලින් අපට දැන ගන්නට ලැබුනා! ඒ අසුභ ආරංචිය දැනගත් සෑම කෙනෙක් ම හඬන්නට වැළපෙන්නට පටන් ගත්තා! ලෝකයෙහි සෑම දෙයක් ම අනිත්‍යය’ යන ඔබ වහන්සේගේ ඉගැන්වීම අපි දන්නවා! එසේ වුනත් බුදු පියාණනි, මේ දුක අපට දරාගන්නට බැහැ. මට වඩා – බලවත් රාජකීයයෝ ද – ධනවත් අය ද මේ පාවා නුවර සිටිනවා! කොතනකටවත් නොගොස් අන්තිම දිනයේ මා වෙත පැමිණීම මට මහා සැනසිල්ලක්! ඒ ටිකයි මට ඇති එකම සහනය! නැත්නම් මා අද දුකින් රෝගාතුර වෙනවාට කිසිම සැකයක් නැහැ” මෙසේ චුන්දකුමාර දුක් අඳෝනා බස් කියන්නට විය.
    මේ අතර උසිර උයන් පාලකයා ගෙනෙන ලද මිදි යුෂ බුදු රජාණන් වහන්සේට පිලින්නවා, ඉන් අනතුරුව බිරිඳ හා දරුවන් සේවක පිරිසත් සමඟ රැගෙන ආ ගිලන්පස වලින් මහා සංඝයා ද පිදූහ. සියල්ලන්ටම, බුදුරජාණන් වහන්සේ යෝග්‍ය අනුශාසනයක් කළ සේක. නැවතත් තථාගතයන් වහන්සේට ආරාධනාවක් කරන චුන්දකර්මාර පුත්‍ර තුමා “බුදු පියාණනි, ඔබ වහන්සේට මා හෙට උදේට විශේෂ බෙහෙත් කැඳක් – යාගුවක් පිළියෙල කරවමි. හෙට දවාලට මේ දහසකට ආසන්න මහා සංඝයාටත් දානය පිළියෙල කරවමි.
    34-415x500.jpg

    භාග්‍යවතුන් වහන්ස, දැන් ඔබ වහන්සේ ශාරීරික වශයෙන් දුර්වල බව පේනවා! දැනට මාස ගනනකට පෙර කුසේ අමාරුවකින් පෙළුන බවත් දැනගන්නට ලැබුනා! බේළුව ගමේ දී මාස නවයකට පෙර ඒ වැළඳුන අසාධ්‍ය කුසේ අමාරුවෙන් පසු ඔබ වහන්සේ ආහාරයෙන් ප්‍රවේශම් වූ බවත් මම දනිමි. හෙට පිරිනිවන් පාන දිනය බැවින්, මගේ පෙර පිනක මහිමය නිසා ලද මේ අනගි අවස්ථාවෙන් මා ප්‍රයෝජන ගතයුතුම යි’ එනිසා බුදු පියාණෙනි, හෙට දවාලට මා විසින් වෛද්‍ය උපදෙස් ඇතිව විශේෂ ඖෂධීය ආහාරයක් පිළියෙල කරමි. මට පින් පිණිස මේ ආරාධනය පිළිගනු මැනවි.
    “මේ පාවා නුවර සිට කුසිනාරා නුවරට ඇත්තේ ස්වල්ප දුරකි. (සැතපුම් හයකි) හෙට දවල් දානයෙන් පසු ටික වේලාවක් විවේක ගෙන සිසිල් ගිලන් පසක් වළඳා ඉර බසින වේලාව වනවිට කුසිනාරාවට වැඩම කළ හැකි ය. කුසිනාරා නුවර උපවර්තන උයනට වඩින බව මම අද ම දන්නවා යව මි. මටත් මගේ දූ දරුවන්ටත් චිරකල් හිත සුව පිණිස හෙට මාගේ ඖෂධීය දානය ඉවසා වදාරණු මැනවැ’ යි කඳුළු සලමින් නැවත නැවත ද ඇයද සිටියේ ය.
    බුදුරජාණන් වහන්සේ ඔහුගේ පුරාකෘත කුසල බලය ද දිව නුවණින්දැක දානය ඉවසා වදාළ සේක. බුදු පියාණන් පාවා නුවරට වැඩම කළ බව ඇසූ මහා ජනයා, වැලනොකැඩී ගලා එන්නට වූයෙන්, රාත්‍රී බොහෝ වේලා යන තුරු උන්වහන්සේ ඔවුනට අනුශාසනා කළහ. පසුදා උදෑසනින් ම දැහැටි – උනු පැන් සහ බෙහෙත් යාගුවක් පිළියෙල කරණ ලදහ. මහා සංඝයා වහන්සේට ද විවිධ ධාන්‍ය වර්ග වලින් පිසින ලද කැඳ පිළිගැන්වූහ.
    රාජපූජිත අතුල වෛද්‍යවරයාණන්ද කලින්දා කැඳවා එතුමාගේ උපදෙස් පරිදි චුන්දකර්මාර පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ප්‍රණීත වූ සූකර මද්දව ආහාරය පිළියෙල කළ ආකාරය.” අථ කෝ චුන්දකර්මාර පුත්තො තස්සා රත්තියා අච්චයේන සකෙ නිසෙනෙ පනීතං බාදනීයං භෝජනීයනං පටියාදාපෙත්වා පහුතං ච සුකර මද්දවං භගවතෝ කාලං ආරොචාපෙසී, කාලො භන්තේ නිට්ඨිතං භත්තන්ති.” මේ කියැවෙන සූකර මද්දවනය ගැන එදා පටන්මේ දක්වා විවිද මතිමතාන්තර ඇත.
    ඒ පිළිබඳව විමසා බැලීම මේ ධර්ම ලිපියේ ප්‍රමුඛ අදහස යි. මෙතෙක් දැක් වූ කරුණු අනුව, තථාගතයන් වහන්සේගේ වයස දුර්වලතාව සහ තරමක රෝගී බව යන මේ සියලු කරුණු චුන්දකර්මාර පුත්‍ර තුමා චන සිටි බව එතුමාගේ කථාවෙන් ම පැහැදිළිව පෙනෙයි. එසේ නම් මසක් ආහාරයට පූජාකරත්යැ’යි කිසිසේත් සිතීමට ඉඩක් නැත. තවද උන්වහන්සේ එදින ම රාත්‍රී පිරිනිවන් පාන බව ද ඔහු හොඳාකාර දනී. එයද අප විසින් සැලකිල්ලට ගත යුතු තවත් කරුණකි.
    අටුවාචාරීන් වහන්සේලාගේ විවිධ මත නිසා ප්‍රශ්නය අවුලක් බවට පත් වී ඇත. “සූකර මද්දවං ති නාති තරුණස්ස නාති පිණ්ණස්ස එක ජෙට්ඨක සූකරස්ස පවත්ත මංසං, තං කිර මදු ද්වේව සනි_ං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වා ‘ති අත්ථො.” මෙසේ සූකර මද්දවය යනු ලාබාල නොවූ මහළු නොවූ ඌරකුගේ මස්යැ ‘යි තෝරා නැවත සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ ම තවත් අදහස් කීපයක් දක්වා ඇත.
    ”එකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් යැයිද, අටුවාවේ ම දක්වා තිබේ. ඉහත සඳහන් අදහස් ආහාරයට යැයිද, අටුවාවේ ම දක්වා තිබේ.
    ඉහත සඳහන්අදහස් මු_ඝෝෂාචාරීන් දක්වන අතර, උදාන අටුවාවේ දී ධර්මපාලචාරීන් වහන්සේ කියා සිටින්නේ විකිණීමට තැබූ මෘදු ඌරු මසක් යනුවෙනි. තවද, එහි මැ ඌරන් පාගන ලද උන කිළිල යැයිද ඌරන් මඩකළ තැන හටගත් හතු යැයිද කියති.මේ සියලු මත පසු කලෙක ඇති කරන ලද අදහස් වෙති.
    සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.
    අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙනුත්, උගතුන්ගෙනුත්,වයෝවෘ_ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපටද අවස්ථාව ලැබී ඇත.කුසිනාරා නුවර දී බ්‍රාහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.
    පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.
    ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.
    දැන් අපි අනෙක් අංශයෙන් ද මේ කාරණය ගැන සලකා බැලිය යුතු ය. බුද්ධ කාලයේ මාංශ අනුභවය ඉන්දීය සමාජය පිළිකුල් කළ දෙයකි. හින්දු ආගම හා ජෛන ආගම එදා බුදු දහම ආරම්භ වීමට කලින් දඹදිව පැවති ආගම් දෙකයි. ඒ ආගම් දෙකෙන් ම අහිංසාව ඉතා ඉහළම මට්ටමින් උගන්වති. සිසිල් දිය පවා “ඒක ප්‍රාණීය” යන විශ්වාසයෙන් පූජ්‍ය පක්ෂය උණුදිය පමණක් පරිහරණය කරති.


    එදා දඹදිව, ක්ෂත්‍රිය – බ්‍රාහ්මණ – වෛශ්‍ය – ශුද්‍ර යැයි ප්‍රධාන කුල සතරකි. ක්ෂෙත්‍රියෝ රට රැකීම – රට පාලනය – රටේ සාමය රැකීමට බැඳුනු කුලය යි. බ්‍රාහ්මණයෝ ශබ්ද ශාස්ත්‍ර දියුණු කිරීම ඉගැන්වීම – නක්‍ෂත්‍ර -වෛද්‍ය – ගොවිතැන කළ යුත්තෝ ය. වෛශ්‍යයන්ට පැවරී තිබුනේ වෙළඳාම ප්‍රධාන වශයෙනුත් අමතරව ගොවිතැනත් ය. ශුද්‍රයෝ කුලී වැඩ කළ යුතු – සමාජයේ පහත් ම පන්තිය වූහ. මොවුනතුරෙන් වහල් සේවයට කැපව සමාජයේ තාඩන පීඩනවලට භාජනය වූවෝ ද ඔවුහු ම ය. අර උසස් කුල තුනට අයත් ඇත්තෝ සූකර මාංශ නො කෑහ. දැනුදු දඹදිව ඒ සිරිත එසේම පවතියි. බුදුරදුන් අයත් ක්ෂත්‍රිය වංසිකයින් කෙසේවත් සූකර මාංශ අනුභව නො කෙරෙති. සම්මතයක් වශයෙන් ගව මස් කෑමක් එදත් අදත් කා අතරත් නැත.
    බුදුරජාණන් වහන්සේ අනුමත කළ සේක්, ප්‍රණීත වශයෙන් පස්ගෝරසයයි. ධාන්‍ය – පළතුරු – අල බතල – එලවළු – පලා – පළතුරු මේවා ආහාරයට අනුමත කොට ඇත. පළතුරු ඉර අවරට ගියායින් පසු මිරිකා පානය කිරීමට අනුදැන වදාරා තිබේ. චුන්දකර්මාර පුත්‍ර උසස් කුලවතෙකි. එනිසාත් ඔහු පහත් සතෙකු වූ ඌරුමස් ආහාරයකට ගන්නේවත් ආහාරයට දෙන්නේවත් නැත. ඔහු බුදුරදුන් පිළිගනිමින් කළ කථාව අනුව උන්වහන්සේගේ ශාරීරික දුබලතාවයන් හා කුසේ අමාරුවක් පවති බව දැන සිටි බව පැහැදිලි ය. එනිසා මේ සූකර මද්දව නිර්මාංශය වූ රසායනික දානයකැ’යි නිගමනය කළ හැකිය. සූකර මද්දව දානය වළඳා නිමකළ බුදුරජාණන් වහන්සේ චුන්දකර්මාර තුමාට මෙසේ වදාළහ.
    යං තෙ චුන්ද සූකර මද්දවං පටියත්තං තෙන මං පරිවිස, යං පන අඤඤං ඛාදනීයං භෙභීජනීයං පටියත්තං නෙත භික්ඛු සංඝං පරිවිසාති ඒවං භන්තේති බෝ චුන්දොකම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටයත්තං තෙන නගවන්තං පරිවිසි යං පනචඤඤං ඛාදනීයනං භෝජනීයං පටියත්තං, තෙන භික්ඛු සංඝං පරිවිසි, (පරිනිබ්බාන සූත්‍රය) චුන්ද ඔබ විසින් මා වෙනුවෙන් ම පිළියෙළ කරණ ලද සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක් පිළිගන්වන්න. සූදානම් කළ’ අනික් ආහාර – පාන භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වන්න. වදාළ පරිදිම චුන්දකර්මාර පුත්‍රයා සූකර මද්දවය බුදු රදුන්ට පිළිගන්වා සෙසු බොජුනෙන් භික්ෂු පිරිස වැළඳ වූයේ ය. බුදු පියාණන් වහන්සේට එදා පිළිගන්වන ලද්දේ ඖෂධීය ආහාරයක් බටව මෙය ද කදිම නිදසුනකි.
    චුන්දගේ දානය මංශයක් වී නම් එය අනෙක් භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන්නට එපා යයි කීමේ තේරුමක් නැත. බුදු රදුන්ගේ අසනීප තත්ත්වයට පිරිමසින ලෙස සකස් කළ දානයක් බැවින් එය අන් අයට වැළඳවීම යෝග්‍ය නොවීම පුදුමයට කරුණක් ද නොවේ. බුදු පියාණන් වහන්සේගේ අන්තිම දානයට දෙවියන් විසින් දිව්‍ය ඕජස් යෙදූ බව සඳහන් වෙයි.
    ඌරු මසකට දෙවිවරු දිව්‍ය ඕජස් යොදනු ඇත යන්න කිසිසේත් පිළිගත නොහැක්කකි. අනෙක් කාරණය නම් ‘මාගේ මේ ඖෂධීය ආහාරය වැළඳීමෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවේවා’ යන පැතුමෙන් යුතුව, චුන්දකර්මාර පුත්‍ර තුමා “සූකර මද්දව“ දානය පිළියෙල කළ බවද සඳහන් වීමෙන් පෙනී යන්නේ, මෙය කිසිසේත් කවර ආකාරයක හෝ මාංශයක් නො විය හැකි බව ය. ඉපැරණි ටිබෙට් විනය පොත්වල සවිස්තරාත්මකව සඳහන් වන්නේ “සූකර මද්දවය” යනු ඖෂධීය ප්‍රණීත ආහාරයක් බව ය. ආචාර්්‍ය රොක්හිල් පඬිතුමා ඒ කියමනඅනුමත කරමින් බොහෝ කරුණු දක්වා ඇත.
    එදා අද මෙන් ගමන් – බිමන් පහසුකම් නොවීය. බොහෝ දේ ලියන ලද්දේ – කියන ලද්දේ ආරංචි මාත්‍රයෙනි. රටකින් රටකට ගිය කෙනෙක් වුවද ආපසු පැමිණීයේ ද අවුරුදු ගණනාවකට පසුව ය. යන – එන ගමන්වල දී හොර, හතුරු බිය – දේශගුණය විපරියාස – සමුද්‍ර – ගංගා තරණය කිරීමේ දී සිදු වන පළිබෝධාදිය නිසා දේශාටනයේදී රැස්කර ගත් කරුණු ද අමතක වූහ. සටහන් කර ගත් දේ ද නැති නාස්ති විය. මෙනිසා අටුවාචාරීන් වහන්සේලා දක්වන කරුණු ද පසරස්පර විරෝධී වෙති. එසේ ම දැනට අපට ඉතිරි වී තිබෙන අටුවා බු_ පරිනිර්වාණයෙන් සියවස් හතරකට පසුව ලියැවුනු ඒවා ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන දින දවල් දානය වැළඳුයේ තනියම නොවේ.
    තව පන්සිය නමකටත් වඩා මහ රහත්හු ම ඒ දානයට චුන්දකර්මාර පුත්‍රගේ නිවසට බුදු රදුන් සමග වැඩම කළහ. එසේම චුන්දකර්මාර පුත්‍ර තුමාගේ අති සම්භාවනීය ඥාති මිත්‍ර පිරිසක් ද මේ උත්කෘෂ්ට දානයට සහභාගි වී සිටි බව සැලකිය යුතු ය. ඒ ගිහි පැවිදි බොහෝ දෙනෙක් තථාගත පරිනිර්වාණයෙන් අවුරුදු පනහක් – හැටක් යනතුරු නැත්නම් ඊටත් වැඩි කලක් ජීවත් වූ බව නො රහසකි. චුන්ද එදා බුදු පියාණන්ට පිළියෙල කළේ කුමන දෙයක් ද යන්න ඒ පිරිස දැන නොසිටීමට කිසිම හේතුවක් නැත. ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ බුදු රදුන් පිරිනිවීමෙන් තුන් මසකට පසුව යි. එදා සූකර මද්දවය ගැන කථා කිරීමට තරම්වත් එය වැදගත් කමක් නොවූ ප්‍රශ්නයක් බව පෙනේ.
    35-416x500.jpg

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙක – තුනක් ඉක්ම ගිය පසු ධර්මාශෝක යුගයෙන් අනතුරුව බමුණු බලය – හිංදු බලය තදින් හිස ඔසවන ලදහ. බමුණෝ ප්‍රචාරය කරන ලද්දේ ශාක්‍ය පුත්‍ර බුදු රදුන් රටවැසියා පිළිකුල් කරනු ලබන පහත් ම සතකු වූ ඌරෙකු ගේ මස් කෑමෙන් බරපතල ලෙස රෝගාතුරව මරණයට පත්වූ බව ය. ලංකාව වැනි රටවල අයට මෙය එතරම් වැදගත් කරුණක් නො වුවද දඹදිවින් බුද්ධාගම පලවා හරින්නට හේතු වූ මූලික කරුණු තුන – හතරෙන් මේ ඌරුමස් බවට හරවා ගැමි ජනතාව අතර පරිහාසයට ලක්කරමින් ප්‍රචාරය කළ කථාව ද එකකි. මේ නිසාත් , නූගත් – දුප්පත් ජනතාව බුදු දහම අතහැර හිංදු ආගමට හැරුනේ දහස් ගණනින් නොව ලක්ෂ ගණනිනි. ඌරුමස් කතාව අදත් දඹදිව – නේපාල රටවල මහා පිළිකුලට භාජනය වූ ප්‍රවෘත්තිය කි.
    මෙය තවත් රස ගන්වමින් සිවුරු පෙරවා ගත් බමුණු වේශධාරීහු බුදු රදුන් ඌරුමස් කෑමෙන් ලේ අතීසාරය වැළඳී කාගේවත් පිහිටක් නො ලැබ මග දිගට පස් විසිපලක මළ පහකරමින් කුසිණාරාවට ගොස් මළහ’ යි කියන්නට වූහ. ලියන්නට වූහ. භික්ෂූ වේශධාරී බ්‍රාහ්මණ බලය කෙතෙක් බල සම්පන්න වීද? යත් පරිනිබ්බාන සූත්‍රයට ද මෙය ඇතුළත් කිරීමට තරම් ඔවුහු සමත් වූ බව පෙනේ. මස් මාංශ වලට කෑදර භික්ෂූහු ද, තමන්ටත් මස් මාංශ කෑමට මෙය කදිම මාර්ගයක් සේ දැන – බුදු රදුන් වැළඳුයේ ඌරුමස් ම යැ’ යි ලියා තැබූහ. එසේ නැත්නම්, “තරුණ ඌරකුගේ මස්ය – මරා විකිණීමට තිබූ ඌරකුගේ මස්ය. ඌරන් මඩකළ තැන හටගත් හතුය. උණ ගොබය, ඖෂධීය ආහාරයක්ය, ඌරන් හාරණ අල සහිතව පිළියෙල කළ ආහාරයකැ’යි යනුවෙන් විවිධ මත පළ කිරීමට කිසිදු හේතුවක් නැත.”
    චුන්දගේ අතිශයින් ම සිනිඳු වූ ඖෂධීය දානය වැළඳීම නිසා අධිෂ්ඨාන බලයෙන් යටපත් කොට තිබූ රෝගය බොහෝ සෙයින් ලිහිල් ව මතුවූ බව අටුවාවන් හිමැ දැක්වේ. එදා සවස ආලාරකාලාම පුත්‍රගේ ගෝලයකු වූ පුක්කුස තුමා, බුදු රදුන් මගදී හමුවී බෙහෙවින් සතුටට පත්ව අගනා වස්ත්‍ර යුගයක් ද උන්වහන්සේට පිදූහ.
    එයින් සැරසුණු බුදුපියාණන් වහන්සේ බුදුවන දා වගේ ම අතිශයින් ම බබලන්නට වූ බවද සඳන් වෙයි. ඔය කියන තරම් අසාධ්‍ය තත්ත්වයක් ඇතිවුනි නම්, බුදු සිරුරෙහි එබඳු දීප්තියක් ඇතිවිය නොහැකි ය. එදා හැන්දෑවේ ම භභාග්‍යවතුන් වහන්සේ කුකුත්ථා නදියෙන් ජලස්නායනය කළ බව ද දැත්වෙයි. පස් විසි වතාවක් මළ පහවූ බව සැබෑවක් නම්, කවදාවත් කෙනෙකුට කෙලින් – කටින් සිටගත නො හැකි ය. ජලස්නානය කළ නො හැකි ය. ඒ ඇරත් උන්වහන්සේ අසූ වයස් කෙනෙකි. එය ද අමතක නො කළ යුතු කරුණකි.
    මේවා පසු කාලවල බුදු රදුන් කෙළෙසනු පිණිස – නිග්‍රහයට පත් කරුණු පිණිස ගෙතූ කථා ය. ඇතැම් අටුවාචාරීහු ද බමුණන්ගේ උගුලට අසුවී, අනිත්‍ය ස්වභාවය පෙන්වීමට බුදුරජාණන් වහන්සේ පාවා නුවර සිට කුසිනාරා නුවරට සෘÿයෙන් වැඩම නො කොට පා ගමනින් ම වැඩිය බව කීහ. චීවරධාරීන් වශයෙන් සිවුරු පොරවාගෙන ධර්මය අධර්මය කළ බමුණෝ ද දස දහස් ගණනින් ව්‍යාප්තව සිටියහ. ධර්මාශෝක මහරජුට දෙවන ධර්ම සංගායනාව කිරීමට සිදු වූයේ ද මේ බමුණු අරගලය නිසාය. මෙකී කරුණු එකිනෙක ගෙන සසඳා බලනවිට පැහැදිලිව ම පෙනී යන්නේ චුන්දකර්මාර පුත්‍රයාණන් විසින් තථාගතයන් වහන්සේට පුදන ලද අන්තිම බු_ පූජාමය දානය ඖෂධීය නිර්මාංශාහාරයක් බව යි. එහෙත් පෙන්වා ඇත්තේ වෙනත් පින්තූරයකි.
    සුජාතා සිටු දියණියගේ ප්‍රථම දානයත්, චුන්දකර්මාර පුත්‍රයාණන් ගේ මේ අන්තිම බු_ පූජාවත්, සමාන අනුසස් ගෙන දෙන මහානිශංසදායී දාන දෙකක් යැ’යි බුදු රජාණන් වහන්සේ ම වදාළ සේක. මෙනයින් සලකා බැලීමේ දී බුදු වන දා පිදූ සුජාතාවගේ අනඝිතම කිරිපිඬු දානයත් – මේ චුන්ද තුමන්ගේ ඖෂධීය සූකර මද්දව දානයත් ඔවුන් සසරදී පතාගෙන ආ පරිදි ම පුදන ලද බු_ පූජාවන් දෙකක් බව සැළකිය යුතුය. මේ මුල – අග දාන දෙක ම නිර්මාංශාහාර දානයෝ ම ය.
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
    මූලාශ්‍රය: දිනමිණ – ශ්‍රී බුද්ධ වෂ්ර්‍ 2555 ක් වූ මැදින් පුර පෑලවිය තිථිය ලත් බුධ දින
     
    May 4, 2012
    329
    64
    0
    අන්වර් ප&යාගේ ගල් කොල්ලා හෙවත් "මැලේ ගේ" ආයෙත් වැඩ අරඹයි. :lol::lol:
    නරකද ඌරු පැටියෝ ඔය මනතුංගයා දාන කුණු ඇතෑරලා තොපේ ආගමේ දෙයක්වත් හරියට කියවලා තේරුම් ගන්න එක. තෝ ඉස්ලාම් දන්නෙත් නෑ බුද්ධාගම දන්නෙත් නෑ. අර පොන්නයා දාන හැම ලබ්බම මේකේ ඔබනවා. තොට මොකක් හරි කිව්වහම ඒකට උත්තරයක් දීගන්න මොලයක් නෑ ඒකත් උඹේ මනතුංග ප&යා ගෙන් අහගන්න කියලා කියනවා. කවදා හරි ඌ බ්ලෝග් එකේ අල්ලා කියලා එකෙක් නෑ මොහොමඩ් බොරුකාරයෙක් කියලා දැම්මත් තෝ ඒකත් දායි
    අනේ උඹ වගේ ඔලුවක් නැති ඇමීබාවෙක්. නොදකින් පරයා :growl::growl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    hari buduhaumuduruwo uuru mas kawa kiwwama... allah kiyapu ewa aththa wenawda? :lol::lol::lol::lol::lol::lol:

    palayan gothayo yanna!



    බුදුන් ඌරුමස් වලඳපු බව උඹ පිලිගත්තට අනිත් පිලිගන්න එපයි.... :nerd:

    උඹ සිංහල ක්‍රිස්තියානි ජාතිකයෙක්... මම කතා කරගෙන ඉන්නේ බෞද්ධ සිංහලයන් එක්ක විතරයි....සිංහල ක්‍රිස්තියානි උන් එක්ක නෙවෙයි.
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    බුදුන් ඌරුමස් වලඳපු බව උඹ පිලිගත්තට අනිත් පිලිගන්න එපයි.... :nerd:

    උඹ සිංහල ක්‍රිස්තියානි ජාතිකයෙක්... මම කතා කරගෙන ඉන්නේ බෞද්ධ සිංහලයන් එක්ක විතරයි....සිංහල ක්‍රිස්තියානි උන් එක්ක නෙවෙයි.

    කොපි පේස්ට් කරන්නේ නැතුව මේ ප්‍රශ්නෙට සරල උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මේකේ ඉන්නවද ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පිංවතුනි,

    බුදුරජුන් දේශනා කල ධර්මස්කන්ධය පැත්තක තබා "කන නොකන" දේවල් ගැන වාද කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. බුදුන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කලා තම ධර්මය නුවණ ඇතියවුන්ට මිස මෝඩයන්ට නොවේ කියා. බුදුරජුන් දේශනා කල ඒ අමිල ධර්මය කන්නට සුදුසු දෑ මොනවාදැයි හිතාගන්නවත් බැරි "මොට්ටපාලලාට" දේශනා කල එකක් නොවේ. මොන ආහාරය ගත්තක් ඒ ගන්නේ සරීරය පවත්වා ගැනීමටය යන නිවැරදි සිතින් ගන්න. බුදුරජුන් දෙව්දත්ගේ ඉල්ලීම් පහ ඉවත දැමූ බව සිහියට නගා ගන්න. අප්‍රමාදව ධර්මය සරණ යන්න.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ජිංතක ජිල්ලබකිට;13628974 said:
    පිංවතුනි,

    බුදුරජුන් දේශනා කල ධර්මස්කන්ධය පැත්තක තබා "කන නොකන" දේවල් ගැන වාද කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. බුදුන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කලා තම ධර්මය නුවණ ඇතියවුන්ට මිස මෝඩයන්ට නොවේ කියා. බුදුරජුන් දේශනා කල ඒ අමිල ධර්මය කන්නට සුදුසු දෑ මොනවාදැයි හිතාගන්නවත් බැරි "මොට්ටපාලලාට" දේශනා කල එකක් නොවේ. මොන ආහාරය ගත්තක් ඒ ගන්නේ සරීරය පවත්වා ගැනීමටය යන නිවැරදි සිතින් ගන්න. බුදුරජුන් දෙව්දත්ගේ ඉල්ලීම් පහ ඉවත දැමූ බව සිහියට නගා ගන්න. අප්‍රමාදව ධර්මය සරණ යන්න.

    :yes::yes::yes::yes::yes: oka therenne nehene ban... aduma gane meke kianne mokakda kiyala jeevithayata apply karala hoyanne nethuwa wereddakma hoana ahin baladdi ohoma tamai.... ekane man kalin dapu post eketh kiwwe....ekata reply ekak deela ne, ehema ewa maga arala wena konak allagena duwana eka vitarai karanne mun...

    +3 dunna
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛමන්වේති
    චක්කංව වහතෝ පදං

    සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී.


    2.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්තේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං සුඛමන්චේති
    චයාව අනපායිනී

    සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.

    5.නහී වේරෙන වේරානි
    සම්මන්තීධ කුදාචනං
    අවේරේනච සම්මන්ති
    ඒස ධම්මො සනන්තනෝ

    මේ ලෝකය කවරදාකවත් වෛරයෝ වෛර බැඳීමෙන් නොසන්සිඳෙත්. මෙය හැම කල්හිම නොවෙනස්ව පවතින දහමකි.

    6.පරේනච විජානන්තී
    මයමෙත්ථ යමාමසේ
    යේ ච තත්ථ විජානන්ති
    තතෝ සම්මන්ති මේධගා

    කෝලාහල කරන අය ""අපි මෙහිදී නැසෙන්නෙමු" යයි නොදනිත්. යම් කෙනෙක් තමන් නැසෙන බව දෙනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කලහ සන්සිඳේ.


    Elakiriema pala wu thread ekakini.... awasthnukulawa thawa dennam
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කොපි පේස්ට් කරන්නේ නැතුව මේ ප්‍රශ්නෙට සරල උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මේකේ ඉන්නවද ?

    උබ තාම මෝරලා නැ ඕව තේරුම් ගන්න, අවුරුදු 5000 විතර ඉස්සර කාපු දෙයක් අල්ලාගෙන මැරෙන්න හදන හැටි දැක්කම බෝලාගේ මානසිකත්වය මොනවට පැහැදිලි වෙනවා.

    බුදු කෙනෙක් (රහතුන් නමක්) ආහාරයක් ගන්නේ හුදෙක් ශරීරයේ පැවැත්ම සදහා විනා අල්ලාහ් / නබිය වගේ මොහයකින් අල්ලාගෙන(මේ කන්නේ ජරා ඌරු මස, මේ බොන්නේ රසම රස ඔටු මුත්‍රා කියා ආසාවක්/අකමැත්තක්) නොවෙයි. බොලාට මොලේ කළදක් හරි තියෙනවා නම් කරුණු ටික ගලපා ගන්න බලපල්ලා, එහෙං මෙහෙන් අල්ලගත්තු කොටස් කොටස් වලින් තමන්ගේ වාචාල කම පෙනන්නේ නැතුව.

    බුදුකෙනෙක් (රහතුන් නමක්) කියල කියන්නේ රාගය දුරු කල පුද්ගලයෙක් , එවැනි උත්තමයෙක් ආහාරයක් ගන්නවා නම් එය ගන්නේ කිසිම තණ්හාවකින්, මොහයකින් අල්ලාගෙන නෙවෙයි, එනම් ආහාරයක් ගැනීමේ දී එහි රසයක් නිසාවත් සුවදක් නිසාවත් වර්ණයක් නිසාවත් ස්පර්ශය නිසාවත් කෙලෙස් ඇතිවන්නේ නැහැ. එසේනම් රහත් ඵලය ලැබූ උත්තමයෙක් කුමන ආහාරයක් වැලදුවද එසේ වලදන දෙය පිලිබදව එය ශරීරය පවත්වා ගැනීමට උවමනා දෙයකට වඩා අමුතු සැලකිල්ලක් නොදන්වයි.(මෙය මට වැටහෙන පරිදිය.) . එම නිසා බුදුකෙනෙක් කුමන දෙයක් ආහාරයට ගත්තද එය මගින් කිසිම දෙයක් ඔප්පු කිරීමට හෝ ඔප්පු නොකිරීමට නොහැක.එනම් ගෞතම බුදුන් සුකර මද්ධව ලෙස ආහාරයට ගත්ත යයි කියන ආහාරය මාංශමය දෙයක් වුවද නිර්මාංශමය දෙයක් වුවද එයින් කිසිවක් ඔප්පු නොවේ. කොටින්ම කියනවා නම් බුදුකෙනෙක් ආහාරයට ගත්තු දෙය අල්ලාගෙන තර්ක කිරිමමද අර්ථ රහිතය.
     
    • Like
    Reactions: king_pandukabaya