බෙදුණු යුගයේ මතක
ප්රභාකරන් ඇල්ප්‍රඩ් දුරෙයිඅප්පාට වෙඩි තබයි
වේළුපිල්ලේ පිරිබාහරන් සමඟ සසඳන විට හිට්ලර් මොන ඝාතකයෙක්ද? පොල්පොට් මොන අපරාධ කාරයෙක් ද? බින් ලාඩ්න් මොන ඝාතකයෙක්ද? ජගත් රහස් ඔත්තු සේවාවන්ට අනුව කොටි නායක පිරිබාහරන් හෙවත් ‘වැල්වැටිතුරේ තම්බි’ ලොව අංක එකේ ත්‍රස්තවාදියාද පළමු පෙළේ ඝාතකයා ද වේ. මොහු සතු ම්ලේච්ඡත්වයට ඉඩී අමීන් දෙවැනි වේ. පිරිබාහරන් මානසික රෝගියෙක් බව සමහරු කියති. දෙමළ රහස් පරීක්ෂක කතා කියවා පිරිබාහරන් මිනී මරන හැටි උගත් බවද කියැවේ. කෙසේ වුවද ඔහුගේ ජීවිතය අභිරහසකි. ඔහු කෙබඳු පුද්ගලයකු දැයි තවම හඳුනා ගෙන නැත.
පිරිබාහරන් කෙබඳු ඝාතකයකු දැයි හඳුනා ගැනීමට නම් ඔහුගේ ඝාතන රැල්ල නිරීක්ෂණය කළ යුතුය. ඒ අවස්ථාව ‘බෙදුණු යුගයේ බිහිසුණු
මතක...’ විශේෂාංගය ඔස්සේ අද (25 වැනිදා) සිට දිනමිණ පාඨකයන්ට දිනපතා කියවීමට ඉඩ ලැබෙනු ඇත. මේ එහි මුල් පියවරයි.
ඝාතකයන් ගිය පසු වෙළෙඳ සැල් හිමි කාන්තාව එළියට එන්නැ’යි සැඟවී සිටි යෝගනාදන්ට කතා කළාය.
එළියට ආ යෝගනාදන්ට දැක ගත හැකි වූයේ ‘වතුර ... වතුර...’ ලෙසින් කැඩුනු වදනින් වතුර ඉල්ලා සිටින යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා මහතා ය.
වහා එම ස්ථානයට දිව ගිය යෝගනාදන් වෙඩි වැදුණු දුරෙයි අප්පාගේ සිරුර සිය ඔඩොක්කුව මත තබා ගත්තේය.
ඒ සමගම වතුර බිඳක්ද මුවට එක් කෙළේය. අමාරුවෙන් මුවඟ තෙමාගත් දුරෙයි අප්පා, යෝගනාදන්ගේ ඔඩොක්කුව මතම මරු වැළඳ ගත්තේය.
වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ප්‍රථම මිනිස් ගොදුර ලෙසින් යාපනයේ නගරාධිපතිවරයා සිය සගයකුගේ ඔඩොක්කුව මත මිය යන්නේ එසේය.
ඝාතනය වන විට 48 වැනි වියෙහි පසුවූ ඇල්ෆ්‍රඩ් දුරෙයි අප්පා මහතා යාපනයේ ජන ප්‍රසාදය දිනා සිටි නායකයෙකි. පළමුවෙන්ම යාපනය දිස්ති‍්‍රක්කයේ ස්වාධීන මන්තී‍්‍රවරයකු වශයෙන් කටයුතු කළ දුරෙයිඅප්පා ඉදිරිපත්වුණු සෑම මැතිවරණයක් පාහේ ජයගත් අයෙකි.
කිහිප වතාවක්ම යාපනය නගරාධිපති ධූරයට පත් වනුයේ ප්‍රදේශය තුළ ඔහු ලබා තිබූ ජනප්‍රියත්වය නිසාය. මේ ජනප්‍රියත්වයේ රහස රැඳී තිබුණේ ඔහුගේ තිබුණු මිත්රශීලීත්වය නිසාය.
සිය ඡන්ද දායකයන් පෞද්ගලිකව වෙන වෙනම ඔහු දැන සිටියේය. සැමට ඔහු සැලකුවේ සිය පවුලේ සාමාජිකයන් ලෙසටය. යන එන මග තොටේදී හමුවන පිරිසද සමඟ කතා බහ කිරීමටද මැළි නොවූ දුරෙයි අප්පා මහතා ඔවුන්ගේ දුක සැප පිළිබඳ නිතරම විමසිලිමත් විය. නගරයේ මෙන්ම ජන ජීවිතයේදී සෞඛ්‍ය අධ්‍යාපන සහ යටිතල පහසුකම් නංවාලීමට ඔහු ඇප කැපවී කි‍්‍රයා කෙළේය.
නගරබදව වෙළෙඳ පොළේ පවතින අඩු පාඩු මෙන්ම ජනතාවගේ රැකියාව පිළිබඳ ඔහු සැලකිලිමත් විය. මේ අතරම ස්වාධීන මන්තී‍්‍රවරයෙකු ලෙස සිටින අතරම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සබඳතා ගොඩ නගා ගත්තේය
.
එදා යාපනය
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමීපතම මිතුරකු වී සිටියේය. ඔහුගේ ඡන්ද පදනම දෙස බැලූ කල පෙනී යන දෙයක් තිබුණි. එනම් සිංහල, මුස්ලිම්, ජනතාවද නාගරික දිළින්දන්ද ඔහු වටා සමීපවීමයි.
මෙලෙස එක් අතකින් ජනතාවටද අනික් අතින් පාලක පන්තියටද සමීප ලෙස කටයුතු කිරීමට දුරෙයි අප්පා මහතා සමත් විය.
මොහු ලබා සිටි මේ තත්ත්වය නිසා පෙඩරල් පක්ෂය ඇතුළු යාපනයේ තිබූ වෙනත් දෙමළ පක්ෂවලට දුරෙයි අප්පා අභියෝගයක් වී තිබුණි.
මෙවැනි පසුබිමක 1970 මහ මැතිවරණය පැවැත්විණි. එහිදී තරග කළ පෙඩරල් පක්ෂය බලාපොරොත්තු නොවූ පරාජයක් ලැබුවේය. පෙඩරල් පක්ෂයේ ප්‍රධානීන් ගණනාවක් පරාජය ලැබූ පිරිස අතර විය.
පක්ෂයේ ලේකම් එස්. ජේ. වී. නාගනාදන් පරදවා ද්‍රවිඩ සංගමයේ සී. අරුම්පලම් නල්ලූර් ආසනය ජය ගත්තේය. ඒ අමිර්තලිංගම් පරදවා ද්‍රවිඩ සංගමයේ ඒ. ත්‍යාගරාජා වඩුක්කෝඩෙයි ආසනය ජය ගත්තේය.
කිලිනොච්චි ආසනයට පෙඩරල් පක්ෂයෙන් තරග කළ අලාල සුන්දරම් පරාජය වූයේ ද්‍රවිඩ සංගමයේ ආනන්ද සංගරීටය. මෙලෙස පෙඩරල් රාජ්‍ය පිළිබඳ විශ්වාස කළ පෙඩරල් පක්ෂය පරාජය විය.
මින් පසුව පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 1971 පෙබරවාරි මස 7 වැනි දින යාපනයේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු කර රැස්වීමක් පැවැත්වීමට පෙඩරල් රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටි පෙඩරල් පක්ෂය කටයුතු කෙළේය.
එහි දෙවෙනි රැස්වීම 1972 මැයි 14 දින ති‍්‍රකුණාමලය නගර ශාලාවේදී පැවැත්විය. රැස්වීමට පෙඩරල් පක්ෂයේ සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය,
ලංකා වතු සංගමය, එලතමිලා ඔට්ටුවෙයි මුනානි සංවිධානය සහභාගි විය
.
අද යාපනය
මේ සියලු පක්ෂ එක්වී දෙමළ විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්හ. මෙවර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ 1972 මැයි 22 දින සමගි පෙරමුණ ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරුණු කිහිපයක් එක් කර ගැනීමය. එහෙත් ඒ කරුණු එක්කර ගැනීමට සමගි පෙරමුණ එකඟ නොවීය.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී එයට එරෙහිව ඡන්දය භාවිත කරන මෙන් දෙමළ එක්සත් පෙරමුණ සියලු දෙමළ මන්තී්රන්ගෙන් ඉල්ලා සිටීය.
මේ ඉල්ලීමට එක් පිරිසක් එකඟ වන විට තවත් පිරිසක් එය ප්‍රතික්ෂේප කෙළේය. විරුද්ධ පිරිස අතර ආනන්ද සංගරී මහතා ද විය. එමෙන්ම මේ කාලයේදීම සී. අරුම්පලම් සහ ඒ. ත්‍යාගරාජා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණි.