ඕක මන් දැන් විදි 100 න් විතර පැහැදිලි කරන්න හදලා ඇති..
මට රිදෙනවා. රිදෙනවා කියන්නේ දැනෙනවා/ දැනීමක්. රිදෙන එක මට අපහසුවක්. ඔව් මට unpleasant නිසා තමයි රිදෙන එක නවත්තන්න ඕනේ. unpleasant කියන්නේ? දැනීමක දැනගත් බව ක්.
unpleasant/ pleasant කියන්නේ ඒ මොහොත තුල, දැනීමත් සමග පටිච්ච වෙන නිත්ය දැගත්ත බව ක්. pleasant/ unpleasant - එකිනෙකින් එකක් නිසා හට ගන්න හේතු-ඵලව පවතින අන්තයන්. පැවැත්ම එකිනෙක මත රදා පවතින සහ අරමුන සමග එකක් නිත්ය බව ක් ලෙස පටිච්ච වෙමින් නිත්ය දැනගත් බව ක් වෙන. ඉරක් ගහලා වෙන් කරන්න බැහැ මේ අන්ත දෙක මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා. උදා වෙමින් වැය වෙමින් තියෙන්නේ හැම තිස්සෙම දිවා සහ රෑ වගේ. එලිය අඩු වෙන විට රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙමින් පවතිනවා සහ එලිය වැඩි වෙන විට රාත්‍රිය වැය වෙමින් දිවා කාලය උදා වෙමින් පවතිනවා වගේ. මෙතනින් එක බවක් (රාත්‍රි බව හෝ දහවල් බව) වෙන් කරලා ගන්න බැහැ. එක බව ක් මොන වෙලාවක වත් නිත්යව පවතින්නේ නැහැ.
ඒ වගේම තමයි pleasant, unpleasant කියන එකත්.
නිත්යව දැනගත් බවක් තුල තමයි pleasant/ unpleasant සහ ඒ බව දැගත්ත කෙනා ඉන්නේ. (මට රිදෙන්නේ/ අපහසුවක්, unpleasant විදිහට දැනෙන්නේ) ඕක අපිට දැනෙන්නෙම unpleasant විදිහටමයි අවිද්‍යාව නිසා. දැනීමයි, පස්සේ ඇති වුන නිත්ය දැනගත් බව යි දෙකක් කියලා වෙන් කරන්න බැහැ. මේ කියන්නේ අතකට පිහියෙන් ඇන්නහමයි, පිහාටුවකින් අත අතගෑවහමයි එකක් කියන එක නෙමෙයි.. මේ ඔක්කොම දැනීම් තමයි.
මෙන්න මේක වෙන විදිහ බලපන් කියලා කිව්වේ, දැනෙන එකේ සප්රෙස් කරන්නත් unpleasant කියලා දෙයක් නිත්යව තියෙනවද කියලා. එතෙන්දි තමයි උදය-වැය දැකලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න පුලුවන් වෙන්නේ. මේක බලපන් කිව්වහම පැත්තකට වෙලා දැනීම සමග.. xyz කියන දැනගත් බව ක් (unpleasant or whever) ඇති වීම වෙන විදිහ ගැන බලන්න ඕනේ. නැතුව මේක අරහමයි, අරක මෙහෙමයි කියලා ඉන්න දෘස්ටි එක්ක වාද කරලා වැඩක් නැහැ.
නතර වෙලා බලපන් කිව්වහම, දුවන ගමන් බලන්න බැහැ. දුවන ගමන් බලද්දි පේන්නැහැ.
වචන වලින් කියන්න පුලුවන් දුරක් තියෙනවනේ.. ඉතින් මට කියන්න පුලුවන් උපරීමෙටම මන් කියන්නේ, නැතුව මගඵල ලැබුවා කියලා ධර්මය දේශනා කරන්න අමුතු නුවනක් පහල වෙන්නැහැනේ.
හරි දැන් මේක කීප වතාවක් කිව්වා සහ ප්‍රැක්ටිකලි කරන්න උත්සාහ කලා මෙන්න මේ විදිහට..
දැනට ඔලුවෙ කැක්කුමක් නැ නෙ...ක්ලැම්ප් එකක් ගෙනල්ල ඇගිල්ලට ගැහුව රිදෙන්න ටිකක්..
රිදීමක් තිවුනට ෆෝකස් එකක් නැ වට පිට පේන නිසා ( හිතන විදිහට ). ඇස් දෙක වැහුව...ඒසී එකේ ලවට එන සද්දට ෆෝකස් එක යන්නෙ...එකත් වැහුව..
රිදීමත් තියෙනව නිකන් බැක් ග්‍රවුන්ඩ් එකේ වගේ..නමුත් එක එක සිතුවිලි එන නිසා ලොකු මීටර් එකක් නැ රිදීම ගැන...මගේ වේදනාව..මේකෙන් අයින් වෙන්න ඕනෙ..එහෙම හැගීමක් නැ...
ක්ලැම්ප් එක ටිකක් තද කරල, අනිත් සිතුවිලි ටිකක් යටපත් කරල, බලෙන් වේදනාවට ෆෝකස් කලා...
ෆොකස් එක දුන්නාම වේදනාව වැඩිපුර දැනෙන්න ගත්තා...වේදනාව අඩු වැඩි වෙනව වගේත් දැනුන...ඒ අතර තුරේ ලාවට වගේ තව සිතුවිලි යමින් එමින් තිබුන...හැබයි ලොකුවට මීටර් නැ වේදනාවට ෆෝකස් නිසා...
දිගටම ඒක තමයි උනේ...ඊට පස්සෙ එක නවත්තල අයෙත් ඔබතුමාගේ පොස්ට් එක බැලුවා මෙන්න මේ විදිහට බලන්න කියන එක..
ඊට පස්සෙ අයෙත් ඉස්සෙල්ල වගේ ෆොකස් එකට ඇවිල්ල ටික වෙලාවක් හිටිය..
ඊට පස්සෙ වේදනව් අඩු වීම වැඩි වීම මොනිටර් කරනකොට, වේදනාව වැඩි වෙනකොට මේකන් අයි වෙන්න ඕනෙ කියල හිතුන...අඩු වෙනකොට එහෙම හිතුනෙ නැ...ඒ ගැන කල්පනා කරනකොට අයි එහෙම් උනෙ කියල..ප්ලෙසෙන්ට් අන්ප්ලෙසෙන්ට් බව වේදනව සමහ වෙනස් වන බව කල්පනා උනා..
නැ මන් එහෙම කොහොමවත් කියන්නැහැ..
ඔය ප්‍රශ්නේ මට වැලිඩ් නැහැ. සොවාන් කියන්නේ මොකක්ද සක්කාය දිට්ටිය නැති මට?
මන් ඔයාගෙන් ප්‍රශ්න ඇහුවා කියලා, ඔයාට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ ඒ විදිහට. ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න එක එක ඒවා මන් කියනවා.
ඔබතුමාට ප්‍රශ්නය වැලිඩ් ද නැතිද කියන එක නෙවේ මම කියන්නෙ...ඔබතුමාගේ පෘතක්ජනයට පෙන්නන මාර්ගයෙ පෘතක්ජනයට ඇතිඋන ප්‍රශ්නයක්...
ඇයි මගඵල ලාබි කෙනෙක් හොයාගන්න ඕනෙ වෙන්නේ? හැමතිස්සෙම මොකක් හරි හිතෙද්දි ආපස්සට ඒ දැනගත් බව සකස් වෙන විදිහ දකින්න උත්සහ කරන්න. නිත්යව දැනගත් බව ක දැනුම ක් සන්සන්දනය කරන් වවන් කන්නැතුව. දැනුමෙන් හිතලා ධර්මය අවබෝධ කර ගන්න බැහැ. දැනගත් බව ම තමයි මුලාව.
දන්නෙ නැ ඉතින් ඔබතුමමනෙ කලින් කිව්වෙ, මාර්ගපල ලාබියෙක්ට ඇරෙන්න දර්මය කතාකරන්න බැ කියල...නුවන් මහත්තයත් කිව්වෙ මාර්ගපල ලාබියෙකුගෙන් බන අහන්න කියල...