ඔව් බුදුන් කියපු එවා කිසිවක් සම්පුර්ණ් ලෙස බිදවැටිලා නැහැ.
ඔබට යම් මොහොතක සිතිලා නැද්ද? මරණයෙන් පසු ඔය කියන අපායක් හෝ දෙවලොක කියලා එකක් නැති බව?
එවගේම තමයි සිත දියුනු කිරිමෙන් බුදුන් කෙනෙකු සියල්ල දැනගැනිමට හැකි වෙලා තිබෙනවා... ඒ කියන්නේ සිත සියල්ලටම වඩා ශ්‍රස්ථයි.
සමහර විට විදාවෙන් කියනවා වගේ අපෙ සිතුවිලි චිත්ත සාන්තානයට එකතු වෙනවා වෙන්න පුලුවන් ශක්තියක් ලෙස නැවතත් එය සකස් වෙන්නත් පුලුවන් එ අනුව අපි හිතමු නිවන යනු එම ශක්තිය නැතිකිරිමයි කියලා සියලුම මනුස්සයන් එසෙ කරොත් කෙමෙන් කෙමෙන් ජිවින් ලොකයෙන් තුරන්වෙයිද? එහෙම නැතිනම් මම මාගේ යන ගැහිමෙන් තොර වෙනත් ජිවයක් ඇතිවෙවි නෙද?
අපාය කියන එක නන් අපිට ඇස් වලටම පොළව උඩම පේන්ඩ තියෙනවනෙ...අපායවල් 4ක් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරානෙ...නරක,තිරිසන්,ප්‍රේත,අසුර..ඔය තිරිසන් අපාය කියන්නෙ තිරිසන් සත්තු වෙලා ඉපදෙන එකනෙ..සතෙක් වෙලා ඉපදුණාමත් කොච්චර දුකක්ද කියල බලන්ඩකෝ...කරදරයක්, අමාරුවක් කියාගන්ඩ අමාරුයි..කොච්චර ප්‍රශ්නද,අනිත් ඒව නන් අපිට ඇහැට පේන්නෙ නෑ, එහෙම නොපෙනුණ පලියට අපිට ඒව නෑ කියන්ඩ බෑ..
දිව්‍යලෝකත් එහෙම තමා අපේ ඇහැට පේන්නෙ නෑ..ත්‍රිපිටකෙ විමානවත්ථු ,ප්‍රේථවත්ථු වලත් මේව ගැන විස්තර තියෙනව තව....
ලෝකයේ ආරම්භය / අවසානය ගැන බුදු හාමුදුරුවෝ නිශ්චිත උත්තරයක් නොදී නිහඬවනෙ හිටියෙ, ජීවින් සම්පූර්ණයෙන්ම නිවන් දැක්කොත් කවුරුත්ම ලෝකෙ නැත්වෙයිද කියන්ඩත් අමාරුයි ඒක හින්ද..ධර්මය අවබෝධ කරගන්ඩ ඕව ගැන ලොකුවට හිතන්ඩ ඕනත් නෑ අපි අනිත් අතට..

