හරි... දැන්, ඊළඟට කොහොමද දැන් මේ අස්සේ තියන කුණු ඇද ඇද, සුද්ද කරගන්නේ?? ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ... ඒකයි දැන් මේක අමාරුවෙලා තියෙන්නේ. ඒත් මේසැරේ වැඩේට බැස්සහම, ආයේ ගියොත්, ඊළඟට යන්නේ නිවන් අවබෝධයට පුරුදුවෙලා නේ... එතකොට නිවන් අවබෝධ කිරීමේ පුරුද්ද තමයි ලොකු, එච්චර අමාරු නැහැ! යන්න යන්න ලේසියි... ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ, "ඇසිපිය හෙලන මොහොතකටවත් මම සංසාරය නම් වර්ණනාකරන්නේ නැහැ" කියලයි. ආයේ ඇහුව 'G, චුට්ටක්ය කියල ගඳේ වෙනසක් නැහැනේද?' කියලත්. ඒ කිව්වේ, මෙතනදීම ඉවරයක් දකින්න try කරන්න කියන එකයි! බුදුහාමුදුරුවෝ මේ සංසාර ගමනේ කිසිම හරයක් නැතිබව පැහැදිලිවම දකලානේ කිව්වේ, මේක මේ අරටුවක් තියන ගහක් හොය හොයා, කෙහෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ වැඩක් කියල... අපි උන්වහන්සේ කියල දීපු විදියටම කලාම හරි.
දැන් ඉතින් තවත් පිස්සු කියවන්න, නිවන ඕක නෙවෙයි, මේකයි නිවන කියල බම්බුවක් කතාකරන්න දෙයක් නැහැනේ... technical stuff එකෙනුත් දැක්ක නේ feedback එක ගලවල දැම්ම නම්, feedback වෙන එක, මුලින් 'අජ්ජෝසාය චිත්තං' නවත්වාගෙන, ඊළඟට සංස්ඛාර ඇතිවෙන ස්වභාවය නවත්වා ගත්තනම්, මෙතැනින්ම සේරම ඉවරයි! ආයේ කතාකරකර ඉන්න තරම් වත් දෙයක් නැහැ! වැඩේ චුට්ටක් අමාරුයි තමයි... ඒකයි case එක! ඒඋනාට ඔහොම යන්කෝ... බුදුරජාණන් වහන්සේ, කර්ම රැස්වෙන ආකාරය දේශනා කලානේ... සැපසහගත අරමුණක් විඳපු එකක, ඒකම හිත හිතා හිටියොත්, ඒක ගැනම කියව කියවා හිටියොත්, ඒකම වර්ණනා කලොත්, ඒකම තමයි බන්ධනය වෙන්නෙත් කියල. අර මාලුන්ක්යපුත්ත හාමුදුරුවොත් බුදුහාමුදුරුවොන්ට කිව්වේ, උන්වහන්සේට තේරුණ විදිය... ඒ මාලුන්ක්යපුත්ත හාමුදුරුවෝ කියපු එකේ ඉතුරු ටිකෙන් පැහැදිලිවෙනවා දැන් ඔය පටලවිච්ච එක ලිහාගන්න තියන විදිය. (මම කලින් වතාවේ ඒ කතාව ලියපු එකේ පොඩි වැරද්දක් තියනවා. මම පට්ඝ නිමිත්ත කියල ලියල තියන එක වැරදියි! පටිඝ නෙවෙයි, අතහැරීම, නිදහස් වීම කියන තේරුමයි එන්න ඕනේ) ඊළඟට, සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව ඉන්නවා කියල බුදුහාමුදුරුවෝ කියල දීපු එකත් තේරුණා නේද? අර කර්ම රැස්වෙන්න හැදිලා තියන විදිය අනුව, අපි නිකම් හිටියත් දසමේ දසමේ හරි අපිව සන්සාරෙටම ඇදගන වැටෙන හැටි තේරුණ නේ... ඒකනේ 'සම්මා සංකප්ප' ඇතිකර ගැනීම ඉතාම වැදගත් වෙන්නේ!
දන්නවද ඉතින් මේ හිත බැසගැනීමයි, ඒකම ඒකම නැවත නැවතත් කිරීමයි, කර්ම රැස්වන ආකාරයයි, විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයි සේරම අහල, දැකල මට ඇතිවෙච්ච picture එක! මට පෙනුනේ මේක යෝධ fly wheel එකක් හැටියටයි. දැන් හොඳටම පැහැදිලියි මේ සේරම!! නිකම් හිතල බලන්න, කරකවන්න පුළුවන් විදියට හයිකරපු, මොකක් හරි බර රෝදයක්, චුට්ට චුට්ට හරි එක පැත්තටම තල්ලුවක් දාන්න ගත්තොත් මේක එන්න එන්නම දුවන්න, වේගයෙන් කරකැවෙන්න ගන්නවනේ... මේ වෙලා තියෙන්නෙත් ඒකමනේ... දැන් අපි චුට්ට චුට්ට හරි ඔය fly wheel එක අපාය ගාමී පැත්තට කරකව කරකවා සෑහෙන කල් ඇවිල්ල, දැන් අපි නැවැත්තුවත්, ඒකෙන් අපිව ඒ අතටම ඇදගෙන යනවා. ගොඩයන්න තියා චුට්ටක් වේගේ වත් අඩුකරගන්න බැහැ! හිත ඇදිලම යන්නේ කාමයට, භවයට මයි. මේක හරිම අනතුරු දායකයි. මට මතක් උනේ මහා කඳන් ඉරල ලී ගන්න පාවිච්චිකරන රවුන් කියත්! ලොකු එකක් ගත්තොත් අඩි 8-10 තරමේ, එහෙ මෙහෙ කරන්න 3-4 දෙනෙක් වත් ඕනේ වෙන, මහා බරපතල ඒවා. කියත් කිව්වම දන්නවනේ ගෑවුනත් ඇති! නිකමට දැති වලට පැටලුනොත් ඇඳන් ඉන්න එකක කෑල්ලක් හරි, පැටලිලා ගිහිල්ල අතපය කැපිලා විසිවෙනවා සුටුස් ගාල. හරිම dangerous! ඒත් මේවා පවිච්චිකරන්නත් ඕනේ අපේ උවමනාවල් ඉටුකරගන්න, අනතුරුදායක බව හන්ද, control කරගන්න ක්රමයකුත් ඕනෙමයි! අල්ලලා කරලා නවත්වන්න, අලවන්ගුවක් මොකක් වත් දාල නවත්වන්න බැහැනේ. කරන්න යන කෙනාට හරි, කියතට හරි, damages වෙන්නෙත් බැහැනේ. ඉතින් කොහොමද ඕක කරන්නේ?