ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලිවම ප්රකාශ කරපු දෙයක් තියෙනවා, නාමරූප වලින් තොරව විඥාණයක් යන්නේ වත්. එන්නේ වත්, පවතින්නේ වත් නැහැ කියල! සමහරු 7 වෙනි විඥාණයක් කියල බුදුහාමුදුරුවෝ නොකියපු අලුත් එකක් ගැනත් කියනවා කියල අපේ හමුදුරුවොන්ගෙන් අහන්න ලැබුන. පිස්සු නේ... මෙතැනදී, මේ උනේ මොකද්ද, කොහොමද උනේ කියල දැක්කනේ. එකක් හන්ද අනික් එක පැවතුන මිසක් තනියෙන් තිබුන නෙවෙයි නේ. දැන් කාන්දම් කෑල්ලක් ගත්තොත් ඒකෙ වටේට චුම්බක බලරේඛා තියෙනවා, (අර කඩදාසියක් උඩට යකඩ කුඩු දාල, යටින් කාන්දම් කෑල්ලක් අල්ලලා බලන්නේ...) අපිට පුලුවන්ද බලරේඛා ටික විතරක් තියාගෙන කාන්දම් කෑල්ල විසිකරලා දාන්න? බෑනේ. ආයේ දැන් මෙතැනදී රූප ධාතු වලින් හැදිච්ච පාරක ගියපු විද්යුතය තමයි විඥාණය හැටියට සලකපු, හැමදේටම මුල් උන විද්යුත් චුම්බක ශක්තිය ගොඩනැගෙන්න හේතු උනේ. විද්යුතයක් ගමන් කරන්න විදියක් නැති උන ගමන්, විද්යුත් චුම්බක ශක්තියත් නැතුව යනවනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වෙත්! දැන් හොඳට තේරෙනවා ඇතිනේ.
දැන් එතකොට තව උපතක් කරා යැවෙන හැටි දැක්ක. බුදුන්වහන්සේ ප්රකාශ කලේ මෙතනින් චුත වෙනකොටම වෙන තැනක එයට අදාළ නිවසක් පහළවන බවනේ... යායන් තණ්හා පෝනෝභවිකා, නන්දිරාග සහගතා, තත්ර තත්රාභි නන්දනී ලෙසින්. ඉතින් අලුත් ගෙදරට ගිහින්, එහෙ තියන ඒවා සතුටින් පිළිඅරන්, ඒපාර ඒවාට ඇලෙනවා කිව්වා. මේ වෙලා තියෙන්නෙත් එහෙමයි. කලින් ඉඳල ගෙනල්ල එහෙම නෙවෙයි! මෙතනදී වෙන්නේ මෙහි සිදුවෙමින් තිබු ක්රියාකාරීත්වයට අනුව පැතිරුණු විද්යුත් චුම්බක ශක්තියට අනුව, වෙනම ස්ථානයක නාමරූප වලින් සකස්වූ තවත් කයක් සක්රිය වෙන එකක් නේ. නමුත් එය සක්රිය වන්නේ මෙහි තිබු සංඥා වලට අනුව බැවින්, මෙහි තිබු සියලු මතකයන්, ක්රියාකාරීත්වයේ සියලු ගුණාංග, අලුත් එකේ අඩංගු වෙනවා. excact copy එකක් වෙනවා. නමුත් ඒ මෙහි තිබු කිසිවක් හෝ මෙයට අයත්යයි සලකු කිසිවක් නෙවෙයිනේ... අපි හිතමු ඔය විදියට set උනේ ඕපපාතික උපතකට කියල. එහෙම උනොත් ඒ කෙනාට වෙනසක් වෙච්ච බව වත් තේරෙන එකක් නැහැ සමහර වෙලාවට. ඇයි කෝච්චියේ යනකොට රේල් පීලි මාරු උන කියල, ඇතුලේ ඉන්න අයට දැනෙන්නේ නැහැනේ! ටිකක් දුර යනකොට මුහුද පෙනෙන්න ගත්තොත් දැනගන්න පුළුවන් ආ දැන් ඉන්නේ මෙහෙ... කියල. ආයේ කඳු පල්ලම් ගොඩක් පෙනෙන්න ගත්තොත් දැනගත්ත හැකියි ආ දැන් ඉන්නේ කඳුකරයේ කියල. තේරෙනවා නේ... අනික් කරුණ විඥාණය තව තැනක් අල්ලාගෙනයි මෙතන අතහරින්නේ කියල එකක් අහල තියනවද? ඇයි ඉතින් වෙනම යන්න, පවතින්න බැරි එකක් නේ...
දන්නවද වැඩක්! දැන් පවතින එක හෙමි හෙමින් කඩාවැටෙද්දී, නිරයට නැත්නම් පෙරේත ලෝකෙට අයිති ගෙදරක් තමයි ඊළඟට ලැබෙන්න යන්නේ කියල හිතමු. එයාට සුළු කාලෙකට තැන් දෙකක, කයවල් දෙකක, ආයතන set 2 ක්, එකසැරේ පාවිච්චිකරන්න ලැබෙනවා. අපේ හාමුදුරුවෝ ඔය වගේ අවස්ථා 2 ක් ගැන කියපුව මම අහල තියෙනවා. එකක තරුණ කාන්තාවක්. එයා එක පාර කෑගහන්න අරන් තියෙනවා 'අම්මේ ගේ ගිනිගන්නවා' කියල. ඊළඟට කෑගහල තියෙනවා, 'අම්මේ මෙන්න 4 දෙනෙක් ඇවිල්ල මාව ඇදන් යනවා, බේරගන්න' කියල... ඒ ලක්ෂණ ඉතින් අපායේ කතාන්දරය තමයි. අපට බුදුහාමුදුරුවෝ කියල දුන්නේ යමපල්ලෝ 4 දෙනෙක් අත්වලින්, කකුල්වලින් අල්ලලා ඇදන් යන හැටියට තමයි! ආයේ තව එකක් තිබුන වයසක පිරිමි කෙනෙක්ද කොහෙද. එයා කෑගහන්න අරන් 'මොකද මේ හැමතැනම අසුචි...' කියල. ඊළඟට පෙරේත ආත්මෙකට වෙන්න ඇති. ඉතින් ඔය මේක joke එකක් හැටියට දැක්ක අය තේරුම් ගන්න මේක joke එකක් නෙවෙයි! මෙතරම් දුක් කන්දරාවක් නොවුන නම්, බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ නැහැ, 'හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්න උත්සහ ගන්නවා වගේ පුළුවන් ඉක්මනින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න'ය කියල! දැන් ඔය පිස්සු කෙලින උදවිය හොඳට seriously ගන්න මේක! (ඉල්ලගෙනම කන්න ඕනේ නම් ඉතින් කමකුත් නැහැ! තමන්ගේ කමත්තනේ...) මොකද තමන් විසින් වැරදියට භවයක් සකස්වෙන විදියට වැඩකරලා, ඒකෙ විපාක විඳින්න සිද්ධ වෙනකොට, බුදුකෙනෙකුට වත් ඒක වෙනස් කරන්න බැහැ! time pass උනොත් තමන් අන්තිම අමාරුවක වැටෙන්නේ... අපිට මෙච්චර කාලයක් තිස්සේ වෙලා තියෙන්නේ ඒක!!