බුරවී සුළි කුණාටුව !!!

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ‼️
    ප්‍රවේසම් වෙමු
    🙏
    ‼️


    වසර ගණනාවකට පසු අද රාත්‍රී වනවිට සුළිකුණාටුවක පූර්ව ලක්ෂණත්,හෙට උදෑසන වනවිට සුළු බලපෑමකුත් හරියටම අනිද්දා උදේ 6 පසුවෙනවාත් සමඟ සුළිකුණාටුවක ප්‍රචණ්ඩකාරී ස්වභාවයත් ශ්‍රී ලාංකික අපිට අත් විඳීමට සිදුවේ.....
    ගමන් මාර්ගය වෙනස් නොවෙන පසුබිමක මුළු දිවයිනටම බලපෑම් කළ හැකි කුණාටුවක් අනිද්දා දවල් වෙද්දි අනුරාධපුරයට ආසන්නයෙන් ගමන් කළ හැකි අතර මෙහි බලපෑම දිවයිනට දැඩි ලෙස දැනෙනු ඇත.....

    128715668_2933215726909038_5332395518129980182_o.jpg

    ❌
    මෙය වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට කුණාටුවක් ඇතුල් වෙන පලමු අවස්ථාවයි....
    ගංගා ජලාශ ආසන්නයේ සිටින ජනතාවත් කඳුකර ජනතාවත් ඉතා ප්‍රවේසම් විය යුතු වේ
    ❌


    හෙට දිනයේ ඇතිවිය හැකි සුළිසුලං තත්වයට සූදානම්ද?

    🗽
    ඔබේ නිවසේ වහලය සහ අවට ආරක්ෂිතදැයි පරීක්ෂා කරන්න.

    🗽
    ඔබේ නිවසට අනතුරුදායක විය හැකි ගස් හෝ (අවම වශයෙන් අතු )කපා දමන්න.

    🗽
    ඔබේ නිවස අවට ඇති අධික සුළං හෝ වැසි තත්වයකදී හානියක් සිදුවිය හැකි ලිහිල් සැහැල්ලු ද්‍රව්‍ය ඉවත් කරන්න.

    🗽
    කුණාටු / මුහුද රළු වීම /ගංවතුර තත්වයක් ඇති වුවහොත්, ළගාවීම සදහා ඔබේ ළඟම ඇති ආරක්ෂිත උස් බිම සහ එයට ආරක්ෂිතව යා හැකි ප්‍රවේශ මාර්ගය දැන ගන්න.

    🗽
    හදිසි තත්වයකදී නිවසින් ඉවත්වීමට සිදුවුවහොත් භාවිතයට ගැනීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු හදිසි උපකරණ කට්ටලයක් පිළියෙළ කරගන්න

    ❗️
    විදුලි පන්දමක් සහ අමතර බැටරි
    ❗️
    බීමට ජලය
    ❗️
    ආහාර ද්‍රව්‍ය
    ❗️
    ප්‍රථමාධාර කට්ටලයක්
    ❗️
    වටිනා ලියකියවිලි
    ❗️
    ඇඳුම්, අත්‍යවශ්‍ය ඖෂධ, ළදරුවන්ට අවශ්‍ය දේ
    ❗️
    අවශ්‍ය යැයි හැගෙන දෙයක්

    🗽
    හදිසි සේවා වල දුරකථන අංක ලැයිස්තුවක් ළග තබා ගන්න.

    🗽
    වාහනවල ඉන්ධන ටැංකි පුරවා තබාගන්න.

    🗽
    ඔබේ නිවසේ ජල ටැංකි පුරවා තබාගන්න. ජංගම දුරකථන, ටෝර්ච් චාජ් කර ගන්න.


    🗽
    නිවසේ ශක්තිමත්ම කොටස කොහේද යන්න සහ සුළි සුළං තත්වයකදී නිවැසියන් සමග සිටිය හැකි ආරක්ශිතම ස්ථානය ගැන සහතික වන්න.

    🗽
    වැඩිදුර තොරතුරු සහ අනතුරු ඇඟවීම් සඳහා ගුවන් විදුලිය / රූපවාහිනිය ට සවන් දෙන්න.

    🗽
    රැගෙන යා නොහැකි වටිනා භාණ්ඩ, වැදගත් ලිපි ලේඛන, ඡායාරූප සහ සිහිවටන ජලය නොයන සේ ආරක්ෂිත බෑග්වල බහා විශාල / ශක්තිමත් අල්මාරියකට දමන්න .

    🌪
    🌪
    සුළි සුළං අවස්ථාවේදී
    🌪
    🌪


    🗽
    හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින්න
    🗽
    ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඇඳුම් අඳින්න.
    🗽
    දොරවල් අගුළු දමන්න හැකිනම් විදුලිය සහ ජලය ක්‍රියා විරහිත කරන්න.
    🗽
    ගොඩනැගිල්ලේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටින්න (ජනේල වලින් හොඳින්) ඈත්ව සිටින්න.
    🗽
    සියලුම විදුලි උපකරණ විසන්ධි කරන්න
    🗽
    ආරක්ශිත ස්ථානයක් වෙත යන්නේ නම් ගංවතුර හා සුළං අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දේ රැගෙන වේලාසනින් පිටත්ව යන්න.
    🗽
    පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කරන්න.
    🗽
    ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගනී නම් ශක්තිමත් මේසයක් හෝ බංකුවක් යටට යන්න.
    🗽
    සුළඟ හමා ගිය පසු සුළි සුළඟ අවසන් යැයි නොසිතන්න. දරුණු සුළං ඉක්මනින් වෙනත් දිශාවකින් නැවත ආරම්භ විය හැක.
    🗽
    රිය පැදවීම සිදුකරන්නේනම්, වහාම රථය නවත්වන්න (හෑන්ඩ්බ්‍රේක් සහ ගියර් වලින්) - නමුත් මුහුදෙන් ,ගස් වලින් හා විදුලි රැහැන් සහ කණු වලින් ඈත් ව නවත්තන්න.
    🗽
    වාහනයේම රැඳී සිටින්න.
    🗽
    හානියට පත් විදුලි රැහැන්, පාලම්, ගොඩනැගිලි, ගස් වලින් පරිස්සම් වන්න, ගංවතුරට බහින්න එපා.

    ❌
    ❌
    ❌
    වැදගත්ම දේ -සුළි සුළං /ගංවතුර බලන්න යන්න එපා
    ❌
    ❌
    ❌


    උපුටා ගැනීම UMANGA ගේ ෆේස්බුක් පිටුවෙන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දොරවල් අගුළු දමන්න හැකිනම් විදුලිය සහ ජලය ක්‍රියා විරහිත කරන්න.

    මෙහෙම කරොත් වහලේ කඩන් යයි.

    At the start of this entry, it was stated that air pressure drops in a tornado or hurricane. As it turns out, a house with no vents and airtight closed doors is in more danger of losing its roof than a well-vented building. This is because the air pressure inside is higher than that outside. Therefore, it is more likely for the roof to be pushed off than blown off.

    https://h2g2.com/edited_entry/A517169
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔච්චර දරුණුද. තාමනං හුළඟක්වත් නෑ.
    තව එකක්,
    අවුරුදු 30ක අත්දැකීම් වලින් කියන්නෙ. අපේ රටට කලින් අනාවැකි කියල එන ජාතියෙ එක ව්‍යසනයක්වත් මේ වෙනකල් ඇවිත් නෑ. සේරම කිසි හාවක් හූවක් නැතුව ඇවිත් රටෙන් භාගෙකට කෙලවල යන ජාතියෙ ඒව තමා මේ වෙනකල් ඇවිත් තියෙන්නෙ.
    මේ පාර ඕක වෙනස් උනොත් වාර්ථාවක් වෙන්නත් ඉඩ තියෙනව.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි කාරයො ඕක ගැන සෑහෙන බලාපොරොත්තුවෙන් ඉන්නෙ දාහකට වැඩියෙ මැරෙනව කියන්නෙ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Ameesha2

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ගු ඇන් පි කාරයො ඕක ගැන සෑහෙන බලාපොරොත්තුවෙන් ඉන්නෙ දාහකට වැඩියෙ මැරෙනව කියන්නෙ :lol: :lol: :lol:
    Bro you have a very very unique skill.
    You can basically connect anything to politics. I believe You can even connect the birth of your child to politics like "gu an p ballo *kana kota mehema un upadinawa " wage.

    You should compete in x factor

    Don't waste your gift

    Good luck
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Bro you have a very very unique skill.
    You can basically connect anything to politics. I believe You can even connect the birth of your child to politics like "gu an p ballo *kana kota mehema un upadinawa " wage.

    You should compete in x factor

    Don't waste your gift

    Good luck
    I think this whole 'gu an p' thing comes from his mother bro :P may be he is a result of a 'gu an p balla' and that's why he is so angry :lol: