බෙදුණු යුගයේ මතක

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බෙදුණු යුගයේ මතක

    ප‍්‍රභාකරන් ඇල්ප‍්‍රඩ් දුරෙයිඅප්පාට වෙඩි තබයි


    වේළුපිල්ලේ පිරිබාහරන් සමඟ සසඳන විට හිට්ලර් මොන ඝාතකයෙක්ද? පොල්පොට් මොන අපරාධ කාරයෙක් ද? බින් ලාඩ්න් මොන ඝාතකයෙක්ද? ජගත් රහස් ඔත්තු සේවාවන්ට අනුව කොටි නායක පිරිබාහරන් හෙවත් ‘වැල්වැටිතුරේ තම්බි’ ලොව අංක එකේ ත‍්‍රස්තවාදියාද පළමු පෙළේ ඝාතකයා ද වේ. මොහු සතු ම්ලේච්ඡත්වයට ඉඩී අමීන් දෙවැනි වේ. පිරිබාහරන් මානසික රෝගියෙක් බව සමහරු කියති. දෙමළ රහස් පරීක්‍ෂක කතා කියවා පිරිබාහරන් මිනී මරන හැටි උගත් බවද කියැවේ. කෙසේ වුවද ඔහුගේ ජීවිතය අභිරහසකි. ඔහු කෙබඳු පුද්ගලයකු දැයි තවම හඳුනා ගෙන නැත.

    f0905254-1.jpg


    පිරිබාහරන් කෙබඳු ඝාතකයකු දැයි හඳුනා ගැනීමට නම් ඔහුගේ ඝාතන රැල්ල නිරීක්ෂණය කළ යුතුය. ඒ අවස්ථාව ‘බෙදුණු යුගයේ බිහිසුණු

    මතක...’ විශේෂාංගය ඔස්සේ අද (25 වැනිදා) සිට දිනමිණ පාඨකයන්ට දිනපතා කියවීමට ඉඩ ලැබෙනු ඇත. මේ එහි මුල් පියවරයි.

    ඝාතකයන් ගිය පසු වෙළෙඳ සැල් හිමි කාන්තාව එළියට එන්නැ’යි සැඟවී සිටි යෝගනාදන්ට කතා කළාය.
    එළියට ආ යෝගනාදන්ට දැක ගත හැකි වූයේ ‘වතුර ... වතුර...’ ලෙසින් කැඩුනු වදනින් වතුර ඉල්ලා සිටින යාපනය නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දුරෙයිඅප්පා මහතා ය.
    වහා එම ස්ථානයට දිව ගිය යෝගනාදන් වෙඩි වැදුණු දුරෙයි අප්පාගේ සිරුර සිය ඔඩොක්කුව මත තබා ගත්තේය.
    ඒ සමගම වතුර බිඳක්ද මුවට එක් කෙළේය. අමාරුවෙන් මුවඟ තෙමාගත් දුරෙයි අප්පා, යෝගනාදන්ගේ ඔඩොක්කුව මතම මරු වැළඳ ගත්තේය.
    වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රථම මිනිස් ගොදුර ලෙසින් යාපනයේ නගරාධිපතිවරයා සිය සගයකුගේ ඔඩොක්කුව මත මිය යන්නේ එසේය.
    ඝාතනය වන විට 48 වැනි වියෙහි පසුවූ ඇල්ෆ‍්‍රඩ් දුරෙයි අප්පා මහතා යාපනයේ ජන ප‍්‍රසාදය දිනා සිටි නායකයෙකි. පළමුවෙන්ම යාපනය දිස්ති‍්‍රක්කයේ ස්වාධීන මන්තී‍්‍රවරයකු වශයෙන් කටයුතු කළ දුරෙයිඅප්පා ඉදිරිපත්වුණු සෑම මැතිවරණයක් පාහේ ජයගත් අයෙකි.
    කිහිප වතාවක්ම යාපනය නගරාධිපති ධූරයට පත් වනුයේ ප‍්‍රදේශය තුළ ඔහු ලබා තිබූ ජනප‍්‍රියත්වය නිසාය. මේ ජනප‍්‍රියත්වයේ රහස රැඳී තිබුණේ ඔහුගේ තිබුණු මිත‍්‍රශීලීත්වය නිසාය.
    සිය ඡන්ද දායකයන් පෞද්ගලිකව වෙන වෙනම ඔහු දැන සිටියේය. සැමට ඔහු සැලකුවේ සිය පවුලේ සාමාජිකයන් ලෙසටය. යන එන මග තොටේදී හමුවන පිරිසද සමඟ කතා බහ කිරීමටද මැළි නොවූ දුරෙයි අප්පා මහතා ඔවුන්ගේ දුක සැප පිළිබඳ නිතරම විමසිලිමත් විය. නගරයේ මෙන්ම ජන ජීවිතයේදී සෞඛ්‍ය අධ්‍යාපන සහ යටිතල පහසුකම් නංවාලීමට ඔහු ඇප කැපවී කි‍්‍රයා කෙළේය.
    නගරබදව වෙළෙඳ පොළේ පවතින අඩු පාඩු මෙන්ම ජනතාවගේ රැකියාව පිළිබඳ ඔහු සැලකිලිමත් විය. මේ අතරම ස්වාධීන මන්තී‍්‍රවරයෙකු ලෙස සිටින අතරම ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සබඳතා ගොඩ නගා ගත්තේය



    .
    f0905254-2.jpg



    එදා යාපනය

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමීපතම මිතුරකු වී සිටියේය. ඔහුගේ ඡන්ද පදනම දෙස බැලූ කල පෙනී යන දෙයක් තිබුණි. එනම් සිංහල, මුස්ලිම්, ජනතාවද නාගරික දිළින්දන්ද ඔහු වටා සමීපවීමයි.
    මෙලෙස එක් අතකින් ජනතාවටද අනික් අතින් පාලක පන්තියටද සමීප ලෙස කටයුතු කිරීමට දුරෙයි අප්පා මහතා සමත් විය.
    මොහු ලබා සිටි මේ තත්ත්වය නිසා පෙඩරල් පක්ෂය ඇතුළු යාපනයේ තිබූ වෙනත් දෙමළ පක්ෂවලට දුරෙයි අප්පා අභියෝගයක් වී තිබුණි.
    මෙවැනි පසුබිමක 1970 මහ මැතිවරණය පැවැත්විණි. එහිදී තරග කළ පෙඩරල් පක්ෂය බලාපොරොත්තු නොවූ පරාජයක් ලැබුවේය. පෙඩරල් පක්ෂයේ ප‍්‍රධානීන් ගණනාවක් පරාජය ලැබූ පිරිස අතර විය.
    පක්ෂයේ ලේකම් එස්. ජේ. වී. නාගනාදන් පරදවා ද්‍රවිඩ සංගමයේ සී. අරුම්පලම් නල්ලූර් ආසනය ජය ගත්තේය. ඒ අමිර්තලිංගම් පරදවා ද්‍රවිඩ සංගමයේ ඒ. ත්‍යාගරාජා වඩුක්කෝඩෙයි ආසනය ජය ගත්තේය.
    කිලිනොච්චි ආසනයට පෙඩරල් පක්ෂයෙන් තරග කළ අලාල සුන්දරම් පරාජය වූයේ ද්‍රවිඩ සංගමයේ ආනන්ද සංගරීටය. මෙලෙස පෙඩරල් රාජ්‍ය පිළිබඳ විශ්වාස කළ පෙඩරල් පක්ෂය පරාජය විය.
    මින් පසුව පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 1971 පෙබරවාරි මස 7 වැනි දින යාපනයේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු කර රැස්වීමක් පැවැත්වීමට පෙඩරල් රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටි පෙඩරල් පක්ෂය කටයුතු කෙළේය.
    එහි දෙවෙනි රැස්වීම 1972 මැයි 14 දින ති‍්‍රකුණාමලය නගර ශාලාවේදී පැවැත්විය. රැස්වීමට පෙඩරල් පක්ෂයේ සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය,
    ලංකා වතු සංගමය, එලතමිලා ඔට්ටුවෙයි මුනානි සංවිධානය සහභාගි විය



    .
    f0905254-3.jpg




    අද යාපනය

    මේ සියලු පක්ෂ එක්වී දෙමළ විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්හ. මෙවර ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ වී තිබුණේ 1972 මැයි 22 දින සමගි පෙරමුණ ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරුණු කිහිපයක් එක් කර ගැනීමය. එහෙත් ඒ කරුණු එක්කර ගැනීමට සමගි පෙරමුණ එකඟ නොවීය.
    මේ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී එයට එරෙහිව ඡන්දය භාවිත කරන මෙන් දෙමළ එක්සත් පෙරමුණ සියලු දෙමළ මන්තී‍්‍රන්ගෙන් ඉල්ලා සිටීය.
    මේ ඉල්ලීමට එක් පිරිසක් එකඟ වන විට තවත් පිරිසක් එය ප‍්‍රතික්ෂේප කෙළේය. විරුද්ධ පිරිස අතර ආනන්ද සංගරී මහතා ද විය. එමෙන්ම මේ කාලයේදීම සී. අරුම්පලම් සහ ඒ. ත්‍යාගරාජා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ සමගම පැවැති ඡන්ද විමසීමේදී ඒ. ත්‍යාගරාජා, කුමාර සූරියර්, සී. අරුම්පලම්, සී. එක්ස් මාර්ටින්, රාජන් චෙල්වනායගම්, සුබ‍්‍රමනියම් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඡන්දය දුන්නේය. මේ සමගම පෙඩරල් පක්ෂය විසින් එම මන්තී‍්‍රන් දෙමළ ජනතාව පාවා දුන් මන්තී‍්‍රන් ලෙස සැලකුවේය.
    සම්මත වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරෝධය පාමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජික කාසි ආනන්දන් මැයි 24 වැනි දින ප‍්‍රකාශයක් කෙළේය.
    එහිදී දෙමළ ජනතාව පාවා දෙන ලද සාමාජිකයන් හය දෙනාට ස්වාභාවික මරණයක් පවා නොලැබිය යුතු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කෙළේය. එමෙන්ම ඔවුන්ට විය යුත්තේ කුමක්දැයි දෙමළ තරුණයන් තීරණය කළ යුතු බවද ප‍්‍රකාශ කෙළේය.
    සන්නද්ධ කි‍්‍රයාවලට ආරාධනයක් බඳුවු මේ ප‍්‍රකාශයත් සමගම මන්තී‍්‍රවරුන් ගණනාවකට තර්ජන එල්ල විය. ඇතමෙකුට බෝම්බ ගැසුණු අතර තවත් අයට වෙඩි තැබුණි.
    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පී. රාජසුන්දරම්, සමසමාජ පක්ෂයේ ඊ. සිවනේෂන් කුමාර් කුලසිංහම් ඒ. ත්‍යාගරාජා යන ජනතා නියෝජිතයින්ට ප‍්‍රහාර එල්ල විය.
    එමෙන්ම මෙහිදී දෙමළ එක්සත් පෙරමුණ ඇල්ෆ‍්‍රඩ් දුරෙයි අප්පාට විරුද්ධවද දරුණු ප‍්‍රහාරයක් එල්ල කෙළේය. දුරෙයි අප්පාගේ දේශපාලන ගමන්මග විනාශ කිරීමට යොදාගත් ප‍්‍රධාන සිදුවීම වූයේ 1971 ජනවාරි මස 3 සිට 9 දක්වා පැවැති අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුවයි.

    f0905254-4.jpg



    වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

    නවවෙනිදායින් රැස්වීම අවසන් වීමට තිබුණද එය 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සිදු විය. මේ සමුළුව පැවැත්වූයේ යාපනයේ වීරසිංහම් ශාලාවේදීය.
    මේ උත්සවය පැවැත්වෙන අතරවාරයේදී පොලිසිය සහ සහභාගි වූවන් අතර නොසන්සුන් කමක් ඇති විය. මෙහිදී පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයක් විදුලි කම්බියට වැදී කඩා වැටීමෙන් රැස්ව සිටි පිරිසෙන් නව දෙනෙක් මරු මුවට පත් වූහ.
    මේ ඛේදවාචකයට යාපනය නගරාධිපතිවරයා කිසි ලෙසකින් හෝ සම්බන්ධ බවට සාධක කිසිවක් නොවීය. එහෙත් ආණ්ඩුව සමඟ සිටීම යන කාරණය මත නගරාධිපතිවරයා වරදකරුවකු ලෙස දෙමළ එක්සත් පෙරමුණ විසින් හඳුන්වන ලදී.
    මේ රැස්වීමට එකඟ වීමක් හෝ විරුද්ධ වීමක් නගරාධිපතිවරයා විසින් සිදු කර නොතිබිණි. ඒ නිසා ඔහුට මේ චෝදනාව එල්ල කිරීමට දෙමළ එක්සත් පෙරමුණට පහසුවිය.
    කිසිම වගකීමකින් තොරව නගරාධිපතිවරයා කෙරෙහි ද්වේෂය තරුණ පරපුර තුළ ඇති කිරීමට මෙම පක්ෂය කටයුතු කෙළේය. මෙයින් පිබිදුණු ප‍්‍රභාකරන් ඇතුළු කිහිප දෙනෙකු දුරෙයි අප්පා මහතා ඝාතනයට සැලසුම් කෙළේය.
    නගරාධිපතිවරයා ඝාතනයට ප‍්‍රභාකරන් පෙළඹීමට තවත් හේතුවක් තිබුණි. එනම් සිවකුමාරන් නැමැති ප‍්‍රභාකරන්ගේ වීරයා වී සිටි පුද්ගලයා 70 දශකය ආරම්භයේදී යාපනයේ තරුණයන් අතරින් පිස්තෝලයක් තිබුණේ සිවකුමාරන්ට පමණක් යැයි කියැවේ.
    ඔහුද 1971 මාර්තු මාසයේදී දුරෙයි අප්පා ඝාතනය කිරීමට බෝම්බ තැබුවේය. බැංකු කොල්ලයකට හසුව සිටි සිවකුමාරන් එහිදී පොලිස් අත් අඩංගුවට පත්ව සයනයිඩ් කා මිය ගියේය.
    ඔහුව යාපනයේ වීරයෙකු ලෙස සැලකීමට සමහර පිරිස් කටයුතු කෙළේය. ප‍්‍රභාකරන්ගේ වීරයකු වී සිටි සිවකුමාරන් දුරෙයි අප්පා ඝාතනයට උත්සාහ කර තිබීම ප‍්‍රභාකරන්ගේද දුරෙයිඅප්පා ඝාතනයට පෙළඹීමට එක් හේතුවක් වන්නට ඇත.
    මේ වන විට ප‍්‍රභාකරන් සිය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ කර තිබිණි. පළමුවෙන්ම බස් රථයක් ගිනි තැබූ ඔහු මංකොල්ල කෑම් සහ තවත් අපරාධ කිහිපයකට සම්බන්ධ වී සිටියේය. මේ අතර ඔහු තරුණයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවා ගෙන තිබුණි. 1972 දී ඇරඹුණු මේ කණ්ඩායම දෙමළ නව කොටි (ඊව්ඊ) නමින් හැඳින්විය.
    මේ අතර 1975 ජුලි 26 වැනි දින උදා විය. ප‍්‍රභාකරන් යාපනයේ විසූ තම මිතුරකුගේ නිවෙසට ගියේය. මිතුරාගේ නිවෙසට ගිය ප‍්‍රභාකරන් සතුව රිවෝලර් දෙකක් ගිනි පෙට්ටි පාර්සලයක් සහ රසායනික ද්‍රව්‍ය කිහිපයක් තිබිණි.
    මිතුරාගේ නිවෙසේ සිට ප‍්‍රභාකරන් තමා සතු රසායන ද්‍රව්‍ය සහ ගිනි පෙට්ටියේ තිබුණු වෙඩි බෙහෙත් ගෙන කලවම් කරන්නට විය.
    ‘උඹට මේවායින් වෙඩි තියන්න පුළුවන්ද ?’ මිතුරා ඇසීය.
    ‘කට වහගෙන ඉඳපන්’ යැයි කී ප‍්‍රභාකරන් රිවෝලරය අවශ්‍යතාව වෙනුවෙන් සූදානම් කළේය.
    පසුදා හිමිදිරිය උදා විය. ප‍්‍රභාකරන් සිය ටී. එන්. ටී. සාමාජිකයන් තිදෙනෙකු වන කලාපති, පද්මරාජා, සෙට්ටි සමග යාපනයේ පොන්නලායි හි පිහිටි වර්ධරාජා පෙරුමාල් කෝවිලට පැමිණියේය. ගල් පඩිය මත වාඩි වී සිටි මොවුන් සිව් දෙනා දොරෙයි අප්පාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය.
    මධ්‍යහ්නය උදා විය. යාපනය නගරාධිපතිවරයා යෝගනාදන් සහ රාජරත්නම් නම් සිය මිතුරන් දෙදෙනා සමග මෝටර් රථයෙන් පැමිණ කෝවිල් බිමට බැස්සේය.
    ‘වෙඩි තියපන්, වෙඩි තියපන්’ යැයි කෑ ගැසූ අයෙක් රිවෝල්වරයක්ද ගෙන නගරාධිපතිවරයා දෙසට දිව එන්නට විය. බියට පත්වූ යෝගනාදන් අසල වූ වෙළෙඳ සැල වෙත ගොස් සැඟවුණි. වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රභාකරන් සහ සගයෝ නගරාධිපතිවරයා දෙසට වෙඩි කිහිපයක් තැබුවේය.
    වෙඩි පහර කෑ නගරාධිපති දුරෙයිඅප්පා මහතා ඒ මේ අත වැනෙමින් විත් බිම ඇද වැටුණේය. මිනීමරු ප‍්‍රභාකරන් සහ සහචරයෝ දුරෙයිඅප්පා මහතාගේ වාහනයේ නැගී පලා ගියේය.
     

    dj mighty

    Member
    Oct 22, 2009
    28
    1
    0
    mathaka aluth wenna ida thiyanna epa,
    ranil kotiya eye GTV ekata kiyala thiyenne Prabakaranwa maruwe rajaye uwamanawata kiyala..
    tamil kotinge chanda ganna karana pahara wada...
    කියල වැඩක් නෑ බන්...මේ මිනිස්සු වැඩ කරන්නෙ රටක් ජාතියක් අගමක් නෑ වගේ...ඒ මදිවට උන්ගෙ පස්සෙන් යන අමන රැලකුත් ලෑස්ති වෙලා ඉන්නවනෙ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොටි, යුද හමුදාවේ 13ක් ඝාතනය කරති


    1977
    පැවැති මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට පත්වන විට ප‍්‍රධාන විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවට පත්වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ය. උදා වූ තත්ත්වය පිළිබඳ දෙමළ ජනතාව මහත් සතුටු වූහ. හැත්තෑව දශකයේ මුල සිට ම නැගෙමින් තිබූ සන්නද්ධ කි‍්‍රයා නැවැතී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව යමින් තම අවශ්‍යතා ඉටුකරගැනීමට තරුණ පිරිස් පෙළඹේ යැයි ඔවුහු විශ්වාස කළහ. එහෙත් මැතිවරණයෙන් පසුව ද සන්නද්ධ කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය එලෙසින්ම පැවැතිණි.


    praba.jpg
    වේළුපිල්ලේ ප‍්‍රභාකරන්


    1978 වර්ෂයේ ජනවාරි මාසයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ එම්. කනගරත්නම් මහතාට එල්.ටී.ටී.ඊ. ය විසින් කොළඹ දී වෙඩි තැබූහ. ආරක්ෂක අංශ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් මේ ඝාතන ප‍්‍රයත්නය සම්බන්ධයෙන් සැක කළහ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු භාරවූයේ පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේ මහතා ඇතුළු කණ්ඩායමකට ය.

    මේ අනුව ලද තොරතුරුකට පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේ, උපපොලිස් පරීක්ෂක පේරම් බලම්, පොලිස් සැරයන් බාලසිංහම් සහ රියැදුරු සිරිවර්ධන පරීක්ෂණ සඳහා මන්නාරම ප‍්‍රදේශයේ එල්.ටී.ටී.ඊයේ පුහුණු කඳවුරක් වෙත ගියහ. තමා ඉදිරියට එන බස්තියන් පිල්ලේ දුටු උමා මහේෂ්වරන් ගල් ගැසිණි. වහා තම අනන්‍යතාව හෙළිකරන මෙන් බස්තියන් පිල්ලේ එම ස්ථානයේ සිටි තරුණ පිරිසට කීවේය.
    “අපි ගොවිපොලේ අත් උදව් කාරයෝයැ’යි එකෙක් කීවේය. ඒ සමගම අනික් පිරිසද එසේ හැසිරෙන්නට විය.
    “මේ මහත්වරුන්ට වතුර ටිකක් දෙන්නැ ‘යි ඒ අතර තවකෙක් කීවේය.
    බස්තියන් පිල්ලේ ද මේ ඉන්නේ ගොවිපොළ සේවකයෝ යැයි සිතුවේය. ඒ අනුව තමා අත තිබූ තුවක්කුව පසෙකින් තැබූ ඔහු වතුර බීමට සැරසුණේය. එසමඟම කි‍්‍රයාත්මක වූ සෙල්ල කිකී නම් ත‍්‍රස්තවාදියා බස්තියන් පිල්ලේගේ තුවක්කුව අතට ගෙන දිගට හරහට වෙඩි තබන්නට විය. බස්තියන් පිල්ලේ සහ සැරයන් වරයා සිදුවන්නේ කුමක්දැයි සිතා ගන්නටත් පෙර මැරී වැටුණාහ.
    එසමඟම උප පොලිස් පරීක්ෂක වරයා අසල වූ ලිඳකට ඇඳ වැටුණි. සියල්ල බලා සිටි පොලිස් රියදුරු මහතාට කරන්නට දෙයක් නොතිබිණි. ඔහුටද වෙඩි තැබීමට එල්.ටී.ටී.ඊ. පිරිස කටයුතු කළේය. බස්තියන් පිල්ලේ මහතාට සහ සෙසු පිරිසට සිදුවූයේ කුමක්දැයි කෙටි කලක් යන තුරු රහසක්ව පැවැතිණි. ඝාතනය පිළිබඳ අනාවරණය වූයේ දර කපන්නකු විසින් බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුවය.
    මෙලෙස එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තයන් සිය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිගින් දිගටම කරමින් සිටියේය. එම වසරේම රත්මලාන ගුවන් තොටුපලේදී ඇව්රෝ ගුවන් යානයක් පුපුරාගිය අතර එය ද ත‍්‍රස්තයන්ගේ කි‍්‍රයාවක් විය. යාපනයේ බැංකු මංකොල්ල කෑමක්ද මේ අතරම සිදුවිය.
    කෙමෙන් උත්සන්න වෙමින් පැවැති තත්ත්වය තේරුම්ගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1979 දී හදිසි නීතිය පනවා යාපනයට හමුදා ආරක්ෂාව ලබාදීමට කටයුතු කළේය. ඒ බි‍්‍රගේඩියර් තිස්ස වීරතුංග මහතාගේ නායකත්වයෙනි.

    praba_1.jpg

    ජූලි කලබලයෙන් සතුටුවන පිරිස


    වීරතුංග මහතා යාපනය ආඥාපතිවරයා ලෙස පත්වන විට යාපනයේ ආරක්ෂක අංශ සාමාජිකයන් 15ක් පමණ දෙමළ සන්නද්ධ පිරිස් අතින් ඝාතනයට පත්වී තිබුණි. එහෙත් වීරතුංග මහතා යටතේ 1980 වර්ෂයේ දී කිසිම ඝාතනයක් සිදුනොවිණි.

    1981 දී දිස්ති‍්‍රක් සංවර්ධන සභා පිහිටුවීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත විය. එල්.ටී.ටී.ඊ.ය මේ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මරණ දඬුවම නියම කෙළේය. මේ නිසා යාපනය නැවතත් උණුසුම් තත්ත්වයක් ගෙන තිබුණි.
    එවැනි තත්ත්වයක් යටතේ වුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ
    (TULF)
    ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආරක්ෂාව සැපැයූ පොලිස් භටයන් දෙදෙනෙකු ද එල්.ටී.ටී.ඊ.ය. මරාදැමුවේය. තත්ත්වය උණුසුම් බව දැනගත් පාලක පක්ෂය යාපනයට අමතර පොලිස් කණ්ඩායම් සහ හමුදා නිලධාරීන් යැවීමට කටයුතු කෙළේය.
    එහෙත් තත්ත්වය ක‍්‍රමයෙන් උණුසුම් වනවා මිස පහත වැටෙන බවත් නොපෙනිණි. මේ අනුව යාපනයේ කඩසාප්පු, නිවාස, ගිනි තැබීම් සිදුවිය. ඉහළ යන ප‍්‍රචණ්ඩත්වය හමුවේ අවස්ථාවාදී පිරිස් යාපනයේ පුස්තකාලයද ගිනි තැබුවේය. මේ නිසා වටිනා දුර්ලභ පොත් පත් ඇතුළු 90,000ක් පමණ පොත් විනාශ විය.
    මේ අතරතුර 1982 ඔක්තෝම්බර් 27 වෙනි දින චාල්ස් ඇන්තනී නොහොත් සීලන් ඇතුළු පිරිසක් යාපනය පොලිසියට පහර දුනි. මේ වනවිට වේලුපිල්ලේ ප‍්‍රභාකරන් සිටියේ තමිල්නාඩුවේය. ඒ නිසා එල්.ටී.ටී.ඊ.යේ කටයුතු කෙරුණේ සීලන් යටතේය.
    පළමුව බස්රථයක් පැහැරගත් සීලන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙඩි තබමින් යාපනය පොලිසියට ඇතුළු විය. ප‍්‍රහාරය දිගින් දිගට ම සිදුවද්දී පොලිස් නිලධාරියකුගේ ප‍්‍රති ප‍්‍රහාරයක් සීලන්ගේ දණහිස පසාරු කරගෙන ගියේය. පසුව සෙසු සාමාජිකයන් සීලන්ද රැගෙන පලා ගියහ.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    praba_2.jpg
    ජූලි කලබල නිසා ගිනි ගත් කඩසාප්පු


    මෙකල යාපනයේ සිදුවූ බොහෝ ප‍්‍රහාර පිටුපස සිටියේ සීලන් සහ සෙල්ල කිකීය. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ නිතරම විමසිලිමත් විය. දිනක් සීලන් සිටින ස්ථානයක් පිළිබඳව ආරක්ෂක අංශවලට ඔත්තුවක් ලැබිණි. මේ අනුව 1983 ජූලි 15 දින ආරක්ෂක අංශ සීලන්ව වට කළේය. හමුදාව තමා සොයා පැමිණෙන විට සීලන් සිටියේ අරුණා සමඟය.
    හමුදාව දුටු මොවුහු දුවන්නට වූහ. එහෙත් යාපනය පොලිස් ප‍්‍රහාරයේදී දණහිසට එල්ලවී තිබූ වෙඩි ප‍්‍රහාරය නිසා සීලන්ට දිවීම එතරම් පහසු කාර්යයක් නොවිණ. තම තත්ත්වය අවබෝධ කරගත් සීලන් හමුදා අත්අඩංගුවට පත්වීමට බියෙන් දිිවි නසා ගත්තේය.
    සීලන්ගේ මරණය වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ට මහත් පීඩාවක් විය. මේ අනුව සීලන්ගේ මරණයට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කිරීමට ප‍්‍රභාකරන් සැලැසුම් කළේය.
    1983 ජූලි 23 මධ්‍යම රාති‍්‍රය එළැඹෙමින් තිබිණි.
    එදින යාපනය - පලාලි විශ්වවිද්‍යාල හන්දිය එල්.ටී.ටී.ඊ.ය මේ ප‍්‍රහාරය සඳහා තෝරා ගත්තේය. සෙල්ල කිකී, අප්පයියා, කිට්ටු, වික්ටර්, පොන්නම්මන්, ගනේෂ්, සන්තෝෂම් පුලේන්ද්‍රන්, රන්ජන්, බසීර් කාකා, ලිංගම් සහ තවත් පිිරිසක් මේ ප‍්‍රහාරයට එක්විය.
    පළමුව මහ මඟ හාරා බිම්බෝම්බයක් තැබූ ඔවුන් හමුදා වාහනයක් පැමිණෙන තුරු බලා සිටියේය. යාපනය නගරයේ මාර්ග පරීක්ෂා කරමින් සිටි

    ”Four Four Bravo”
    නම් හමුදා කණ්ඩය විශ්වවිද්‍යාල හන්දිය දෙසට ගමන් කරමින් තිබුණේ මේ අතර ය. ලුතිනන් වාස් ගුණවර්ධන මහතා සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත වූ මේ පිරිස හමුදා ජීප් රථයකින් සහ ට‍්‍රක් රථයකින් සමන්විත විය.

    charles.jpg

    චාල්ස් ඇන්තනී හෙවත් සීලන්

    පළමුවෙන් ම පැමිණි ජීප් රිය බිම් බෝම්බය වලලා තිබූ ස්ථානය පසුකර යනවාත් සමඟ ම මහ හඩින් බෝම්බය පුපුරා ගියේය. සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තයන් ජීප් රියේ සහ ට‍්‍රක් රථයේ සිටි පිරිස දෙසට අත්බෝම්බ වලින් දමා ගසන්නට විය. ඇතමෙකු වෙඩි තැබීය.
    හමුදා භටයන්ද තමන්ට එල්ල වන ප‍්‍රහාර විඳ ගනිමින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. සෙල්ල කිකී ඉන් මරුමුවට පත්විය. කෙසේවුව සටන අවසන් වූයේ ලුතිනන් වාස් ගුණවර්ධන මහතා ඇතුළු හමුදා භටයන් 13 දෙනෙකු ඝාතනය වීමෙනි.
    ත‍්‍රස්තයන් මෙහිදී කෙතරම් ම්ලේච්ඡ වීද යත් මියගිය සෙබලුන් ගේ සිරුරු වලට පවා නැවත නැවතත් වෙඩි තැබූහ. මේ ප‍්‍රහාරයෙන් තුවාල ලත් ලාන්ස් කෝප‍්‍රල් අයි. එම්. සුමතිපාල සහ කෝප‍්‍රල් ආර්. ඒ. යූ. පෙරේරා දිවි බේරා ගත්තේ මහත් පරිශ‍්‍රමයකිනි.
    මෙලෙස 1983 ජූලි 23 වෙනි දින මධ්‍යම රාති‍්‍රයේ එල්.ටී.ටී.ඊ.ය ආරක්ෂක හමුදාවන්හි 13 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කෙළේය. එහෙත් එල්.ටී.ටී.ඊ.ය විසින් හමුදා සාමාජිකයන් විශාල ප‍්‍රමාණයක් එකම ස්ථානයකදී ඝාතනය කළ පළමු අවස්ථාව එය විය.

    stf.jpg


    ප‍්‍රහාරයෙන් දැඩිලෙස විනාශ වූ සොල්දාදුවන්ගේ සිරුරු ජූලි 24 වෙනිදා කොළඹට ගෙනඑන ලදී. එදින සවස් වරුවේ ඔවුන්ගේ ආදාහන කටයුතු සූදානම් කෙරිණි.
    සන්ධ්‍යාභාගය උදාවත්ම ජනතාව අතර තත්ත්වය ක‍්‍රමයෙන් නොසන්සුන් විය. සමහර පිරිස් දෙමළ ජාතිකයනට පහරදීමටත්, කඩ සාප්පු ගිනි තැබීමටත් පටන් ගත්තේය.
    අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වනවිට ගැටුම් බොහෝසේ දුරදිග ගොස් තිබිණි.
    මෙහිදී සිදුවූ හානිය පිළිබඳව විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වෙන අතර රජයේ නිල සංඛ්‍යා ලේඛන අනුව 471 ක් මියගියේය.
    stf_1.jpg


    3769ක් තුවාල ලබා සිටියේය. දේපොල මංකොල්ලකෑම් 3835ක් සිදු විය. ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් අනාථ කඳවුරු වල පිහිට පතන්නට විය.
    කළු ජූලිය ලෙසින් හැඳින්වුණු මේ සිදුවීම නිසා දෙමළ අන්තවාදී පිරිස් විශාල ලෙස ඵලප‍්‍රයෝජන ලබා ගත්තේය. ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වයට මැදිහත් වන්නැයි බොහෝ පිරිස් ඉන්දියානු අගමැතිනී ඉන්දිරා ගාන්ධි මහත්මියගෙන් ඉල්ලා සිටියහ. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කතාකර තත්ත්වය සමනය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියාය.
    ඒ සමඟම තමිල්නාඩුව දෙමළ සටන්කාමීන් සන්නද්ධ කිරීමට අවශ්‍ය පියවර ගත්තා ය. සටන්කාමීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලැබෙන බව දැනගත් තරුණ පිරිස් බෝට්ටු මගින් තමිල්නාඩුවට ගියහ.
    ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ශක්තිමත් වීමට ප‍්‍රධානතම පසුබිම සැකසුවේ කළු ජුලියත් ඒ සමකාලීනව ඇතිවූ තත්ත්වයත් ය.
    එතෙක් පාපැදියක නැගී ප‍්‍රහාර මෙහෙයවමින් සැඟවුණු මිනිසකු ලෙස ඔහු ජීවත්විය. 1972 දී හතර දෙනෙකුගෙන් පමණ ඇරඹි කණ්ඩායමේ 1983 වනවිට සිටියේ 40 ක පමණ පිරිසකි.
    83 වනවිට එක සාමාජිකයකුට එක තුවක්කුව බැගින්වත් නොතිබිණි. එපමණටම දුප්පත් ත‍්‍රස්තවාදියකු වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ගුවන් බලය, නෞකා බලය, සබ්මැරීන ශක්තියෙන් අනූන ත‍්‍රස්තවාදියෙකු බවට පත්වීමට ඔහුට සහයක් ලැබුණේ කළු ජූලිය ප‍්‍රධාන කොට ඇති වූ තත්ත්වයන් ය.
     
    • Like
    Reactions: lucky_lakshitha
    Jan 24, 2009
    3,532
    130
    0
    මැක්සා ත්‍රෙඩ් 1ක්. රෙප් දෙන්න පුලුවන් වුන ගමන් දෙනවා කසුනෝ. මේවා මතක් කරලා දෙන 1 හොදයි,
    සමහරක් හිතන්නේ මෙහෙම දේවල් වෙලා නෑ කියලා
     
    • Like
    Reactions: coolkasun

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන්ස් දිගටම මේකෙ දාගෙන යන්නද? කොටස් වශයෙන් අලුතින් දාන්නද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ත‍්‍රස්තවාදීහු යාල් දේවිය පුපුරුවා හරිති


    දීප්තිමත්ව දිළිසෙමින් තිබූ අහස කෙමෙන් රත් පැහැ වෙමින් තිබිණි.
    හිරු රැසින් ගිනියම්ව තිබූ පොළවද මහත් සැනසීමක් ලද්දා වැනිය.
    දුම්රිය නලා හඬ නඟන්නට වූයේ මේ අතරය. දුම්රියේ නියාමකද කොළ පාට කොඩිය වනමින් ගමනට තමාගේ සූදානම පෙන්නුම් කළේය.
    තවත් මොහොතකින් දුම්රිය එංජිමෙන් කළුපාට දුම් රොදක් එක පාරටම වාගේ අහස් තලයට නැගුණි.
    ”යන්න වගේ හදන්නේ...” තමාටම කියාගත් රාජන් තම අසුනේ හරිබරි ගැසුණේය.


    f0905286-1.jpg



    1985 ජනවාරි 19 වෙනි දින සන්ධ්‍යා භාගයේ අලිමංකඩින් “යාල් දේවී” දුම්රිය ගමන් ඇරඹුණේ් එසේය. එහි රාජන් වැනි තවත් මගීන් සිය ගණනක්ද ආරක්ෂක අංශ සාමාජිකයන් ගණනාවකින්ද පිරී සිටියහ.
    පසුදින කොළඹට ළඟාවන මේ දීර්ඝ ගමන දුම්රියේ ගමන්ගත් බොහෝ පිරිසට අලුත් සිදුවීමක් වූයේ නැත. ඒ මෙහි සිටි බොහෝ පිරිසක් රටේ උතුරු ප‍්‍රදේශයේ සිට දකුණු ප‍්‍රදේශයටත්, දකුණු ප‍්‍රදේශයේ සිට උතුරු ප‍්‍රදේශයටත් එන්නට තිබූ එකම දුම්රිය මෙය නිසාය.
    අතීතයේ ලංකාවේ උතුරු නැඟෙනහිර ප‍්‍රදේශ රටේ දකුණු ප‍්‍රදේශ සමඟ සම්බන්ධ කිරීමට මේ දුම්රියට හැකියාව ලැබී තිබුණි.
    උතුරු දකුණු දුම්රිය සීමාව 1902 දී මුලින්ම ආරම්භ කරනු ලැබුයේ ජේ. ඩබ්ලිව්. රිජ්වේ ආණ්ඩුකාර වරයාය. දුම්රිය මාර්ගය ඇරඹීම නිසා ජනතාවට ලැබෙන පහසුව පිළිබඳව ඔහු එවකදීම මෙවැනි ප‍්‍රකාශයක් කර තිබුණි.
    “කන්කසන්තුරේ සිට චාවකච්චේරි දක්වා වු සැතපුම් 21ක් දුර දුම්රිය මාර්ගය 1902 මාර්තු මාසයේදී මා විසින් ආරම්භ කරන ලදී. දිගුකලක් තුළ කරන ලද අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙන් බිහිවූ උතුරු දුම්රිය මාර්ගය එහි දිග මෙන්ම ඒ සඳහා වැය කළ පිරිවැය අනුව අතිශය වැදගත් තැනක් ගනී. මෙහි චාවකච්චේරි, පලාලි දක්වා දිවෙන කොටස සැතපුම් 15 කි. එය විවෘත කරන ලද්දේ 1902 සැප්තැම්බර් මාසයේදීය.
    තවත් වසරක් පමණ කාලයක් ඇතුළතදී මෙම දුම්රිය මාර්ගය යාපනය දක්වා දීර්ඝ කිීරීමේ හැකියාවක් තිබේ. යාපනයෙන් අලුයම දුම්රියට ගොඩවෙන කෙනෙකුට එදිනම සවස්බාගයේ කොළඹට පැමිණීමට හැකිවනු ඇත.”
    මෙලෙස යාල්දේවී දුම්රිය ආරම්භ කිරීමේ වැදගත්කම මීට සියවසකටත් පෙර එවක සිටි ආණ්ඩුකාරවරයා අවධානය කර තිබුනි. කෙසේවුව මෙරට යාල්දේවී නමින් හැඳින් වූ පූර්ණ මගී සේවාව ඇරැඹුනේ 1956 දීය.
    යාල්දේවී දුම්රිය ධාවනය ඇරඹුනායින් පසුව මෙරට සිටි අගමැතිවරයකු වූ ඩබ්ලිව්. දහනායක, ද්‍රවිඩ නායකයකු වූ එස්. ජේ. වී. චෙල්වනායගම් යන මහත්වරු මෙම දුම්රියෙන් යාපනය සහ කොළඹ අතර ගමන් කිරීමට කැමැත්තක් දැක්වූ බව යාපනයේ ජනතාව අතර ප‍්‍රකට කරුණකි.
    මෙලෙස දීර්ඝ ඉතිහාසයක් පවතින යාල් දේවී දුම්රියට 1985 ජනවාරි 19 වෙනිදා ඇරඹුණු ගමන එතරම් සුබදායි නොවිණි. එදින රාතී‍්‍ර 7.30ට පමණ දුම්රිය මුරුකන්ඩි සහ මාන්කුලම් දුම්රිය ස්ථාන අතර ගමන් කරමින් තිබියදී ත‍්‍රස්තවාදීන් විසින් පහර දෙන ලදී.

    f0905286-2.jpg


    ත‍්‍රස්තවාදීන් දීර්ඝ කාලයක්
    තිස්සේ මේ යාල් දේවී
    දුම්රිය ගමන
    කඩාකප්පල් කිරීමට උත්සාහ කළේය.
    මේ නිසා කොළඹ සිට යාපනය දක්වා ධාවනය වන යාල් දේවී දුම්රිය පලෙයි වලට පමණක් සීමා වී තිබුණි. එහෙත් මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවන දිනයේ පලෙයි දක්වාත් දුම්රිය ධාවනය නොකෙරිණි.
    එයට හේතුව වී තිබුණේ ත‍්‍රස්තවාදීන් විසින් දුම්රිය මාර්ගයට දැඩිලෙස හානිකර තිබීමයි. එමනිසා දුම්රිය එදින අලිමංකඩින් ආපසු හැරවීමට කටයුතු කෙරිණි. මුරුකන්ඩි සහ මාන්කුලම් අතරතුරදී දුම්රිය ප‍්‍රහාරයට ලක්වූයේ එය අලිමංකඩින් කොළඹ දක්වා ගමන් ඇරඹීමෙන් පසුවය.
    පළමුව දුම්රිය මඟ පිහිටි බෝක්කුවක බෝම්බයක් සවි කළ ත‍්‍රස්තවාදීන් දුම්රිය ළගාවත්ම එය පුපුරවා හැරිණි. ඒ සමඟම දුම්රිය පාර දෙපස පිහිටි කැලයේ සිට ඔවුහු එකදිගට වෙඩි වරුසාවක් තැබුවේය. ප‍්‍රහාරයෙන් දුම්රිය මාර්ගයේ අඩි 1750ක පමණ කොටසක් විනාශ වී ගොස් තිබිණි. අනතුරට භාජනය වනවිට දුම්රිය මැදිරි 13ක් දුම්රියේ තිබූ අතර ප‍්‍රහාරයෙන් ඉන් නවයක්ම අලාභහානි සිදුවිය.
    මැදිරි තුනක් මුළුමනින්ම විනාශ විය. එකල ගණනය කර තිබූ ආකාරයට පාඩුව රුපියල් කෝටි හතරකට ආසන්න විය. ජීවිත හානිය 39ක් විය. ආරක්ෂක අංශ සාමාජිකයන් 28ක්ද දෙමළ සිවිල් වැසියන් 11 ක්ද මියගියේය. අවසානයේදී කැලයේ සිට ප‍්‍රහාරය මෙහෙය වූ ත‍්‍රස්තවාදීන් “ටෙලෝ... ටෙලෝ...” යනුවෙන් හඬ නගමින් කැලෑ වැදුනහ.
    1984 පමන විට ලබා තිබූ අවි පුහුණුව සහ පිරිස් බලය මත ටෙලෝ සංවිධානය සිය ප‍්‍රහාරයන් දැඩි කළේය. මේ අනුව 1984 වර්ෂය අවසානය වන විට ඔවුන් යාපනය පොලිසිය පිහිටා තිබූ දෙමහල් ගොඩනැඟිල්ලේ ප‍්‍රබල පුපුරවා හැරීමක් කළ ඔවුන් පොලිස් භටයන් 24ක් ඝාතනය කළේය.
    යාල් දේවී දුම්රියට එල්ල කරන ලද මෙම ප‍්‍රහාරයත් ටෙලෝ සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයාවක් බවට විස්වාස කෙරිණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ වනවිට ලංකාවේ ප‍්‍රධාන පෙලේ දෙමළ සන්නද්ධ සංවිධාන කිහිපයක් තිබුණි. ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය 1(TELO) ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ (EPRLF) ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (EROS) සහ ද්‍රවිඩ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයදෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සංවිධානයද විය. මේ සංවිධානයන් සියල්ලම 1983 ජූලිය සිදුවීම ඔස්සේ තමිල්නාඩුවේ සන්නද්ධ පුහුණුව ලබා තිබූ කණ්ඩායම්ය. විශේෂයෙන්ම ටෙලෝ සංවිධානය සහ එල්.ටී.ටී.ඊ.ය මේ වනවිට ආයුධ ශක්තිය අතින් ඉතා ඉදිරියෙන් සිටි සංවිධාන දෙකක් විය.
    වැඩිම වශයෙන් ඉන්දියාවේදී පුහුණුව ලැබූ සාමාජිකයන් පිරිසකින් සමන්විත වූයේ ටෙලෝ සංවිධානයයි. එමෙන්ම ඉන්දියාව පුහුණුව ලබාදුන් පළමු ත‍්‍රස්ත කණ්ඩායම වූයේද ටෙලෝ කණ්ඩායමයි.
    ටෙලෝ සාමාජිකයන් ඉන්දියාවේ පුහුණුවට යැවීමේදී විශේෂ ලෙස ඔවුන්ගේ අරමුණක් නොතිබිණි. ඔවුන්ට අවශ්‍යවූයේ සංඛ්‍යාත්මකව මිනිසුන් ඒකරාශී කිරීමකි. ඒ අනුව ඔවුන් කටයුතු කළේය.
    එහෙත් එල්.ටී.ටී.ඊ. නායකයා කි‍්‍රයා කළේ වෙනත් ආකාරයකටය. ඔහු හැමවිටම තම සාමාජිකයන් බඳවා ගත්තේ කණ්ඩායම් දැඩි කොන්දේසි මතය. ඒ කොන්දේසි කිසිවිටකත් ලිහිල් කිරීමට ඔහු නොසෙලවිනි.
    ප‍්‍රභාකරන් සිය පිරිස සකසා ගැනීමේදී කියා සිටියේ “සංඛ්‍යාවෙන් පිම්බුණු නමුත් පලක් නොමැති මිනිසුන් 500ක් සිටිනවා වෙනුවට දක්ෂ 50ක් සමඟ තමාට සාර්ථක කාර්යයක් කළ හැකි බවයි. කෙසේවුව ප‍්‍රභාකරන්ම තමාම කණ්ඩායමට හඳුන්වා දුන් නීතිරීති බිඳ දමා තිබුණු අවස්ථාද විය.
    f0905286-3.jpg

    ටෙලෝ නායකයා ප‍්‍රභාකරන් මෙන් උපායෙහි දක්ෂ අයකු නොවිණි. ශී‍්‍ර සබරත්නම් නම්වූ ටෙලෝ නායකයා හැමවිටම මිනිසුන්ගේ කට වචනය විශ්වාස කරන අයකු විය.
    මේ වැනි ඔහුගේ දුර්වලතා රැසක් තිබුණි. සබාරත්නම් ටෙලෝ නායකත්වයට පත්වූයේ කුට්ටිමනී, තංග තුරෙයි යන එම සංවිධානයේ මුල්ම නායකයන්ගේ මරණයෙන් පසුවය.
    1970 දශකයේ මෙරට දෙමළ සන්නද්ධ ව්‍යාපාරය ඇරඹෙන විට එහි ප‍්‍රධාන පෙළේ භූමිකාවක් නියෝජනය කල සාමාජිකයකු ලෙස කුට්ටමනී සහ තංගදුරෙයි හැඳින්විය හැකිය.
    වැල්වැටී තුරෙයි ප‍්‍රදේශයේම පදිචි කරුවකු වූ කුට්ටි මනී දෙමළ සන්නද්ධ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් රැස්කිරීමේ කටයුතු සාර්ථකව කළ අයෙකි. ඒ සඳහා ඔහුට සිය ගම් ප‍්‍රදේශයේ තිබුණු පසුබිම මැනවින් උපකාරී විය. 1979 දී එල්.ටී.ටී.ඊ යෙන් උමා මහේෂ්වරන් නෙරපීමත් සමඟම ප‍්‍රභාකරන්ද ටෙලෝ සාමාජිකයන් සමඟ කටයුතු කර තිබිණි.
    1980 වර්ෂයේ මාර්තු මාසයේ සිදුවන මහජන බැංකුවට අයත් වාහනයකට පහරදී රුපියල් මිලියන 708ක මුදලක් පැහැරගැනීමට ටෙලෝ කණ්ඩායම කටයුතු කළේය.
    මෙහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාද ටෙලෝ පිරිස් විසින් ඝාතනය කළේය. සොරාගත් මුදල් සමඟින් ටෙලෝ සාමාජිකයන් අපි‍්‍රලේ මාසයේ 05 වෙනි දින තමිල්නාඩුවට යාමට සැලසුම් කරමින් සිටින විට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.