හික්මවිය යුතු පුද්ගලයන් ධර්මයෙන් හික්මවිය හැකි බැවින්ද ධර්මයෙන් දමනය කළ හැකි බැවින්ද පුරිස දම්ම සාරථි නම් වන සේක. බුදුන් වහන්සේ ලෝකයේ වෙනත් කිසිවෙකුට සමාන නොවන අයුරින් දමනය කල යුතු පුද්ගලයින් දමනය කල හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක 🙏🙏