එහිදී තංගදුරෙයි සහ කුට්ටිමනී යන ටෙලෝ ප්‍රධානීන් අත්අඩංගුවට පත්වේ’ මේ අත්අඩංගුවට පත්වීමත් සමඟ ශී‍්‍ර සබාරත්නම් ටෙලෝ නායකත්වයට පත්විය. 1983 ජූලි කලබල සමයේ දී වැලිකඩ බන්ධනාගාර ගතව සිටි කුට්ටිමනී සහ තංගදුරෙයි එහිදී සිදුවන පහරදීමකින් මරුමුවට පත්වේ. මේ සමඟම ශී‍්‍ර සබාරත්නම් ටෙලෝ නායකයා ලෙස දිගටම කටයුතු කළේය.
ටෙලෝ සංවිධානයේ ත්‍රස්ත කි‍්‍රයා උපරිමව පැවති අවධියේදී ඔවුන් බොහෝ ලෙස ම්ලේච්ඡ ඝාතන වල යෙදිනි. මෙයට හොඳම නිදසුන්ලෙස රජිනි කාන්ත් නම් දෙමළ ජාතිකයකු මරා දැමීම පෙන්වාදිය හැකිය. කලවියන්කඩු ගම් වැසියකු වූ රජිනි කාන්ත් රැකියාව ලෙස කම්මලක සේවය කෙළේය. ඔහුද බොහෝ අස්ථාවල ටෙලෝ සංවිධානයට උදව් පදව් කළ අයෙකි.
දිනෙක ටෙලෝ තරුණයන් කිහිප දෙනෙකු යම් විෂම කි‍්‍රයාවක නියැලෙන දුටු රජිනි කාන්ත් ඔවුනට දොස් කියා තිබේ. සිදුවීමෙන් ටික දිනකට පසුව ටෙලෝ සාමාජිකයන් පිරිසක් මොහුව පැහැරගෙන ගොස් තිබේ. පසුව නෙල්ඩිඅඩි නගරයේ වේදිකාවක් තනවා එය මත රජිනි කාන්ත්ව ප්‍රදර්ශනය කෙළේය. පසුව නාට්‍යයක් රඟ දක්වන විලාෂයෙන් ඔහුව මරා දැමුවේය.
නාට්‍යයට අනුව ගැහැණියක ලෙස වෙස් පැලඳගෙන සිටි ටෙලෝ සාමාජිකයෙක් රජින් කාන්ත් තමන්ව බලයෙන් දූෂණය කෙළේ යැයි චෝදනා කළේය. පසුව තවත් අයකු ගැහැණිය ලෙස වෙස් ගත් අයගේ අතට පිහියක් දී තමන්ට සිදුවූ දෙයට සුදුසු දඬුවමක් කරන්නැයි කියා සිටියේය. පිහිය අතට ගත් ගැහැනිය සිය ගණනක් වේදිකාව පහළ බලා සිටියදී කුරිරු අන්දමින් රජිනි කාන්ත්ට පිහියෙන් ඇන මරා දැමුවේය.
පසුව සන්නද්ධ සටන්කාමීන් දිගින් දිගටම යාපනය සහ කොළඹ නොඑසේ නම් උතුර සහ දකුණ අතර ජනතාව සම්බන්ධ කළ යාල්දේවි දුම්රියට ප්‍රහාර එල්ල කෙළේය.
ඒ අනුව 1985 ජනවාරි 19 සිදු වන මෙම ප්‍රහාරයෙන් පසුව නැවතත් 1986 මැයි 31 වෙනි දින වේයන්ගොඩ නගරයේදී යාල්දේවී දුම්රියේ බෝම්බයක් පුපුරවා හැරිණි. මින් 13 ක් දෙනෙක් මිය ගියේය.
යාල්දේවී දුම්රිය මාස කිහිපයක් නවත්වා දමා තිබුණි. නැවතත් එය ගමන් ඇරඹුවේ අගෝස්තු 29 දිනය. එදිනම වව්නියාවෙන් ඔබ්බට දුම්රිය යා නොහැකි වන ලෙස වවුනියාවේ පාලම් දෙකක් පුපුරවා හැරිණි.
පෙ. ව. 9.30 ට වවුනියාවට සැතපුම් දෙකක් පමණ උතුරින් පිහිටි තන්ඩිකුලම් හිදී දුම්රිය මග පුපුරවා හැරිණි. ඉන් පසුව 10.45 ට පමණ 159 සැතපුම් කණුව අසල තිබූ අඩි 20 ක් පමණ දිගැති පාලමක් ද පුපුරවා හැරිණි.
මෙලෙස යාපනය සහ කොළඹ යා කල යාල්දේවී දුම්රියට අවස්ථා කිහිපයකදීම එල්. ටී. ටී. ඊ. ය, ටෙලෝ, ආදි සන්නද්ධ පිරිස් ප්‍රහාර එල්ල කළේය.