බුදු හාමුදුරුවො ඌරු මස්

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    බුදු රජානන් වහන්සේ ව විහිලු වලට ගන්න එපා....
    ඔබ මේ නිකන් පොස්ට් එකක් දාලා එක නැගල යන විදිහට මතෘකාවක් දාගේන බොරැවට ප්‍රශ්න කරනවා...
    ඇත්තටම දැනගන්න ඔනේනම් පලයන් පන්සලට...
    නිකන් මේ උබත් පව් පුරෝගෙන අනුන්ටත් පව් පුරවන්නේ නැතුව

    :yes::yes::yes::yes:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    බුදු හාමුදුරුවො ඌරු මස් කාල නේද මැරුනේ ? ඉතින් සත්තු මරන එක පව් කියලා එයා කියන්නේ කොහොමද ?

    දැන් දානේ වලදන තැන උඹ හිටියා ද. දානේ තෝ ද සකස් කලේ
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බුදු හාමුදුරුවො ඌරු මස් කාල නේද මැරුනේ ? ඉතින් සත්තු මරන එක පව් කියලා එයා කියන්නේ කොහොමද ?

    බුදු හාමුදුරුවෝ කපු උරුමසක් නමනුස්සයෝ. සුකර ම්ද්ධව කියන්නේ බිම්මල්වලි සකස් කරන ආහාරයක්. මේක ගැන දීර්ග පැහැදිලි කිරීමක් කරලා තිබුනා. අපේ දන්න හොද යාලුවෙක්. දන්න අය දන්නවා.... උන් දැන් මෙවලට එන්නේ නැ මොකද උබල වගේ පිස්සෝ හැමදාම එකම එක නැවත නව්වත් අහනවා. කිසි තේරුමක් නැ. තමන්ට දෙයක් අවභෝද කර ගන්න තමන් දන ගන්න ඕනේ! :yes:
     

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    බෞද්දයන්ගේ මානසීක මට්ටම පේනවා Tags , replies and Reps දිහා බැලුවාම. ඔක්කොම වැඩ ඔහොම තමා. කතාවෙන් රහත් වෙන්න. ක්‍රියාවෙන් සක්කිලි. කතොලිකයන්ගේ හැසීරීමයි, උබලගෙ හැසිරීමයි බලපල්ලා. කතොලිකයන් දිහා බලල පොඩ්ඩක් හැදියල්ලා
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බුදු කෙනෙකුට කුසල් සිත් අකුසල් සිත් පහල වෙන්නෑ. ක්‍රියා සිත් විතරයි. මොනා කෑවත් විපාක නෑ :no: කොච්චර දර්මය දේශනා කලත් කුසලයක් ඇතිවෙන්නෙත් නෑ :no:

    :yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe



    බුදුරදුන්ට කෙරුණු අවසන් දාන පූජාව සූකර මාංශද?

    බුදුරජාණන් වහන්සේට පූජා කළ අවසන් දානය පිළිබඳ විග්‍රහය ඇසුරින් බුදුන් වහන්සේටත් බුදු දහමටත් නිග්‍රහයක්‌ ගොඩනැගීමට උත්සාහ කරන තිබෙන අයුරක්‌ පෙනේ. එය බුදු දහම පිළිබඳ යන්තමින් හෝ හදාරන්නකුට පැහැදිලිව පෙනී යන කරුණකි. අප අසා ඇති සැටියට, දැනගෙන ඇති සැටියට, විවිධ බෞද්ධ පොත්පත්වල විවිධ ආකාරයෙන් මෙකී අවසන් දානය විග්‍රහ වී ඇත. කෙසේ වූවත් අප සිතන්නේ උකුණු මොළයක්‌ තිබෙන අයකුට වුවත් "මද්දව" මද් - දාව ද්‍රවයක්‌ දියරයක්‌ විනා මාංශයක්‌ නොවන බව පැහැදිලිව පෙනී යන බවය. පාලි භාෂාවෙන් හෝ වේවා, සංස්‌කෘතයෙන් හෝ එකල ව්‍යවහාරික ප්‍රාකෘත මාගධි හෝ පැරණි හින්දි භාෂාවලින් හෝ වේවා මාංශයකට "මද්දව" යනුවෙන් පැවසෙන්නේ නැත.

    තවද සම්බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවදියකදී කෙරුණු මෛත්‍රියෙන් තොර හිංසාකාරී පාපකර්මයක ශේෂ වූ අකුසලයක්‌ පලදීමක්‌ වශයෙන් තමන් වහන්සේට වැළඳුණු අජීර්ණ රෝගී ව්‍යාධියක්‌ සුවපත් වීමට සෝවාන් තත්ත්වයට පත්ව සිටි එනම් සම්මා දිට්‌ඨ§යට පත්වූ චුන්ද කර්මාර නම් සිටුපුත්‍රයකු අවසන් දානය සඳහා මෙකී සූකර මද්දව බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්නට ඇත. සූකර මද්දව යනු සූකර (ඌරු) නොවේ. සූකර යනු දිවේ තැබූ සැණින් දිය වී යන අජීර්ණ රෝග කාරකයකට බෙහෙවින් සුවදායක තත්ත්වයක්‌ ඇතිකරන දියර විශේෂයකි. එසේම ආහාරයකි.

    මෙවැනි රෝගී තත්ත්වයක්‌ අනුව ඕනෑම අයකුට බඩ අජීර්ණයකට ඝන ආහාර කිසිසේත් සුදුසු නැත. මේ නිසා අවසන් දාන පූජාවට නියම වී සිටි චුන්ද කර්මාර සිටුපුත්‍රයා අවස්‌ථාවේ සැටියට සුදුසුම දාන වර්ගයක්‌ සකස්‌ කර පූජා කර ඇති බව පෙන්වා දිය හැකිය. එම දාන විශේෂය නිසාවෙන්ම බුදුපියාණන් වහන්සේට කුසිනාරාවට පයින්ම වැඩම කිරීමට හැකිවූ බව මෙහිලා සඳහන් කළ හැකිය. පසුව ලියෑවුණු අටුවාටීකා අනුව එම දානය ඌරුමාංශම නම් සම්බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්නට සිදුවන්නේ එම ස්‌ථානයේදීමය.

    එම දානය අන් භික්‌ෂූන් වහන්සේලාට නොවැළඳීමට සම්බුදුරදුන් උපදෙස්‌ දුන්නේ එය බෙහෙත් ද්‍රවයක්‌ නිසාත් තමන් වහන්සේගේ රෝගී තත්ත්වයට බෙහෙතක්‌ වූ නිසාත්ය. අන් භික්‌ෂූන් වහන්සේලාට දානයට චුන්දකර්මාර සිටුපුත්‍රයා අවශ්‍ය තරම් වෙනත් ආහාර ගෙනවුත් තිබිණි.

    චුන්ද සූකරයා යනු එකල ඡේතවනාරාමය පිටුපස ඌරන් ඝාතනය කර මස්‌ පිණිස විකිණූ පව්කාරයෙකි. ඔහු මිය ගියේද මරණ වේදනාවෙන් පෙළෙන ඌරන් මෙන් කෑගසමින් සත් දිනක්‌ තිස්‌සේ පණ අදිමින්ය. මෙසේ මියගිය පව්කාර පුද්ගලයාගේ නම චුන්ද වූ නිසාද සූකර (දිවෙහි දියවන සුළු) යන්න සූකර (ඌරු) යෑයි වෙනස්‌ කරගත් නිසාද, ඌරු මාංශ ලෝලී තෘෂ්ණාභරිත අයවලුන් එකී චුන්දයාගේ නම පටලවාගෙන සම්බුද්ධ පරිනිර්වාණයට බොහෝ කලකට පෙර මියගොස්‌ බුද්ධ දේශනා පරිදිම උඩ වීසි කළ ගල්කැටයක්‌ පොළොවට වැටෙන්නා සේ නිරයට ඇද වැටුණු චුන්ද සූකරයා අවසන් ඌරු දානය ගෙනවුත් පුජාකළ බව අටුවාවල සටහන් කරන්නට ඇත.

    බුද්ධ වචනය නිර්වචනය කිරීමේදී වචනයේ පරිසමාප්තියෙන්ම දානයක්‌ යනු සර්ව සාධාරණව ලබාගත් දෙයකි. එය බලයෙන්, වධයෙන්, මරණයකින් කෙලවර කර ලබාගත් දෙයක්‌ විය යුතු නොවේ, ඒවා ඌරු මාංශම යෑයි මොහොතකට සිතමු. එසේ නම් ඌරා කිසිසේත් තම ශරීරය දන් දී නැත. ප්‍රාණඝාතයට අනුබල දීම අනුමත කිරීම පමණක්‌ නොව අන්සතු දෙයක්‌ බලයෙන් වධයෙන් මංකොල්ලයෙන් සොරාගත් දෙයක්‌ නිසා දෙවැනි සිල්පදයද උල්ලංඝනය වී ඇත.

    තවද ඌරා යනු ගොඩබිම සිටින අපිරිසිදුම එසේම ඉතා අපවිත්‍ර අශුචි පවා ආහාරයට ගන්නා ප්‍රධානම සත්වයාය. එසේම වැඩිම වේලාවක්‌ දුක්‌විඳවා මරණයට පත්කරන සත්වයාය. ශරීරය තුළ පනු කොට්‌ඨාස තිස්‌ ගණනක්‌ ද රෝග කාරක විෂබීජ හතළිස්‌ ගණනක්‌ ද විසිරී ඇති එකම අවසනාවන්ත සත්වයාය. වැඩිම දරුපැටවුන් සංඛ්‍යාවක්‌ බිහිකරන ක්‍ෂීරපායි වර්ගයට අයත් සත්වයාය. එසේම කිසිදු අයකුගෙන් අභය දානය නොලබන එකම සත්වයාය.

    බොහෝ ආගම් දර්ශන අදහන ජනීජනයා ඌරු මාංශ ආහාරයට ගන්නවා තබා දැක්‌මෙන්ම පිළිකුලෙන් බැහැර කරති. සෞඛ්‍ය තත්ත්වයෙන් ඉතාම පරිහානියට පත් අන්ත අසරණ මෙවන් සත්වයන්ගේ මාංශ උදර අබාධයකින් පෙළෙමින් සිටින තුන්කල් පෙනෙන අසරණ සරණ වූ බුදුවරයකු තබා සාමාන්‍ය අයකු වුවද ආහාරයට ගන්නේ නැත. අනෙක්‌ අතට සූකර මාංශ උදර අජීර්ණවලට අත වනන්නකි.

    සත්‍ය වශයෙන්ම චුන්දකර්මාර පුත්‍රයා ඌරු මාංශම පිළියෙල කරගෙන ආවේනම් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙනි. පසුව අටුවාටිකාවල ලියෑවී ඇති පරිදි ත්‍රිකෝටික පාරිසුද්ධ මාංශ වනුයේ තමන් වහන්සේ වෙනුවෙන් සත්වයා මරනු දැක්‌කේද නැති, තමන් වෙනුවෙන්ම දැයි අසා දැනගැන්මෙන්ද එසේ නොමැති බවට පිරිසිදු වූ තවද තමන් වෙනුවෙන්ම පිළියෙල කරගෙන ආවේ යෑයි යම් සැකයක්‌ ඇතිවුවහොත් එයින්ද පිරිසිදුවූ කොටින්ම තමන් වහන්සේ වෙනුවෙන් නොවේ යෑයි මෙකී පරීක්‍ෂණ තුනෙන්ම සමත් වූ පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ මම වළඳමි යන්න මෙම අවස්‌ථාවේදී බුදුපියාණන් වහන්සේම නොසලකා ඇත. මක්‌නිසාද ඒවා ඌරු මාංශ නම් එය ගෙනවුත් ඇත්තේත් මරා ඇත්තේත් බුදුපියාණන් වහන්සේම වෙනුවෙනි.

    ඉහත එම ව්‍යාජ තර්කය අනුව වුවත් ඔවුන්ගේ ත්‍රිකෝටික තර්කය අනුවද සුකර මද්දව ඌරු මාංශ නොවේමය. එම අවසන් දානය ඌරු මාංශ නොවන බවට තවතවත් තර්ක විතර්ක ගෙනහැර පෑ හැකිය. එක්‌ පුද්ගලයකුගේ සිල්පද කඩාගෙන දෙන මළකුණු දානයක්‌ වෙනුවෙන් අසූහතර දහසක්‌ මහා ධර්මස්‌කන්ධයේ අඩංගු වූ මහා මෛත්‍රිය, මහා බුදු කරුණාව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා යන සතර බ්‍රහ්ම විහරණ බුදුන් වහන්සේම විනාශයට පත් කළේ කුමන ප්‍රබල හේතුවක්‌ මතද?

    පන්සාලිස්‌ වසරක්‌ බුද්ධත්වය ලැබීමෙන් පසුව දෙසා වදාල මහා කරුණාව, අසරණ සරණවීම, සම්බුදු මුවින්ම එක්‌ අයකුගේ දානයක්‌ නිසා වැරදි පූර්වාදර්ශ දී විනාශ කළේ කුමන ප්‍රබල හේතුවක්‌ නිසාද? චතුරාර්ය සත්‍යය දැක්‌මට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට අටපිරිකරේ ඇති වතුර පෙරා බීමට ඇති පෙරහන්කඩයට පෙනෙන නොපෙනෙන ඉතා කුඩාජීවීන් මියයන නිසා භික්‌ෂූන්ට වස්‌ විසීම අනුදැන වැදෑරීම ආදිය එක්‌ පුද්ගලයකුගේ දානයක්‌ වෙනුවෙන් අවලංගුතාවට පත්වීද? කිසි සේත්ම නැත.

    තවද වෙනත් සිටු පුත්‍රයකු ඉබි, ගෙඹි, තලගොයි, කක්‌කුටු හෝ ගවමාංශ ද ගෙනවුත් අවසන් දානය වශයෙන් වැළඳීමට ඉල්ලා සිටියානම් බුදුපියාණන් වහන්සේ කුමන පියවරක්‌ ගන්නේද? ප්‍රශ්නයකි. එසේම තවත් කෙලෙඹි පුත්‍රයෙක්‌ ඔහු විසින් නිපදවූ මත්පැන් භාජනයක්‌ ගෙනවුත් ඌරු මාංශද වැළඳු නිසා ඔහුගේ අවසන් දානය බාරගන්නා ලෙස ඉල්ලුවානම් බුදුපියාණන් වහන්සේ කුමන තීරණයක්‌ ගන්නේ ද යනු ප්‍රශ්න වැලකි.

    අනේපිඩු සිටුතුමාණන් බුදුරදුන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලාගේ දානමාන සඳහා ඌරන් ඇතුළු වෙනත් මාංශ සතුන් ඇතිකළ බවත් කිසිම ග්‍රන්ථයක සඳහන් වන්නේ නැත.

    අපගේ උත්තම අනගාරික ධර්මපාලතුමාණන් (දේවමිත්ත ස්‌ථවිරයන්) මෙම "සූකර මද්දව" නම් හතු විශේෂය ඉන්දියාවේ යම් යම් ප්‍රාන්තවල පොළොවේ සිට අඟල් හයක්‌ යටින් වැඩෙන හතු විශේෂයක්‌ බවත් අජීර්ණ සඳහා ක්‍ෂණික ප්‍රතිකාර ඖෂධයක්‌ බවත් උන් වහන්සේගේ චරිතාපදානයෙන් පෙන්වා දී ඇත්තේය.

    කියන්නා ලියන්නා කෙසේ කීවත් ලීවත් බුද්ධිමතා තීරණය කළ යුත්තේ ඉතා තීක්‍ෂණ බුද්ධියෙන් සහ සද්ධර්මය පරිදි කාලාම සූත්‍රය අනුව පංචශීලයට හා ආර්ය අශ්ඨාංගික මාර්ගයට අදාල දෙයක්‌ නම් පමණි. ඌරු මාංශ දෙස බැලීම පවා "සම්මා දිට්‌ඨ§" හරි දැක්‌මක්‌ නොවේ. ඒවා ආහාරයට වැළඳීම සම්මා වායාමයක්‌ නොවේ. සම්මා සංකප්පයක්‌ ද නොවේ. මාංශ කර්මාන්තය සම්මා කම්මන්තයක්‌ ද නොවේ.

    ඉහත සියල්ල අසම්මා හෙවත් මිථ්‍යාදෘෂ්ඨ§ නොවන්නේද? සම්මා සතියෙන් යහපත් සිහියෙන් ඌරාගේ අඳෝනාව, කම්පාව, මරණ බිය වැළඳිය නොහැක්‌කේ මය. මෙවන් දෑට අනුගත වෙමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද? පරම සුඛාස්‌වාදය ගෙන දෙන නිවන් මාර්ගයට පිවිසෙන්නේ කෙසේද? සිතීම සැදැහැවත් ඔබට බාරය.

    පූජ්‍ය ආචාර්ය බුද්ධගයාවේ
    සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
    ශ්‍රී ලංකා අවිහිංසාවාදී
    භික්‍ෂු මහා සභාව
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සිතින් විමසා බලා පිලිගන්න :D:D



    පාලි භාෂාවේ කොතැනකවත් මස් මාංශවලට “මද්දව“ නමින් ව්‍යවහාර කොට නැත. ත්‍රිපිටකයෙහි සෑම තැනක ම මස් මාංශවලට ‘මච්ච මංස’ යනුවෙන් ම අර්ථ දී ඇත. මෙය ද බුද්ධිමතුන්ගේ සැලකිල්ලට යොමුවිය යුතු කරුණකි. බුදු රජාණන් වහන්සේගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙ නූත්, උගතුන්ගෙනුත්, වයෝවෘධ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපට අවස්ථාව ලැබුණි. කුසිනාරා නුවර දී බ්‍රාහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බුද්ධමිත්ත මහතෙරුන් ඇතුළු දැන උගත් ගිහි පැවිදි භවතුන් සමඟ සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේ ය.


    http://archives.dinamina.lk/2012/11/14/_art.asp?fn=a1211143

    http://www.divaina.com/2011/04/17/nimna03.html
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මචං දර්ශණය ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒක fail :(

    උබ කතෝලිකයෙක් විදියට නැට්ට පාගගෙන ඉන්නේ.

    1. පිලිම වන්දනය සම්පුර්ණයෙන්ම වැරදියි.
    2 ජේසුතුමා දෙවියන්ගේ පුතෙක් නෙමෙයි.
    3 ජේසුතුමාත් දෙවියන්ගේ (අල්ලහ්ගේ) වක්තෘ කෙනෙක්
    4 ඉස්ලාමය පහල වෙන්න කලින් සිටි සියලුම ජේසු තුමාගේ අනුගාමිකයන් ස්වර්ගයට යයි.
    5 නමුත් ඉස්ලාමය පහල වුණාට පසු එයාලට ඉස්ලාමය හරහා පමණයි ස්වර්ගයට යන්න පුලුවන්




     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං දර්ශණය ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒක fail :(

    උබ කතෝලිකයෙක් විදියට නැට්ට පාගගෙන ඉන්නේ.

    1. පිලිම වන්දනය සම්පුර්ණයෙන්ම වැරදියි.
    2 ජේසුතුමා දෙවියන්ගේ පුතෙක් නෙමෙයි.
    3 ජේසුතුමාත් දෙවියන්ගේ (අල්ලහ්ගේ) වක්තෘ කෙනෙක්
    4 ඉස්ලාමය පහල වෙන්න කලින් සිටි සියලුම ජේසු තුමාගේ අනුගාමිකයන් ස්වර්ගයට යයි.
    5 නමුත් ඉස්ලාමය පහල වුණාට පසු එයාලට ඉස්ලාමය හරහා පමණයි ස්වර්ගයට යන්න පුලුවන්





    :lol::lol::lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං දර්ශණය ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒක fail :(

    උබ කතෝලිකයෙක් විදියට නැට්ට පාගගෙන ඉන්නේ.

    1. පිලිම වන්දනය සම්පුර්ණයෙන්ම වැරදියි.
    2 ජේසුතුමා දෙවියන්ගේ පුතෙක් නෙමෙයි.
    3 ජේසුතුමාත් දෙවියන්ගේ (අල්ලහ්ගේ) වක්තෘ කෙනෙක්
    4 ඉස්ලාමය පහල වෙන්න කලින් සිටි සියලුම ජේසු තුමාගේ අනුගාමිකයන් ස්වර්ගයට යයි.
    5 නමුත් ඉස්ලාමය පහල වුණාට පසු එයාලට ඉස්ලාමය හරහා පමණයි ස්වර්ගයට යන්න පුලුවන්





    කතා කරන්න තෝ දන්න දර්ශණය :lol: තොට රසල්ගෙ දර්ශනේවත් තේරෙනවද කියපං ඉස්සෙල්ල :lol: දර්ශනය ගැන කතා කල්ල වැඩක් නෑ නෙමේ තොට දර්ශණය තේරෙන්නෑ බූරුව :lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කතා කරන්න තෝ දන්න දර්ශණය :lol: තොට රසල්ගෙ දර්ශනේවත් තේරෙනවද කියපං ඉස්සෙල්ල :lol: දර්ශනය ගැන කතා කල්ල වැඩක් නෑ නෙමේ තොට දර්ශණය තේරෙන්නෑ බූරුව :lol:

    දර්ශණයේ නායකතුමාටම research කරලා Final conclusion එන්න බැරි වෙලා, මම කිව්වට පිලිගන්න එපා හොයලා බලන්න කියලා කියපු දර්ශණය fail :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දර්ශණයේ නායකතුමාටම research කරලා Final conclusion එන්න බැරි වෙලා, මම කිව්වට පිලිගන්න එපා හොයලා බලන්න කියලා කියපු දර්ශණය fail :(

    කාලාම සූත්‍රෙ පටලෝගත්ත තවත් එකෙක්. :lol: උඹට ඕව සංකීර්ණ වැඩියි බං. ඔයිට වඩා සරල දෙයක් බලපං. :yes: කාන්ට් කියල තියෙනව වගේ දර්ශනවාදය හැමෝටම නෙමේ :no:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සූකර මද්දව යනු උරු මස්ද? බිම් මල් ද? උන ගසේ දළු වර්ගයක් ද ?

    විනය පිටකයේ 14 වන සංඝාදිෂේෂයේත් ඇතුලත් කොට ඇති හා ඉහත සඳහන් මජ්ජිම නිකායේ දක්වා ඇති බුදුන් වහන්සේගේ දේශනාව අනුව මාංශ අනුභවය තහනම් වන්නේ පහත සඳහන් කරුණු තුන සම්පූර්ණ වුවහොත් පමණනි .
    1තමන් වෙනුවෙන්, සත්වයා ඝාතනය කිරීම දැකීම.
    2 සත්වයා ඝාතනය කිරීම අසන්නට ලැබී
    3 සත්වයා ඝාතනය කල බව සැක ඇතිවීම
    වෙනත් ආකාරයෙන් කිවහොත් ඉහත සඳහන් කරුණුවලට බාහිරව මස් අනුභවයෙන් අකුසලක් සිදු නොවන බවයි, තමන් ඕනෑම මස් හෝ මාළු වෙළඳ සැලකින් මිලයට ගෙන අනුභව කිරීම ඉහත ඉගැන්වීමට පටහැනි නොවන්නක් වන අතර එය අකුසල කර්මයක් නොවන බවත්ය පැහැදිලි වන්නේ,මජ්ජිම නිකායේ කරුණුවලට පහතින් නයනාතිලෝක මහා තෙරුන් විසින් සකස් කරන ලද ’බෞද්ධ විශ්ව කෝෂය’ යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වා ඇති කරුණුවලින් පැහැදිලි වන සාදක පහතින් දක්වා ඇත්තෙමු,
    1 ත්‍රිපිටකයේ සඳහන් කරුණු අනුව බුදුන් වහන්සේ විසින් මාංශ අනුභව කොට ඇති බව.
    2 සංඝයා වහන්සේලාට මාංශ අනුභවය තහනම් කරන ලෙස දෙව්දත් තෙරුන් විසින් ගෙනා යෝජනාව බුදුන් වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කල බව විනය පිටකයේ සඳහන් බව හා
    3 සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලාට විනය නීතියක් හැටියට සතුන් දස වර්ගයක මාංශ අනුභවය පමණක් තහනම් කිරීමෙන් (උදා : කොටින්ගේ මාංශල සර්පයින්ගේ මාංශල අලින්ගේ මාංශ වැනි) අනිකුත් සත්වයින්ගේ මාංශ අනුභවය අනුමත බව තර්කානුකූලව නිගමනය කිරීමට සිදුවන බව.
    පංච සීලයේ පලමුවන සීලය කැඩීමෙන් කර්ම විපාක හැටියට වැඩි ආයුෂ නැතිවීම, බොහෝ ලෙඩ දුක් ඇති වීම, හා බියපත්ව විසීමට සිදුවීම යන කරුණු මෙලෝ වශයෙනුත් මරණින් මතු ඇති භයානක නිරයේ ඉපදීමට සිදුවන බවත් උගන්වන බුදු දහම ව්‍යවභාරයේදීී මාංශ අනුභවය පිළිබඳව ඉතා ලිහිල්ව හා මාංශ අනුභවයට දිරිදීමේ ක්‍රියා හා අදහස් ඉදිරිපත් කර තිබීමෙන් බුද්ධ දේශනයේ හා බුද්ධ වත් පිලිවෙත් රැකීම අතර සමථයකට පත් කළ නොහැකි නිශ්චිත පරස්පරයක් ඇති බව මධ්‍යස්ථව සිතන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමුග සැබැවින්ම ව්‍යවහාරයේ මාංශ අනුභවයට තහනමක් බුදු දහමේ නොමැති බව ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේයග දීඝ නිකායේ මහා පරිතිබ්බාන සූත්‍රයේ (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පරිවර්තනය කරන ලද – පිටු 165) බුදුන් වහන්සේට චන්ද විසින් පිළියෙළ කරන ලද දානයේ විස්තර පහත සඳහන් අයුරින් දක්වා ඇත.
    ’චුන්දල ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් වළඳවන්න.
    පිළියෙළ කළ අනිත් කෑම්බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්නග ’එහෙමයි ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාණ පුත්‍ර ඒ අන්දමින් වැළඳවිය.භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
    චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි” එය පිළිගත් චුන්ද ඉතිරි සුකර මද්දව වල දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය.
    භාග්‍යවදන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී වැඩිසේකග චුන්දගේ දානය වැළඳූ භාග්‍යවදන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවියග ආචාර්ය එච්ග එස්ග එස්ග නිශ්ශංක විසින් රචිත ’ගෞතම බුද්ධ’නමැති ග්‍රන්ථයේ පෙරවදනෙහි බුදුන් වහන්සේට ඇති වූ රෝගය පිළිබඳව සඳහන් කර ඇත්තේ ’කුසිනාාරාවට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවෙසින් අන්තිම දානය වැළඳූ බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ” යනුවෙනි.

    බුදුන් වහන්සේගේ දානයට ඇතුලත් කර තිබූ ’සූකර මද්දව’පිළිබඳව විවිධ අංශවලින් පරස්පර අදහස් මතු වී තිබේ, එය විස බිම්මල් වර්ගයක් ලෙසත් උන ගසේ දළු වර්ගයක් ලෙසත් අර්ථ දැක්වීමක් කර ඇත, නමුත් ඉතා ප්‍රවේශමෙන් මහා පරිතිබ්බාන සූත්‍රයේ සඳහන් කරුණු විමසා බැලූවහොත් සත්‍යය අවබෝධ කර ගැනීම අපහසු නොවේ., බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ තමන් වහන්සේට පූජා කළ කිසිවක් ප්‍රතික්ෂේප නොකර සිටීම මත පිහිටා උන්වහන්සේ සුකර මද්දව අනුභව කළත් එය නිශ්චිත වශයෙන්ම දිරවීමට අපහසු යමක් බව උන්වහන්සේ කල් ඇතිවම දැන සිටි බව ඉතා පැහැදිලිය, සූකර මද්දව යන පාලි වචනයේ පදගන සිංහල අර්ථය ඌරු මස් යන්නද ඉතා පැහැදිලිය.
    ඌරු මස් දිරවීමට අපහසු ආහාරයක් වන අතර එයින් රක්ත අතීසාරය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා බොහෝ බව අප සැම ඉතා හොඳින් දන්නා කරුණකි.තම නිවසට අති ශ්‍රේෂ්ඨ උතුමෙකුට ආරාධනා කොට හොඳින් දන්නා විෂ වර්ගයක් යමෙක් ආහාර වට්ටොරුවට ඇතුලත් කරයි යන්න සිතීම මෝඩකමකි.

    https://sirisangabo.wordpress.com/2011/04/10/%E0%B7%83%E0%B7%96%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%80-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8/
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචං දර්ශණය ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒක fail :(

    උබ කතෝලිකයෙක් විදියට නැට්ට පාගගෙන ඉන්නේ.

    1. පිලිම වන්දනය සම්පුර්ණයෙන්ම වැරදියි.
    2 ජේසුතුමා දෙවියන්ගේ පුතෙක් නෙමෙයි.
    3 ජේසුතුමාත් දෙවියන්ගේ (අල්ලහ්ගේ) වක්තෘ කෙනෙක්
    4 ඉස්ලාමය පහල වෙන්න කලින් සිටි සියලුම ජේසු තුමාගේ අනුගාමිකයන් ස්වර්ගයට යයි.
    5 නමුත් ඉස්ලාමය පහල වුණාට පසු එයාලට ඉස්ලාමය හරහා පමණයි ස්වර්ගයට යන්න පුලුවන්


    මම කලිනුත් උඹගෙන් ඇහුවා අර උඹලගේ දවසට මැරෙන එකාට කන්‍යාවන් 60 ගානේ බලපුවාම මාර ලොකු ගාණක්... කවුද බං ඔච්චර සුකල කන්‍යාවියෝ බිහිකරන්නේ.. අල්ලහ්ද නැත්තං වෙන එවුන් ද...? පුලූවන්ම ඔන්න ඔය සිකිල්ල සෙට් කරල දීපංකො.. :)
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කාලාම සූත්‍රෙ පටලෝගත්ත තවත් එකෙක්. :lol: උඹට ඕව සංකීර්ණ වැඩියි බං. ඔයිට වඩා සරල දෙයක් බලපං. :yes: කාන්ට් කියල තියෙනව වගේ දර්ශනවාදය හැමෝටම නෙමේ :no:


    කලින් නුල් වල මම පෙන්නුවා දර්ශණයේ FAIL අවස්ථා...:(:(

    1 මළ මිනියකින් පිහිට පැතීම Eg. (බුදු සරණයි) FAIL:(:(
    2 බෝ සමිදු පිහිටයි (ගසකින් පිහිට පැතීම) FAIL:(:(
    3 පුනරුත්පත්තිය වැරදියි කියලා ( මිනිසා හරකා විම හරකා මිනිස් ආත්මයක් ලැබීම) FAIL:(:(
    4 මැටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ FAIL:(:(
    5 බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, නිවන FAIL:(:(
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම බොරු වැඩ FAIL:(:(
    etc....
    etc....
    etc....
    etc....
    etc....

    :sorry:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මම කලිනුත් උඹගෙන් ඇහුවා අර උඹලගේ දවසට මැරෙන එකාට කන්‍යාවන් 60 ගානේ බලපුවාම මාර ලොකු ගාණක්... කවුද බං ඔච්චර සුකල කන්‍යාවියෝ බිහිකරන්නේ.. අල්ලහ්ද නැත්තං වෙන එවුන් ද...? පුලූවන්ම ඔන්න ඔය සිකිල්ල සෙට් කරල දීපංකො.. :)

    ඔව් සෙට් කරලා දෙන්න පුළුවනි :yes::yes:
    මෙන්න මේ ක්‍රමයට එන්න

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.


    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔව් සෙට් කරලා දෙන්න පුළුවනි :yes::yes:
    මෙන්න මේ ක්‍රමයට එන්න

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.


    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    හැබැයි ඔය වගේ දේවල් නම් කාන්තාරයේ ඉන්න එවුන්ට මැජික් උනාට අපිට මැජික් නෑ බං... නැද්ද ඊට වඩා හොඳ බෙනෆිට්ස්.... :(
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හැබැයි ඔය වගේ දේවල් නම් කාන්තාරයේ ඉන්න එවුන්ට මැජික් උනාට අපිට මැජික් නෑ බං... නැද්ද ඊට වඩා හොඳ බෙනෆිට්ස්.... :(


    72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.

    72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.