බුදු දහම යනු

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    229963_279465162175206_236858859_n.jpg


    බුදු දහම යනු ස්වභාව දර්මය හා බැඳුනු මනස කේන්ද්‍ර කොට ගත් බුද්ධි ගෝචර දහමකි.මා එසේ අර්ත දක්වනුයේ බුදුන් වහන්සේ "ඒහිපස්සිකෝ" යනුවෙන් ආමන්ත්‍රනය කළ බැවිනි.එන්න ඇවිත් බලන්න.ඔබේ බුද්ධියෙන් විමසන්න .බුදුන්වහන්සේ විසින් මිනිසාගේ චින්තන නිදහස මැනවින් අගය කොට ධර්මය දේශනා කොට ඇති බව ඔබට වැටහෙනු ඇත.උන්වහන්සේ විසින් ධර්මය දේශනා කොට ඇත්තේ ලෝක වාසී සකල සත්වයාගේම හිත සුව පිණිසයි.එබැවින් අවබෝදයෙන් ධර්මය පිලිගන්නෝ කවුරුන්ද ඔවුන් බෞද්ධයන් වූහ.එබැවින් ලොව දස අත විවිද ජාතින් බෞද්ධයන් වූහ.
    බුදුන් වහන්සේ වූ කලී මනෝ වෛද්‍ය වරයෙකි.මන්ද උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සිත සුවපත් කිරීමට දිව ඔසුවක් වීමයි

    එසේම සිත පිළිබඳ මූලික අර්ථදැක්වීම බුදුන්වහසේ විසින් මීට අවුරුදු 2600 කට පෙර කරන ලදී .ඒ අනුසාරයෙන් මනෝවිද්‍යාව බිහිවිය.ඒසමගම සිත පිළිබද නොයෙකුත් විග්‍රහ ඉදිරිපත් විය.
    එසේම බුදු දහම යනු ලොව බිහිවූ එකම විද්‍යාවයි. මන්ද උන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් මේ විශ්වය පිළිබඳවත් ඉන් පිටත පිළිබඳවත් සූත්‍ර පිඨකයේ දේශනා කොට ඇත
    බුදු දහමේ සහ බටහිර විද්‍යාවේ අරමුණු දෙකකි.එසේ නම් බුදු දහම බටහිර විද්‍යාව සමඟ කිසිසේත් සංසන්දනය කළ නොහැක.මන්ද බුදු දහමේ සහ බටහිර විද්‍යාවේ අරමුණු දෙකකි.
    බටහිර විද්‍යාවෙන් පරීක්ෂණ නිරීක්ෂණ මගින් ලබා ගන්නා නිගමන කාලානුරූපීව වෙනස් වේ.උදාහරණයක් ලෙස පරිණාමවාදය.එහෙත් බුදුන් වහන්සේ පරිණාම වාදය සිතෙහි සහ කයෙහි පරිණාමය මැනවින් දේශනා කොට ඇත.චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද්දේ කයෙහි අසම්පූර්ණ පරිණාමයකි.

    එසේම වේගවත්ම වස්තුව සිත බව බුදුන්වහන්සේ දේශනා කොට ඇත.පසු කාලීනව දාර්ශනිකයෝ වේගවත්ම වස්තුව ශබ්දය .ඉන් පසු ආලෝකය ලෙසද වෙනස් කරත් සැබැවින්ම වෙගවත්ම වස්තුව සිතයි.බුදු දහමට එරෙහිව කිසිදු මතයක් ගොඩ නගා එය අසත්‍යක් බවට ප්‍රකාශ කිරීමට කිසිදු පුද්ගලයෙකුට හැකියාව ලැබී නැත

    තුන් කල් නුවණින් උන්වහන්සේ දු‍ටු ලෝකයට අභියෝග කළහැකි ප්‍රඥයෙක් මෙතෙක් බිහි වී නැත
    අයිසෙක් නිවුටන් තුන්වන නියමය ඉදිරිපත් කිරීමට පෙර බුදුන්වහන්සේ එය කර්මය ඇසුරෙන් එය දේශනා කරන ලදී
    එසේ නම් උගතුන් පඪිවරුන් බුදුන්වහන්සේව බටහිර විද්‍යාඥයෙක් සමග හෝ බටහිර විද්‍යව සමග සසදන්නේ නම් එය අනුවාණ ක්‍රියාවකි.

    මන්ද බුදු දම තර්කයට එහා දැනුම් පරාසයකට විහිදෙන බැවිනි.තර්කයෙ කොටස් දෙකකි.එනම් සත්‍ය ගම්‍ය වීම හෝ නොවීමයි.නමුත් බුදු දහමේ මැදුම් පිළිවෙතක්ද ඇත.

    එහෙත් බුදු දමැ ගැඹුරු දර්මය වටහා ගැනීමට නම් සිත දියුණු තත්වයක තිබිය යුතුය

    දැන් අප විමසා බලමු මේ ලිපිය ලිවීමට හේතුව-

    වර්තමානයේදී අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට බය වී බඩ පිනුම් ගසන අන්වර් මනතුංගලා ඇතුලු පිරිස අපහට නොයෙක් ප්‍රශ්ණ ඉදිරිපත් කරමින් බුදු දහමට එරෙහිව තර්ක ගොඩ නැගීමට වෙහෙසෙති.එය ‍රැයෙහි පිපි ‍රැයෙහිම පරව යන කඩුපුල් මලක් හාසමානය.
    නමුත් එවන් අඳ බාලයන් හමුවේ මුනිවත ‍රැකීමට අප සුඅදානම් නැත.ඔහු විසින් අසන ලද සියලුම ප්‍රශ්ණ වලට අප පිළිතුරු සපයා ඇත.ඔබ සැබෑ මිනිසෙක් නම් අප සමග සංවාදයකට ඇරයුම් කරමු.එය නොපිළිගන්නේ නම් දැන් අපේ වාරය එළඹ ඇති බැවින් අපද ඔබට ප්‍රශ්ණ යොමු කරමු..නුදුරේදීම එය බලාපොරොත්තු වන්න

    කෙසේ වෙතත් ජාතික ආගමික පුනරුදයක් ඇති කොට බෞද්ධ බලවේගයක් ගොඩ නැගීමට අන්තවාදීන් මුල් විය එයට අප ස්තුති පූර්වක වෙමු.
    ලොව මවන ලද්දේ අල්ලා නම් එය පාලනය කරන්නෙත් ඔහු නම් ඔහුට කළ නොහැකි දෑ ලොව බොහෝ ඇත.එසේ නම් ඔහු සර්වබලධාරී වන්නේ කෙසේද?

    කර්මය සියල්ලන්ටමද නිවුටන්ගේ තුන්වන නියමයද අප සැමට මෙන්ම ෂකීර් නායික්ලාටත් අන්වර්ලාටත් පොදුය.
    මඩ ගැසුවද අප පෙරළා මඩ ගසන්නට ගියේ නැත.සාමයේ අත්පොත(කුරාණය) පිලිබදව අපේ සොයුරන් ලොවටම හෙළි කරේ එබැවිනි
    ඔබලා විසින්ම ඔබලාගේ ආගමේ නියම ස්වරූපය ලොවට කීමට වැඩ වරද්වාගෙන ඇත.
    අභියෝගය බාරගැනීමට හැකි නම් ඔබේ නියම එඩිතර බාවය අපි අගය කරමු.නැතිනම් තැන තැන පළ කරන සියලුම පෝස්ට් වලට පිලිතුරු දීමට අපද සූදානම්ය.
    සකීර් නායික් ලොව පුරා ප්‍රචාරය කර මුසාබස් තණ අග පිනි බිඳක් සේ දියවී ගිය ආකාරය ඔබට පහත වීඩියෝවෙන් දැක ගත හැක.
    එසේම මරණ මංචකයේදී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාටත් ජීවිතයේ අනිත්‍ය එනම් බුදුන් වහන්සේ දේශනා කල ධර්මය වැටහිනි.
    ඔබලා වැනි අඳ බාලයන්ටද එය එසේ වේවායි මා ප්‍රාර්තනා කරමි

    ජාතික සංවිධාන වෙනුවෙන්
    සටහන-
    දිලිනි කල්පනා ඒකරත්න.
    http://www.youtube.com/watch?v=bk5q9TeGo14


    http://www.facebook.com/photo.php?f...684481221.48122.100003351740943&type=1&ref=nf