බුදු හාමුදුරුවො ඌරු මස්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.

    72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.

    ඊජිප්තුවේ ඔය උඹලම මරාගන්න කොට අල්ලහ් කොයි පැත්තද ගන්නේ...?
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    දානයට ලැබුන දේ ඒක පිදුව කෙනාට පිනක් වෙන්න වැළඳුවෙ.

    ගොන් ප්‍රශ්න අහන්න එපා බන්. හොඳ දේක හොඳක් දකින මිනිස්සු ඒකෙන් ගන්න පුලුවන් හොඳ දේවල් ගන්නව. වෙනින් රටක හිටියත් වෙනින් ආගමක් ඇදහුවත් බුදු දහමෙ දේවල් ගැන අහල ජීවිතේට දෙයක් ගන්න අය ඕනෙතරන් අය නැතුව නෙවෙයි. මට එක පාරක් හමුවුන ජර්මන් girl කෙනෙක් මන් බුදුධාගම කිව්වම ඇහුවෙ ඒක ගැඹුරු ඒත් ආස හිතෙන දෙයක් නේද කියල.
    උඹලා බුද්ධාගම රටක ඉපදිලා දෙයක් බාගෙට දැනගෙන ප්‍රෝෆයිල් හදාගෙන මෝඩ ප්‍රශ්න අහන්න මහන්සි වෙනව.

    මෝඩ කම කියන්නෙ කාටවත් හොඳ කරන්න පුලුවන් දෙයක්නන් නෙවෙයි මචන්...
    :no:

    Agreed.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    බුදු රජානන් වහන්සේ ව විහිලු වලට ගන්න එපා....
    ඔබ මේ නිකන් පොස්ට් එකක් දාලා එක නැගල යන විදිහට මතෘකාවක් දාගේන බොරැවට ප්‍රශ්න කරනවා...
    ඇත්තටම දැනගන්න ඔනේනම් පලයන් පන්සලට...
    නිකන් මේ උබත් පව් පුරෝගෙන අනුන්ටත් පව් පුරවන්නේ නැතුව

    :yes:
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK



    බුදුරදුන්ට කෙරුණු අවසන් දාන පූජාව සූකර මාංශද?

    බුදුරජාණන් වහන්සේට පූජා කළ අවසන් දානය පිළිබඳ විග්‍රහය ඇසුරින් බුදුන් වහන්සේටත් බුදු දහමටත් නිග්‍රහයක්‌ ගොඩනැගීමට උත්සාහ කරන තිබෙන අයුරක්‌ පෙනේ. එය බුදු දහම පිළිබඳ යන්තමින් හෝ හදාරන්නකුට පැහැදිලිව පෙනී යන කරුණකි. අප අසා ඇති සැටියට, දැනගෙන ඇති සැටියට, විවිධ බෞද්ධ පොත්පත්වල විවිධ ආකාරයෙන් මෙකී අවසන් දානය විග්‍රහ වී ඇත. කෙසේ වූවත් අප සිතන්නේ උකුණු මොළයක්‌ තිබෙන අයකුට වුවත් "මද්දව" මද් - දාව ද්‍රවයක්‌ දියරයක්‌ විනා මාංශයක්‌ නොවන බව පැහැදිලිව පෙනී යන බවය. පාලි භාෂාවෙන් හෝ වේවා, සංස්‌කෘතයෙන් හෝ එකල ව්‍යවහාරික ප්‍රාකෘත මාගධි හෝ පැරණි හින්දි භාෂාවලින් හෝ වේවා මාංශයකට "මද්දව" යනුවෙන් පැවසෙන්නේ නැත.

    තවද සම්බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවදියකදී කෙරුණු මෛත්‍රියෙන් තොර හිංසාකාරී පාපකර්මයක ශේෂ වූ අකුසලයක්‌ පලදීමක්‌ වශයෙන් තමන් වහන්සේට වැළඳුණු අජීර්ණ රෝගී ව්‍යාධියක්‌ සුවපත් වීමට සෝවාන් තත්ත්වයට පත්ව සිටි එනම් සම්මා දිට්‌ඨ§යට පත්වූ චුන්ද කර්මාර නම් සිටුපුත්‍රයකු අවසන් දානය සඳහා මෙකී සූකර මද්දව බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්නට ඇත. සූකර මද්දව යනු සූකර (ඌරු) නොවේ. සූකර යනු දිවේ තැබූ සැණින් දිය වී යන අජීර්ණ රෝග කාරකයකට බෙහෙවින් සුවදායක තත්ත්වයක්‌ ඇතිකරන දියර විශේෂයකි. එසේම ආහාරයකි.

    මෙවැනි රෝගී තත්ත්වයක්‌ අනුව ඕනෑම අයකුට බඩ අජීර්ණයකට ඝන ආහාර කිසිසේත් සුදුසු නැත. මේ නිසා අවසන් දාන පූජාවට නියම වී සිටි චුන්ද කර්මාර සිටුපුත්‍රයා අවස්‌ථාවේ සැටියට සුදුසුම දාන වර්ගයක්‌ සකස්‌ කර පූජා කර ඇති බව පෙන්වා දිය හැකිය. එම දාන විශේෂය නිසාවෙන්ම බුදුපියාණන් වහන්සේට කුසිනාරාවට පයින්ම වැඩම කිරීමට හැකිවූ බව මෙහිලා සඳහන් කළ හැකිය. පසුව ලියෑවුණු අටුවාටීකා අනුව එම දානය ඌරුමාංශම නම් සම්බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්නට සිදුවන්නේ එම ස්‌ථානයේදීමය.

    එම දානය අන් භික්‌ෂූන් වහන්සේලාට නොවැළඳීමට සම්බුදුරදුන් උපදෙස්‌ දුන්නේ එය බෙහෙත් ද්‍රවයක්‌ නිසාත් තමන් වහන්සේගේ රෝගී තත්ත්වයට බෙහෙතක්‌ වූ නිසාත්ය. අන් භික්‌ෂූන් වහන්සේලාට දානයට චුන්දකර්මාර සිටුපුත්‍රයා අවශ්‍ය තරම් වෙනත් ආහාර ගෙනවුත් තිබිණි.

    චුන්ද සූකරයා යනු එකල ඡේතවනාරාමය පිටුපස ඌරන් ඝාතනය කර මස්‌ පිණිස විකිණූ පව්කාරයෙකි. ඔහු මිය ගියේද මරණ වේදනාවෙන් පෙළෙන ඌරන් මෙන් කෑගසමින් සත් දිනක්‌ තිස්‌සේ පණ අදිමින්ය. මෙසේ මියගිය පව්කාර පුද්ගලයාගේ නම චුන්ද වූ නිසාද සූකර (දිවෙහි දියවන සුළු) යන්න සූකර (ඌරු) යෑයි වෙනස්‌ කරගත් නිසාද, ඌරු මාංශ ලෝලී තෘෂ්ණාභරිත අයවලුන් එකී චුන්දයාගේ නම පටලවාගෙන සම්බුද්ධ පරිනිර්වාණයට බොහෝ කලකට පෙර මියගොස්‌ බුද්ධ දේශනා පරිදිම උඩ වීසි කළ ගල්කැටයක්‌ පොළොවට වැටෙන්නා සේ නිරයට ඇද වැටුණු චුන්ද සූකරයා අවසන් ඌරු දානය ගෙනවුත් පුජාකළ බව අටුවාවල සටහන් කරන්නට ඇත.

    බුද්ධ වචනය නිර්වචනය කිරීමේදී වචනයේ පරිසමාප්තියෙන්ම දානයක්‌ යනු සර්ව සාධාරණව ලබාගත් දෙයකි. එය බලයෙන්, වධයෙන්, මරණයකින් කෙලවර කර ලබාගත් දෙයක්‌ විය යුතු නොවේ, ඒවා ඌරු මාංශම යෑයි මොහොතකට සිතමු. එසේ නම් ඌරා කිසිසේත් තම ශරීරය දන් දී නැත. ප්‍රාණඝාතයට අනුබල දීම අනුමත කිරීම පමණක්‌ නොව අන්සතු දෙයක්‌ බලයෙන් වධයෙන් මංකොල්ලයෙන් සොරාගත් දෙයක්‌ නිසා දෙවැනි සිල්පදයද උල්ලංඝනය වී ඇත.

    තවද ඌරා යනු ගොඩබිම සිටින අපිරිසිදුම එසේම ඉතා අපවිත්‍ර අශුචි පවා ආහාරයට ගන්නා ප්‍රධානම සත්වයාය. එසේම වැඩිම වේලාවක්‌ දුක්‌විඳවා මරණයට පත්කරන සත්වයාය. ශරීරය තුළ පනු කොට්‌ඨාස තිස්‌ ගණනක්‌ ද රෝග කාරක විෂබීජ හතළිස්‌ ගණනක්‌ ද විසිරී ඇති එකම අවසනාවන්ත සත්වයාය. වැඩිම දරුපැටවුන් සංඛ්‍යාවක්‌ බිහිකරන ක්‍ෂීරපායි වර්ගයට අයත් සත්වයාය. එසේම කිසිදු අයකුගෙන් අභය දානය නොලබන එකම සත්වයාය.

    බොහෝ ආගම් දර්ශන අදහන ජනීජනයා ඌරු මාංශ ආහාරයට ගන්නවා තබා දැක්‌මෙන්ම පිළිකුලෙන් බැහැර කරති. සෞඛ්‍ය තත්ත්වයෙන් ඉතාම පරිහානියට පත් අන්ත අසරණ මෙවන් සත්වයන්ගේ මාංශ උදර අබාධයකින් පෙළෙමින් සිටින තුන්කල් පෙනෙන අසරණ සරණ වූ බුදුවරයකු තබා සාමාන්‍ය අයකු වුවද ආහාරයට ගන්නේ නැත. අනෙක්‌ අතට සූකර මාංශ උදර අජීර්ණවලට අත වනන්නකි.

    සත්‍ය වශයෙන්ම චුන්දකර්මාර පුත්‍රයා ඌරු මාංශම පිළියෙල කරගෙන ආවේනම් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙනි. පසුව අටුවාටිකාවල ලියෑවී ඇති පරිදි ත්‍රිකෝටික පාරිසුද්ධ මාංශ වනුයේ තමන් වහන්සේ වෙනුවෙන් සත්වයා මරනු දැක්‌කේද නැති, තමන් වෙනුවෙන්ම දැයි අසා දැනගැන්මෙන්ද එසේ නොමැති බවට පිරිසිදු වූ තවද තමන් වෙනුවෙන්ම පිළියෙල කරගෙන ආවේ යෑයි යම් සැකයක්‌ ඇතිවුවහොත් එයින්ද පිරිසිදුවූ කොටින්ම තමන් වහන්සේ වෙනුවෙන් නොවේ යෑයි මෙකී පරීක්‍ෂණ තුනෙන්ම සමත් වූ පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ මම වළඳමි යන්න මෙම අවස්‌ථාවේදී බුදුපියාණන් වහන්සේම නොසලකා ඇත. මක්‌නිසාද ඒවා ඌරු මාංශ නම් එය ගෙනවුත් ඇත්තේත් මරා ඇත්තේත් බුදුපියාණන් වහන්සේම වෙනුවෙනි.

    ඉහත එම ව්‍යාජ තර්කය අනුව වුවත් ඔවුන්ගේ ත්‍රිකෝටික තර්කය අනුවද සුකර මද්දව ඌරු මාංශ නොවේමය. එම අවසන් දානය ඌරු මාංශ නොවන බවට තවතවත් තර්ක විතර්ක ගෙනහැර පෑ හැකිය. එක්‌ පුද්ගලයකුගේ සිල්පද කඩාගෙන දෙන මළකුණු දානයක්‌ වෙනුවෙන් අසූහතර දහසක්‌ මහා ධර්මස්‌කන්ධයේ අඩංගු වූ මහා මෛත්‍රිය, මහා බුදු කරුණාව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා යන සතර බ්‍රහ්ම විහරණ බුදුන් වහන්සේම විනාශයට පත් කළේ කුමන ප්‍රබල හේතුවක්‌ මතද?

    පන්සාලිස්‌ වසරක්‌ බුද්ධත්වය ලැබීමෙන් පසුව දෙසා වදාල මහා කරුණාව, අසරණ සරණවීම, සම්බුදු මුවින්ම එක්‌ අයකුගේ දානයක්‌ නිසා වැරදි පූර්වාදර්ශ දී විනාශ කළේ කුමන ප්‍රබල හේතුවක්‌ නිසාද? චතුරාර්ය සත්‍යය දැක්‌මට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට අටපිරිකරේ ඇති වතුර පෙරා බීමට ඇති පෙරහන්කඩයට පෙනෙන නොපෙනෙන ඉතා කුඩාජීවීන් මියයන නිසා භික්‌ෂූන්ට වස්‌ විසීම අනුදැන වැදෑරීම ආදිය එක්‌ පුද්ගලයකුගේ දානයක්‌ වෙනුවෙන් අවලංගුතාවට පත්වීද? කිසි සේත්ම නැත.

    තවද වෙනත් සිටු පුත්‍රයකු ඉබි, ගෙඹි, තලගොයි, කක්‌කුටු හෝ ගවමාංශ ද ගෙනවුත් අවසන් දානය වශයෙන් වැළඳීමට ඉල්ලා සිටියානම් බුදුපියාණන් වහන්සේ කුමන පියවරක්‌ ගන්නේද? ප්‍රශ්නයකි. එසේම තවත් කෙලෙඹි පුත්‍රයෙක්‌ ඔහු විසින් නිපදවූ මත්පැන් භාජනයක්‌ ගෙනවුත් ඌරු මාංශද වැළඳු නිසා ඔහුගේ අවසන් දානය බාරගන්නා ලෙස ඉල්ලුවානම් බුදුපියාණන් වහන්සේ කුමන තීරණයක්‌ ගන්නේ ද යනු ප්‍රශ්න වැලකි.

    අනේපිඩු සිටුතුමාණන් බුදුරදුන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලාගේ දානමාන සඳහා ඌරන් ඇතුළු වෙනත් මාංශ සතුන් ඇතිකළ බවත් කිසිම ග්‍රන්ථයක සඳහන් වන්නේ නැත.

    අපගේ උත්තම අනගාරික ධර්මපාලතුමාණන් (දේවමිත්ත ස්‌ථවිරයන්) මෙම "සූකර මද්දව" නම් හතු විශේෂය ඉන්දියාවේ යම් යම් ප්‍රාන්තවල පොළොවේ සිට අඟල් හයක්‌ යටින් වැඩෙන හතු විශේෂයක්‌ බවත් අජීර්ණ සඳහා ක්‍ෂණික ප්‍රතිකාර ඖෂධයක්‌ බවත් උන් වහන්සේගේ චරිතාපදානයෙන් පෙන්වා දී ඇත්තේය.

    කියන්නා ලියන්නා කෙසේ කීවත් ලීවත් බුද්ධිමතා තීරණය කළ යුත්තේ ඉතා තීක්‍ෂණ බුද්ධියෙන් සහ සද්ධර්මය පරිදි කාලාම සූත්‍රය අනුව පංචශීලයට හා ආර්ය අශ්ඨාංගික මාර්ගයට අදාල දෙයක්‌ නම් පමණි. ඌරු මාංශ දෙස බැලීම පවා "සම්මා දිට්‌ඨ§" හරි දැක්‌මක්‌ නොවේ. ඒවා ආහාරයට වැළඳීම සම්මා වායාමයක්‌ නොවේ. සම්මා සංකප්පයක්‌ ද නොවේ. මාංශ කර්මාන්තය සම්මා කම්මන්තයක්‌ ද නොවේ.

    ඉහත සියල්ල අසම්මා හෙවත් මිථ්‍යාදෘෂ්ඨ§ නොවන්නේද? සම්මා සතියෙන් යහපත් සිහියෙන් ඌරාගේ අඳෝනාව, කම්පාව, මරණ බිය වැළඳිය නොහැක්‌කේ මය. මෙවන් දෑට අනුගත වෙමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද? පරම සුඛාස්‌වාදය ගෙන දෙන නිවන් මාර්ගයට පිවිසෙන්නේ කෙසේද? සිතීම සැදැහැවත් ඔබට බාරය.

    පූජ්‍ය ආචාර්ය බුද්ධගයාවේ
    සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
    ශ්‍රී ලංකා අවිහිංසාවාදී
    භික්‍ෂු මහා සභාව

    නිවැරදිම පිළිතුර. සාදු සාදු!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචං උඹගේ ආගම මොකක්ද?
    තෝ ඒපාර මොකාටද එන්න යන්නේ?????:confused::confused:
    කමෙන්ට් එක අදාල කුණුහරප දාල රෙප් කපපු ගවයට..... උබ මොකටද ඒක කෝට් කළේ ????:confused: ආගම දැනගන්න පලවෙනි කමෙන්ට් එක කෝට් කරන්න ඕන...... :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තෝ ඒපාර මොකාටද එන්න යන්නේ?????:confused::confused:
    කමෙන්ට් එක අදාල කුණුහරප දාල රෙප් කපපු ගවයට..... උබ මොකටද ඒක කෝට් කළේ ????:confused: ආගම දැනගන්න පලවෙනි කමෙන්ට් එක කෝට් කරන්න ඕන...... :rolleyes::rolleyes:

    නෑ බං නිකං ඇහුවේ....
    මට නම් ඔය ආගම් කොහොමත් දිරවන්නේ නෑ.... :P
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිවැරදිම පිළිතුර. සාදු සාදු!
    මේ ප්‍රශ්නේ ඇදුනා ඇති. බෞද්ධයෝ නෑ කියන්න කියන්න අබෞද්ධයෝ ඔව් ඔව් ඌරුමස් කියලා ආතල් දෙනවා.
    වැළදුවේ ඌරුමස්....... ඒකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා අහපං..........
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ බං නිකං ඇහුවේ....
    මට නම් ඔය ආගම් කොහොමත් දිරවන්නේ නෑ.... :P
    දිරවන්න ආගම් කන්නේ කවුද බං ??:P:rofl: හරි දේ ජිවිතේට ගනින් රොඩ්ඩ විසිකරපං.... මං උපතින් බෞද්ධ.... ලොකුවෙනකොට ප්‍රධාන ආගම් තුන ගැනම හොයලබලල ආගම ජිවිතේ නොකරගෙන බෞද්ධයෙක් විදියට ජීවත්වෙනවා. ළමයිනුත් එහෙමයි..... හැම ආගමක්ම උගන්නනවා තේරීම උන් අතේ.......
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කලින් නුල් වල මම පෙන්නුවා දර්ශණයේ FAIL අවස්ථා...:(:(

    1 මළ මිනියකින් පිහිට පැතීම Eg. (බුදු සරණයි) FAIL:(:(
    2 බෝ සමිදු පිහිටයි (ගසකින් පිහිට පැතීම) FAIL:(:(
    3 පුනරුත්පත්තිය වැරදියි කියලා ( මිනිසා හරකා විම හරකා මිනිස් ආත්මයක් ලැබීම) FAIL:(:(
    4 මැටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ FAIL:(:(
    5 බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, නිවන FAIL:(:(
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම බොරු වැඩ FAIL:(:(
    etc....
    etc....
    etc....
    etc....
    etc....

    :sorry:

    :lol:
    තෝ බෞද්ධයො කරන දේවල් ඇරෙන්න බුදු දහමෙ තියෙන මෙලෝ දෙයක් දන්නෑ. උඹ මේවටද දර්ශනය කියන්නෙ ? :lol: උඹ දර්ශනවාදය ගැන මොනවද කියෝල තියෙන්නෙ ? අඩුම ගානෙ රසල් ලියපුවවත් ? :lol: මේ ගොං කතා හොඳයි දර්ශනය කියන්නෙ මොකක්ද කියල අඳුනන්නැති උඹ වගේම හරක්ට. ඉස්සෙල්ල අඩුම ගානෙ ඩෙකාට්ස් කියපුවවත් කියෝල බලපං දර්ශනය ගැන මොකක් හරි අවබෝධයක් ලබන්න. උඹට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන්නෑ අඩුම ගානෙ ට්‍රයි එකක් දීපං ඩෙකාට්ස්ගෙ දේවල් එච්චර සංකීර්ණ නෑ.

    උඹ ඔය කියල තියෙන බෞද්ධයො කරන දේවල් සේරම බුදු දහම මූලික කරගෙන නිර්මාණය වුන සිංහල බෞද්ධ සංස්කෘතිකාංග බං :lol: සංස්කෘතිය කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති කියල හිතනව. හරියට අර උඹලෑ ආගම අදහන උන් ඇඟේ බෝම්බ බැඳගෙන මිනිස්සු ගොඩක් ඉන්න තැනකට ගිහිං අල්ලාහු අක්බාර් කියල බෝම්බෙ පුපුරවගන්නෙ. ආං උඹලගෙ ආගමේ සංස්කෘතිකාංග :lol: තේරුන්නැත්තං කියපං මීට වඩා සරල උදාහරණයක් දෙන්නං.

    සියල්ලට ආරම්භයක් තියෙන්න ඕනෙ කියල, ඒ ආරම්භය දෙවියන් වහන්සේට පවරල, දෙවියන් වහන්සේට ආරම්භයක් නෑ කියනව. අන්න දර්ශනය fail වෙන අවස්ථා :lol: self contradictory ප්‍රකාශ. :lol: එව්ව පේන්න දර්ශනය ගැන දැනගන්න එපායැ :lol: සංස්කෘතිකාංග දර්ශනය කියල හිතං ඉන්න උඹ වගේ එකෙක්ට ඕව තේරෙන්නෑ. :lol: නිකං ඉන්න වෙලාවක කල්පනා කරල බලපංකො.
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    සහෝ සූකර මද්ධව කියන්නේ ඌරු මස් නෙවෙයි. හතු වර්ගයක්. අනික තමයි අපි රහතන් වහන්සේ නමකට උනත් ඌරු මස් දුන්නොත් රහතන් වහන්සේ ඒක දකින්නේ ඌරු මස් කියලා නෙවෙයි. ඒක සතර මහා ධාතුවක් කියලයි දකින්නේ... ඉතින් එතන ඌරෙක් නෑ... අපි හැමදේටම නම් දාගන කෑවට ඒගොල්ලෝ එහෙම වළඳන්නේ නෑ. තමා උපමා කොට මැරුවොත් ,තමා විසින් මරණ චේතනාවෙන් මැරුවොත්,මේ සතා මැරුවේ තමා වෙනුවෙන් මයි කියලා සැකයක් තිබ්බොත් ඒක කෑවොත් පවක් වෙනවා. මේ ලේ රසට තියන ආසාව නිසා අනාගතේ මිනිස්සු මිනී මස් පවා කනවා... එකිනෙකා මරාගන්නවා... ආයුශ අවුරුදු 10 දක්වා කෙටි වෙනවා.... ඉතින් කැමතිනම් මස් කන්නත් නොකන්නත් පුලුවන්. ඒත් ප්‍රානගාත අකුසලයක් වෙන්නෙ නෑ මේකෙන් කියල දන්නවානම් කෑවට මොකුත් වෙන් නෑ. මස් කන එක පවක් කියලා කොහෙවත් කියලා නෑ. කියල තියෙන්නෙ ප්‍රානගාතයක් වෙන්නෙ ඉටු වෙන්න ඕනි කාරනා 4 න් එකක් හරි තියෙයි නම් ඒ කන එකෙන් පවක් වෙනවා. ඒත් මසට ඇබ්බැහි වීම නිසා මිනිස්සු අනාගතේ පිරිහෙනවා. පින් පව් අදුරගන්න බැරුන් යනවලු. සතෙක් මැරෙන්න ඉන්නවනම් ඌ මැරෙනවා. ඒවා සිදු වෙන්නේ අතීත කර්ම විපාක අනුව. කෙනෙක් ඌරෝ මරනවා. ඉතින් ඔහු මරනින් මතු නිරයේ ඉපදිලා ඌරෙක් තිරිසන් ආත්මයක් ලබනවා. ඒ ඌරා ඉපදිලා පෙර ආත්මේ තමන් ඌරෝ මැරුව පව නිසා කාගේ හරි අතින් මැරුම් කනවා. එහෙම නොමැරුවත් ඌට මැරෙන්න තියන වෙලාව ඒකනම් ඌ මැරෙන එක වලක්වන්න කාටවත් බෑ. හොඳම දේ අකුසල් වලින් අයින් වීම මිස මේවගේ දේවලට තර්ක කරලා තව කෙනෙක් ගැන තරහක් ඇතිකරගන නිරයට වැටීම නෙවෙයි.මේවගේ පොඩි දේවල් හින්දා මිනිස්සු හැටියට අපි අකුසල් රැස් කරගන්නවා. ඉතින් නිරයට වැටෙයි මේ වගේ දේවලට රන්ඩු වෙලා. හොඳම දේ තමන් පවින් වැළකීමත් අනුන් පවින් වැළක්වීමත්. ඒ කාලයේ පවා ධර්මය තේරුම් ගැනීමට අපහසු අය ඕනතරම් හිටියා. ඉතින් ඒවගේ අයට මේවා කිව්වාට ඒගොල්ලො තේරුම් නොගෙන නිරයට වැටුනා. කල්‍යාන මිත්‍රයන් ම ආශ්‍රය කරන්න ඕනි. පාප මිත්‍ර සේවනය නිසා ධර්මය තේරුම් නොගෙන පිරිහෙනවා. මෙවන් ධර්මාවබෝධයෙන් තොර මිනිසුන් ගැන අනුකම්පාවෙන් දකිමු සහෝ....

    උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබා ඇති මේ බුද්ධෝත්පාද කාලය තුල නොපමාව කුසල් වඩන්න. ධර්මය තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙන්නේ අතීත කුසල් මත.

    මේක දැන් ඇති. තෙරුවන් සරණයි!
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචං දර්ශණය ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒක fail :(

    උබ කතෝලිකයෙක් විදියට නැට්ට පාගගෙන ඉන්නේ.

    1. පිලිම වන්දනය සම්පුර්ණයෙන්ම වැරදියි.
    2 ජේසුතුමා දෙවියන්ගේ පුතෙක් නෙමෙයි.
    3 ජේසුතුමාත් දෙවියන්ගේ (අල්ලහ්ගේ) වක්තෘ කෙනෙක්
    4 ඉස්ලාමය පහල වෙන්න කලින් සිටි සියලුම ජේසු තුමාගේ අනුගාමිකයන් ස්වර්ගයට යයි.
    5 නමුත් ඉස්ලාමය පහල වුණාට පසු එයාලට ඉස්ලාමය හරහා පමණයි ස්වර්ගයට යන්න පුලුවන්




    :lol::lol::lol::lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඌරු මස් කෑ දර්ශණය fail :(
    හක්කේ බුදු රැස් බොක්කේ ඌරු මස් :(:(
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඔව් සෙට් කරලා දෙන්න පුළුවනි :yes::yes:
    මෙන්න මේ ක්‍රමයට එන්න

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.


    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.



    ඕව හරියන්නේ නැහැ බන් . වයි ෆයි අන්ලිමිටඩ් ෆ්‍රී ද ? නෙට්ෆ්ලික්ස් ලයිෆ්ටයිම් මෙම්බර්ෂිප් තියනවද ? ගෙමින්ග් ලැප්ටොප් එහෙම තියනවද ?කුඩාරම් හරියන්නේ නැ බන් ෆුල් ඒ සි මෙන්ෂන්ස් තියනවද ? නයිට් ක්ලබ්ස් තියනවද ? හොද හොද බ්‍රන්ඩ්ස් වල ලිකර් ප්‍රයිස් අඩුයිද ? කොළ පාට විල් තියන තැන් නම් මොනාද බන් මෙහෙත් තියෙන්නේ . කෙල්ලෝ 72 දෙන එක විතරයි ස්පෙෂල් කියල දෙකට තියෙන්නේ ,දවසට 5 කට උකව්ව කියමුකෝ අනිත් ටයිම් එකේ මොනාද කරන්නේ ? දෙලුමුයි රට ඉදියි කකා ඉන්නද කියන්නේ ? හෙන බෝරින්ග්නේ බන් :D:D


    හැබැයි ඔය වගේ දේවල් නම් කාන්තාරයේ ඉන්න එවුන්ට මැජික් උනාට අපිට මැජික් නෑ බං... නැද්ද ඊට වඩා හොඳ බෙනෆිට්ස්.... :(

    sirawata :D:D:D
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    කාටද රිදිලා :lol::lol::lol:
    බුදු හාමුදුරුවො ඌරු මස් 11-27-2017 05:03 PM Pala hukanno yanna, ai buduhamuduruwo gena prashna karana berida, pake agamak neh oi ehema berinam
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යකෝ බුදුහාමුදුරුවෝ කාපු බිපුව හොයන් නැතුව දේශනා කරපු ධර්මය ගැන හොයපන්.
    හොයල මෙතන එකේ වැරදි අඩුපාඩු හොයන්න එන්නෙපා තොට ඕනනම් අනුගමනය කරපන් නැත්නම් නිකන් හිටපන්
    බුදු හාමුදුරුවෝ කාටවත් බලෙන් මුකුත් පටවල නෑ.අනිවා මුකුත් කරන්න කියලත් නෑ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe

    කලින් නුල් වල මම පෙන්නුවා දර්ශණයේ FAIL අවස්ථා...:(:(

    1 මළ මිනියකින් පිහිට පැතීම Eg. (බුදු සරණයි) FAIL:(:(
    2 බෝ සමිදු පිහිටයි (ගසකින් පිහිට පැතීම) FAIL:(:(
    3 පුනරුත්පත්තිය වැරදියි කියලා ( මිනිසා හරකා විම හරකා මිනිස් ආත්මයක් ලැබීම) FAIL:(:(
    4 මැටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ FAIL:(:(
    5 බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, නිවන FAIL:(:(
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම බොරු වැඩ FAIL:(:(
    etc....
    etc....
    etc....
    etc....
    etc....

    :sorry:
    කවුද උඹට කිව්වේ බුදු ඔව්වට වැන්දම පිහිට, ආරක්ෂාව ලැබෙනවා කියලා. ඔව්වට වන්දනා මාන කරන්නේ ගවුරවයට. බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා නේ තමන් පෙන්වපු මඟ යන එක උතුම් කියලා.

    ඒක නෙමේ උඹලා අර තෙරපි තෙරපි ගිහින් තඩි ගලකට වඳින්නේ අහවල් එකටද..?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe

    ඔව් සෙට් කරලා දෙන්න පුළුවනි :yes::yes:
    මෙන්න මේ ක්‍රමයට එන්න

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.


    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    උඹ ඔය කියලා තියෙන විදිහට මනුෂ්‍ය ලෝකේ අපි විඳින්න ආසා කරන දේවල් ස්වර්ගේ තියෙනවා. ඒ කියන්නේ අපිට මනුස්ස ලෝකේ ආසාවල් එහෙදිත් ඇති වෙනවා. සදාකල් ස්වර්ගේ ඉඳිල්ල එපා උනොත් මොකද කරන්නේ. ස්වර්ගෙන් පසු ජීවිතය මොනවගේ ද..?