බූරුවාගේ_වටිනාකම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බූරුවාගේ_වටිනාකම

    බූරුවාගේ වටිනාකම


    බන්දු මහ මැතිවරණයේදී කැපවී වැඩ කළේ සුමතිපාල මහතාටය. එහෙයින් බන්දුගේ නැන්දම්මා හදිසි අනතුරකින් මිය ගිය බව දැනගත් සුමතිපාල මන්ත්‍රීතුමා අවමංගල්‍යයට කල්වේලා ඇතිව පැමිණියේය.
    ”බූරුවෙක් පයින් ගහලා මැරුණත් බන්දුගෙ නැන්දම්මා ගම් පළාතේ බොහොම ජනපි‍්‍රය වෙලා හිටිය කෙනෙක් බව මේ ඇවිල්ලා ඉන්න සෙනඟෙන්ම පේනවා! සුමතිපාල මන්ත්‍රිතුමා බන්දුට කීවේ මළගමට පැමිණ සිටි සෙනඟ දෙස බලමිනි.
    ”නැහැ... මන්ත්‍රීතුමා තමුන්නාන්සෙට පොඩි වැරැදීමක් වෙලා. මේ සෙනගෙන් වැඩි දෙනෙක් ඇවිත් ඉන්නේ බූරුවව ණයට ඉල්ලා ගෙන යන්න.” බන්දු මන්ත්‍රීතුමාගේ කනට ළං වී පැවසීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගිය මාසෙ විස්තර

    ගිය මාසෙ විස්තර


    ”ඔයා බඳින්ඩ ඉස්සෙල්ලා මං කලින් කෙල්ලොත් එක්ක තිබිච්ච සම්බන්‍ධකම් ඔක්කොම ඔයාට කියන්ඩ ඕනෙයි කියල මම හිතුවා. ඒක මගෙ යුතුකමක්.” පින්තු ඉන්ද්‍රානිට කිව්වේ රාජගිරිය බස් නැවතුමේ සිට කාර්යාලයට යද්දීය.
    ”ඉතින් ගිය මාසෙ ඔයා ඒ ඔක්කොම දේවල් මට කිව්වනෙ ළමයො.” වේගයෙන් ආ බස් රථයක් නිසා පින්තු දෙසට හොඳටම ඇලවෙමින් ඉන්ද්‍රානි කීවාය.
    ”ඇත්ත... ඒ ගිය මාසෙට කලින් ඒවනෙ.” පින්තු කීවේ ඉන්ද්‍රානි දෙස ආදර බැල්මක් හෙළමිනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වෙයිද?

    මොනවා වෙයිද?


    මනෝජ් සති අන්තයේ මීරිගම නගරයට පැමිණියේ යහළුවකු හමුවන අදහසිනි. දුම්රියපළ ඉදිරිපස මාර ගසක් පාමුල සිටි සාස්තරකරුවකු බලෙන් මෙන් මනෝජ්ගේ අත බලා මෙසේ කීය.
    ”තව වැඩි දවසක් යන්ඩ කලින් මහත්තයාට හොඳ ලස්සන සල්ලිකාර කෙල්ලෙක් බඳින්න ලැබේවි. ඊට පස්සෙ දැන් ඔය තියෙන කරදර ඔක්කොම ඉවර වෙලා බොහෝම සන්තෝසෙන් පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන්ඩ පුළුවන් කියල ස්ථීරේටම කියන්ඩ පුළුවන්.”
    ”ෂං. මරුනේ! ඒත් මට අහන්ඩ එක දෙයක් තියෙනවා.” මනෝජි කීවේ සතුටින් ඉපිලෙමිනි.
    ”ඔව් ඔව්, මහත්තයට ඕන දෙයක් අහන්ඩ.” සාස්තරකරු කීවේය.
    ”එතකොට මගෙ නෝනටයි ළමයි තුන්දෙනාටයි මොනවා වෙයිද?” මනෝජ් ඇසීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිව්‍ය ලෝකය

    දිව්‍ය ලෝකය


    පියසේන සාලයේ සැටියක වාඩි වී පුවත්පතක් කියවමින් සිටියේය. පියසේන ගේ පුත් මනෝජ් සිටියේ සාලයේ වාඩිවී සෙල්ලම් කරමිනි. හදිසියේ හිස ඔසවා තම පියා දෙස බැලූ මනෝජ් මෙසේ ඇසීය.
    ”තාත්තෙ දිව්‍ය ලෝකෙ මිනිස්සු කසාද බඳිනවද?”
    පියසේන පුවත්පතින් දෙනෙත් මෑත්කොට පුතා දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.
    ”අපොයි නෑ පුතා. ඒකනෙ එහාට දිව්‍යලෝකෙ කියන්නෙ.”

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙකම එක වගෙ

    දෙකම එක වගෙ


    පොත් සාප්පුවේ කවුන්ටරයක් වෙත කිට්ටු වූ එපිටවල මහතා එහි සිටි සේවකයකු අමතා මෙසේ කීය.
    ”මම මෙහෙන් ගිය සතියේ අරගෙන ගියා ‘බෝම්බය සහ තුවක්කුව‘ කියන පොත. ඒක මම එක හුස්මට කියෙව්වා. කරුණාකරලා මට තව ඒ වගෙ හොඳ පොතක් තෝරල දෙන්න පුළුවන්ද?”
    පොත් රාක්ක වෙත ගිය සේවකයා ආපසු ආවේ පොතක් සැණෙකින් තෝරාගෙනය.
    ”එහෙම නං සර්ට ගැළපෙන්නේ මෙන්න මේ පොත. මේක ‘නැන්දම්මා සහ බිරිඳ’ අරක වගේමයි.”

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්ත්‍රී ලිංග පද

    ස්ත්‍රී ලිංග පද


    ”ප්‍රේමකුමාර ස්ත්‍රී ලිංග පද දන්නවද?”
    සිංහල පන්තියේදී ගුරුතුමිය ඇසුවේ ප්‍රේමකුමාරගේ අවධානය පාඩමට යොමු වී නැතැයි අනුමාන කරමිනි.
    ”දන්නවා ටීචර්.” ප්‍රේමකුමාර වහා නැගිට පිළිතුරු දුන්නේය.
    ”එහෙනං කියනවා බලන්න ස්ත්‍රී ලිංග පදයක්.” ගුරුතුමිය කීවාය.
    ”ස්ත්‍රිය” ප්‍රේමකුමාර වහා පිළිතුරු සැපයීය.



    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.