බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි.

කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.

කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.

මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

උදාහරණයක් ගනිමු.

1. ඔබ ජීවත් වේ.
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.

නමුත් සත්‍ය කතාව නම්,

1. මුදලාලි ඔබව මරනවා.
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.

ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.

මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.

තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:

බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."

http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html

අනික මචන් මැදුරුව මරණ එකයි මනුෂ්‍යයෙක් මරණ එකයි අතර වෙනසක් තියනවා තමයි. ඒ වෙනස ඇති වෙන්නේ උඹ ඔය හිතාගෙන ඉන්න විදිහ අනුව නෙමෙයි.

:yes:
11.gif
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ජිංතක ජිල්ලබකිට;15669816 said:

ඇයි මචං අවුල්ද? :lol:

උඹ අහපු ප්‍රස්නේම මම ටිකක් වැඩි දියුණු කලා.
හැබැයි අවුල් නේද ?

පුලුවන් නම් මට පෙන්නන්න නෙලුම් අල කන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

පුලුවන් නම් මට පෙන්නන්න තල තෙල් කන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

පුලුවන් නම් මට පෙන්නන්න කෝකා කෝලා බොන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

පුලුවන් නම් මට පෙන්නන්න තේක්ක ඇඳක නිදාගන්න එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

පුලුවන් නම් මට පෙන්නන්න ඩිජිටල් කැමරා භාවිතය පව් නෑ කියල දේශනා කරපු තැනක්?

Don't try to educate hardcore buddhists :rofl:
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    loke minissu mas kanne na kiyala mohothakata hithamu.
    ethakota mas kada thiyewida?
    minissunge aharaya pinisa saththu maranawada?
    naha neda?
    ehenam saththu marenne kana un nisa nemeida?(wenath saththu athin saha swabhawika hethu arunama)
    mas kanne na kiyala hitha hadan inna minihata waradakaree hangeemak na mamath eka athakin me sathage maranayata hethuwak neda kiyala.
    namuth kana unta kochchara kaiwaru gahuwath hithenawa eka.eka wahaganna rate nathi katha kiyanawa.

    dan ahanna epa mama noka hitiyata anik ewunuth noka innawada kiyala.thaman hadenawanam eka watinawa.puluwannam thawa kenek hadana ekath watinawa.eka eka mas kana eka nawaththuwoth dawasakata jeewithayak dekak hari wadipura berenne nadda?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mas kana eka paw nahamai kiyamu.aduma gane ehema kiyala methana ka gahana ayata adahasakwath nadda thaman noka hitiyoth asarana sathekge jeewithayak berei kiyala?:(

    maha ganburakata nogiyath e sathage jeewithaya wenuwen mas noka hitiyoth thaman karana kapa kireeme watinakamak nadda?:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    samaharu ahai man me kagahanne mata thiyana amaruwa mokakda kiyala.

    mage amma dengue hadila hospital eke I.C.U. hitiya dawas 14k.jeewithe wiswasa nathuwa.yantham sihiya awata passe doctorsla kiwwe harak mas denna kiyala shakthiya enna.eth ehema kale na.harak mas nokawath hemin hemin saneepa wela dan amma honda thathweka innawa.

    jeewath wenna mas athyawashya nathnam ai ape asawak wenuwen thawa sathekwa bili denne?:no:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    mas kana eka paw nahamai kiyamu.aduma gane ehema kiyala methana ka gahana ayata adahasakwath nadda thaman noka hitiyoth asarana sathekge jeewithayak berei kiyala?:(

    maha ganburakata nogiyath e sathage jeewithaya wenuwen mas noka hitiyoth thaman karana kapa kireeme watinakamak nadda?:(

    එසෙනම් ඔබ බත් ආහාරයට ගැනීමෙන් වැලකීම තුලින් ,පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින් සියල්ලගෙම ජීවිත බේරෙනු ඇත. අද සිට ඔබ දත් මැදීමෙන්ද වලකින්න ,ඒ කුමක් නිසාද යත් ඔබගෙ මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින් මිය යනනිසාය.

    දැන් තේරුනාද මිට්යාදුශ්ටියට අහුවෙලා ඉන්නෙ කියල. නිගන්ට නාත පුත්ත කරපු දේම තමයි උබලත් කරන්නෙ කියල.
    එහම නෙමෙයි සත්ව කරුනාව නිසා මස් නොකා ඉන්න එක හරි.මිනිස්සු ඔක්කොම මස් කන එක අත හැරියොත් සත්තු බේරෙන එක ඇත්ත.හැබැයි පව් සිද්ද වෙන නිසා නෙමෙයි.සත්තු බේරගන්න පොඩි හරි උදව්වක් වන නිසා.හැබැයි නිර්මානස වීමමයි දර්මය එක තමයි සීලය කියල වැල් බයිලා ගහල මිත්යාමත පතුරන්න එපා.
    රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්.හැබැයි දර්මය විකුර්ති කරන්න එපා.
     
    • Like
    Reactions: Sataninhell

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    well said මචන්
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    මචන් චේතනාව තමා කම්ම වෙන්නේ ,උඹ බත් කනවිට දත්මදින විට මැරෙන ක්ශුද්‍ර ජීවින්,පණුවන් ගැන හිත හිත ඉන්නේ නෑනේ
    ඒවුනාට සත්ව මාංශ කනවිට උඹ දන්නවා මේ සතා කෑම වෙනුවෙන් මරලා තියෙන්නේ කියලා
    ඒකයි කියන්නේ ඉබේ මැරිච්ච සතෙක් කෑවට පව් නෑ කියලා
    උඹ හිතපන් ගෙදර හුරතේලට ඇති කරපු කුකුළා ආයුෂ ඉවර වෙලා මලා කියලා ,ඌව කන්න අවශ්‍යමනම් කෑවට පවක් නෑ,ඒකයි පරිශුධ්ධ සීලය කියන්නේ
    හැබැයි ඒකත් දේශනා කර වදාළේ කැලේ සෑහෙන කාලයක් ගත කරලා මස් වල රසට ඇලිලා ඉන්න මිනිසුන්ට ,මස් වැද්දන්ට ,
    ඒක හරියට අවුරුදු 10 විතර කුඩු බීපු එකෙක්ට දවසෙන් කුඩු නවත්තන්න බෑ වගේ වැඩක්
    ඒත් ඒ මිනිසුන්ටත් ස්වබාවික විදියට මැරෙන සත්තු හැම දාම හම්බවෙන්නේ නෑ ,ඒක නිසා
    ටික දවසක් යනවිට නිර්මාංශ වෙන්න අපහසු වෙන්නේ නෑ
    අපේ මිනිස්සු පරිශුධ්ධ සීලය ඉස්සරහට දාලා අර හම්බය හලාල් කියනවා වගේ මස් කෑම පව් නෑ කියනවා
    අනික් එක උඹම හිතපන් පරිශුධ්ධ සීලය දේශනාවේ කියලා තියෙනවා ඒ සතා ස්වාබවිකව මැරිච්ච එකෙක් විය යුතුයි කියලා ,එහෙනන් මරපු සතෙක් කෑවම පව් නෑ කියන්නේ කෙසේද ?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනික් එක උඹම හිතපන් පරිශුධ්ධ සීලය දේශනාවේ කියලා තියෙනවා ඒ සතා ස්වාබවිකව මැරිච්ච එකෙක් විය යුතුයි කියලා

    අනෙ මචන් බොරු කියන්න එපා. කොහෙද මෙහෙම මගුලක් තියෙන්නෙ. පුලුවන්නම් ඔප්පු කරපන්. මම මාන්ස ආහාරය තහනම් කරල නැති බවට උදාහරණ ඔනෙ තරම් දෙන්නම්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    අනෙ මචන් බොරු කියන්න එපා. කොහෙද මෙහෙම මගුලක් තියෙන්නෙ. පුලුවන්නම් ඔප්පු කරපන්. මම මාන්ස ආහාරය තහනම් කරල නැති බවට උදාහරණ ඔනෙ තරම් දෙන්නම්.

    මචන් ඒ උදාහරණ උඹ ගන්නේ අර අසපු හදන හාමුදුරුවන්ගේ website එකෙන් නම් ,මම ඒවා කියෙව්වා ,හේතුව මම මේ thread එක දැම්මෙත් අන්‍ය ආගමික කෙනෙක් අපිට අපහාස වෙන විදියට ඒ site එකෙන් යම් යම් වැරදි දේ උපුටාගෙන දාලා තියෙනවා

    මේකයි මස් කන්න අවශ්‍ය නම් කෑවට කමක් නෑ ,හේතුව ඒක උඹේ කැමැත්ත ,බුදු දහමේ කාටවත් නීති දාලා නෑනේ ,ඒක බුද්ධිමතුන්ට මිසක් ශ්‍රද්ධාවන්තයන්ට දේශනා කරපු ධර්මයක් නෙවේ,අඩුම ගණනේ ආගමක් වත් නෙවේ ,අනිත් ආගම් වල වගේ අපිට පන්සල් යන්න දවස් නියම කරලා නෑ ,ඒවගේම අපි අනික් ආගම්වල වගේ දිවය විමානවල ඉපදීම නෙමේ අපේ අපේ අරමුණ

    බවුද්ධ කියන එකේ තේරුම භව උදුරා දමන්නා කියන එක
    රාග භව
    ද්වේශ භව
    m0ha භව

    උඹ නිකන් ගිහිල්ලා අහපන් මහා නායක ,අග්ග මහා පණ්ඩිත කෙනෙක්ගෙන් බවුද්ධයා කියන එකේ තේරුම,එකෙන්ම තේරෙයි ඒ හාමුදුරු වරුන්ගේ දැනුම

    අපේ අයම තමා මේවා විකුර්ති කරලා වවාගෙන කන්නේ
    ලෙඩවලට බෙහෙත් ගන්න ගියාම වෛද්‍ය තුමා රුපියල් 5 පෙත්තට රුපියල් 60 පෙත්තක් දෙන්නව ,ලාබයක් ලබන සමාගම් නිසා
    මේ වගේ උදාරහරණ සිය ගානක් දෙන්න පුළුවන්
    ආගම සම්බන්දයෙනුත් එච්චර තමා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    එසෙනම් ඔබ බත් ආහාරයට ගැනීමෙන් වැලකීම තුලින් ,පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින් සියල්ලගෙම ජීවිත බේරෙනු ඇත. අද සිට ඔබ දත් මැදීමෙන්ද වලකින්න ,ඒ කුමක් නිසාද යත් ඔබගෙ මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින් මිය යනනිසාය.

    දැන් තේරුනාද මිට්යාදුශ්ටියට අහුවෙලා ඉන්නෙ කියල. නිගන්ට නාත පුත්ත කරපු දේම තමයි උබලත් කරන්නෙ කියල.
    එහම නෙමෙයි සත්ව කරුනාව නිසා මස් නොකා ඉන්න එක හරි.මිනිස්සු ඔක්කොම මස් කන එක අත හැරියොත් සත්තු බේරෙන එක ඇත්ත.හැබැයි පව් සිද්ද වෙන නිසා නෙමෙයි.සත්තු බේරගන්න පොඩි හරි උදව්වක් වන නිසා.හැබැයි නිර්මානස වීමමයි දර්මය එක තමයි සීලය කියල වැල් බයිලා ගහල මිත්යාමත පතුරන්න එපා.
    රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්.හැබැයි දර්මය විකුර්ති කරන්න එපා.

    meka lassanata liayala thiyanawa.eth mata dapu rply ekak nisa ahanne.man kohewath dharmaya wikurthi kalada?adumagane dharmaya gana katha kalada?

    obathuma kiyana මිට්යාදුශ්ටියට nam mama ahuwela naha.methana man kiwwe sathekge jeewithayak gana.eka නිගන්ට නාත පුත්ත ge anthawadaya nemei.athyawashya nowana deyakin walakeema.obathuma kiyanawa wage rasa thrushnawata mas gileema nokarana onama kenekta karanna puluwan deyak.

    පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින්, මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින්

    mewa neda mahathmaya anthawadaya? mewain walakinna apita athi prayogika hakiyawa ganath hithanna watinawa.
     
    • Like
    Reactions: bohokal
    Jul 5, 2012
    1,773
    265
    0
    මචං මම නොදන්න නිසා අහන්නෙ. භික්ශුවකට මස් හෝ මාලු දානයට පිලිගැන්වූ විට ප්‍රතික්ශේප කරන්න කියලා විනය පිටකයේ බොහොම පැහැදිලිව ඇති නේද?

    එතකොට ඇයි දන්නේ නැහැ අර දෙව්දත් තෙර සියලු භික්ශුන් මඡ්ච-මාංසයෙන් තොර විය යුතුයි කියල නීති දාමු කිව්වහම බුදුන් වහන්සේ ඒක් ප්‍රතික්ශේප කලේ??
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අනෙ මචන් බොරු කියන්න එපා. කොහෙද මෙහෙම මගුලක් තියෙන්නෙ. පුලුවන්නම් ඔප්පු කරපන්. මම මාන්ස ආහාරය තහනම් කරල නැති බවට උදාහරණ ඔනෙ තරම් දෙන්නම්.

    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන කන්න දඟලන උඹල හිත රවාටාගෙණ කැමති මසක් මාළුවක් වළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ . සියලු සතුන්ට කරුණාව මයිත්‍රීය පතුරුවන්න කියපු බුදුන් වහන්සේගේ දහමේ කොතනද කියල තියෙන්නේ මස් කාපල්ලා කියල??? උඹලාගේ රස තෘෂ්ණාව පිනවන්න මැරෙන සතුන්ට කොතනද කරුණාව මෛත්‍රිය අවිහිංසාව ලැබෙන්නේ???

    බුද්ධ ධර්මය ප්‍රඥඥාවන්තයින්ට පමණයි සහෝදරයා. මෝඩයින්ට බුදුදහමෙන් පලක් නෙලාගන්න්න අමාරුයි.

    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නියමයි යාළුවා ,මෙහෙම කියන එවුන් අතරයි හලාල් කාරයන් අතර කිසි වෙනසක් නෑ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජිංතක ජිල්ලබකිට;15714205 said:
    මචං මම නොදන්න නිසා අහන්නෙ. භික්ශුවකට මස් හෝ මාලු දානයට පිලිගැන්වූ විට ප්‍රතික්ශේප කරන්න කියලා විනය පිටකයේ බොහොම පැහැදිලිව ඇති නේද?

    එතකොට ඇයි දන්නේ නැහැ අර දෙව්දත් තෙර සියලු භික්ශුන් මඡ්ච-මාංසයෙන් තොර විය යුතුයි කියල නීති දාමු කිව්වහම බුදුන් වහන්සේ ඒක් ප්‍රතික්ශේප කලේ??

    උඹටනම් කිව්වට වැඩක් නැද්ද මන්ද ,අපි පිණ්ඩපාතික භික්ශුන් නෙමේ,අනික් එක දානය ප්‍රතික්ෂේප කරන්න බැරි උනාට බෙදන දානය සියල්ලම වළදන්න කියලා දේශනා කරපු තැනක් තියෙනවනම් පෙන්නපන්,දේවදත්ත ගේ කතාව පිලිගත්තනම් පරිශුධ්ධ සීලයක් ගැන දේශනා කර වදාරන්න අවශ්‍ය නැනේ නේද ?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන කන්න දඟලන උඹල හිත රවාටාගෙණ කැමති මසක් මාළුවක් වළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ . සියලු සතුන්ට කරුණාව මයිත්‍රීය පතුරුවන්න කියපු බුදුන් වහන්සේගේ දහමේ කොතනද කියල තියෙන්නේ මස් කාපල්ලා කියල??? උඹලාගේ රස තෘෂ්ණාව පිනවන්න මැරෙන සතුන්ට කොතනද කරුණාව මෛත්‍රිය අවිහිංසාව ලැබෙන්නේ???

    බුද්ධ ධර්මය ප්‍රඥඥාවන්තයින්ට පමණයි සහෝදරයා. මෝඩයින්ට බුදුදහමෙන් පලක් නෙලාගන්න්න අමාරුයි.

    ඔයාටත් මේ උත්තරයමයි දෙන්න තියෙන්නෙ. නිගන්ට මත පතුරන්න එපා.නිගන්ට නාත පුත්ත සරන ගියා නම් උම්බලට ඔයිට වඩා සිල්වත් වෙන්න තිබුනා

    "එසෙනම් ඔබ බත් ආහාරයට ගැනීමෙන් වැලකීම තුලින් ,පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින් සියල්ලගෙම ජීවිත බේරෙනු ඇත. අද සිට ඔබ දත් මැදීමෙන්ද වලකින්න ,ඒ කුමක් නිසාද යත් ඔබගෙ මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින් මිය යනනිසාය.

    දැන් තේරුනාද මිට්යාදුශ්ටියට අහුවෙලා ඉන්නෙ කියල. නිගන්ට නාත පුත්ත කරපු දේම තමයි උබලත් කරන්නෙ කියල.
    එහම නෙමෙයි සත්ව කරුනාව නිසා මස් නොකා ඉන්න එක හරි.මිනිස්සු ඔක්කොම මස් කන එක අත හැරියොත් සත්තු බේරෙන එක ඇත්ත.හැබැයි පව් සිද්ද වෙන නිසා නෙමෙයි.සත්තු බේරගන්න පොඩි හරි උදව්වක් වන නිසා.හැබැයි නිර්මානස වීමමයි දර්මය එක තමයි සීලය කියල වැල් බයිලා ගහල මිත්යාමත පතුරන්න එපා.
    රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්.හැබැයි දර්මය විකුර්ති කරන්න එපා".

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි

    මස් කෑම පව් නැද්ද ?

    වටේ ගිහිල්ලා වැඩක් නෑනේ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔයාටත් මේ උත්තරයමයි දෙන්න තියෙන්නෙ. නිගන්ට මත පතුරන්න එපා.නිගන්ට නාත පුත්ත සරන ගියා නම් උම්බලට ඔයිට වඩා සිල්වත් වෙන්න තිබුනා

    "එසෙනම් ඔබ බත් ආහාරයට ගැනීමෙන් වැලකීම තුලින් ,පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින් සියල්ලගෙම ජීවිත බේරෙනු ඇත. අද සිට ඔබ දත් මැදීමෙන්ද වලකින්න ,ඒ කුමක් නිසාද යත් ඔබගෙ මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින් මිය යනනිසාය.

    දැන් තේරුනාද මිට්යාදුශ්ටියට අහුවෙලා ඉන්නෙ කියල. නිගන්ට නාත පුත්ත කරපු දේම තමයි උබලත් කරන්නෙ කියල.
    එහම නෙමෙයි සත්ව කරුනාව නිසා මස් නොකා ඉන්න එක හරි.මිනිස්සු ඔක්කොම මස් කන එක අත හැරියොත් සත්තු බේරෙන එක ඇත්ත.හැබැයි පව් සිද්ද වෙන නිසා නෙමෙයි.සත්තු බේරගන්න පොඩි හරි උදව්වක් වන නිසා.හැබැයි නිර්මානස වීමමයි දර්මය එක තමයි සීලය කියල වැල් බයිලා ගහල මිත්යාමත පතුරන්න එපා.
    රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්.හැබැයි දර්මය විකුර්ති කරන්න එපා".

    hamotama ekama kiya kiya yanne ai?kalin mata kiwwane.man ekata uththara dunna.kiyanna karana nathi wunama නිගන්ට මත,වැල් බයිලා,මිත්යාමත,මිට්යාදුශ්ටිය wage wachana kiyala bainna epa ban.thiyana de kiyawala eke adupaduwak athnam pennanna.