බුලත් විටේ මාරයා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    download (1).jpg
    download.jpg
    images.jpg


    දුම්කොළ මිශ‍්‍ර බුලත් විටි කෑම නිසා මුඛ පිළිකාව වැළඳී දිනකට ශ‍්‍රී ලාංකිකයින් තිදෙනකු බැගින් මියයන බව හඳුනාගෙන ඇත.

    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් කරන ලද සමීක්ෂණයක් මගින් මේ බව හඳුනාගෙන ඇති අතර, එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන්නේ මේ තත්ත්වය මත හා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට අනුකූලව දුම්කොළ අඩංගු විටි වර්ග විකිණීම හා ප‍්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමේ තීරණය තදින්ම සමාජය තුළ ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

    එසේම, සිගරැුට් ඉරීම මගින් සෑම තත්පර හතරකට වරක් ලෝකයේ එක් පුද්ගලයකු බැගින් මිය යන බවත් ඒ අනුව ශ‍්‍රී ලංකාවේ දී දුම්කොළ අඩංගු බුලත් විටි සපා මියයන සංඛ්‍යාවට සමාන ගණනක් එනම්, තිදෙනකු සිගරැුට් ඉරීම නිසාද මිය යන බවත් එකී වාර්තා පෙන්වා දේ.

    එනමුත් වැඩිම ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් මිය යනු ලබන බව කියන්නේ මත්පැන් පානය නිසාය. වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාට අනුව එම ප‍්‍රමාණය දිනකට 20 - 25 ත් අතර ප‍්‍රමාණයකි. අවාසනාවකට මෙම අධිකාරිය දුම්කොළ හා මද්‍යසාර ගැන පමණක් කතා කරන නිසාදෝ මේ දිනවල වැඩි වශයෙන් කතා කරන හෙරොයින්, අයිස්, කංසා, අබින් වැනි මත්කුඩු හේතුවෙන් අන්තරායට හා මරණවලට ලක්වන පිරිස් ගැන එහි සඳහනක් කර නැත.

    මේ අනුව අපට වැටහෙන්නේ දුම්කොළ හා මද්‍යසාර නමැති නිහඬ සතුරා විසින් වාර්ෂිකව මිනිස් ජීවිත සිය ගණනක් අපටත් නොකියා හොර රහසේම සමාජයෙන් උදුරා ගන්නා බවයි.

    දුම්කොළ මිශ‍්‍ර විටි කෑම මෙන්ම මද්‍යසාර පානය අනාදිමත් කලක පටන් මෙරට සිදුවන්නකි. කිතුල හා පොල් ගස මැද රා කට්ටක් බීමට හුරු වූ ගැමි ජනයා ගැන අතීතයේ පටන් තොරතුරු පවතින නමුත්, සැබැවින්ම එකල ද මද්‍යසාර පානයට රජවාසලෙන් විවිධ තහංචි පැනවී තිබිණි. නොහොත් බදුවලට යටත් විණි. සැබැවින්ම මෙරටට මද්‍යසාර හඳුන්වා දුන්නෝ යුරෝපීයයෝය. පෘතුගීසීන් මද්‍යසාර පමණක් නොව, පාන් ද හඳුන්වා දුන් අතර, මෙරට ජනයා ඊට හුරු කළෝය. ලන්දේසීන් හා ඉංග‍්‍රීසීන්ද හොඳ බෙබේලා වූ අතර, සිංහලේ අන්තිම රජු, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට ද හොඳටම පොවා ඔහුද බේබද්දෙක් තත්ත්වයට පත් කළේය. ඔහු විසින් නියෝග දී ඇහැලේපොල දරුවන්ට විවිධ වධ බන්ධන දී මරා අවසානයේ එම කුමාරිහාමි වැවේ ගිල්වා මරා දමන අයුරු බලාසිටියේ ද බමන මතින් බව කියනු ලැබේ.

    මත්පැන් නොහොත් රේන්ද කර්මාන්තය මුහුදුබඩ කලාපයේ ඉතා හොඳින් පැතිර ගියේ මේ කාලවකවානුවේය.

    අප මේ සිහිපත් කළේ බීමත්කම හඳුන්වා දුන් මුල් කාලයේ සිදු වූ සිංහලේ මහා අපරාධයක් පිළිබඳවය. මෙවන් අපරාධ විශාල ප‍්‍රමාණයක් බේබද්දන් විසින් හා කුඩුකාරයන් විසින් ගතවූ කාලය පුරා සිදුකරනු ලැබ ඇත.

    එසේම සංවිධානාත්මක අපරාධ සියල්ලක් පාහේ සිදුවන්නේ මත්කුඩු, මද්‍යසාර ඇසුරේ බව නොරහසකි. මිනීමැරුම්, කොල්ලකෑම්, ස්ත‍්‍රී ¥ෂණ, අයථා ඉපයීම්, අල්ලස්, ¥ෂණ යනාදී අපරාධ රැුසකට මෙසේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවක් වී ඇති අතර, අනෙක් අතින් පෙර කී පරිදි අතිවිශාල ජීවිත හානියක් සිදුවේ.

    එසේම, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැළඳෙන රෝග සුවකිරීම සඳහා නිදහස් සෞඛ්‍ය සේවාවෙන් මොනතරම් ධනස්කන්ධයක් රජය මගින් වැය කරනු ලබන්නේද?

    මේ අනුව බලන කල දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය රටට පිළිලයකි. ඒ අනුව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන පරිදි දුම්කොළ අඩංගු විටි වර්ග විකිණීම හා ප‍්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමේ තීරණය තදින්ම සමාජය තුළ ක‍්‍රියාත්මක වීම සිදුවිය යුතු අතර, එය සියලූ මත්පැන් හා මත්ද්‍රව්‍ය සඳහා ද අදාළ විය යුතු බව අපගේ හැඟීමයි.

    මේ කතාවෙන් බුලත් විටක් සපන සාමාන්‍ය ජනයා විටෙක උරණ වන්නට ද බැරි නැත. නමුත් මේ වනවිට සාම්ප‍්‍රදායක බුලත් අතෙන් හුණු, දුම්කොළ ඉවත් කර ඇත්තේද මේ හානිකර තත්ත්වය සමාජ ආදර්ශයක් නොකරනු සඳහාය. එබැවින්, සාමාන්‍ය ජනයා මේ ගැන උරණ නොවිය යුතු අතර, මේ නිසා සිදුවන මරණය නමැති යථාර්ථය ගැන සියල්ලෝ මෙනෙහි කළ යුතුය.




    link
    https://divaina.com/daily/index.php/kathuwakiya/47089-2020-08-25-13-54-65
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Dunkola wenuwata ganja kola welanna bari ai? Gini thiyanne nathuwa. Dunkola company nisa thamai rate ganja gini thiyanne.
    බුලත් සමග ගන්ජා..😂 හැම ඉලව්වටම ගංජා. ගංජා නැතුව කෑම එපා කියන සීන් එකක් තියෙන්නේ ඉස්සරහට
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මධ්‍යසාර හා සිගරට් හඳුවාදුන් යුරෝපියයන්ම තමයි ලංකාවට දුම්කොළ හඳුවාදෙන්නේ.

    මේ සියල්ල අතීතයේ මෙරටේ නිර්මාණය නොවූ දේවල් නිසා ප්‍රතික්ෂේප කරන්න ඕන.

    හුණු කොරල් ආශ්‍රිතව නිෂ්පාදනය වෙන්නට පෙර අපේ රටේ තිබුනේ කුඹුක් ගසේ පොතුවලින් හදාගත් හුණුය. (දැන් ඩොලමයිට්) එය නැවත ඇති කරන්නට අවශ්‍යය.

    ඈත අතීතයේ සිට මෙරට පැවති ගංජා භාවිතයට යෑම හැම අතින්ම වාසි සහගතය. ඒ සඳහා යුරෝපියයෝ සැදූ නීති එන පනත් වෙනස් කිරීමට කාලය එළඹ ඇත.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ithin gennnanne nathuwa htyanam iwarane..uththare hutta laga thiyagena puke arinawa wage wadakne oi meka...ai gennanne mechchara marenawanam..
     
    • Like
    Reactions: NRTG