Cocaine සහ heroin ගන්න එක නොසුදුසුයි කියලා බුදු හාමුදුරුවෝ ද්ශනා කරලා තියෙනවද? නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මත් වෙන දේවල් නොසුදුසුයි කියලා. එමනිසා Cocaine සහ heroin එකට අදාල බව නුවනින් දකින්න ඕනේ.
ඒ වගේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන එක බුදු හ්මුදුරුවන්ගේ දේශනාවට අනුව ධර්මය විකුර්ති කිරීමක් බව නුවනින් දකින්න ඕනේ.

what a logic.....


එතකොට ඇත්තටම යොදුනක දිග කොච්චරද?ලංකවෙ දිග 425Km ලංකවෙ පළල 240Km
යොදුන් 1 =11Km (උඹේ තියරියට)
යොදුන් 500=(11*500) 5500Km
උබෙ තියරිය උබම බොරු කියල ඔප්පු කරල...බුදුහාමුදුරුවො යොදුන් 500 ගනන් වැඩපු තැන් ඔන තරම් ට්‍රිපිටකේ තියනව...මිනිස්සුනට පච නොකිය බනක් බාවනාවක් කරගෙන හිටපන්
ත්‍රිපිටකයේ මේ කියන යොදුන් 84000ක් උස මහාමේරු පර්වතය තියෙන්නේ කොහෙද?කගෙවත් කොලකෑලි වලින් ඔනෙ නැ තිරිපිටකෙන් වරෙන්මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
සත්තසුරියුග්ගමන සූත්‍රය - http://pitaka.lk/32162/cs,aps
![]()
Where's your logic?fuck....what a logic.....
![]()
Cocaine සහ heroin ගන්න එක නොසුදුසුයි කියලා බුදු හාමුදුරුවෝ ද්ශනා කරලා තියෙනවද? නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මත් වෙන දේවල් නොසුදුසුයි කියලා. එමනිසා Cocaine සහ heroin එකට අදාල බව නුවනින් දකින්න ඕනේ.
ඒ වගේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියල හිතන එක බුදු හ්මුදුරුවන්ගේ දේශනාවට අනුව ධර්මය විකුර්ති කිරීමක් බව නුවනින් දකින්න ඕනේ.
"එතකොට, බුදුහාමුදුරුවෝ ඉපදුනු තැන ශ්රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට නුසුදුසුවූ තැනක්, නැත්නම් දැකබලා ගැනීමෙන් පලක් නැති බව කීම නෙමෙයිද ධර්මය විකුර්ති කිරීමක් වෙන්නේ.
ඔයාට අවුරුදු 10 ක් තිස්සේ කියන දේවල් තේරිලා නැතිනම් මට පෙනෙන්නේ නැහැ මේ ජවයේ ඒක තේරෙන ලකුණු තියෙනවා කියලා. නමුත් තව පාරක් කියන්නම්.
තැන් 4 ප්‍රධාන වශයෙන් දීලා තියෙන්නේ ශ්රද්ධාවන්ත පුද්ගලයාට දැකලා චිත්ත ප්‍රසාදයක් ලබා ගැනීම නොවේ. ඒ තැන් 4 නම් කරේ යම් කෙනෙක් සෝවාන් පල ලැබීමට උපයෝගී වන බුද්ද ශක්තියට අනුගත වීමටයි. ඒ තැන් බුදු හාමුදුරුවෝ පෙන්නුවේ යම් කිසි භූගොලිය සාදක මත. ඒ භූගෝලීය සාදක මේවා.
-> ස්ථාන 4 අතර දුර එක සමානයි. බුදු හාමුදුරුවෝ තැන් දෙන්නේ අහඹුවෙන් නොවේනේ. (පහත දක්වලා තියෙන සිතියම බලන්න)
![]()
-> මේ සක්වල පහල වන සෑම බුදු වරයෙක්ම් පහළ වෙන්නේ ජම්බු දීපේ පමණයි. ඇයි ඒක එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ජම්බු දීපේ මාර්ග පල ලැබීමට යම් කිසි ආකාරයකට ඉවහල්වන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මේතැන පෙන්නලා තියෙන්න පුලුවන්.
මේ සක්වල පටන් ගත් දා සිට සෑම බුදු වරයෙක්ටම මාරග පල දෙන ශක්තිය තියෙන්නේ ඔතන නම් ඇයි අපේ අය ඉන්දියාවට යන්නේ මාර්ග පල ගන්න?
එතකොට ඔයාට වැරදුන තැන මොකක්ද? ඔයා හිතන් ඉන්නවා බුදු හමුදුවෝ ඕනේ දෙයක් කිය්පුදෙන්. මම යනවා මගේ ශ්‍රද්ධාව පෙන්නන්න ඉන්දියාවට කියලා. ඒ දෘෂ්ටිය අතිශයින් වැරදි අපාය මාර්ග සකස් කරන මිත්‍යා දෘෂ්ටියක්නේ. ඔයාට ඇයි මේ තරම් අමාරු ඕක තේරුම් ගන්න?
බුදුන් උපන්නේ ඉන්දියාවේද ලංකාවේද කියා සෙවීම කිසිම අර්ථයක් නැති වැඩක් . ඒත් බුදුන් උපන්නේ ලංකාවේ කියන පිරිස ඒ ඉතිහාසය විකෘති කරන ගමන් ඒවා පිළිගන්න මිනිසුන්ට ධර්මයත් විකෘති කරලා ඉගැන්වීම නිසා බුදුන් උපන් දේශය ඉන්දියාව බව සාක්ෂි සහිතව පෙන්වීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා සැදැහැවතුන් විසින් බුදුන් ඉපදුනු ස්ථානය, බුදු වූ ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථාන හතර දැකබලා සංවේගය උපදවා ගත යුතු තැන් කියල. ඒ නිසා බුදුන් ඉපදුනු තැන නිරවුල්ව දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
බුදුන් ලංකාවේ උපන්නා කියන අය සත්‍ය යට කරන්න කරන උපක්‍රමය තමයි බුදුන් ඉන්දියාවේ උපන්නා කියන අයට නිග්‍රහ අවලාද කිරීම. “දඹදිව වන්දනා කාරයා” “දේශද්‍රෝහියා” “සුද්දන්ගේ වහලා” “බුදුන් ඉන්දියාවට පටවන දෙමළා” “හෙළයන්ට ද්‍රෝහී උන පරයා” වගේ දේවල් කියල නිග්‍රහ කරලා එයාල මවල පෙන්නන්න හදනවා තමන් තමයි නියම හෙළයා කියලා, බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියන්නේ සුද්දා හදපු ඉතිහාසයක් පිළිගන්න රටට ආදරේ නැති මෝඩ මිනිස්සු කියල මවල පෙන්නලා මතයක් ගොඩනගලා තමන්ගේ විකෘතියට බලයක් ලබාගන්න මේ පිරිස දගලනවා.
බුදුන් ලංකාවේ ඉපදුනා කියල පිළිගන්න මිනිස්සු තමයි ඇත්තටම විචාර බුද්ධියක් නැති මෝඩ මිනිස්සු. ඉතිහාසය ගැන දැනුමක් නැති ධර්මය ගැන දැනුමක් නැති ධර්මය ප්‍රයෝගිකව වඩා නැති අය ජාතිවාදී බොරු ඉතිහාසයක් ඇහුනාම එකපාරට ෆෝම් වෙලා ඒ බොරුව හිස්මුදුනින් පිලි අරන් ඇත්ත ඉතිහාසයට ගරහනවා. “සැඟවුණු ඉතිහාසය මතු කරනවා” “සුද්දෝ යට කරපු හෙළ අයිතිය මතු කරනවා” “රටට ආදරේ නියම හෙළයෝ” වගේ වර්ණනා ටිකක් තමන්ට ආරෝපණය කරගන්න තියෙන ළදරු මානසිකත්වය නිසා තමයි ගොඩ දෙනෙක් මේ විකෘති ඉතිහාසය පිළිගන්නේ.
බුදුන් ලංකාවේ ඉපදුන බව කියමින් ධර්මය විකෘති කරන මීවනපලානේ සිරිධම්මලන්කාර පිලිබදව මිට පෙර ලිපියකින් දැනුවත් කළා. ධර්මය නොදත් ඉතිහාසය නොදත් බොහෝ දෙනා මේවාට රැවටී ඉන්නවා. ඒ බොරු මත සනාත කරගන්න එම විකෘති පතුරවන පිරිස ඉදිරිපත් කරන පදනමක් නැති සාක්ෂි තියෙනවා. ඒවා නිසා එකපාරට කෙනෙක්ට පෙනෙන්නේ ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදුනා වගේ. හැබැයි එයාලා දන්නේ නෑ ඒ විකෘති සාක්ෂි එහෙන් මෙහෙන් අහුලලා , තමන්ට ඕනි විදියට අර්ථය වෙනස් කරලා ඉදිරිපත් කරලා කියලා. ඒ නිසා ලිපි පෙලකින් ඒ විකෘති සාක්ෂි වල ඇත්ත එළිදරව් කරන්නත් බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවට තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
බුදුන් ඉපදුනේ ලංකාවේ කියල අදහගෙන ඉන්න අන්ධ භක්තියන් කල්පනා කරන්න ඕනි ප්‍රශ්න ටිකක් තියෙනවා.
බුදුන් ඉපදුනේ ලංකාවේනම් කොසොල් රජු, බිම්බිසාර, අජාසත්ත, ලිච්චවී රජවරු ලංකා ඉතිහාසයේ නැත්තේ ඇයි? ඒවා ඉන්දියානු ගැතියන් හැංගුවානම් ඒවා පිලිබඳ ජනප්රවාදවත් නැත්තේ ඇයි? ඒ රජ පෙළපත් පිළිබඳව ඉන්දියාවේ ලිඛිත හා වෙනත් සාක්ෂි තියෙන්නේ කොහොමද?
බුදුන් ඉපදුනේ ලංකාවේනම් රජගහ නුවර, කපිලවත්තු පුර, කුසිනාරාව තිබුනේ ලංකාවේ කොහෙද? ඒවා ගැන කටවහරෙන් හෝ ජනප්රවාදයෙන් සාක්ෂි නැත්තේ ඇයි? ඒ නගර වලින් සමහරක් නමවත් වෙනස් නොවී අද වනතුරු ඉන්දියාවේ පවතින්නේ කොහොමද? ඒ නගර වල ඉදි කළ විහාර ආදියේ නටඹුන් එහි තිබියදී ලංකාවේ ජේතවනාරාමයට, වාලුකාරාමයට වේළුවනාරාමයට නටඹුන් නැත්තේ ඇයි?
දුටුගැමුණු රජු නාග කන්‍යාවියක් දුෂණය කළ නිසා නාග සාපයකට ලක් උනා. නාග විස දුටුගැමුණු රජතුමාගේ වෛද්‍ය කපුරුනාත වෙදාගේ වෙදකම් වලින් හැම අවස්ථාවකම අඩුකරගත් නිසා නාගයන් කපුරුනාත වෙදාව මරණයට පත් කරලා දුටුගැමුණු රජුට විෂ ශරීරගත කළා. දුටුගැමුණු රජුගේ මරණය සිදු උනේ මේ නිසා කියල වංශ කතා කිසිවක සදහන් නොවුනට අද වෙනකම්ම ජනප්‍රවාදය පැවතගෙන එනවා.මේ විස්තරය කිසිම ලිඛිත සාක්ෂියක නෑ ඒත් ඒවා ජනප්‍රවාද අද වෙනකම්ම පැවතගෙන ආවා.
සීතාවක, මොනරාගල, වාරියපොළ වගේ රාවන යුගයට අයිති ඒවාත් අද වෙනකම්ම පවතිනවා. මේ වගේ බුදුන් ලංකාවේ ඉපදුනානම් අනිවාර්යෙන් ජනප්‍රවාද පැවතගෙන එනවා.ලංකාවේ එහෙම කිසිම ප්‍රවාදයක් නෑ. එත් ඉන්දියාවේ ජනප්‍රවාද ඕනෑතරම් තියෙනවා වගේම ඉතිහාස සාක්ෂිත් තියෙනවා. මේ වගේ ඉතා පැහැදිලිව ඔප්පු වෙන සතයක් තමයි මේ වික්රුතිකයෝ ටික වෙනස් කරන්න හදන්නේ.
මේ ඔක්කොම කතා ගොතන එකම කාරණය ඉන්දියාව හදුන්වපු ජම්බුද්වීප කියන නම ලංකාවටත් භාවිතා කර තිබීම පමණයි. ඒක ව්‍යවහාරික ප්‍රායෝගික සිද්ද්දියක්. අදත් පිටරටවල් වල මිනිස්සු හිතන් ඉන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල. පිටරට සංචාරය කරලා තියෙන අය මේ අත්දැකීම විදලා තියෙනවා. ඒ දේම තමා අතීතයේත් උනේ. ලංකාව ඉන්දියාව ලග පිහිටා තිබුන නිසා හා ලංකාව කුඩා නිසා ඉන්දියාවේ කොටසක් විදියට ලංකාව හැදින්නුව අය තම ලංකාවටත් ජම්බුද්විප් කියල හැදින්නුවා. ඒ නිසා ජම්බුද්විප් නම විදේශ නැවියෝ, ගවේෂකයෝ ලංකාවටත් භාවිතා කළා. ඒ යෙදීම ලංකාවේ සමාජේ ප්‍රසිද්ද උනාට පස්සේ තමයි කවි, සංදේශ, ධර්ම ග්රන්ථ වලදී ලංකාවට ජම්බුද්වීපය කියන නම භාවිතා උනේ. එහෙම නැතුව මුල් කාලයේදීත් ලංකාවට ජම්බුද්විප් කියල හැදින්නුවේ නෑ.
ධර්මයේ සඳහන් වෙන්නේ ජම්බුද්වීපය අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති,වත්ස , මත්ස, කුරු ,පංචාල, සුරසේන, අස්මක, අවන්ති, ගන්ධාර, කාම්භෝජ කියන සොළොස් මහා ජනපද වලින් සමන්විත උනා කියල. ජම්බුද්වීපය කියන්නේ ලංකාවනම් කොහෙද සොළොස් මහා ජනපද තිබ්බේ? ඇයි ඒවා ගැන ලංකා ඉතිහාසේ විස්තර නැත්තේ? ඇයි සිව් හෙළය ගැන සුත්‍ර දේශනා වල විස්තර නැත්තේ? ලංකාවේ තිබ්බේ සොළොස් මහා ජනපද නෙවෙයි සිව් හෙළයක්. සොළොස් මහා ජනපද තිබ්බේ ඉන්දියාවේ. අදටත්සමහර ප්‍රදේශ ඒ නම් වලින්මයි හදුන්වන්නේ. ඒ වගේම සුත්‍ර දේශනා වල සඳහන් වෙන්නේ ජම්බුද්වීපයේ බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය , ක්ෂුද්‍ර කියල කුල හතරක් තිබුන කියල. එහෙම කුල හතරක් ලංකාවේ කවදාවත් තිබුනේ නෑ. මේ කුල හතර වෙන් කලේ බ්‍රාහ්මණ ආගමෙන්. ලංකාවේ කවදාවත් බ්‍රාහ්මණ ආගම ඇදහුවෙත් නෑ. මේ දේවල් ඔක්කොම උනේ ඉන්දියාවේ.
ඉස්සුවේ https://rawanaking.blogspot.com
bumpවැඩිය ඕනේ නෑ
1. ඉන්දියාවේ තියෙන අශෝක යුගයට කලින් හැදුවේ කියල කාබන් කාල නීර්ණයෙන් තහවුරු කරපු බෞද්ධ නටඹුන් තියෙන එකම එක තැනක් හරි,
එහෙම බැරිනම්,
2. අශෝක රජුගේ කැටයම්, සෙල්ලිපි ඇරෙන්න බිම්බිසාර, කෝසල වගේ බුද්ධකාලීන රජවරු ගැන ඉන්දියාවේ ඇති අශෝක යුගයට වඩා පැරණි එකම එක මූලාශ්‍රයක් හරි පෙන්නුවොත්
ඒක බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂියක් විදිහට සලකා බලන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක උස්සපු බ්ලොග් එකෙත් එහෙම එක සාක්ෂියක්වත් තිබුනේ නැහැ.
සෝවාන් වීමට ප්‍රදේශය බලපාන බව බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියනවද?
සෑම් බුදු වරක්ම පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලයේ තුල පමණයි. මධ්‍ය මණ්ඩලය කියන්නේ මෙතනට.
බුදුවරයෙකුගෙන් දේශනාවක් අහලා මාර්ග පල ලබන්න පුලුවන් මධ්‍ය මණ්ඩලය තුල පමණයි. එතකොට ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර -> ඔව්, සෝවාන් වීමට ප්‍රදේශය බලපානවා කියලා සහතිකයක් දෙන්න පුලුවන්. මේ සක්වල මාර්ග පල ලබන්න පුලුව්න් ලංකාව තුල පමණයි.
එතකොට බුදුවරු කියන්නේ කවුද?
--> 1. සම්මා සම්බුදු වරු (ගෝතම, කාශ්‍යප සහ මෛත්‍රී වැනි බුදුවරු)
--> 2. පසේක බුදු වරු
--> 3. අරිහත් බුදු වරු (සැරියුත්-මුගලන් දෙපල, මිහිදු මහා රහතන් වහන්සේ සහ මීවලපානේ මහා රහතන් වහන්සේ වැනි උත්තමයන්)
සම්මා සම්බුදු වරු (1) උත්තමයන් තවත් කොටස් 3 කට බෙදෙනවා බුද්ධ සාසනයට අනුව.
--> 1. ප්‍රඥ්ඥාධික බුද්ධ සාසන (ගෝතම වැනි)
--> 2. විරාධික බුද්ධ සාසන (කකුසද, කාශ්‍යප, කොනාගම වැනි)
--> 3. සද්ධාධික බුද්ධ සාසන (මෛත්‍රී වැනි)
විරාධික (2) හා සද්ධාධික (3) බුද්ධ සාසන පවතින්නේ බුදුවරයා පිරිනිවන් පාන තෙක් පමණයි. ඉන් පසු මාර්ග පල ලබන්න විදියක් නැහැ. උදාහරනයක් වශයෙන් ගතහොත් ඊලගට පහල වෙන මෛත්‍රී බුදු වරයා බුදු වන කලේ මාර්ග පල නොලැබුනොත් එතනින් කතාව ඉවරයි.
ලංකාව මේ සක්වල බිහිවුන කාලේ මිට වඩා විශාලයි. දිවයින ටික ටික පොඩි වෙනවා මෛත්‍රී බුදු පහල වෙන තෙක්. ඉන්පසු මේ සක්වලම ලෝක විනාශයක් වෙලා නැතිවෙනවා.
ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනය හාත්පසින්ම වෙනස්. අපි දැන් ඉන්නේ ඒ වගේ කාල වකවානුවක. ගෝතම වැනි ප්‍රඥ්ඥාධික බුදු හමුද්වෝ පිරිවන් පෑමට පෙර බුද්ධ ශක්තියට අනුගත විය හැකි "චත්තාරෝ ඨානානි" කියන තැන් 4 නම් කරනවා.
ඒ තැන් වලට ගිහිල්ලා බුදු වරයා හා ඒ උත්තමයාගේ අන්තිම ශ්‍රාවකයාගේ පරිනිර්වාණයෙන් පසු "සද්දස්ස කුලපුත්‍ර" කියන අයට මාර්ග පල ලැබිය හැකියි. සද්දස්ස කුලපුත්‍ර කවුද කියලා superuser පෙන්වා දීලා තියෙනවා.
ගෝතම බුදු පරිනිර්වානයෙන් පසු කාලෙන් කාලෙට සිරි ස්ධ්දර්මය මතු වෙනවා ජාති සෝතාපන්න උත්තමයෙක් අරිහත් පල ලැබූ පසු. මේ වගේ කාලයක් අන්තිමට පහල වුනේ ම්හිදු මහා රහතන් වහන්සේ පහල වුණ වෙලාවේ. මීවලපානේ මහා රහතන් වහන්සේගේ සිරි ස්ධ්දර්මය ආයෙමත් මතු කරලා.
චත්තාරෝ ඨානානි කියන තැන් NASA ආයතය මගින් කල ප්ර්යෙශ්නයකින් භූගෝලීය ශක්තිය මැන්ලා අනුමත කරලා තියනවා. එතන ශක්තිය කොයි තරම්ද යත් චන්ද්‍රිකා වලට ඒ තැන් 4 උඩින් පියාසර කරන්න බැහැ. එම වාර්තාව මිවල්පනේ මහා රහතුන් ව්හන්ස ගෙන් ලබා ගත හැකියි.
මෙතන මම එලි දක්වා ඇති දේවල් දැන් අවුරුදු 10 පමණ කාලයක් තුල තර්ක කරලා පහදා ගෙන තියෙන කරුණු. මම මෙතන කරන්නේ යලි පැහැදිලි කිරීමක් පමනයි.
බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.
බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.
1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.
වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.