බෙදාහැරීම් තාරාපැවි (Distribution Transformers)

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    බෙදාහැරීම් තාරාපැවි (Distribution Transformers)

    බෙදාහැරීම් තාරාපැවි කියලා කිව්වට මේ කියන්නේ අපි හැමෝම හොඳට දන්න Distribution Transformers ගැනම තමයි.

    මේ බෙදාහැරීම් තාරාපැවි අපිට පාර දිගට තැන් තැන්වල විදුලි කණු වල සවිකරලා තියෙනවා දකින්න පුලුවන්... සමහර වෙලාවට මේවා තියලා තියෙන්නේ කොන්ක්‍රීට් Slab එකක් උඩ (ප්‍රමාණයෙන් විශාල ඒවා)

    මේවායේ ප්‍රමාණය (rating) දක්වන්න යොදා ගන්නේ kVA (කිලෝ වෝල්ට් ඇම්පියර්) කියන ඒකකයයි. ලංකාවේ භාවිත වන බෙදාහැරීම් තාරාපැවි 50 kVA, 100 kVA, 160 kVA, 250 kVA, 400 kVA, 630 kVA සහ 1000 kVA කියන ප්‍රමාණ වලින් පවතිනවා...

    මේවායින් 50 kVA, 100 kVA, 160 kVA, 250 kVA යන ප්‍රමාණ වල තාරාපැවි තනි විදුලි කණුවක් මතත් 400 kVA සහ 630 kVA යන ප්‍රමාණ වල ඒවා විදුලි කණු 2ක් මතත් 1000 kVA ප්‍රමාණයේ ඒවා කොන්ක්‍රීට් Slab එකක් මතත් ස්ථාපනය කරන්න පුලුවන්...

    ඉතිං ගොඩක් වෙලාවට මේ තාරාපැවි වලින් වෙන්නේ විදුලි බල මණ්ඩලයේ බෙදාහැරීම් කලාපවල 33 kV වෝල්ටීයතාවත් ලංකා විදුලි පෞද්ගලික සමාගමේ බෙදාහැරීම් කලාපවල 11 kV වෝල්ටීයතාවයත් ගෘහස්ත පරිභෝජනය සඳහා යොදාගන්නා තෙකලා 400 V (එකලා 230 V) වෝල්ටීයතාවය දක්වා අඩු කිරීම තමයි...

    මේ තාරාපැවි වලට 11 හෝ 33 විදුලිය ලබා දීමේදී ඒ සඳහා විශේෂ ආරක්ෂක ස්විචයක් භාවිතා කරනවා... ඒකට කියන්නේ DDLO (Drop Down Lift Over) කියලයි... මෙම ස්විචයේ තියන විලායකය (fuse) දැවී ගියාම ස්විචය පහතට වැටෙනවා... ඒ වෙලාවට විලායකය මාරු කරලා ස්විචය නැවත ඉහලට එසවිය යුතුයි... ඒ නිසා තමයි මේ ස්විචයට ඉහත නම වැටිලා තියෙන්නේ...

    ඉතිං මේ තාරාපැවියෙන් වොල්ටීයතාවය 400 V දක්වා අඩු කලාට පස්සේ එම විදුලිය Cut Out නමින් හඳුන්වන විලායක හරහා ගෘහස්ථ පරිභොජනයට බෙදා හරිනවා...

    මීට අමතරව අධි විදුලි පැත්තේදී තාරාපැවිය අකුණු වලින් ආරක්ෂා කිරීම සඳහා Surge Arresters භාවිතා වෙනවා...

    හදිසියේදි වත් අපිට ගෙදරට 230 V වලට වඩා අඩු වෝල්ටීයතාවයක් නම් ලැබෙන්නෙ බල්බ ඩිම් වීමක් සිදු වෙනවා... මේක ගොඩක් වෙන්නේ පරිභෝජනය උපරිම වන එනම් රාත්‍රී 7 සිට 9.30 අතර කාලයේදී වගේ... ඉතිං මේ ගැන ඔබේ පලාත භාර විදුලි අධිකාරී මහතාට (Electrical Superintendent) පැමිණිලි කලොත් එසේ වීම වැලැක්වීම සඳහා අවශ්‍ය සැකසීම් කිරීමේ පහසුකමත් මේ බෙදාහැරීම් තාරාපැවි වල අඩංගු වෙනවා...

    images