බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
uta mak unaada danne naa. umbe pu_ amaaruwa nam wadiwela kiyala penawa!!

එකපාරටම කවදාවත් නොහිතපු, මට කොයිම ආකාරයක වත් අදහසක් නොතිබිච්ච, හරි අරුම පුදුම දෙයක් උනා! එකපාරට කිසිම හුරුවක්, පුරුද්දක්, නැති තැනක ඉන්නවා වගේ පෙනෙන්න ගත්ත. හැබැයි මාර ලස්සන පරිසරයක්! කියල වැඩක් නැහැ ඒ ගැන නම්!! මම වටපිටත් බැලුව, ලස්සනට වටපිටාව පෙනුන. මිනිස්සු, සත්තු වගේ කවුරුවත් දැක්කේ නැහැ. ගස්කොලන් තිබිච්ච, ඈතට ඈතට පේන තැනක්! scenary එක golden color එකට බර ගතියක්

දැන් මේවගේ හීන එහෙම පෙන්නේ නැද්ද ? උඹ දැන් කසිප්පු වලටම පදන් වෙලා නිසා ඉස්සර වගේ මෝල් වෙන්නේ නැතුව ඇති . :lol::lol::lol::lol::lol::lol:
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං බලපන්කො mensoft ඒකෙත් හැටි... මට අද වෙනකම් හාන්කවිසියක් හිතුනේ/තේරුණේ නැහැනේ... උඹ නොම්මර එකේ කසිප්පු කාරයෙක් බව!! මේ... වෙන කෙනෙක් කිව්වට පස්සෙයි මටත්, 'අම්මප ඇත්ත නේන්නම්' කියල තේරුණේ!! එක අතකට ඉතින් උඹ වගේ කසිප්පු කාරයෙක්, කසිප්පු ගැන මිසක්, වෙන මොනවා ගැන කියන්නද? නේද?? උඹ පව්... ඉතින් මම මොකද කරන්නේ??? කවද හරි මොලේ පෑදෙන්න, උඹට, 'තෙරුවන් සරණයි!!' කියනවා!!
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අභිධර්මය අබුද්ධ දේශිතයි, අභිධර්මය මහමෙව්නාවෙ භාවිතා නොවෙයි කියල තමයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන්නේ..

    ඉතින් කිරිබත්ගොඩ පරම්පරාවෙ ගෝලයෙක් විදියට දමිත්ට මොකද හිතෙන්නේ..
    මේක කියවලා බලන්න..

    ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

    http://dharmanidhaana.wordpress.com/2011/04/27/ත්‍රිපිටකය-සෝදා-පාළු-කරම/

    “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

    http://dharmanidhaana.wordpress.com/2011/05/03/අභිධර්මය-අබුද්ධ-දේශිතයක/
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    api 'set wena' eka gana liwwe nathi eka podi aduwak wage... ekath chuttak liyanna one! set wenawa nam api wage set wenna ;)

    උඹේ යාළුවන්ට සෙට් වෙනකොට උඹ නැතුවම බැරුව ඇති . මොකද උඹ ඉන්නකොට උන්ට වෙනම බයිට් එකක් ඕනේ නැති නිසා . :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අභිධර්මය අබුද්ධ දේශිතයි, අභිධර්මය මහමෙව්නාවෙ භාවිතා නොවෙයි කියල තමයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන්නේ...

    ඔව්, ඒක හරි!!!

    Gstar තුමත් ඥාණානන්ද හාමුදුරුවෝ අරහං කෙනෙක් බව මම දැනගෙන සෑහෙන කල්!!

    ඇත්තටම මටවත්, අපේ හමුදුරුවොන්ට වත්, මම වගේම මුළු හදවතින්ම අපේ හාමුදුරුවෝ එක්ක ඉන්න අනික් සීමිත පිරිසටත්, ඔයාල වගේ බහුතර පිරිසකගේ ප්‍රසාදය නැතෙයි කියල කිසිම අවුලක් නැහැ!!! ඔය උදවිය කොච්චර ඇනුම් බැනුම් / නින්දා / අපහාස වලින් සැලකුවත් ඒවායිනුත් කිසිම අවුලක් නැහැ!!!

    අපේ හාමුදුරුවෝ පාලි භාෂාව පරතෙරටම ඉගෙනගත්තු කෙනෙක් නිසාත්, උන්වහන්සේට රහතුන් වහන්සේලා විසින්ම සකස් කරන ලද, වෙන උදවිය කූරු ගාල, කුරුවල් කරපු නැති පරම පිවිතුරු බුද්ධ දේශනා ඒ ආකාරයෙන්ම පරිශීලනය කරන්න ලැබුණු නිසාත්, උන්වහන්සේට බුදුරජාණන්වහන්සේව දැකගන්න වාසනාව පෑදුනා!!! උන්වහන්සේගේ උපකාරය ලබාගත් අපිටත් බුදුරජාණන්වහන්සේව දැකගන්න වාසනාව පෑදුනා!!! ඉතින් දැන් අපේ ප්‍රශ්න ඉවරයි... ඔයාල තම තමන්ගේ කැමැත්තක් කරගන්න!!!

    ඕනෑම බුදුරජාණන්වහන්සේ නමකගේ බුද්ධ සාසනය අංග 9 කින් යුක්තයි!! නවාංග ශාස්තෘ සාසනය කියන්නේ එකයි!! සුත්ත, ගෙයිය, වෙයියාකරන, ගාථා, ජාතක, උදාන, ඉතිඋත්තක, අච්චරිය අබ්භුත ධම්ම හා වේදල්ල කියන අංග වලින් සමන්විත එම ශාස්තෘ සාසනය, ධර්මය හා විනය යනුවෙන් දෙයාකාරයි!!! ඊට අමතරව වෙන වර්ග කිරීමක් නැහැ!!! අන්න ඒ හන්ද, බුදුරජාණන්වහන්සේව දැක්ක, ධර්මය දැක්ක, පටිච්ච සමුප්පාදය දැක්ක, කිරිබත්ගොඩ ඥාණානන්ද ගුරුහිමියන් මූලික කරගෙන යන අපි කාටවත් අභිධර්මය කියල අමුතු එකක් නැහැ!!!

    පටිච්ච සමුප්පාදය හන්ද හැදිච්ච සත්වයෝ පටිච්ච සමුප්පාදය නිරුද්ධවීමෙන් නැතිවෙලා යනවා කියන එකට වඩා ගැඹුරු ධර්මයක් බුදුරජාණන්වහන්සේ නම් දේශනා කරලා නැහැ!!! ඔය මල විකාර සේරම තමන්වත් ධර්මය අවබෝධ කරගත්තේ නැති එවුන්ගේ පිස්සු කතන්දර!!! උන් ඇන්දේ/අඳින්නේ මොනවද කියන එක අදාළ නැහැ!! යමෙක් බුදුරජාණන්වහන්සේ වදාළ දෙයක් නොවදාලා කියයි නම්, නොවදාළ දෙයක් වදාලා යයි කියයි නම්, ඒ සාසන භක්ෂක කෙනෙක්!!! එච්චරයි. උඹලට ඇත්ත නැත්ත දැනගන්න, මොකද්ද හරි මොකද්ද වැරදි කියන එක තෝරගන්න බැරි එක නම් උඹලගෙම ප්‍රශ්ණයක්!!!

    මේ සේරම බුද්ධිමත් මනුෂ්‍යයන්ටයි කියල තියෙන්නේ ඒකයි!!! ඇත්තටම බුද්ධිමත් වෙන්න ඕනේ... බුද්ධිමත් කියල හිතාගෙන හිටියට හරි යන්නෙත් නැහැ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹේ යාළුවන්ට සෙට් වෙනකොට උඹ නැතුවම බැරුව ඇති . මොකද උඹ ඉන්නකොට උන්ට වෙනම බයිට් එකක් ඕනේ නැති නිසා . :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kasiya gahala gahala umbe mole kunuwela nisa thamayi umbata ohoma ewa hithenne! ekata ithin mama mak korannada?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    යමෙක් බුදුරජාණන්වහන්සේ වදාළ දෙයක් නොවදාලා කියයි නම්, නොවදාළ දෙයක් වදාලා යයි කියයි නම්, ඒ සාසන භක්ෂක කෙනෙක්!!! එච්චරයි.
    බුදුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙට වැඩලා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කලා කියන එක ප්‍රසිද්ධ කරුණක්..

    ඉතින් අභිධර්මය බුදුන් විසින් දේශනා නොකළැයි කියල තමා කිරිබත්ගොඩ හාමුදුරුවො කියන්නේ..

    එතකොට කවුද ශාසන භක්ෂක? ඈ???
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ thread එක හොදට බලන ඕනේ කෙනෙකුට අමිත් ගේ කෙලෙස් හා මෝඩ කම පේනවා. මට ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් නමුත් ඒ කාලය අපරාදේ , බුද්ධිමත් අය තේරුම ගනීවි.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    uta mak unaada danne naa. umbe pu_ amaaruwa nam wadiwela kiyala penawa!!

    නිකම් හිතල බලන්න මේ පු..අමාරු කතාව කියලා දමිත් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. මොනවා උනත් ඒ අනික් පුද්ද්ගලය පිළිබද මෛත්‍රියකින් වත් අනුකම්පාවකින් වත් භාවිතා කල වචනයක් නෙවේ . මගේ මේ ප්‍රකාශය පිළිබද දමිත් දාන පිළිතුරත් මම දන්නවා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ thread එක හොදට බලන ඕනේ කෙනෙකුට අමිත් ගේ කෙලෙස් හා මෝඩ කම පේනවා. මට ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් නමුත් ඒ කාලය අපරාදේ , බුද්ධිමත් අය තේරුම ගනීවි.
    සහතික ඇත්ත :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙට වැඩලා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කලා කියන එක ප්‍රසිද්ධ කරුණක්..

    ඉතින් අභිධර්මය බුදුන් විසින් දේශනා නොකළැයි කියල තමා කිරිබත්ගොඩ හාමුදුරුවො කියන්නේ..

    එතකොට කවුද ශාසන භක්ෂක? ඈ???

    ඈ බං, උඹ මේ වගේ ගොං තර්ක වලින්ද දැන් ඔය හීනියට හරි අපහාස පාරක් දාන්න try කරන්නේ?? ඕව හැරෙන්නවත් මදි බං!!

    මේ... බුදුරජාණන්වහන්සේ අවබෝධ කලේ චතුරාර්ය සත්‍යය!!! ගෞතම බුදුරජාණන්වහන්සේ විතරක් නෙවෙයි... හැම බුදුවරයෙක්ම අවබෝධ කරන්නෙත් ඒක!!! බුදුරජාණන්වහන්සේ මාතෘ දිව්‍යරාජයාට විතරක් නෙවෙයි, හෑම සියලු දෙනාටම කියලා දුන්නේ, අවබෝධ කරවන්න උත්සාහ ගත්තේ, අන්න ඒ චතුරාර්ය සත්‍යයයි!!! බුද්ධ දේශනා ගොඩාක්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීම පිණිස කරුණු කියාදීපු ඒවා තමයි!!! නැතුව අභිධර්මය කියල අමුතු කෙහෙල්මලක් නැහැ!!!

    හැබැයි ඉතින් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා! mensoft ල, උඹල වගේ එවුන් හැම කාලෙම ලෝකේ ඉන්නවනේ... බුදුහාමුදුරුවොත් ඔය මොට්ටම මොට්ට, අවබෝධ කරගැනීමේ ශක්තිය nil පොරවල් විතරක්ම බණ අහන්න set වෙච්ච තැන්වල, නිකම් හෝඩියේ පන්තියේ බණ කියල තියනවා, පින් ටිකක් රැස් කරගන්න... තාවකාලික සැනසිල්ලක් අත්කරලා දෙන්න... වගේ අරමුණින්!! මොකද උන්වහන්සේ මහා කාරුණික නිසා කාටවත් 'උඹට මේවා හරියන්නේ නැහැ! පලයං!' කියල නැහැ. හැබැයි, බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිසක් දුස්ප්‍රාඥ එවුන්ට නෙවෙයි!!! කියල.

    දැන්, ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි! මේ මාතෘකාවට ප්‍රඥාවන්තයෙක් වීම අනිවාර්යයි!!! ඒත් අර නායක, මේ නායක, මහා නායක, පණ්ඩිත, අතිපණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්ත බව දක්වන මිම්මක් නෙවෙයි නේ... හුඟාක් උදවියට ධර්මය මෙලෝ හත් ඉලව්වක් තේරිලා නැහැ!!! තේරිච්ච එකාට 'ඩෝං ගාල' click වෙනවා ඔය සේරම!!! මාත් ඒකයි පොල්ලෙන් ගැහුවා වගේ මේවා කියන්නේ... මොකද, දැන් අපිට හරි මොකද්ද? වැරදි මොකද්ද? අදාළ මොකක්ද? අදාළ නැත්තේ මොකක්ද? ඔය යන විදියට වැඩේ කරගනීද?, අනාගනීද? කියන සේරම බොහොම ලස්සනට පේනවා... තේරෙනවා... ඒකයි.

    ඔය උඹල 99% විතරම අල්ලාගෙන, බදාගෙන ඉන්න ධර්ම කතන්දර හුඟාක් ඒවා කචල්!! නමට ඉස්සරහින් කොච්චර දිගට නම්බු නාම, පට්ටම් තිබුනත් තමන්ටවත් ධර්මය තේරෙන්නේ නැති කෙනෙක්නම් මොන මගුලක් කියල කරන්නද??? ඉතින් ඔය හෝඩියේ පන්තිවලට තියන බීම ගැන, මස් කෑම ගැන, පින් රැස් කිරීම, පාරමිතා පිරීම වගේ ඒවා කියවෙන දේශනා ටිකක් අල්ලාගෙන, දෙනවා ඇට්ටි හැලෙන්නම!!! පැලෙන්නම දෙනවා!!! උඩ පැන පැන දෙනවා!!! ඒත්, චතුරාර්ය සත්‍ය අවබෝධයට වැදගත් වෙන බුද්ධ දේශනා මොකුත් නැහැ!!! ඒවා තමන්ටත් තේරෙන්නෙත් නැති නිසා, 'අභිධර්මය' කියල පෙට්ටියකට දාල, වහල, පැත්තකින් තියල!! උඹල හිතනවද වැඩේ හරියාවි කියල??

    අනික ඔය දැන් ප්‍රසිද්ධ වෙලා තියන චුති චිත්තය මතයි සේරම රඳා පවතින්නේ... අර චිත්තය, මේ චිත්තය, චිත්ත පරම්පරා... කියන සේරම හෙණ තුවාලයක්!!! ඒවා ඇවිල්ල ධර්මය තවත් බර කරලා කියන්න / පෙන්වන්න, ධර්මයේ ගල් එල්ලලා වගේ දේවල්!!! ඒවා අහපුවාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ!!! චතුරාර්ය සත්‍ය එහෙම්පිටින් ඇනිලා, මොලේ කොර වෙනවා!!! ඒවා බලල 'මන් දැන් දන්නවා', 'මට දැන් අවබෝධ වෙලා තියෙන්නේ...' කියල හිතන පොරවල් හුඟ දෙනෙක් හොඳටෝම නාගෙන ඉන්නේ!!! මේවා කියන්නේ කතා බහ කරන්න ගිහිල්ල අපිම එක එක්කෙනාගෙන් අහපු, දැකපු කියුම් කෙරුම් වලින්!!! ඇත්තටම ධර්මය අවබෝධ කල කෙනාට ඔය අබල් බබල් මොකවත්ම නෑ... ඒ සැනසිල්ල වෙන කිසිම ක්‍රමේකින් ලබන්නත් බැහැ!!!

    බුදුරජාණන්වහන්සේ කියාපු විදියට ධර්මය අවබෝධ කරන්නේ ඉතාමත් සීමිත පිරිසයි!!! අනික් එවුන් කියව කියව ඉන්නවා විතරයි... දැන් මේ කාලේ නම් සෑහෙන පිරිසක් ධර්මය අවබෝධ කරගනීවි!!! එයින් 99% ම කෙලින්ම හෝ වක්‍රාකාරයෙන්, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ ගෞතම බුද්ධ රාජ්‍යය බබළවන්න දරපු අවංක, නොපසුබට උත්සාහයේ පිහිටෙන් තමයි එහෙම ගොඩ යන්නේ!!! තමන් ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්... ඒත් උන්වහන්සේට වයිර කරන, නිග්‍රහ කරන එකෙක් වත් දැම්ම නම් මේ සංසාර ගමනෙන් කීයටවත් එතෙර වෙන්නේ නැහැ!!! ඒක බුදු sure!!! පුළුවන් පුළුවන් උදවිය, ඔය වෙන වෙන sites වලත් ඥාණානන්ද හමුදුරුවොන්ට විරුද්ධව කතන්දර කියන බකපණ්ඩිතයන්ට මේ විස්තර කියන්න.

    මම ලෝකය දිනුව එකේ සම්පූර්ණ ගව්රවය නම් සදහටම අපේ හමුදුරුවොන්ට මයි!!! උන් වහන්සේ නොඑන්න, මට මේ පාරත් බුදුරජාණන්වහන්සේව දැකගන්න වෙන්නේ නැහැ!!! මට ඒ සඳහා උපකාරී උන කල්‍යාණ මිත්‍ර පිරිසටත් බුදුරජාණන්වහන්සේව දැකගන්න උන්වහන්සේගේම පිහිට තමයි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එක හොදට බලන ඕනේ කෙනෙකුට අමිත් ගේ කෙලෙස් හා මෝඩ කම පේනවා. මට ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් නමුත් ඒ කාලය අපරාදේ , බුද්ධිමත් අය තේරුම ගනීවි.

    නිකම් හිතල බලන්න මේ පු..අමාරු කතාව කියලා දමිත් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. මොනවා උනත් ඒ අනික් පුද්ද්ගලය පිළිබද මෛත්‍රියකින් වත් අනුකම්පාවකින් වත් භාවිතා කල වචනයක් නෙවේ . මගේ මේ ප්‍රකාශය පිළිබද දමිත් දාන පිළිතුරත් මම දන්නවා.

    පුහ්!! බොලේ... බුද්ධිමතෙක් අදහස් දක්වලා!! :rofl::rofl::rofl:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පුහ්!! බොලේ... බුද්ධිමතෙක් අදහස් දක්වලා!! :rofl::rofl::rofl:
    බුදු දහමට අපහාස කරන්න එපා කියලා නැවත සැරයක් ඔබ තුමාගෙන් ඉල්ලනවා .
    බුදුන්වහන්සේ දෙසු ධර්මයේ අවසාන ප්‍රතිපලය වන රහතන්වහන්සේ කෙනෙක් කියල සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකු ටත් අන්ත ඔබවගේ කෙනෙක් (සිතින්, කයෙන්, වචනයෙන් අසංවර ) පැවසීම අනිවාර්යයෙන්ම අපහාසයක් .
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    හැබැයි ඉතින් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා! mensoft ල, උඹල වගේ එවුන් හැම කාලෙම ලෝකේ ඉන්නවනේ... බුදුහාමුදුරුවොත් ඔය මොට්ටම මොට්ට, අවබෝධ කරගැනීමේ ශක්තිය nil පොරවල් විතරක්ම බණ අහන්න set වෙච්ච තැන්වල, නිකම් හෝඩියේ පන්තියේ බණ කියල තියනවා, පින් ටිකක් රැස් කරගන්න... තාවකාලික සැනසිල්ලක් අත්කරලා දෙන්න... වගේ අරමුණින්!! මොකද උන්වහන්සේ මහා කාරුණික නිසා කාටවත් 'උඹට මේවා හරියන්නේ නැහැ! පලයං!' කියල නැහැ. හැබැයි, බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිසක් දුස්ප්‍රාඥ එවුන්ට නෙවෙයි!!! කියල.

    දැන්, ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි! මේ මාතෘකාවට ප්‍රඥාවන්තයෙක් වීම අනිවාර්යයි!!! ඒත් අර නායක, මේ නායක, මහා නායක, පණ්ඩිත, අතිපණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්ත බව දක්වන මිම්මක් නෙවෙයි නේ... හුඟාක් උදවියට ධර්මය මෙලෝ හත් ඉලව්වක් තේරිලා නැහැ!!! තේරිච්ච එකාට 'ඩෝං ගාල' click වෙනවා ඔය සේරම!!! මාත් ඒකයි පොල්ලෙන් ගැහුවා වගේ මේවා කියන්නේ...

    නොකියා කියන්නේ උඹ හරි ප්‍රඥාවන්තයා ,,උඹට ටක් ගාල පොල්ලෙන් ගැහුවා වගෙ නිවන තේරුණා.. අනික් උන් මෝඩයෝ කියලනේ..

    උඹ නිවන කියලා වෙන මොකක් හරි මිත්‍යා ධ්‍යානයක් වගේ එකකට රැවටිලා නිකන් මෙතන ඉන්න එවුන්ට පොර ටෝක් දෙනවා හෝ ගාල...මේක උඩ ඉඳන් පල්ලෙහාට බැලුවාම තේරෙනවා ඒක හොඳට තේරෙනවා..
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හරි එහෙනම් අභි ධර්මය කිවන්න එපා නම් කොහෙන්ද සත්‍ය ධර්මය ලබා ගන්න පුළුවන් වෙන්නේ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි එහෙනම් අභි ධර්මය කිවන්න එපා නම් කොහෙන්ද සත්‍ය ධර්මය ලබා ගන්න පුළුවන් වෙන්නේ?

    sathya Dharmaya ganna kiyala amuthuwen hoyanna mokuth naha. Deegha Nikaaya, Majjima Nikaya, Anguththara Nikaya, Kuddhaka Nikaya kiyala thiyenne... anna ewaye ena suthra deshanaa walin thamayi api nam serama igena gaththe. methanath thiyenawa oya deshanaa godakin gaththu Dharma Karunu. wade thiyenne umbalata ewa notherena ekayi!! umbalata Dharmaya dakinna awashya moolika sudusukama naha!! yonisomanasikaaraya naha!!! anna ethanayi awula. kohoma hari oya seratama wisanduma Saddharmashrawanaya ma thamayi!!! mahamevna.org site eke ekata awashya serama thiyanawa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ නිවන කියලා වෙන මොකක් හරි මිත්‍යා ධ්‍යානයක් වගේ එකකට රැවටිලා නිකන් මෙතන ඉන්න එවුන්ට පොර ටෝක් දෙනවා හෝ ගාල...මේක උඩ ඉඳන් පල්ලෙහාට බැලුවාම තේරෙනවා ඒක හොඳට තේරෙනවා..

    umbala serama eka walle pol kiyala danaganna me hondatama pramaanawath.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    sathya Dharmaya ganna kiyala amuthuwen hoyanna mokuth naha. Deegha Nikaaya, Majjima Nikaya, Anguththara Nikaya, Kuddhaka Nikaya kiyala thiyenne... anna ewaye ena suthra deshanaa walin thamayi api nam serama igena gaththe. methanath thiyenawa oya deshanaa godakin gaththu Dharma Karunu. wade thiyenne umbalata ewa notherena ekayi!! umbalata Dharmaya dakinna awashya moolika sudusukama naha!! yonisomanasikaaraya naha!!! anna ethanayi awula. kohoma hari oya seratama wisanduma Saddharmashrawanaya ma thamayi!!! mahamevna.org site eke ekata awashya serama thiyanawa!!!

    සිතේ සියුම් කරුණු,සිත හැසිරෙන අයුරු, නාම-රූප ධර්ම,නිවන යන බුදු දහමේ එන ගැඹුරු කාරණා පිළිබඳ විස්තර කෙරෙන අභිධර්ම පිටකය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කිරීම තුළින් පරම පිවිතුරු බුදු දහමට ගරහන්න එපා..ඔබත් ඔබගේ ගුරා වන කිරිබත්ගොඩ හාමුදුරුවොත් කරන මේ ශාසන විනාශය ඔබලාගේම නපුරට සිටීවි...

    සූත්‍ර පිටකය යනු බුදුන් වහන්සේ විසින් ඒ ඒ පුද්ගලයන් හට සුදුසු පරිදි පවත්වන ලද දේශනයෝය.

    සූත්‍ර ධර්ම වනාහි වෛද්‍ය වරයෙකු විසින් රෝගින් පරීක්ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් වට්ටෝරු රැසක් වැනිය... අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය..ක්‍රමානුකූලව වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීමෙන් මිසක බෙහෙත් වට්ටෝරු කියවීමෙන් කිසිදා වෛද්‍යවරයෙකු විය නොහැක්කාක් මෙන් සූත්‍ර පිටකය පමණක් කියවීමෙන් කිසිදා බුදු දහම මනා කොට ඉගෙන ගත නොහැක..

    නිවන් දුටුවායැයි පිටු ගණන් පම්පෝරි ගැසීමෙන් හා අභිධර්මය ප්‍රතික්ෂෙප කර නිර්මල බුදු දහමට පයින් ගැසීමෙන් ඔබ ලබා තිබෙන නිවන කුමක් දැයි මනාව සිතා ගත් හැකිය...:shocked:

    නිර්මල බුදු දහම ලොවේ බැබලේවා....
     
    Last edited: