බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
මේ කියන කතාව සියට සීයක් ඇත්ත බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව කියෝනකොට ඇඩෙනවා මටනම් එහෙම උනා මේ ඇත්තටමයි කියන්නේ මේ සහෝදරයාට එදිරිව කතා කරන්න කලින් කරුණා කරලා ගිහින් ඒක හොයා ගෙන කියවන්න මේවා නිසා තමා මං කියන්නේ මං සිංහල බෞද්ධ මිසක් සිංහලයෙක් ලෙස ගන්න එපා කියලා සිංහල කියන නාමෙට රැවටිලා මේ විෂ ඝෝර සර්පයන් ගෙට වද්දාගන්නා බෞද්ධයාට ඒකයි මන් කියන්නේ සිංහල නොවේ සිංහල බෞද්ධයා‍ටයි මේ රටේ උරුමය කියලා තේරුම් ගන්න යාළුවනේ මං මේ කියන වචන ජාතිවාදී නොවෙයි සම්පූර්ණ ඇත්තයි බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව කියවන්නම ඕනා මේක දැනගන්න පිරිස් බලය තිබුනට මදි කියන දේ ඔය අය තේරුම් ගන්න ඕනා අනගාරික ධර්මපාල තුමා අන්තවාදියෙක් ලෙසයි මට කුඩා අවධියෙ හිතුනේ ඒත් අද අවබෝධයෙන් යුතුව යම් තාක් දුරට දැනුමෙන් සන්නද්ධව ඉන්න මට ... මේ ගැන නිකම් කතා කරලා වැඩක් නෑ තොරතුරු හොයා ගෙන බුද්ධිමත්ව හිතා බලලා මේගැන තීරණයක් ගන්න

බුදු සරණයි

බුදු දහම පටන් ගත්තේ කොහොමද? මුලින් බුදුපියාණන්, දෙවෙනුව රහතන්වහන්සේලාගෙන් ඇසු චතුරාර්ය සත්‍ය පද්මන් වෙච්චි දහමෙන්, ප්‍රතිපදාවෙන්. මහා පරිනිබ්බාන සුත්‍රයේ (මට මතක විදිහට) බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, "යමෙකුට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් මේ සමත විපස්සනා සහිත සතර සතිපට්ටානයම වඩන්න. එයින් පමණය් ශාසනය රැකෙන්නේ." යාළුවන් පොඩ්ඩක් හිතල බලන්න.
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බුදු දහම පටන් ගත්තේ කොහොමද? මුලින් බුදුපියාණන්, දෙවෙනුව රහතන්වහන්සේලාගෙන් ඇසු චතුරාර්ය සත්‍ය පද්මන් වෙච්චි දහමෙන්, ප්‍රතිපදාවෙන්. මහා පරිනිබ්බාන සුත්‍රයේ (මට මතක විදිහට) බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, "යමෙකුට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් මේ සමත විපස්සනා සහිත සතර සතිපට්ටානයම වඩන්න. එයින් පමණය් ශාසනය රැකෙන්නේ." යාළුවන් පොඩ්ඩක් හිතල බලන්න.

    ඔයාගේ කාරණාව පැහැදිළී , ඔයා මම කියන දේ තේරුම් ගන්නෑ , මම කියන්නේ , ඔය කියන චතුරාර්‍ය සත්‍ය , නිවන , මේ සියලු දේ බුදුදහමේ අඩංගු දේවල් , ඔය කියන කාරණා නොදන්නා කෙනෙක් කොහොමද ඔය දේවල් අනුගමනය කරන්නේ , ඒකනේ බුදුන් ලොව පහළ වෙන්නේ , ඔය කියන කාරණා සියලු සත්වයන්ටම පෙන්වලා දෙන්න. කෙනෙක් උපතින් බෞද්ධයෙක් නොවුනොත්, සමහර විට ඔහුට හෝ ඇයට ඒ දහම ගැන දැනගන්න බැරිවෙනවා , එතකොට කොහොමද ධර්මයේ ගමන් කරන්නේ.?
     
    මගේ යාළුවා, ඔය කියන දේ මගේ යාලුවෝ හැමදාම ප්‍රශ්න කරනවා. මම කාලයක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (තාක්ෂණ) විදිහට පඩි නැතිව වැඩ කලා. www.buddhistcc.net කියන්නේ මම හදපු වෙබ් අඩවිය. ඒ කාලේ ලංකාවේ සහ පිටරට අය ඔය බුදු සසුන රකින්න කන්න ඕනේ දේ මගේ ඕනෑතරම් අහල තියනවා. යාලුවා කියනදේ වැරැද්දක් නැහැ. හැබැය් ඔය අර්ථකථනය බුදු දහම නෙමෙය්. මම මේ කියන්නේ වාදෙකට නෙමෙය්. සත්‍යය.

    අනික බුදු දහම කියන්නේ පන්සල් ටිකවත්, ත්රිපිටකයවත් නෙමෙය්. බුදු දහම කියන්නේ සත්‍යය. සච්චවිභංග සුත්‍රයේ මේ දේ උන්වහන්සේ සරලව පැහැදිලි කරනවා.

    "මහණෙනි, ඉපදීම දුකය්, දිරීම දුකය්, ලෙඩවීම දුකය්, මරණය දුකය්, .............. " ආදී විදිහට.

    ප්‍රඥ්ඥාව (මේක සසරේ වඩන දෙයක්, පොත් කියවූ පමණින්, බණ ඇසු පමණින් ලැබෙන දෙයක් නෙමෙය්) නියෙන කෙනා දහම හොයාගෙන යනවා. එකට භාෂාව/ජාතිය සිංහල වෙන්න ඕන නැහැ. බුදු දහම සිංහල නැහැ. ඒක විශ්වීය සත්‍යය ධර්මතාවය. අපේ ලංකාවට වඩා ම්යන්මරය වගේ රටවල බෞද්ධයෝ ප්‍රතිපදාවෙන් පොහොසත්. මේක සතයක් නිසා තමය්, ඇත්ත කතා කරොත් අද ලෝකයේ වේගයෙන් පැතිරෙන දර්ශනය වෙලා තියෙන්නේ. (මම කියන්නේ ආගම් ගැන නෙමෙය්.) මම මගේ පිටරට සමහර යාලුවෝ දළදා මාලිගාවට එක්කන් ගියාම ඒ අය කරඬුව දැකල සතුටට අඩනව මම හොදින් දැකල තියනවා.

    ඒවගේ අය වදින්නවත් දන්නේ නැහැ. එත් බුදු දහමට තියෙන ගරුත්වය මම හිතන්නෑ ලංකාවේ අල්පයකටවත් ඇති කියල. NGOවලින් සල්ලිවිසිකරලා මොන දේ කලත්, ඔය යාලුවෝ හැමකෙනාම මේ නිර්මල බුදු දහම නිවැරදිව පිළිපැද්දොත් බුදු දහම තව බොහෝකල් පවතීවි.

    Last edited: