බුරුමයේ_පැවැත්වූ_හයවන_ධර්ම_සංගායනාව_1954

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බුරුමයේ_පැවැත්වූ_හයවන_ධර්ම_සංගායනාව_1954

    Chattha_Sang%C4%81yana.jpg
    1954 වෙසක් පොහොය දින සිට 1956 වෙසක් දින දක්වා, බුරුමයේ බුද්ධසාසන කවුන්සලයේ පූර්ණදායකත්වය ඇතිව, පවත්වා තිබේ.
    මේ සදහා බුරුම, ලාඕස, තයිලන්ත, ශ්‍රි ලාංකික සංඝයා සහභාගී වී තිබේ. ස්ථානය –world peace pagoda​

    අපේක්ෂාව :
    1.කාලයත් සමග සිදු වූ වෙනස්කම් අවම කිරීම සඳහා ත්‍රිපිටකය නැවත සංස්කරණය කිරීම

    2. බටහිර ආක්‍රමණ සමග බිඳ වැටුනු බුදුදහම නගා සිටුවීම හා සදාචාරාත්මක දියුනුවක් ලබා ගැනීම

    3. බුදුදහම පිලිබඳව අන්තර්ජාතික සබඳතා වැඩිදියුණු කිරීම

    4. සාමයේ බලාපොරොත්තු සමගින් ලෝකයට බුදුදහම දායාද කිරීම( ක්‍රිස්තියනි දහම ලෝක යුද්දය නවත්වන්නට සමත් නොවූ නිසා)

    මේ අවස්තාවේ බුරුම රජය ගැන මතක් කල යුතුය. අප ආදර්ශ ගත යුතු ඔවුන්ගෙනි. 2500 වන සම්බුද්ධත්ව ජයන්තිය, බොහෝ දෙනා විශ්වාස කලේ බුදු දහමේ අවසානය ලෙස ය. නමුත් බුරුම බෞද්ධ කවුන්සලය, පර්ලිමේන්තුව හා ස්වාමින්වහන්සේලා බලාපොරොත්තු කඩ කරගෙන නොසිටියහ.

    ලෝක සාමය උදා කරලිමට ක්‍රිස්තියනි ධර්මයට හැකියාව තිබූ නමුත් එය අසාර්ථක වූ බවත් බටහිර ක්‍රිස්තියනි සමාජය බොහෝ වාර ගනනක් යුද්ධයකට පෙරලූ බවත් බෞද්ධයන් ගේ හැඟීමයි. ඒ නිසා මෙයට වෙනත් ආකාරයක ප්‍රවේශයක් අවශ්‍යව තිබේ. මෙම මතය බුරුම පාර්ලිමේන්තුව මගින් ප්‍රකාශ වී ඇත්තේ මෙසේ ය.

    “ලෝකය විනාශයට ඇද දමන, සාසසික හා විනාශකාරී ක්‍රියාවල මූල බීජ වන ලෝබ, ද්වේශ හා මෝහ මර්ධනය කරමින් මිනිසුන් ආධ්‍යාත්මික හා සදාචාර සම්පන්න මාර්ගයකටප්‍රවේශ කරලීමට මූලෝපායන්ගැනීමේ අත්‍යාවශ්‍යතාවය ගරු පාර්ලිමේන්තුව විසින් මෙසේ ප්‍රකාශ කර සිටී…. ”

    මේ අදිශ්ඨාන ශක්තිය කෙලවර උනේ 6 වන ධර්ම සංගායනාවෙනි.

    ප​. ලි.:
    ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය බිඳ වැටුනු හැම විටකම අප ලඟ සිටි කල්‍යාණ මිත්‍රයා බුරුමය ම ය. මේ සම්බුද්ධ රාජ්‍යය අදත් බැබලෙන්නේ බුරුමය නිසා ය. අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් අපට දායාද කලේ බුරුමයයි. අප රට ජාතියට සෙනෙහසක් උපදින්නේ යම් සේ ද බුරුමය කෙරෙහි එම සෙනෙහස ඉපදිය යුතු ය. ශ්‍රී ලංකාවට නිර්මල තේරවාදී බුදු දහම රැක ගැනීමට හැකි උනේ මෙවන් අප්‍රතිහථ ධෛර්‍යය යේ ප්‍රථිපලයක් ලෙස ය​. නමට බෞද්ධ නොව, සීලයේ ශක්තිමත් වී සැබෑ බෞද්ධයන් ලෙස ඉදිරි පරපුරටත් බුදු දහම රැක ගැනීම අප කාගේත් වගකීමකි.

    ref : http://discussions.pathnirvana.org/2017/04/04/6-wana-damma-sangayana/,https://en.wikipedia.org/wiki/Buddhist_councils
    මන් දැනගත්තු දේවල් වලින් ටිකක් :
    ඇත්තටම මේ ධර්ම සංගායනාවට රහතන් වහන්සේලා වැඩම කරලා තියනව කියල කියන්නේ.
    අද අපි පාවිච්චි කරන ත්‍රිපිටකය මේ ධර්ම සංගායනාව අවසානයේ ඉදිරිපත් කරපු ත්‍රිපිටකය.

    මන් දැක්ක වැරැද්ද මේකයි මේක අපේ ගොඩක් ලංකාවේ බෞද්ධ කියාගන්න අය මොකටද මේ බුද්ධගෝෂ හාමුදුරුවෝ අල්ලගන ත්‍රිපිටකය වෙනස් කරා කියා කියා කැගහන්නේ කියන එක.
    වර්තමාන ලෝකෙය වැඩ වාසය කරන රහතන් වහන්සේලාත් පිළිගත්තා ත්‍රිපිටක සංශෝධනයක් නම් එකේ කිසිම දෙයක් වරදින්න විදිහක් නැ. අපේ අයට තේරුම ගන්න බැරිකම විතරයි තියෙන්නේ


    මේ දේවල් ගැන ගොඩක් විස්තර හොයාගන්න නැ දන්න කෙනෙක් ඉන්නව නම් තව වැදගත් වෙන දේවල් දන්නා.