බුරියානි / බිරියානි :D

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    සරළව කියන්නද හදන විදිය....??

    කුකුල් මස් 500යි
    බාස්මතී හාල් 500යි
    මීකිරි කෝප්ප එකයි
    තක්කාලි ගෙඩි ‍2යි
    බීලූනු ගෙඩි දෙකයි
    අමුමිරිස් කරල් 2යි
    සුදුලූනූ බික් 4යි
    අගල්1/2ක ඉගුරු කෑල්ලක්
    මිංචි කොල ග්‍රෑම් 50යි
    කොත්තමල්ලි කොළ ග්‍රෑම් 25යි.
    කහකුඩු තේහැ 1/2යි
    මිරිස්කුඩු තේහැ 1යි
    ගම්මිරිස් කුඩු තේහැ 1/2යි
    එනසාල් ඇට 6යි
    කරාමූ නැටි 10යි
    බේලීෆ් 1යි
    කුරුදු අගලක කෑල්ලයි
    ලුණු තේහැදි 3යි.
    තෙල් මේස හැදි 4යි.

    හාල් 4වතාවක් සෝදා විනාඩි 20ක් පෙගෙන්න තියන්න.

    ලූනු කපා දුඹුරුපාට වෙන තෙක් බැදගෙන ඉවත් කර ගන්න.
    එම ඉතිරි තෙලටම කුඩාවට කැපූ ඉගුරු සුදුලූනු දමා විනාඩියක් බැදෙන්නට හැර, තක්කාලි අමුමිරිස් හා කොළ වර්ග කපා එක්කරන්න . හාල් ඇරෙන්න ඉතිරි සියල්ල දමන්න. ලුණු පමනක් තේහැ 1 1/2ක් පමණ දමන්න. හොදින් මිශ්‍රකර අඩු ගින්දරේ හොදින් වසා පැය 1/2ක් පමණ පිස ගන්න.

    වතුර ලීටර් 3 1/2ක් පමණ ලිප තබා ඊට ඉතිරි ලුණු තේහැ 1 1/2 දමා උතුරවන්න. ඉන්පසු පෙගුන හාල් වතුර බේරා එයට දමා හාල් ඇටේ තුන්කාලට (75%ක්) පිසගන්න. වතුර බේරා චිකන් කරියට උඩින් දමන්න. තට්ටු වශයෙන්ද දැමිය හැකිය. එ අතරට බැදපු ලූනුද දමන්න.
    තදින් පියන වසා ඉතා අඩු ගින්දරේ පැය 1/2ක් තබා විවෘත්ත භාජනයකට හපා ප්‍රවේශමෙන් මිශ්‍ර කරන්න.

    දැන් කාපන්!!!:angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1148093

    fnbxcj.jpg

    කෝ බං saffron?saffron නැති බුරියානි මනාළිය නැති මගුල් ගේ වගේ.:D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෝ බං saffron?saffron නැති බුරියානි මනාළිය නැති මගුල් ගේ වගේ.:D

    Saffron 1g ක් රු. 1000/=කට වැඩිය ගණන්. එකෙන් එන්නෙ වැඩියෙන්ම වර්ණයයි. ෆ්ලේවර් එක එතරම් නෑ.මෙතනදි දාන හෝල් ගරම්මසාලා සහ මිංචි කොත්තමල්ලි කොළ වලින් හොද රසයක් එනවා. කහ සහ මිරිස් කුඩු වලින් හොද වර්ණයක් එනවා. පාට ඕනෙම නම් එග් යෙලෝ කලරින් බිංදු දෙක තුනක් අවසානයේ දමන්න පුලුවන්. මොකටද වහ කන්නෙ. Saffron 1g ක් ඉහත ප්‍රමාණයේ බිරියානි 10ක් විතර හදන්න ප්‍රමාණවත්. අනෙත ඔරිජිනල් කාශ්මිරි සැෆ්රෝන් හොයාගන්න අමාරුයි. බොරු ඒවා හරියට තියෙනවා.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    Saffron 1g ක් රු. 1000/=කට වැඩිය ගණන්. එකෙන් එන්නෙ වැඩියෙන්ම වර්ණයයි. ෆ්ලේවර් එක එතරම් නෑ.මෙතනදි දාන හෝල් ගරම්මසාලා සහ මිංචි කොත්තමල්ලි කොළ වලින් හොද රසයක් එනවා. කහ සහ මිරිස් කුඩු වලින් හොද වර්ණයක් එනවා. පාට ඕනෙම නම් එග් යෙලෝ කලරින් බිංදු දෙක තුනක් අවසානයේ දමන්න පුලුවන්. මොකටද වහ කන්නෙ. Saffron 1g ක් ඉහත ප්‍රමාණයේ බිරියානි 10ක් විතර හදන්න ප්‍රමාණවත්. අනෙත ඔරිජිනල් කාශ්මිරි සැෆ්රෝන් හොයාගන්න අමාරුයි. බොරු ඒවා හරියට තියෙනවා.

    ඒකත් ඇත්ත තමා..:yes:උබේ රෙසපි කොහොමත් එළ.මම දැක්කා දෙක තුනක්.ෆ්‍රයිඩ් රයිස්,ඩෙවල් චිකන් නම් සුපිරියටම ආවා..අනිත්වා තාම හදන්න බැරි උනා..වෙලා තියෙන වෙලාවක තව රෙසපි දාපන්.අරහේ කුකින් සෙක්ෂන් එක වේලෙනවා..:D