බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    ඕක මන් දැන් විදි 100 න් විතර පැහැදිලි කරන්න හදලා ඇති..

    මට රිදෙනවා. රිදෙනවා කියන්නේ දැනෙනවා/ දැනීමක්. රිදෙන එක මට අපහසුවක්. ඔව් මට unpleasant නිසා තමයි රිදෙන එක නවත්තන්න ඕනේ. unpleasant කියන්නේ? දැනීමක දැනගත් බව ක්.

    unpleasant/ pleasant කියන්නේ ඒ මොහොත තුල, දැනීමත් සමග පටිච්ච වෙලා දැගත්ත බව ක්. pleasan/ unpleasant - එකිනෙකින් එකක් නිසා හට ගන්න හේතු-ඵලව පවතින අන්තයන්.

    නිත්යව දැනගත් බවක් තුල තමයි pleasan/ unpleasant සහ ඒ බව දැගත්ත කෙනා ඉන්නේ.

    මෙන්න මේක බලපන් කියලා කිව්වේ, දැනෙන එකේ සප්රෙස් කරන්නත් unpleasant කියලා දෙයක් ඇත්තට තියෙනවද කියලා. මේක බලපන් කිව්වහම පැත්තකට වෙලා දැනීම සමග.. xyz කියන දැනගැනීම (unpleasant or whever) ඇති වීම වෙන විදිහ ගැන. වචන වලින් කියන්න පුලුවන් දුරක් තියෙනවනේ..

    නැ මන් එහෙම කොහොමවත් කියන්නැහැ..
    ඔය ප්‍රශ්නේ මට වැලිඩ් නැහැ. සොවාන් කියන්නේ මොකක්ද සක්කාය දිට්ටිය නැති මට?
    මන් ඔයාගෙන් ප්‍රශ්න ඇහුවා කියලා, ඔයාට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ ඒ විදිහට. ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න එක එක ඒවා මන් කියනවා.

    ඇයි මගඵල ලාබි කෙනෙක් හොයාගන්න ඕනෙ වෙන්නේ?

    catch u later
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    ඕක මන් දැන් විදි 100 න් විතර පැහැදිලි කරන්න හදලා ඇති..

    මට රිදෙනවා. රිදෙනවා කියන්නේ දැනෙනවා/ දැනීමක්. රිදෙන එක මට අපහසුවක්. ඔව් මට unpleasant නිසා තමයි රිදෙන එක නවත්තන්න ඕනේ. unpleasant කියන්නේ? දැනීමක දැනගත් බව ක්.

    unpleasant/ pleasant කියන්නේ ඒ මොහොත තුල, දැනීමත් සමග පටිච්ච වෙන නිත්ය දැගත්ත බව ක්. pleasant/ unpleasant - එකිනෙකින් එකක් නිසා හට ගන්න හේතු-ඵලව පවතින අන්තයන්. පැවැත්ම එකිනෙක මත රදා පවතින සහ අරමුන සමග එකක් නිත්ය බව ක් ලෙස පටිච්ච වෙමින් නිත්ය දැනගත් බව ක් වෙන. ඉරක් ගහලා වෙන් කරන්න බැහැ මේ අන්ත දෙක මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා. උදා වෙමින් වැය වෙමින් තියෙන්නේ හැම තිස්සෙම දිවා සහ රෑ වගේ. එලිය අඩු වෙන විට රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙමින් පවතිනවා සහ එලිය වැඩි වෙන විට රාත්‍රිය වැය වෙමින් දිවා කාලය උදා වෙමින් පවතිනවා වගේ. මෙතනින් එක බවක් (රාත්‍රි බව හෝ දහවල් බව) වෙන් කරලා ගන්න බැහැ. එක බව ක් මොන වෙලාවක වත් නිත්යව පවතින්නේ නැහැ.
    ඒ වගේම තමයි pleasant, unpleasant කියන එකත්.

    නිත්යව දැනගත් බවක් තුල තමයි pleasant/ unpleasant සහ ඒ බව දැගත්ත කෙනා ඉන්නේ. (මට රිදෙන්නේ/ අපහසුවක්, unpleasant විදිහට දැනෙන්නේ) ඕක අපිට දැනෙන්නෙම unpleasant විදිහටමයි අවිද්‍යාව නිසා. දැනීමයි, පස්සේ ඇති වුන නිත්ය දැනගත් බව යි දෙකක් කියලා වෙන් කරන්න බැහැ. මේ කියන්නේ අතකට පිහියෙන් ඇන්නහමයි, පිහාටුවකින් අත අතගෑවහමයි එකක් කියන එක නෙමෙයි.. මේ ඔක්කොම දැනීම් තමයි.

    මෙන්න මේක වෙන විදිහ බලපන් කියලා කිව්වේ, දැනෙන එකේ සප්රෙස් කරන්නත් unpleasant කියලා දෙයක් නිත්යව තියෙනවද කියලා. එතෙන්දි තමයි උදය-වැය දැකලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න පුලුවන් වෙන්නේ. මේක බලපන් කිව්වහම පැත්තකට වෙලා දැනීම සමග.. xyz කියන දැනගත් බව ක් (unpleasant or whever) ඇති වීම වෙන විදිහ ගැන බලන්න ඕනේ. නැතුව මේක අරහමයි, අරක මෙහෙමයි කියලා ඉන්න දෘස්ටි එක්ක වාද කරලා වැඩක් නැහැ.

    නතර වෙලා බලපන් කිව්වහම, දුවන ගමන් බලන්න බැහැ. දුවන ගමන් බලද්දි පේන්නැහැ.

    වචන වලින් කියන්න පුලුවන් දුරක් තියෙනවනේ.. ඉතින් මට කියන්න පුලුවන් උපරීමෙටම මන් කියන්නේ, නැතුව මගඵල ලැබුවා කියලා ධර්මය දේශනා කරන්න අමුතු නුවනක් පහල වෙන්නැහැනේ.

    හරි දැන් මේක කීප වතාවක් කිව්වා සහ ප්‍රැක්ටිකලි කරන්න උත්සාහ කලා මෙන්න මේ විදිහට..

    දැනට ඔලුවෙ කැක්කුමක් නැ නෙ...ක්ලැම්ප් එකක් ගෙනල්ල ඇගිල්ලට ගැහුව රිදෙන්න ටිකක්..

    රිදීමක් තිවුනට ෆෝකස් එකක් නැ වට පිට පේන නිසා ( හිතන විදිහට ). ඇස් දෙක වැහුව...ඒසී එකේ ලවට එන සද්දට ෆෝකස් එක යන්නෙ...එකත් වැහුව..

    රිදීමත් තියෙනව නිකන් බැක් ග්‍රවුන්ඩ් එකේ වගේ..නමුත් එක එක සිතුවිලි එන නිසා ලොකු මීටර් එකක් නැ රිදීම ගැන...මගේ වේදනාව..මේකෙන් අයින් වෙන්න ඕනෙ..එහෙම හැගීමක් නැ...

    ක්ලැම්ප් එක ටිකක් තද කරල, අනිත් සිතුවිලි ටිකක් යටපත් කරල, බලෙන් වේදනාවට ෆෝකස් කලා...

    ෆොකස් එක දුන්නාම වේදනාව වැඩිපුර දැනෙන්න ගත්තා...වේදනාව අඩු වැඩි වෙනව වගේත් දැනුන...ඒ අතර තුරේ ලාවට වගේ තව සිතුවිලි යමින් එමින් තිබුන...හැබයි ලොකුවට මීටර් නැ වේදනාවට ෆෝකස් නිසා...

    දිගටම ඒක තමයි උනේ...ඊට පස්සෙ එක නවත්තල අයෙත් ඔබතුමාගේ පොස්ට් එක බැලුවා මෙන්න මේ විදිහට බලන්න කියන එක..

    ඊට පස්සෙ අයෙත් ඉස්සෙල්ල වගේ ෆොකස් එකට ඇවිල්ල ටික වෙලාවක් හිටිය..

    ඊට පස්සෙ වේදනව් අඩු වීම වැඩි වීම මොනිටර් කරනකොට, වේදනාව වැඩි වෙනකොට මේකන් අයි වෙන්න ඕනෙ කියල හිතුන...අඩු වෙනකොට එහෙම හිතුනෙ නැ...ඒ ගැන කල්පනා කරනකොට අයි එහෙම් උනෙ කියල..ප්ලෙසෙන්ට් අන්ප්ලෙසෙන්ට් බව වේදනව සමහ වෙනස් වන බව කල්පනා උනා..

    නැ මන් එහෙම කොහොමවත් කියන්නැහැ..
    ඔය ප්‍රශ්නේ මට වැලිඩ් නැහැ. සොවාන් කියන්නේ මොකක්ද සක්කාය දිට්ටිය නැති මට?
    මන් ඔයාගෙන් ප්‍රශ්න ඇහුවා කියලා, ඔයාට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ ඒ විදිහට. ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න එක එක ඒවා මන් කියනවා.

    ඔබතුමාට ප්‍රශ්නය වැලිඩ් ද නැතිද කියන එක නෙවේ මම කියන්නෙ...ඔබතුමාගේ පෘතක්ජනයට පෙන්නන මාර්ගයෙ පෘතක්ජනයට ඇතිඋන ප්‍රශ්නයක්...

    ඇයි මගඵල ලාබි කෙනෙක් හොයාගන්න ඕනෙ වෙන්නේ? හැමතිස්සෙම මොකක් හරි හිතෙද්දි ආපස්සට ඒ දැනගත් බව සකස් වෙන විදිහ දකින්න උත්සහ කරන්න. නිත්යව දැනගත් බව ක දැනුම ක් සන්සන්දනය කරන් වවන් කන්නැතුව. දැනුමෙන් හිතලා ධර්මය අවබෝධ කර ගන්න බැහැ. දැනගත් බව ම තමයි මුලාව.

    දන්නෙ නැ ඉතින් ඔබතුමමනෙ කලින් කිව්වෙ, මාර්ගපල ලාබියෙක්ට ඇරෙන්න දර්මය කතාකරන්න බැ කියල...නුවන් මහත්තයත් කිව්වෙ මාර්ගපල ලාබියෙකුගෙන් බන අහන්න කියල...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    928
    708
    93
    මහත්තයො...ඔබතුමන්ල වගේ දර්මය මුලින් අහන්න ගත්තු කාලේ මමත් ඔය වගේ තමය්..එයාල කියන කියන ඒව කරල කාලයක් මාර්ගපල වල කියලත් හිතාගෙන හිටිය...අන්තිමට පොතෙන් බැලුවෙ නැති නම්..තාමත් මම කල්යාන මිත්‍රයයන් 10 දෙනා පෙන්නපු 10 විදි මාර්ගපල වල කොහෙද ඉන්නෙ කියල හොයා ගන්න බැරි ව ඉන්නව...මමත් බන ඇසීමෙන් පමනක් සම්මාදිට්ටියට පත්වෙනව කියල දාපු ත්‍රෙඩ් ඇති ගිහිල්ල බැලුවොත්....ඔබතුමන්ල මේ කියන කතා සියල්ලම මමත් කලින් ඒ විදිහටම කියලත් ඇති... ඔබතුමන්ලත් ඉන්නෙ ඒ අවදියෙ...තමන් කලින් එක්ස්පිරියන් කල නැති දෙයක් එක්ස්පිරියන්ස් උනාම මේක තමයි පලය කියල කිසිම ප්‍රශ්නයක් නැතිව බාර ගන්නව...
    Definitely a skill issue... සෝවාන් ඵලයට පත්වුන කෙනෙක්, පොත නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් ආයේ වෙනස් වෙන්නෙ නැහැ... එහෙම වෙනස් වෙන්න විදියක් කොහෙත්ම නැහැ.. මම දන්න හැටියට බන ඇසීමෙන් පමනක් කවුරුවත් සෝවාන් වෙන්නෙ නැහැ. අඩු වැඩි වශයෙන්අං ග තුනම ඕනි, ඒකයි මෙච්චර කියන්නෙ ඔයා හරි ගුරුවරයෙක් යටතෙ ඕක කරන්න ඕනි කියල. මාර්ගපල වල කියල හිතාගෙන හිටියට වැඩක් නැහැ, එතකොට මාර්ගපල තියෙනව ඒව තියෙන මම ඉන්නව... ආයෙත් සක්කාය දෘෂ්ටියේ...
    ඔබතුමා දන්නෙ කොහොමද රේරුකානෙ හාමුදුරුවො පෘතක්ජනද කියල?
    General statement එකක්, රේරුකානෙ හාමුදුරුවන්ගෙ මාර්ගඵල ගැන කිව්ව නෙමෙයි, ඔයා ඒක එහෙමයි කියල දාපු post එක ගැන කිව්වෙ.
    දුශ්ටි නැති ඔබතුමාට කොහොමද ෆන්ඩෙමෙන්ටලි හරි හො වැරැද්දක් තියෙන්නෙ? :rofl: :rofl:
    Fundamentally කිව්වෙ මෙන්න මේ foundation එක 👉 "පෘතක්ජනයෙක් ධර්මය ගැන මොකක් දැම්මත් ඒක දෘෂ්ටියක් පමණමයි, ඒකයි වැරදියි"

    දන්නෙ නැ ඉතින් ඔබතුමමනෙ කලින් කිව්වෙ, මාර්ගපල ලාබියෙක්ට ඇරෙන්න දර්මය කතාකරන්න බැ කියල...නුවන් මහත්තයත් කිව්වෙ මාර්ගපල ලාබියෙකුගෙන් බන අහන්න කියල...
    Very good point - තවත් දෙයක් දැනගෙන නෙමෙයි මාර්ගඵලයක් ලබන්නෙ, ඒක, හැම හිතකම ඇතිවෙන වෙනස් වීමක්, දැනුමෙන් පිටස්තර දෙයක්... මම දන්නෙ නැහැ ඔයාට මාර්ගඵල ලාබියෙක් set වෙන විදිය හැබැයි අපි දන්න විදියට ඔයාට එහෙම අය කවුද කියල කියන්න පුළුවන්... ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නය මාර්ගඵල ලාබියෙක් හොයා ගන්න එක නෙමෙයි... ලොකුම ප්‍රශ්නය තමයි ඔයාගෙ දැනුමයි... ඒ දැනුම නිසා ඔයා ඉන්න දැඩි දෘෂ්ටියයි. Fiona හරි මම හරි මාර්ගඵල ලබපු විදියට ඔයාට මාර්ගඵල ලබන්න බැරිවෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව වගෙ මේක අතිශය පෞද්ගලික දෙයක්. ඔයා මාර්ගඵල ලබන විදිය වෙනම විදියක් වෙන්න පුලුවන්.
    ------ Post added on Jul 3, 2025 at 4:08 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    Definitely a skill issue... සෝවාන් ඵලයට පත්වුන කෙනෙක්, පොත නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් ආයේ වෙනස් වෙන්නෙ නැහැ... එහෙම වෙනස් වෙන්න විදියක් කොහෙත්ම නැහැ.. මම දන්න හැටියට බන ඇසීමෙන් පමනක් කවුරුවත් සෝවාන් වෙන්නෙ නැහැ. අඩු වැඩි වශයෙන්අං ග තුනම ඕනි, ඒකයි මෙච්චර කියන්නෙ ඔයා හරි ගුරුවරයෙක් යටතෙ ඕක කරන්න ඕනි කියල. මාර්ගපල වල කියල හිතාගෙන හිටියට වැඩක් නැහැ, එතකොට මාර්ගපල තියෙනව ඒව තියෙන මම ඉන්නව... ආයෙත් සක්කාය දෘෂ්ටියේ...

    සොවාන් පලයට පත් උන් කෙනෙක් වෙනස් වෙනව කියල මම කිව්වෙ නැ..මම කියන්නෙ සොවාන් කියල හිතන් ඉන්න පෘතක්ජනයන් ගැන...මම දන්නෙ නැ ඔබතුමා එහෙමද කියල...ඒත් එක එදත් වෙලා තියෙනව අදත් වෙනව...

    මෙතන වැදගත්ම දෙය...ඔබතුම කියනවනෙ හරි ගුරුවරයෙක් යටතේ කියල...කොහොමද හරි ගුරුවරය අදුන ගන්නෙ...මොනවද නිර්නායක?

    General statement එකක්, රේරුකානෙ හාමුදුරුවන්ගෙ මාර්ගඵල ගැන කිව්ව නෙමෙයි, ඔයා ඒක එහෙමයි කියල දාපු post එක ගැන කිව්වෙ.

    Fundamentally කිව්වෙ මෙන්න මේ foundation එක 👉 "පෘතක්ජනයෙක් ධර්මය ගැන මොකක් දැම්මත් ඒක දෘෂ්ටියක් පමණමයි, ඒකයි වැරදියි"

    ඉතින් මහත්තයො, ඔබතුමාමනෙ පෘතක්ජනය මොකක් දැම්මත් වැරදි කියල රේරුකානෙ හමුදුරුවොත් වැරදි කිව්වෙ. රේරුකානෙ හාමුදුරුවො වැරදි ඇයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ෆොකස් එක දුන්නාම වේදනාව වැඩිපුර දැනෙන්න ගත්තා...වේදනාව අඩු වැඩි වෙනව වගේත් දැනුන...

    බලෙන් මුකුත් focus කරන්න යන්න එපා. නිකන් වෙන දේ දිහා බලන් ඉන්න.

    *වේදනාව* කියලා එකක් අඩු හෝ වැඩි බව ක් විදිහට දැනගත් බවක් දැනගන්න කෙනෙක් සහ
    කෙනෙක් *වේදනාව* කියලා එකක් අඩු හෝ වැඩි බව ක් විදිහට දැනගත් බව ක් සකස් වෙලා.

    ඉතින් නිතර නිතර උත්සහ කරලා බලන්න.

    මොනවද නිර්නායක?

    හරි ගුරුවරයෙක් හදුන්න බැහැනේ ඔයාට.
    ඔයාට තියා මටවත්, කෙනෙක් කියන එකකින්, ඒ මනුස්සයා දෘස්ටියක ඉදලද කියන්නේ නැද්ද කියන එක සහ ඒ මත පදනම්ව, මගඵල ලබා ඇති හෝ නොලබා ඇති බව ගෙස් කරනවා ඇරෙන්න, ස්ථීරව කියන්න බැහැනේ.
    ------ Post added on Jul 3, 2025 at 4:41 AM
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    928
    708
    93
    සොවාන් පලයට පත් උන් කෙනෙක් වෙනස් වෙනව කියල මම කිව්වෙ නැ..මම කියන්නෙ සොවාන් කියල හිතන් ඉන්න පෘතක්ජනයන් ගැන...මම දන්නෙ නැ ඔබතුමා එහෙමද කියල...ඒත් එක එදත් වෙලා තියෙනව අදත් වෙනව...

    මෙතන වැදගත්ම දෙය...ඔබතුම කියනවනෙ හරි ගුරුවරයෙක් යටතේ කියල...කොහොමද හරි ගුරුවරය අදුන ගන්නෙ...මොනවද නිර්නායක?
    හරි ගුරුවරය හොයනව කියල එකක් නැහැ, හරි ගුරුවරය තමයි ඔයාට හමුවෙන ගුරුවරය (හේතු/ඵල). ඒක ඔයාට ප්‍රශනයක් නෙමෙයි, මම කලින් කිව්ව වගෙ ඔයාට තියෙන ප්‍රශ්නය තමයි ගුරුවරය සහ ඔයා අතරට දැනුම හරස් වෙන එක. ගුරුවරු නං කියන්න බැරියැ වැඩේ කරනවා නම්
    ඉතින් මහත්තයො, ඔබතුමාමනෙ පෘතක්ජනය මොකක් දැම්මත් වැරදි කියල රේරුකානෙ හමුදුරුවොත් වැරදි කිව්වෙ. රේරුකානෙ හාමුදුරුවො වැරදි ඇයි?
    එහෙම වැරදියි කිව්ව නම් ඒ මාර්ගඵලයකට පත්වෙන්න කලින් වෙන්න ඕනි, එතකොට මටත් තිබුනෙ දෘෂ්ටි තමයි... හරි/වැරදි/මධ්‍යස්ත තියෙන්නෙ දෘෂ්ටි වලට.

    හරි ගුරුවරයෙක් හදුන්න බැහැනේ ඔයාට.
    ඔයාට තියා මටවත්, කෙනෙක් කියන එකකින්, ඒ මනුස්සයා දෘස්ටියක ඉදලද කියන්නේ නැද්ද කියන එක සහ ඒ මත පදනම්ව, මගඵල ලබා ඇති හෝ නොලබා ඇති බව ගෙස් කරනවා ඇරෙන්න, ස්ථීරව කියන්න බැහැනේ.
    ------ Post added on Jul 3, 2025 at 4:41 AM
    මෙන්න මේක තමයි කරන්න ඕනි, කරල බලනව ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ, කරන කොට ඔයා ගුරුවරයව පොතේ බලන්න ගියොත් ඔයාට බුදු හාමුදුරුවෝ හමු උනත වැඩක් නැහැ,
    ------ Post added on Jul 3, 2025 at 4:48 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Fiona හරි මම හරි මාර්ගඵල ලබපු විදියට ඔයාට මාර්ගඵල ලබන්න බැරිවෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව වගෙ මේක අතිශය පෞද්ගලික දෙයක්. ඔයා මාර්ගඵල ලබන විදිය වෙනම විදියක් වෙන්න පුලුවන්.

    ඔව්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    බලෙන් මුකුත් focus කරන්න යන්න එපා. නිකන් වෙන දේ දිහා බලන් ඉන්න.

    *වේදනාව* කියලා එකක් අඩු හෝ වැඩි බව ක් විදිහට දැනගත් බවක් දැනගන්න කෙනෙක් සහ
    කෙනෙක් *වේදනාව* කියලා එකක් අඩු හෝ වැඩි බව ක් විදිහට දැනගත් බව ක් සකස් වෙලා.

    ඉතින් නිතර නිතර උත්සහ කරලා බලන්න.

    කීපවතාවක් කලා...

    ෆොකස් නොකර ඉදිදිදි...එක එක දේවල් හිතෙනව...අයෙත් වේදනාව ගැන හිතෙනව...ඕහේ හිත කැරකි කැරකි තියෙනව ඉවරයක් නැතුව...

    හරි ගුරුවරයෙක් හදුන්න බැහැනේ ඔයාට.
    ඔයාට තියා මටවත්, කෙනෙක් කියන එකකින්, ඒ මනුස්සයා දෘස්ටියක ඉදලද කියන්නේ නැද්ද කියන එක සහ ඒ මත පදනම්ව, මගඵල ලබා ඇති හෝ නොලබා ඇති බව ගෙස් කරනවා ඇරෙන්න, ස්ථීරව කියන්න බැහැනේ.
    ------ Post added on Jul 3, 2025 at 4:41 AM

    කොහොමද ගෙස් කරන්නෙ?

    හරි කෙනෙක් හොයන්න බැරි නිසා පලමුවට හම්බවෙන කෙනා ගුරුවරය කර ගන්නව?

    හරි ගුරුවරය හොයනව කියල එකක් නැහැ, හරි ගුරුවරය තමයි ඔයාට හමුවෙන ගුරුවරය (හේතු/ඵල). ඒක ඔයාට ප්‍රශනයක් නෙමෙයි, මම කලින් කිව්ව වගෙ ඔයාට තියෙන ප්‍රශ්නය තමයි ගුරුවරය සහ ඔයා අතරට දැනුම හරස් වෙන එක. ගුරුවරු නං කියන්න බැරියැ වැඩේ කරනවා නම්

    මේක තමයි මුලින්ම උනෙ.... දර්මය ගැන දැනුමක් තිබුනෙ නැ..ත්‍රිපිටකයක් දැකල තිබුනෙ නැ... හාමුදුරුවො කෙනෙක්ගෙන් බන අහන්න පටන් ගත්ත ( ඔබතුමා කියන විදිහට හමුවුන ගුරුතුමා, හරි ගුරුතුමා ). පටිච්ච සමුපාදය කියල එකක් කියල දුන්නා.. ඒක එකින් එක ලස්සනය වෙරිෆයි කරන විදිහ පැහදිලි කරල දුන්නා...ජීවිතේ ඉවෙන්ට් වලටත් දාල බලන විදිහ පෙන්නුව...ඒක තේරුනා නම් මාර්ග පල කිව්වා.. දර්මය දන්නෙ නැති මමත් ඒක පිලිගෙන හිටිය. මාත් එක්ක බන අහපු කීප දෙනෙක් තවමත් මාර්ගපල කියල හිතන් ඉන්නව ඔන්න..

    මේ විදිහ හරිද එතකොට?
    ------ Post added on Jul 4, 2025 at 1:44 AM

    මෙන්න මේක තමයි කරන්න ඕනි, කරල බලනව ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ, කරන කොට ඔයා ගුරුවරයව පොතේ බලන්න ගියොත් ඔයාට බුදු හාමුදුරුවෝ හමු උනත වැඩක් නැහැ,
    ------ Post added on Jul 3, 2025 at 4:48 AM

    එහෙම බලන්නෙ නැතුව බන අහන්නෙ දෙව්දත්ගෙන් වුනොත්?
    ------ Post added on Jul 4, 2025 at 1:48 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    928
    708
    93
    මේක තමයි මුලින්ම උනෙ.... දර්මය ගැන දැනුමක් තිබුනෙ නැ..ත්‍රිපිටකයක් දැකල තිබුනෙ නැ... හාමුදුරුවො කෙනෙක්ගෙන් බන අහන්න පටන් ගත්ත ( ඔබතුමා කියන විදිහට හමුවුන ගුරුතුමා, හරි ගුරුතුමා ). පටිච්ච සමුපාදය කියල එකක් කියල දුන්නා.. ඒක එකින් එක ලස්සනය වෙරිෆයි කරන විදිහ පැහදිලි කරල දුන්නා...ජීවිතේ ඉවෙන්ට් වලටත් දාල බලන විදිහ පෙන්නුව...ඒක තේරුනා නම් මාර්ග පල කිව්වා.. දර්මය දන්නෙ නැති මමත් ඒක පිලිගෙන හිටිය. මාත් එක්ක බන අහපු කීප දෙනෙක් තවමත් මාර්ගපල කියල හිතන් ඉන්නව ඔන්න..
    පටිච්ච සමුපාදය කියල එකක් අරගෙන කරන ක්‍රමයකුත් ඇති, මම නම් එහෙම ක්‍රමයක් ඔය ඇහුවමයි... අර මම කලින් කිව්ව වගෙ එක එක්කෙනාට මේක click වෙන විදිය වෙනස්නෙ. දැන් ඔය ඔයත් එක්ක බණ අහපු, මාර්ගඵල තියෙනව කියල හිතන් ඉන්න අයට මාර්ගඵල නැහැ කියල ඔයා කියන්නෙ කොහොමද? End of the day ඒ අයගෙ ප්‍රශ්නෙ ඒ අයට විසඳිල තියෙන්නනෙ ඕනි...
    මට පේන්නෙ ඔයා එතනත් කරල තියෙන්නෙ දැන් මේ කරන වැඩේමයි, දැනුමක් හදාගෙන ඒකෙන් ලෝකෝත්තර ස්වභාවයක් interpret කරන්න යනව, ප්‍රතිඵලයක් නැති උනහම අත ඇරල වෙන තැනකට යන එකනෙ කරන්න ඕනි... මට ඕක කරන්න උනෙ දෙතුන් පාරක් විතර, කෙනෙක්ට එක පාරම වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ට සිය පාරක් ගියත් හොයාගන්න බැරිවෙන්න පුළුවන්... මේ තත්වෙ ඉස්සෙල්ලම තේරුම් ගන්න...
    කොහොම කලත් set වෙන්නෙ නැත්නම් පිං කරන්න... ඕක තමයි එකම ක්‍රමය... ඔයා පවුලෙ අයත් එක්ක එකතු වෙල බුද්ධ පූජාව එහෙම කරනවද?
    මේ විදිහ හරිද එතකොට?
    ------ Post added on Jul 4, 2025 at 1:44 AM
    ඔයා බුදු හරි පසේ බුදු හරි වෙන්න පෙරුම් පුරන කෙනෙක් නෙමෙයි නම්, ඕක තමයි එකම විදිය...
    එහෙම බලන්නෙ නැතුව බන අහන්නෙ දෙව්දත්ගෙන් වුනොත්?
    ------ Post added on Jul 4, 2025 at 1:48 AM
    කරන්න දෙයක් නැහැ... දෙව්දත්ගෙන් බණ අහන්න වෙච්ච අයත් හිටියනෙ... උඩ ටික කියවන්න... මේක හේතු/ඵල, වෙන මොකුත් නැහැ.
     
    • Love
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොහොමද ගෙස් කරන්නෙ?

    ගෙස් කරන විදිහ කොහොමද කියලා, සම්මා දිට්ටියෙන් පස්සේ බලන්න. තාම සම්මා දිට්ටිය නැහැනේ?

    දෘස්ටිය ගැන අවු 20 පෘථක්ජන වෙලා හිටපු මන් දන්නැත්තේ නැහැනේ. ඕවා පාස් කරලනේ අපිත් ආවේ. ගොනා හැරෙද්දි කියන්න පුලුවන්. ඒක ඉතින් තමන්ගේ ස්කිල් එක.

    කීපවතාවක් කලා...

    ෆොකස් නොකර ඉදිදිදි...එක එක දේවල් හිතෙනව...අයෙත් වේදනාව ගැන හිතෙනව...ඕහේ හිත කැරකි කැරකි තියෙනව ඉවරයක් නැතුව...

    උත්සහ කරන්න.
    ඕකම විතරන් නෙමෙයි, එදිනෙදා ජීවිතයේ ඕන අරමුනක් කමටහනක් තරන් යෝනිසා මනසිකාරයට පත් වෙන්න උත්සහ කරන්න.

    ජීවිතේ ඉවෙන්ට් වලටත් දාල බලන විදිහ පෙන්නුව...ඒක තේරුනා නම් මාර්ග පල කිව්වා..

    බලන විදිහට සාපේක්ශව තමයි පේන්නේ. කොහොම බැලුවත් *හරි* විදිහකට බලන්න බැහැ. බලන්න දෙයක් හම්බෙලා තියෙන එකයි අවුල.
    බලන්න ලෝකයන් ගොඩනැගෙන තැන තමයි අවිද්‍යාව සහ මම ඉපදීම. උපාදානය. බලන්න ලෝකයක් ගොඩ නොනැගෙන තැන තමයි උපාදානස්කන්ධ නිරෝධය. "මම" නැති වීම. දුක්ක නිරෝධය.

    ඉවෙන්ට් අරන්, දැනුම එක්ක කම්පෙයා කරලා.. ආ මෙන්න හේතුව, ඵලය කියලා වෙන් කර ගන්න පුලුවන්නම්. ඒත් ලෝකේ ඇතුලෙම තමයි ඉදලා තියෙන්නේ. අවිද්‍යාවම තමයි.

    පේන්නෙම බාහිර ඇති දෙයක්. බාහිර ඇතියි, කියන පේන දේ නිත්ය නැහැ කියලා දැක්ක තැන තමයි දැනීම් මාත්‍රයක් වෙන්නේ.. තවදුරට මේක නිත්යව මෙහෙමයි.. අරහෙමයි.. කොහොමවත්ම වෙන්නැහැ. නිත්ය නැති දෙයක් ගැන නිත්යව දැනගත් බව ක් කියන්නේ මුලාවක් කියලා අවබෝධ වෙන්නේ. එතකොට තමයි බාහිර දෙයක් ඇති බව දැනගත්ත *කෙනා* අතුරුදහන් වෙන්නේ. නිත්යව දැනගත බව ක් අනුව හිතන එක නවතින්නේ. ඒක තමයි හේතුව නැති වෙද්දි ඵලය නැති වෙනවා කියන්නේ. නිත්ය නොවෙන විදිහ තමයි අර උඩ උදය-වැයව උදාහරනයක් අරන් පෙන්නුවේ යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න කියලා.
     
    Last edited:
    • Love
    Reactions: lankalk

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මමත් පුරේ කිට්ටුව ඉන්නේ. ස්වාමින් වහන්සේ ඉන්න තැන කියන්න පුළුවන් ද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    928
    708
    93
    මමත් පුරේ කිට්ටුව ඉන්නේ. ස්වාමින් වහන්සේ ඉන්න තැන කියන්න පුළුවන් ද?
    මොන පුරේද මචං? රත්න ද අනුරාධ ද? වෙන පුරයක්ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    පටිච්ච සමුපාදය කියල එකක් අරගෙන කරන ක්‍රමයකුත් ඇති, මම නම් එහෙම ක්‍රමයක් ඔය ඇහුවමයි... අර මම කලින් කිව්ව වගෙ එක එක්කෙනාට මේක click වෙන විදිය වෙනස්නෙ. දැන් ඔය ඔයත් එක්ක බණ අහපු, මාර්ගඵල තියෙනව කියල හිතන් ඉන්න අයට මාර්ගඵල නැහැ කියල ඔයා කියන්නෙ කොහොමද? End of the day ඒ අයගෙ ප්‍රශ්නෙ ඒ අයට විසඳිල තියෙන්නනෙ ඕනි...
    මට පේන්නෙ ඔයා එතනත් කරල තියෙන්නෙ දැන් මේ කරන වැඩේමයි, දැනුමක් හදාගෙන ඒකෙන් ලෝකෝත්තර ස්වභාවයක් interpret කරන්න යනව, ප්‍රතිඵලයක් නැති උනහම අත ඇරල වෙන තැනකට යන එකනෙ කරන්න ඕනි... මට ඕක කරන්න උනෙ දෙතුන් පාරක් විතර, කෙනෙක්ට එක පාරම වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ට සිය පාරක් ගියත් හොයාගන්න බැරිවෙන්න පුළුවන්... මේ තත්වෙ ඉස්සෙල්ලම තේරුම් ගන්න...
    කොහොම කලත් set වෙන්නෙ නැත්නම් පිං කරන්න... ඕක තමයි එකම ක්‍රමය... ඔයා පවුලෙ අයත් එක්ක එකතු වෙල බුද්ධ පූජාව එහෙම කරනවද?

    ඔයා බුදු හරි පසේ බුදු හරි වෙන්න පෙරුම් පුරන කෙනෙක් නෙමෙයි නම්, ඕක තමයි එකම විදිය...

    කරන්න දෙයක් නැහැ... දෙව්දත්ගෙන් බණ අහන්න වෙච්ච අයත් හිටියනෙ... උඩ ටික කියවන්න... මේක හේතු/ඵල, වෙන මොකුත් නැහැ.

    ඔබතුමා කියන්නෙ...හම්බවෙන්නෙ, කොටුවෙ පොඩි හාමුදුරුවොද.. රාජන්ගනයේ හාමුදුරුවොද කමක් නැ..එයා තමයි කල්යාන මිත්‍රයා..ඒ මිත්‍රය ෆලෝ කරන්න...ත්‍රිපිටකයෙන් එයාල හරිද වැරදිද කියල බලන්න එපා...හේතුපල නිසා වෙන්න තියෙන්න දේ වෙයි?

    උත්සහ කරන්න.
    ඕකම විතරන් නෙමෙයි, එදිනෙදා ජීවිතයේ ඕන අරමුනක් කමටහනක් තරන් යෝනිසා මනසිකාරයට පත් වෙන්න උත්සහ කරන්න.

    දැන් මෙතන ප්‍රශ්නයක් එනව...

    ඉස්සෙල්ල කිව්ව වගේ ෆෝකස් නොකර ඉන්නව කියන්නෙ...අමුතු දෙයක් කරන්න දෙයක් නැ නෙ...ඉතින් ජීවිතයෙ වැඩි හරියක්ම ඉන්නෙ එහෙමනෙ.. ඒක කොහොමද කමටහනක් වෙන්නෙ එතකොට?

    අනිත් එක..මේ කියන දේ කරන්න දර්මය අහල තියෙන්නෙ ඕනෙ ඇයි?
    ------ Post added on Jul 9, 2025 at 2:50 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    928
    708
    93
    ඔබතුමා කියන්නෙ...හම්බවෙන්නෙ, කොටුවෙ පොඩි හාමුදුරුවොද.. රාජන්ගනයේ හාමුදුරුවොද කමක් නැ..එයා තමයි කල්යාන මිත්‍රයා..ඒ මිත්‍රය ෆලෝ කරන්න...ත්‍රිපිටකයෙන් එයාල හරිද වැරදිද කියල බලන්න එපා...හේතුපල නිසා වෙන්න තියෙන්න දේ වෙයි?
    හරියටම හරි.... ඔයාට හාමුදුරු වරු (ගුරුවරු) දේශනා කරන දේවල් ත්‍රිපිටකයෙන් බලල ඕක කවදාකවත් කරන්න බැහැ.... හේතු දෙකක් උඩ, ඔයාට ධර්මාවබෝධය නැති නිසා
    1. හාමුදුරුවො කියන දේ ගන්නෙ දෘෂ්ටියකින්
    2. ත්‍රිපිටකයෙ තියෙන දේවල් ගන්නෙ දෘෂ්ටියකින්
    දැන් ඔයා කරන්නෙ මේ දෙක සසඳන එක... ඉතින් ඔයාම හිතල බලන්න මේ ක්‍රමය effective ද කියල

    වෙන ක්‍රමත් ඇති... නමුත් මම කියන්නම් මම කරපු දේ ... හොඳයි කියල හිතෙනව නම් කරල බලන්න...

    ඉසේසේල්ලම ඇලීම සහ ගැටීම සම්බන්ධව ඔයාට තියෙන ප්‍රශ්නෙ/ප්‍රශ්න (most prominent ones) හොයාගන්න (මනුස්සයෙකුට ඇතිවෙන අධික තරහ යෑම, depression, පාලනය කරන්න බැරි ලිංගික ආශාව, work stress ... වගෙ මේ ඕනිම එකක් වෙන්න පුළුවන් ), ඊට පස්සෙ බලන්න බණ අහන අහන පමණට ඒ ඇලීම් සහ ගැටීම් වලින් ඔයා නිදහස් වෙනවද කියල. වැරදියට ගන්න එපා... මේ කියන්නේ ඇලීම් සහ ගැටීම් try කරල යටපත් කරන එක නෙමෙයි, එහෙම කරන්න යන්න එපා. බලන්න කලින් මූණ දීපු ප්‍රශ්න වලට දැන් මූණ දෙනකොට හිතේ තත්වය කොහොමද කියල... මේකෙන් තමුන්ටම assessment එකක් කරගන්න පුළුවන් බණ හරිද වරදිද කියන දේ ගැන. එහෙම වෙනසක් නැත්නම් හරි, ඇලීම් සහ ගැටීම් තවත් වැඩි වෙලානම් හරි ඒ කියන්නේ ඔයාට හමුවෙල ඉන්නෙ ඔයාගෙ ගුරුවරය නෙමෙයි. මෙහෙම යනකොට එක තැනකදී අවබෝධයක්/ප්‍රත්‍යක්ෂයක් ඇතිවෙයි මොනව කලත් හිත එක තැනකින් පහතට වටෙන්නෙම නැහැ කියල සහ ඇයි එහෙම පහතට නොවැටෙන්න හේතුව කියල... අන්න එතකොට ඕනි නම් ත්‍රිපිටකයෙන් බලන්න පුළුවන් යම් අදහසක් ගන්න, ඔයගෙ ප්‍රශ්නෙ ඉවරනම් ඉතින් මාර්ගඵල, අරව මේව අදාලම නැහැ...
     
    • Love
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉස්සෙල්ල කිව්ව වගේ ෆෝකස් නොකර ඉන්නව කියන්නෙ...අමුතු දෙයක් කරන්න දෙයක් නැ නෙ...ඉතින් ජීවිතයෙ වැඩි හරියක්ම ඉන්නෙ එහෙමනෙ.. ඒක කොහොමද කමටහනක් වෙන්නෙ එතකොට?

    අනිත් එක..මේ කියන දේ කරන්න දර්මය අහල තියෙන්නෙ ඕනෙ ඇයි?

    කිරීම්, නොකිරීම් දෙකම නැති තැනක් තමයි නිවන. forcefully focus කරන්න එපා කිව්වේ ඒකත් කිරීමක් නිසා. ජීවිතේ වැඩි හරියක් කොහොමද එම ඉන්නේ? එහෙම එක පාරක් හරි හිටියනම් මේ ප්‍රශ්න එකක් වත් නැනේ. කමටහන, කමටහනක් විදිහට ලෝකේ ඇතුලෙන් හම්බෙනවනම් ඒ සමථයම තමයි. කියපු දේ කරලා බලපන් මුලින් හරි යන්න හරි වරදින්න හරි කලින්. (ඕන්නම්) දැන් මෙතන, අරක කොහොමද වෙන්නේ, මේක කොහොමද වෙන්නේ, ඇයි අරහෙම වෙන්න ඕනේ.. කියලා අහලා, ලොජිකල් පිලිතුරුද ඔයා බලාපොරොත්තු වෙන්නේ?

    කොටුවෙ පොඩි හාමුදුරුවොද.. රාජන්ගනයේ හාමුදුරුවොද කමක් නැ..එයා තමයි කල්යාන මිත්‍රයා..

    ඒ දෙන්නා *නිවන් දකින්නේ කොහොමද* ගැන කියන ධර්ම දේශනයන් දාන්න 🙃
    ------ Post added on Jul 9, 2025 at 9:57 AM

    ඇලීම සහ ගැටීම

    ඇලෙන්න ගැටෙන්න දෙයක් (නිත්ය) හම්බෙන නිසා තමයි, ඇලෙන්නෙත්, ගැටන්නෙත්, ඇලීමෙන් හෝ ගැටීමෙන් මිදෙන්න උත්සහ ගන්නෙත්.
    ------ Post added on Jul 9, 2025 at 10:00 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    928
    708
    93
    ඇලෙන්න ගැටෙන්න දෙයක් (නිත්ය) හම්බෙන නිසා තමයි, ඇලෙන්නෙත්, ගැටන්නෙත්, ඇලීමෙන් හෝ ගැටීමෙන් මිදෙන්න උත්සහ ගන්නෙත්.
    ------ Post added on Jul 9, 2025 at 10:00 AM
    අන්තිමට තේරුම් යන්න ඕනි ඕක තමයි, ඇලීමෙන් හෝ ගැටීමෙන් මිදෙනව කියල දෙයක් නැහැ කියල අවබෝධ වෙනකොට වැඩේ හරි, problem එක ඉතින් ඔහොම කිව්වට ඕක තේරෙන්නෙ නැති එකනෙ... :-)

    ඒ දෙන්නා *නිවන් දකින්නේ කොහොමද* ගැන කියන ධර්ම දේශනයන් දාන්න 🙃
    ------ Post added on Jul 9, 2025 at 9:57 AM
    This will be interesting :rofl:
    ------ Post added on Jul 9, 2025 at 11:08 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    මමත් පුරේ කිට්ටුව ඉන්නේ. ස්වාමින් වහන්සේ ඉන්න තැන කියන්න පුළුවන් ද?
    ස්වාමින් වහන්සේ පස්සේ දුවන්නේ නැතුව ඔබේ ගැටළු මෙතන ඉදිරිපත් කරලා දර්ම ගවේෂී පාරෙන් අත්මිදෙන්න තරම් කුසලයක් ඇත්ද බලන්න සිතක් පහල නොවන්නේ තාම හරියට ඇස නොපෙනෙන නිසයි. දර්ම මාර්ගයේ නොයෙක් සැතපුම් කණු දිහා බලමින් පසුකරමින් මේ සුපැහැදිලි මාර්ගය හදුනා ගත නොහැකි වීමම පට්ට පට පට.ඔබ ස්වාමින් වහන්සේ හමුව ප්‍රතිකාර ගන්න.ඔහු ඔබේ ඇස පාදන්න යොදන බෙහෙත හරියට වැඩ කලොත් නැවත මෙතනට එන්න,ඇස හොඳින් පෙනෙන,මාර්ගය හොඳින් දකින කෙනෙක් විදියට.
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    හරියටම හරි.... ඔයාට හාමුදුරු වරු (ගුරුවරු) දේශනා කරන දේවල් ත්‍රිපිටකයෙන් බලල ඕක කවදාකවත් කරන්න බැහැ.... හේතු දෙකක් උඩ, ඔයාට ධර්මාවබෝධය නැති නිසා
    1. හාමුදුරුවො කියන දේ ගන්නෙ දෘෂ්ටියකින්
    2. ත්‍රිපිටකයෙ තියෙන දේවල් ගන්නෙ දෘෂ්ටියකින්
    දැන් ඔයා කරන්නෙ මේ දෙක සසඳන එක... ඉතින් ඔයාම හිතල බලන්න මේ ක්‍රමය effective ද කියල

    පෘතක්ජනය ඉන්නෙම දීට්ටියෙන් තමයි....ඒ දිට්ටිය දර්මය අහන්න බාදාවක් වෙන්නෙ නැ නෙ...ත්‍රිපිටකයෙ තියෙන ගොඩක් සුත්‍ර කියලම තියෙන්නෙ පෘතක්ජනයන්ටම නෙ....ඔබතුමා කියන විදිහට එයාලත් දිට්ටියෙන් අරගන්න නිසා එයාලට එය තුලින් දරම අවබොදයට යන්න බැරි වෙන්න එපයි..

    අනික දර්මයත්, මාර්ගයත් ඔය ඔක්කොම තියෙන්නෙ දිට්ටියෙන් ඉන්න අයට තමයි...ඔබතුමා කියන දේ පැහැදිලි නැ.

    වෙන ක්‍රමත් ඇති... නමුත් මම කියන්නම් මම කරපු දේ ... හොඳයි කියල හිතෙනව නම් කරල බලන්න...

    ඉසේසේල්ලම ඇලීම සහ ගැටීම සම්බන්ධව ඔයාට තියෙන ප්‍රශ්නෙ/ප්‍රශ්න (most prominent ones) හොයාගන්න (මනුස්සයෙකුට ඇතිවෙන අධික තරහ යෑම, depression, පාලනය කරන්න බැරි ලිංගික ආශාව, work stress ... වගෙ මේ ඕනිම එකක් වෙන්න පුළුවන් ), ඊට පස්සෙ බලන්න බණ අහන අහන පමණට ඒ ඇලීම් සහ ගැටීම් වලින් ඔයා නිදහස් වෙනවද කියල. වැරදියට ගන්න එපා... මේ කියන්නේ ඇලීම් සහ ගැටීම් try කරල යටපත් කරන එක නෙමෙයි, එහෙම කරන්න යන්න එපා. බලන්න කලින් මූණ දීපු ප්‍රශ්න වලට දැන් මූණ දෙනකොට හිතේ තත්වය කොහොමද කියල... මේකෙන් තමුන්ටම assessment එකක් කරගන්න පුළුවන් බණ හරිද වරදිද කියන දේ ගැන. එහෙම වෙනසක් නැත්නම් හරි, ඇලීම් සහ ගැටීම් තවත් වැඩි වෙලානම් හරි ඒ කියන්නේ ඔයාට හමුවෙල ඉන්නෙ ඔයාගෙ ගුරුවරය නෙමෙයි. මෙහෙම යනකොට එක තැනකදී අවබෝධයක්/ප්‍රත්‍යක්ෂයක් ඇතිවෙයි මොනව කලත් හිත එක තැනකින් පහතට වටෙන්නෙම නැහැ කියල සහ ඇයි එහෙම පහතට නොවැටෙන්න හේතුව කියල... අන්න එතකොට ඕනි නම් ත්‍රිපිටකයෙන් බලන්න පුළුවන් යම් අදහසක් ගන්න, ඔයගෙ ප්‍රශ්නෙ ඉවරනම් ඉතින් මාර්ගඵල, අරව මේව අදාලම නැහැ...

    ඉස්සර නම්, ඇලීම ගැටීම තිබුනා...කාලෙකට කලින් හින්දු ආගම පොඩ්ඩක් ෆලෝකරා..එකේන් ඇලීම ගැටීම සැහෙන්න අඩු උනා...ඒ කියන්නෙ හම්බවෙලා තියෙන්නෙ හරි ගුරුවරයද?

    කිරීම්, නොකිරීම් දෙකම නැති තැනක් තමයි නිවන. forcefully focus කරන්න එපා කිව්වේ ඒකත් කිරීමක් නිසා. ජීවිතේ වැඩි හරියක් කොහොමද එම ඉන්නේ? එහෙම එක පාරක් හරි හිටියනම් මේ ප්‍රශ්න එකක් වත් නැනේ. කමටහන, කමටහනක් විදිහට ලෝකේ ඇතුලෙන් හම්බෙනවනම් ඒ සමථයම තමයි. කියපු දේ කරලා බලපන් මුලින් හරි යන්න හරි වරදින්න හරි කලින්. (ඕන්නම්) දැන් මෙතන, අරක කොහොමද වෙන්නේ, මේක කොහොමද වෙන්නේ, ඇයි අරහෙම වෙන්න ඕනේ.. කියලා අහලා, ලොජිකල් පිලිතුරුද ඔයා බලාපොරොත්තු වෙන්නේ?

    ලොජිකල් පිලිතුරක් නෙවේ...කරන විදිහෙ පැහැදිලි කිරිමක් අහන්නෙ...

    නිදාගන්න කොට, කිසිම ෆෝක්ස් එකක් නැතුව සිත එහෙ මෙහෙ දුව දුව තියෙනව...
    තව ගෙදර ඇවිල්ල රෙස්ට් කරනකොට,
    පාක් එකකට වගේ ගියාම..
    දවසේ සැලකිය යුතු කාලයක් ෆොකස් එකක් නොදී තියෙනව..

    ඕක අද ඊයක නෙවේ..බුදු දහමක් අහන්න කලිනුත් කාලාන්තරයක් තිය්ස්සෙ වුන, වෙන දෙයක්..

    ඔබතුමා කියන්නෙ මෙතනින් එහා දෙයක් ද?

    ඒ දෙන්නා *නිවන් දකින්නේ කොහොමද* ගැන කියන ධර්ම දේශනයන් දාන්න 🙃
    ------ Post added on Jul 9, 2025 at 9:57 AM

    පින් කරන්න...දානේ දෙන්න... ඒවා කරල මයිත්‍රි සාසනේ නිවන් දකින්න...ඔය ඕන තරම් හාමුදුරුවො ඉන්නෙ...
    ------ Post added on Jul 15, 2025 at 3:42 AM