බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?
පාලියෙන් කම්ම කියන්නෙත්, අපේ ගමේ භාෂාවෙන් කරුමේ කියන්නෙත් එකම දෙයටයි. නමුත් ගමේ බසින් කරුමෙ යන්නෙහි අරුත පව් ගැන පමණි.
බුදු දහමට අනුව කර්මය ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදේ
1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
2. උප පජ්ඣ වේදනීය කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
4. අහෝසි කර්ම
කර්මය මෙලෙස කොටස් හතරකට බෙදීමට ප්‍රධානතම හේතුව නම් ඒ ඒ කර්මයට ප්‍රථිඵල ලැබෙන ආකාරය නිසයි. එයට සාමාන්‍ය වහරෙන් කියනුයේ පටිසන් දීම යනුවෙනි.
දිට්ඨ ධම්ම වේදනීය කර්ම යනු හැඳින්වෙන්නේ මේ ආත්මයේ දී ම හෙවත් මේ ජීවිත කාලයේදීම පටිසන් දෙන කර්ම වලටයි. කිසියම් නරක වැඩක් කළ පුද්ගලයෙක්ට මේ ජීවිතයේම කිසියම් දුකක් කරදරයක් ඇති වු විට දකිනා අය අන්න දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා යැයි කියන්නේ එනිසයි.
උප පජ්ඣ වේදනීය කම්ම කියන්නේ මේ ආත්මේ කිසිම අවුලක් නොවී ඊලඟ ආත්මේ ඉඳල පටිසන් දෙන කර්මවලටයි. සමහරුන් වැරදි කරන විට ඕවා ඊලඟ ආත්මෙදි හරි ඵල දෙනවා කියන්නේ මේ නිසයි.
අපරාපරිය වේදනීය කර්ම කියල කියන්නේ මතු ඉපදෙන ආත්මයක්, ආත්මයක් පාසාම පටිසන් දෙන විදියේ කර්මවලටයි. මේ කරපු අපරාදෙට නම් මතු උපදින උපදින වාරයක් පාසා ඵල දෙන්න ඕන කියා සමහරු දෙස් දෙන්නේ මේ නිසයි.
අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි. බොහෝ විට බොදුනුවන් සිතන්නේ පෙර කරපු කුසලයකින් හෝ අකුසලයකින් මෙම කර්මය නිෂේධ වු බවටයි.
බුද්ධ දර්ශනය යනු ජීවිතය යනු සංසාර චක්රයක එක් පුරුකක් පමණක් නිසා කර්මය යනු මේ භවය පමණක් නොව මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා ඵල දෙන එකකි. එමෙන්ම බුදු දහමට අනුව කර්මය පල දෙන්නේ මෙලොව පමණක් නොවේ. බුද්ධ දර්ශනයට අනුව සතර මහා අපායක් සහ බ්‍රහ්ම ලෝක දහසයක් ඇත. සමහරුන් අපාය හෝ බ්‍රහ්මලෝක වල ඉපිද කර්ම ඵල භුක්ති විඳිති.
කර්මය යනු බුදු දහමට පමණක් ආවේනික දෙයක් නොවේ. බුද්ධ දර්ශනයට ආභාෂ වුණු හින්දු වේද ග්රන්ථ වල එනම් සෘග් වේද්, අතර්වන් වේද්, සාම වේද් සහ යජුර් වේද් යන ග්රන්ථ සියල්ලෙහිම කර්මය ගැන සඳහන් වේ. එමෙන්ම බුද්ධ දර්ශනයට සමකාලීන දහමක් වන ජෛන දහමෙහිද කර්මය විස්තර කෙරේ.
කිතුණු දහමේ ශාස්තෘ වරයාණන් වු යේසුස් තුමාද කන්ද උඩ දේශනාවෙන් දේශනා කළේ කර්මය ගැනයි. මේ දේ කළ තැනැත්තාට අසවල් දෙය උරුම යැයි එතුමාණන් දේශනා කළේ කර්ම සංකල්පයට සමානවු ඉගැන්වීමකි.
අල්-කුර්ආනය තුලද අල්ලාහ් විසින් අවිශ්වාස කරන්නන්ට විනිශ්චය දිනයෙන් පසුව නිරයෙහිදී ලැබෙන්නාවු දඬුවම් විස්තර කර ඇත. මෙයද ඇත්තටම කර්මය ඵල දීමකි.
උපුටා ගත්තු තැන :- http://www.anvermanatunga.com

Last edited: