අපි ඕනෙම කෙනෙකුට පෙනෙනවානම් පෙනෙන්නේ ඇස් දෙකෙන් විතරයි. ඇහෙනවා නම් කන් වලින් විතරයි. සේරම වැඩකටයුතු මේ ලැබිල තියන ආයතන (devices) වලට ගම්‍යවෙන (sense) දේවල් වලින් විතරයි! අපි විතරක් නෙවෙයි ඕනෙම සත්වයෙකුට පොදු සත්‍ය ඕකයි. ඒත් මේ පෙර පිණින් ලැබුණු ඉතාමත් දුර්ලභ අවස්ථාවේ, බුදුරජාණන්වහන්සේ මේ සකස්වෙලා තියෙන ජීවිත ගැන කරපු විග්‍රහය අහන්න ලැබුණ හන්ද, දැන් දන්නවා මෙතන මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියල. සංසාරයට වැටිච්ච දවසේ ඉඳල හැමෝම හිතාගෙන උන්නේ මේ 'මම'ය, මේ 'මගේ ආත්මය'ය කියල. හැබැයි බුදුන්වහන්සේ පෙන්වල දුන්න මෙතන එහෙම 'කෙනෙක්' නැහැ, මෙතන තියෙන්නේ හේතු නිසා ඵල හටගන්නා ස්වභාවයක් විතරයි, මේ නැවත නැවත සකස්වීම හරි නිෂ්ඵල දෙයක්, නිකරුණේ විඳවිල්ලක් විතරයි, මේ වෙනකොට අනන්ත කාලයක් තිස්සේ නොයෙකුත් නොයෙකුත් විදියට එහෙම දුක්විඳගෙන ආව මේ ගමන දැන්වත් නවත්වගන්න! ය කියල. හැබැයි මේ 'මාතෘකාව', සංසාර ගමන, පටිච්චසමුපාදයේ ක්‍රියාකාරිත්වය, කිසිඑකක් අපට ලැබිල තියන ආයතන වලට ගම්‍ය වෙන්නේ නැහැ! දැනෙන්නේ නැහැ! මේ සේරම බුදුරජාණන්වහන්සේගේ අවබෝධයම පිළිසරණ කරගෙන, තම තමන්ගේ ප්‍රඥාව දියුණුකරගෙන, දහම් ඇස පහලකරගෙන, දකින්න තියෙන දේවල්!! හැබැයි ඔතනට එන එක ස්වභාවයෙන්ම අන්තිම අමාරුයි!! අසංවර / දුස්සීල කෙනෙක් උනොත් අමාරු එක තව තවත් අමාරු වෙනවා. ඉතින් මේවා යන්තම් වත් තේරුම් ගන්න හැකියාවක් නැතුව ඉපදුන කෙනෙක් නම් කණගාටුයි!! මොකද කොච්චර කිව්වත් 'එදත් මීහරක අදත් මීහරක' type උදවියට මේ වැඩේ හරියන්නේ නැහැ!! මොකුත්ම නොදැන මේක follow කරන්න පටන්ගත්තු කෙනෙක් උනත්, ණුවනින් කල්පනාකිරීමේ හැකියාවෙන් යුතු කෙනෙක් උනානම්, යන්තම්හරි තේරුම්ගන්න හැකියාවක් තියෙන කෙනෙක් උනානම්, ජීවිතේ ගැන තේරුම්ගන්න උවමනාවක් ඇතිවෙලා... ඒවෙනුවෙන් ගොඩක් වෙහෙසිලා... මේ වෙනකොට අනිවාර්යයෙන් සැහෙන තත්වයකට ඇවිත් ඉන්න ඕනේ!! මේ මම/අපි කලින් මුහුණ දීපු අත්දැකීම්! හිතල/ගොතල ප්‍රසිද්ධියට කරන දෙයක් නෙවෙයිනේ... මට වෙච්ච දේවල්, වෙච්ච විදිය හොඳට මතකයි... ඉතින් එහෙම මේ ධර්මමාර්ගයට බැහැපු උදවියට තමයි මේකෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ.
ඉතින් බලන්න මේ අපිට පියවි ඇහෙන්, කණෙන් දැනගන්න නොලැබෙන කතන්දරයක් කොහොමද අපි පූර්ණ වශයෙන් දැනගන්නේ?? මොකද එහෙම පරිපූර්ණ වශයෙන්ම දැනගත්තු, 'හොඳටම දිරවපු' දේවල් තමයි කෙලින්ම අපේ සිතුම් පැතුම් එක්ක සම්බන්ධවෙලා, ජීවිතේට බද්ධවෙලා, ගැලපිලා යන්නේ. නැත්නම් නිකම් හරි artficial, කෘතීම, වැදගත් කමක් නැති දෙයක් වගේ තමයි! කොච්චර දේවල් ඇහුවත්, කියෙව්වත් ඒ දැනගත්තු දේවල් තමන් විසින්ම පරිපූර්ණ වශයෙන්ම විඳලා දැනගන්නකම් මේ ජීවිතය පිලිබඳ හැම කතන්දරයක්ම නිකම් බාහිර, ඉගෙනගත්තු යමක් විතරයි! තමන්ව වෙනස්කරන, තමන්ගේ අත්දැකීමක් වෙන්නේ නැහැ! ඒත් පූර්ණ අත්දැකීම ලබපුගමන්, වචනයෙන් විස්තර කරන්න බැරි status change එකක්, toggle action එකක් තමන්ටම තේරෙයි!! හැබැයි මේක තමන්ගේ උවමනාවට අනුව, තමන්ට අවශ්‍ය වෙලාවට ලබන්න නම් බැහැ!! බුදුහාමුදුරුවෝ කියා දුන්නේ, දර කෑලි දෙකක් නැත්නම් ගල් කෑලි දෙකක් එකට අතුල්ලලා ගිනිගොඩක් අවුලුවනවා වගේ වැඩක් කියලයි!! ඇවිලෙන එක වෙන්නේ අපට ඕනේ වෙලාවට නෙවෙයි, අපි ගිනිගන්නකන්ම අතුල්ලන්න ඕනේ! ටික වෙලාවක් අතුල්ලලා, 'අනේ දැන් බැහැ, දැන් මහන්සියි... පස්සේ වෙලාවක ආයේ අතුල්ලනවා' කියල හිතුවොත් වැඩේ හරියන්නේ නැහැ! පොඩ්ඩක් හරි කල් ඇරිය ගමන්, ආයේ මුල ඉඳලම එන්න වෙනවා... මොකද රස්නේ අඩුවෙච්ච ගමන්, ආයේ ඒ තිබිච්ච ගනනට රත්කරන් ඉන්න එපාය එතනින් ඉහලට යන්න. මේ වැඩේදිත් එකදිගට ඒකටම කැපවෙලා ඇදගන යන්න ඕනේ... කාලසීමා වලංගු නැහැ! පොඩ්ඩක් එහාමෙහා උනොත් pickup බහිනවා. එහෙම වෙන්න ඉඩ හැරියොත් අපට ගොඩක් පාඩුයි.