බෙදුණු යුගයේ මතක

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහිදී තංගදුරෙයි සහ කුට්ටිමනී යන ටෙලෝ ප‍්‍රධානීන් අත්අඩංගුවට පත්වේ’ මේ අත්අඩංගුවට පත්වීමත් සමඟ ශී‍්‍ර සබාරත්නම් ටෙලෝ නායකත්වයට පත්විය. 1983 ජූලි කලබල සමයේ දී වැලිකඩ බන්ධනාගාර ගතව සිටි කුට්ටිමනී සහ තංගදුරෙයි එහිදී සිදුවන පහරදීමකින් මරුමුවට පත්වේ. මේ සමඟම ශී‍්‍ර සබාරත්නම් ටෙලෝ නායකයා ලෙස දිගටම කටයුතු කළේය.
    ටෙලෝ සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයා උපරිමව පැවති අවධියේදී ඔවුන් බොහෝ ලෙස ම්ලේච්ඡ ඝාතන වල යෙදිනි. මෙයට හොඳම නිදසුන්ලෙස රජිනි කාන්ත් නම් දෙමළ ජාතිකයකු මරා දැමීම පෙන්වාදිය හැකිය. කලවියන්කඩු ගම් වැසියකු වූ රජිනි කාන්ත් රැකියාව ලෙස කම්මලක සේවය කෙළේය. ඔහුද බොහෝ අස්ථාවල ටෙලෝ සංවිධානයට උදව් පදව් කළ අයෙකි.
    දිනෙක ටෙලෝ තරුණයන් කිහිප දෙනෙකු යම් විෂම කි‍්‍රයාවක නියැලෙන දුටු රජිනි කාන්ත් ඔවුනට දොස් කියා තිබේ. සිදුවීමෙන් ටික දිනකට පසුව ටෙලෝ සාමාජිකයන් පිරිසක් මොහුව පැහැරගෙන ගොස් තිබේ. පසුව නෙල්ඩිඅඩි නගරයේ වේදිකාවක් තනවා එය මත රජිනි කාන්ත්ව ප‍්‍රදර්ශනය කෙළේය. පසුව නාට්‍යයක් රඟ දක්වන විලාෂයෙන් ඔහුව මරා දැමුවේය.
    නාට්‍යයට අනුව ගැහැණියක ලෙස වෙස් පැලඳගෙන සිටි ටෙලෝ සාමාජිකයෙක් රජින් කාන්ත් තමන්ව බලයෙන් දූෂණය කෙළේ යැයි චෝදනා කළේය. පසුව තවත් අයකු ගැහැණිය ලෙස වෙස් ගත් අයගේ අතට පිහියක් දී තමන්ට සිදුවූ දෙයට සුදුසු දඬුවමක් කරන්නැයි කියා සිටියේය. පිහිය අතට ගත් ගැහැනිය සිය ගණනක් වේදිකාව පහළ බලා සිටියදී කුරිරු අන්දමින් රජිනි කාන්ත්ට පිහියෙන් ඇන මරා දැමුවේය.
    පසුව සන්නද්ධ සටන්කාමීන් දිගින් දිගටම යාපනය සහ කොළඹ නොඑසේ නම් උතුර සහ දකුණ අතර ජනතාව සම්බන්ධ කළ යාල්දේවි දුම්රියට ප‍්‍රහාර එල්ල කෙළේය.
    ඒ අනුව 1985 ජනවාරි 19 සිදු වන මෙම ප‍්‍රහාරයෙන් පසුව නැවතත් 1986 මැයි 31 වෙනි දින වේයන්ගොඩ නගරයේදී යාල්දේවී දුම්රියේ බෝම්බයක් පුපුරවා හැරිණි. මින් 13 ක් දෙනෙක් මිය ගියේය.
    යාල්දේවී දුම්රිය මාස කිහිපයක් නවත්වා දමා තිබුණි. නැවතත් එය ගමන් ඇරඹුවේ අගෝස්තු 29 දිනය. එදිනම වව්නියාවෙන් ඔබ්බට දුම්රිය යා නොහැකි වන ලෙස වවුනියාවේ පාලම් දෙකක් පුපුරවා හැරිණි.
    පෙ. ව. 9.30 ට වවුනියාවට සැතපුම් දෙකක් පමණ උතුරින් පිහිටි තන්ඩිකුලම් හිදී දුම්රිය මග පුපුරවා හැරිණි. ඉන් පසුව 10.45 ට පමණ 159 සැතපුම් කණුව අසල තිබූ අඩි 20 ක් පමණ දිගැති පාලමක් ද පුපුරවා හැරිණි.
    මෙලෙස යාපනය සහ කොළඹ යා කල යාල්දේවී දුම්රියට අවස්ථා කිහිපයකදීම එල්. ටී. ටී. ඊ. ය, ටෙලෝ, ආදි සන්නද්ධ පිරිස් ප‍්‍රහාර එල්ල කළේය.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ශී‍්‍ර මහා බෝධිය ලෙයින් තෙත් කරති

    පැය 4කදී මරණ 146යි 24ක් මැරුවේ පෙළට තියලා

    බෝ මළුවේ අහස් කුසම බෝ පත්වලින් වැසී ඇත. හිමිදිරි හිරු කිරණ බෝපත් මත වැටෙමින් තිබිණි. හිරු කිරණ වැටුණු බෝ පත් රන්වන් සේ දිලිසෙන්නට විය. සිහිල් සුළං රොදක් මළුවේ හුන් උවැසියන්ගේ ස්පර්ශය ලබද්දී, ප‍්‍රාණවත් වූ ගතින් යුතු වූ උවැසි උවැසියෝ;
    f-2.jpg

    ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ


    “සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ
    තමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං
    සුභ මේඝවනම් බර මේඝ නිභං
    ජයබෝධි මහං පණමාමි වරං” මුමුණති.


    මඳ සුළඟ සෙලවෙන බෝ දළුවලින් ද සැදැහැයෙන් පිරි උවැසියන්ගේ මුවින් නික්මෙන ගාථා රත්නයන්ගෙන් ද ශ‍්‍රී මහා බෝධි මණ්ඩපයම එකම ලතාවක් ගෙන තිබුණි.
    දිනය ; 1985 මැයි 14 දා ය.
    වෙලාව පෙ.ව. 8.00 පමණ වන්නට ඇත.

    අනුරපුර ජයශ‍්‍රී මහා බෝ මළුව මෙලෙස සැකසෙද්දී ඊට ටික දුරක් ඔබ්බෙන් කුමක්දෝ කලබලයක සේයාවක් සටහන් වෙමින් තිබිණි. අමෙරිකානු කව් බෝයි චිත‍්‍රපටයකට සමකළ හැකි මේ සිදුවීම විස්මයෙන් බලා සිටිනවා හැරෙන්නට නිරායුධ අයකුට කළ හැකි දෙයක් නොමැත.
    සත්‍ය වශයෙන් ම එහි ආරම්භය සටහන් වෙමින් තිබුණේ එදින හිරු පායන්නට ඔන්න මෙන්න කියා තියෙන ඇඳීරියේ ය. හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසුනු ආයුධ අතගත් පිරිසක් පුත්තලම නගරයේ දී පුත්තලම ඩිපෝවට අයත් බස් රථයකට නැගුණි.
    බස් රථය සිය පාලනයට ගත් මේ සන්නද්ධ පිරිස පළමුව සිංහල ජාතික රියැදුරා ද දෙවනුව මුස්ලිම් ජාතික කොන්දොස්තරවරයා ද මරා දැමූහ.
    f-2_1.jpg

    මිය ගිය පිරිසෙන් කොටසක්


    මෙලෙස සිය පළමු ත‍්‍රස්තවාදී කි‍්‍රයාව අවසන් කළ විස්සකට පමණ ආසන්න ත‍්‍රස්තවාදීහු බසයට නැගී එය අනුරාධපුර දෙසට ගෙන යන්නට වූහ. බසය අනුරාධපුර නගරය අතරින් ගමන් කරන්නට විය.
    වේලාව උදෑසන 8.00 පමණ වී තිබූ හෙයින් පාසල් ළමයින් රජයේ සේවකයන්ද, වන්දනා කරුවන් ද අනුරාධපුර නගරයේ සිටියහ. මොවුන් අතරට පැමිණි ත‍්‍රස්තයන් බස් රථයේ සිටම එක දිගට වෙඩි තබන්නට විය.
    ත‍්‍රස්තයන්ගේ ඊළඟ පිවිසුම වූයේ අනුරාධපුර පූජා නගරයයි. ඒ වනවිට ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අබියස වතාවත් කරමින් සිටි බැතිමතුන් ත‍්‍රස්තයන්ගේ ඉලක්කයක් බවට පත්වූහ. බැතිමතුන් මෙන් ම පූජා නගරයේ සේවකයන්ට ද ත‍්‍රස්තයෝ බසයේ සිට ම වෙඩි තබන්නට වූහ.
    මොහොතකට පෙර මහත් භක්තියෙන් ඇළලී සිටි උවැසි උවැසියන්ගේ නිසල සිරුරු සිරිමා බෝ මළුවේ සුදු වැලිතල රත් පැහැ කිරීමට ත‍්‍රස්තයන්ට ගතවූයේ විනාඩි විස්සක් වැනි කෙටි කාලයකි. ත‍්‍රස්තයන්ගේ මේ ප‍්‍රහාරය අවසන් වනවිට 120 දෙනෙකු මරු වැළදගෙන තිබුණි.
    පසුව පූජා භූමියේ ම තිබූ රෝසා බසයකට නැඟගත් ත‍්‍රස්තවාදීන්, නොච්චියාගම දෙසට පැන යන්නට විය. අතරමඟ දී හමුවූ පොලිස් ස්ථානයකට ද වෙඩි තැබූ ඝාතකයන්, විල්පත්තු ජාතික වනෝද්‍යානය දෙසට යොමුවූහ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විල්පත්තු ප‍්‍රහාරය


    එතැනින් ඇරැඹුණේ එදින ත‍්‍රස්ත කි‍්‍රයාවන්ගේ දෙවැනි පරිච්ඡේදයයි.
    රටේ උතුරු නැඟෙනහිර ප‍්‍රදේශයේ ඇතිව තිබූ තත්ත්වය නිසා මෙකල විල්පත්තු ජාතික වනේද්‍යානයට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය අඩුවී තිබුණි.
    මෙවැනි පසුබිමක විල්පත්තු වනෝද්‍යානයේ වැඩබලන පාලකවරයා වූ ඒබ‍්‍රහම් මහතා සතුට දනවන දර්ශනයක් දුටුවේ ය.
    එනම් සංචාරකයන්ගෙන් පිරුණු රෝසා බසයක් හුනුවිල්ගම නැතිනම් වනෝද්‍යාන පිවිසුම වෙතට පැමිණීමයි.
    බස් රථය තමාගේ කාර්යාලය අසලට පැමිණීමට පෙර අවශ්‍ය පියවර ගත් වැඩ පාලක වරයා, පැමිණෙන පිරිසට මඟ පෙන්වන්නකු ලබාදීමට, සේවකයන්ගේ වැඩට වාර්තා කිරීමේ ලේඛනය අතට ගෙන පෙරළන්නට විය.ගතවූයේ මොහොතකි.
    N_paper.jpg

    1985 මැයි 15 වැනිදා ‘දිනමිණ’
    සිදුවීම වාර්තා කළ අයුරු



    N_paper_1.jpg

    1985 මැයි 16 වැනිදා ‘දිනමිණ’ පුවත්පත


    N_paper_2.jpg

    1985 මැයි 18 වැනිදා ‘දිනමිණ’


    පැමිණීමේ ලේඛනය දෙසට ඇස් යොමා සිටි ඒබ‍්‍රහම්ට හිස ඔසවන්නට ඉඩක් ලැබුණේ නැත. ඒ.කේ. 47 වර්ගයේ මැෂින් තුවක්කුවක් ඔහුගේ මුහුණට තදවිය.

    සිදුවන්නේ කුමකින් කුමක්දැයි තේරුම්ගත නොහැකිවූ ඒබ‍්‍රහම්, අමාරුවෙන් සිය ඇස් කරකවා වට පිට බැලුවේ ය. මුහුණ පුරා රැවුල වවාගත් විසිපස් හැවිරිදි වියේ පමණ වූ තරුණයකු ඔහු ඉදිරියේ විය.
    ඒ සමඟ ම සිරුර දැවෙන්නාක් මෙන් ඔහුට දැණිනි. කරකියා ගත හැකි දෙයක් නොමැත. තවත් විසි ගණනක් පමණ සිටින බව ඔහුට වැටැහුණි.
    ඒ සමඟ ම කෑගැසූ අවිගත් පිරිස 25ක් පමණ වන වනජීවී සේවකයන් එක ම පෙළට තැබූහ.
    මේ අතර තවත් පිරිසක් වනජීවී නිලධාරීන්ගේ නිවෙස්වලට කඩා පැන රත්රන් බඩු හොරා ගන්නට වූහ. ඉන් පසුව වනජීවී දෙපාර්තමේන්තුව සතු වාහන පණ ගැන්වීමට උත්සාහ කරන්නට විය.
    එහෙත් මේ දිනවල පැවැති තත්ත්වය නිසා වාහන ක‍්‍රියා විරහිත කර තැබීමට වනජීවී නිලධාරීන් කි‍්‍රයා කර තිබුණි.
    මේ මොහොතේ ත‍්‍රස්තයන්ගේ අවශ්‍යතා නොලැබුණ හොත් තම කණ්ඩායමට මරණය නියත බව සිතූ සුබසිංහ නැමැති සේවකයකු වාහනයක් පණ ගැන්වීය.
    තවත් මොහොතකින් කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තයෝ පෙළට තැබූ 25 දෙනාගෙන් හය දෙනෙකු ඝාතනය කළහ. එලෙසින් මිය ගිය පිරිස අතර ත‍්‍රස්තයන්ට වාහනය පණ ගන්නා දී කණ්ඩායමේ ම පණ බේරා ගැනීමට උත්සාහ කළ සුබසිංහ ද විය.
    තවත් මොහොතකින් ඉතිරි පිරිසෙන් 18 දෙනෙකු ද පෙළේ සිටියදීම ත‍්‍රස්තයෝ ඝාතනය කළහ. ඝාතනයෙන් පසුව අපරාධකරුවන්ට පුන්කුලම ප‍්‍රදේශයට යාමට අවශ්‍ය විය.
    සිය ගමන යාම සඳහා මඟ පෙන්වන්නකු ලෙස මේ ඝාතකයෝ එබ‍්‍රහම්ව තෝරා ගත්හ. විල්පත්තු වනෝද්‍යානයේ පෙළට තබා සිටි පිරිසෙන් ඉතිරිව සිටියේ ද ඒබ‍්‍රහම් පමණි.
    ඒබ‍්‍රහම් ලැන්ඩ්රෝවර් රථයකට නංවාගත් ත‍්‍රස්තයෝ පුන්කුලම දෙසට පිටත් වූහ.
    මේ වනවිට සිදුවීමට අදාළ ඝාතකයන් සොයමින් ආරක්ෂක අංශ මෙහෙයුම් කරමින් සිටියේය. ඒබ‍්‍රහම්ගේ මඟ පෙන්වීම යටතේ ත‍්‍රස්තයන් රැගත් ලෑන්ඩ් රෝවර් රථය මරදන්මඩුව ප‍්‍රදේශයට ළඟාවී තිබුණේ මේ අතර ය. ඒ සමඟ ම ඉහළ අහසේ හෙලිකොප්ටරයක් දිස්වන්නට විය.
    පැමිණෙන්නේ ආරක්ෂක හමුදා භටයන් බව දැනගත් ත‍්‍රස්තවාදීන් පාට ඇඳුම් ඇඳ සිටි පිරිසට ඒවා ගලවා විසිකරන මෙන් අණ කරන්නට විය. පසුව සියල්ලටම බිම දිගාවන ලෙසට ද අණ කෙරුණි.
    මේ සියල්ල සිදුවන විට ඒබ‍්‍රහම් සිය ජීවිතය බේරා ගැනීමට හොඳම අවස්ථාව මෙය බව දැන ගත්තේය. වහාම කි‍්‍රයාත්මක වූ ඒබ‍්‍රහම් පැන දුවන්නට විය. එහෙත් ඒබ‍්‍රහම්ගේ අවාසනාවට ටික දුරක් යත්ම ඔහු මරදන් මඩුව වැවට ඇදගෙන වැටුණි.
    කරවටක් දියේ ගිලී වැල් පඳුරු අස්සේ සැඟවීමට ඔහුට වරම් ලැබුණි. මෙලෙස ඒබ‍්‍රහම්ට වූ විපත සැපතක් වන විට ඈතින් මැෂින් තුවක්කු හඩ සහ වාහන හඬ ඔහුට ඇසෙන්නට විය.
    ඒ හඬ අස්සේම ඔහු හුනුවිල ගම දෙසට දුවන්නට පටන් ගත්තේ ය. ත‍්‍රාසජනක අත්දැකීමකින් දිවි බේරාගෙන ඒබ‍්‍රහම් සිය අඹුදරුවන් කරා පැමිණියේ එලෙස ය.
    1985 මැයි 14 දින හිමිදිරි පාන්දර සිට කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තයන්ගේ මේ ප‍්‍රහාරය දහවල් 12.00 පමණ වන තෙක් පැවැතිණි. උදෑසන 8.00ට පමණ අනුරාධපුර නගරය සහ පුදබිම හි සිටි නිරායුද 120 ක් පමණ ඝාතනය කළහ.
    පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සේවකයන් 24 දෙනෙකු ද ඝාතනය කළහ. බස්රථයේ සිටි රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ ම මිය ගිය මුළු පිරිස 146ක් වූ අතර මේ සියලු දෙනා ම අහිංසක සිවිල් ජනතාව වූහ.

    ප‍්‍රභාකරන්ගේ එකමුතුව

    ප‍්‍රහාරය සිදුවන විට මෙරට ප‍්‍රධාන පෙළේ සන්නද්ධ කණ්ඩායම් 5ක් තිබුණි. එල්.ටී.ටී.ඊ., ඊරෝස්, ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. ඒ කණ්ඩායම් ය. මේ කණ්ඩායම්වලින් ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාව එල්ලවූයේ එල්.ටී.ටී.ඊ.යට ය. ලංකාවේ ආරක්ෂක හමුදා ඊට පෙර දිනවල ත‍්‍රස්තයන්ට එරෙහිව කරන ලද ප‍්‍රහාර කිහිපයකට පළිගැනීමක් ලෙසට හැඳින්විය.
    මේ වනවිට ත‍්‍රස්ත සංවිධාන අතර එකමුතුවක් හට ගෙන තිබීම ද සුවිශේෂී ය. 1985 අපෙ‍්‍ර්ල් මාසයේදී එල්.ටී.ටී.ඊ., ඊරෝස්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ් යන සංවිධාන එකමුතුවී ඊළාම් ජනතා විමුක්ති සංවිධානය
    (ENLF) පිහිටුවාගෙන තිබුණි.
    1982 වර්ෂය පමණ වනවිට සටන් කාමී ව්‍යාපාරවලට එතරම් ශක්තියක් නොතිබිණි. මේ කාලයේදී එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් සියලු ම දෙමළ සටන්කාමීන්ගේ එකමුතුවක් අවශ්‍ය බව ප‍්‍රකාශ කර තිබුණි.
    එහෙත් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය පිහිටුවාගෙන කටයුතු කිරීමට ප‍්‍රභාකරන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වනවිට එල්.ටී.ටී.ඊ.ය සහ ටෙලෝ වැනි සංවිධාන ශක්තිමත් වී තිබුණි.
    ඒ නිසා එක ම සංවිධානය ලෙසින් ඒකරාශී වීම තුළින් එල්.ටී.ටී.ඊය වැනි සංවිධානයකට අවාසිදායක බව ප‍්‍රභාකරන් විශ්වාස කෙළේය. මේ නිසා නව සංවිධානයට ප‍්‍රභාකරන් කැමැත්තක් නොදැක්විය.
    කෙසේ වුව එය එළිපිට ප‍්‍රකාශ කිරීමට ප‍්‍රභාකරන් නොපෙළඹුණි. ඔහු සෑම විටම නව සංවිධානයේ රැස්වීම් වලට ද අකමැත්තෙන් සහභාගි විය. දෙමළ සටන් කාමී සංවිධාන අතර බාහිරින් තිබූ මේ එකමුතුව නිසා දෙමළ ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් ඇතිවී තිබුණි.
    කෙසේවුව මේ සංවිධානය පිහිටවීමත් සමඟ ම දෙමළ සන්නද්ධ සටන්කාමීන්ගේ ප‍්‍රහාර ප‍්‍රබල විය. ඒවා ඇතැම්විට අහිංසක ජනතාව ඉලක්ක කරගෙන එල්ලවූ ප‍්‍රහාර විය
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔය ප්‍රශ්ණයේ සම්පූර්ණ ඉතිහාසය මේ පොතේ තියෙනවා ("ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා"). ඩවුන්ලෝඩ් කරගෙන කියවල බලන්න:

    http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf
    මම මේ පොත කියෙව්වා. මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙවෙයි නේ?? ඒ කාලේ ඉදන්ම කැස කවාගෙන ඉදලා තියෙන්නේ වෙනම රටක් ගන්න. :baffled::baffled::baffled:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දෙමල පක්ෂයක් ලංකාවේ ප්‍රධාන විපක්ෂය උන එක වගේ අනාගතයේ දී රටේ පාලක පක්ෂය වෙන්නත් පුලුවන් බව මගේ අදහසයි. මට මේකට දෙන්න පුලුවන් එක උදාහරණයක් තමයි පසුගිය ජනාධිපතිවරණය. පක්ෂවල පාට පාට කණ්ණාඩි දාගන්නෙ නැතුව බැලුවොත් ඕන කෙනෙකුට පැහැදිලිව පේන දෙයක් තමයි සරත් මහතා දෙමල බහුතරයක් තියෙන ප්‍රදේශ විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර ඇති බව. ඒ එයා සරත් ෆොන්සේකා නිසා නෙමෙයි. දෙමල දේශපාලන පක්ෂ එයාට සහයෝගය දීපු නිසා. ඒ නැතුව වෙන තියෙන ඇම්මකට නෙමෙයි. මහින්දට ඒ පක්ෂවල සහයෝගය ලැබුණනම් මහින්ද මහතා ඒ පැති එලකිරි වගේ දිනනව.

    මම කියන්නේ කෝක කොහොම උනත් දෙමල මිනිස්සු එකමුතුව වැඩ කරනව. සිංහල අය පක්ෂ වලට කෑලි කෑලි කැඩිල ගියත් දෙමල ඡන්ද එහෙම කැඩිල නෑ.

    මෙහෙම ගියොත් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගන්න දෙමල පක්ෂයක් හෝ සන්ධානයක් අනාගතයේදී ලංකාවේ පාලක පක්ෂය වෙන එක වෙන්න බැරි දෙයක් නෙමෙයි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙමල පක්ෂයක් ලංකාවේ ප්‍රධාන විපක්ෂය උන එක වගේ අනාගතයේ දී රටේ පාලක පක්ෂය වෙන්නත් පුලුවන් බව මගේ අදහසයි. මට මේකට දෙන්න පුලුවන් එක උදාහරණයක් තමයි පසුගිය ජනාධිපතිවරණය. පක්ෂවල පාට පාට කණ්ණාඩි දාගන්නෙ නැතුව බැලුවොත් ඕන කෙනෙකුට පැහැදිලිව පේන දෙයක් තමයි සරත් මහතා දෙමල බහුතරයක් තියෙන ප්‍රදේශ විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර ඇති බව. ඒ එයා සරත් ෆොන්සේකා නිසා නෙමෙයි. දෙමල දේශපාලන පක්ෂ එයාට සහයෝගය දීපු නිසා. ඒ නැතුව වෙන තියෙන ඇම්මකට නෙමෙයි. මහින්දට ඒ පක්ෂවල සහයෝගය ලැබුණනම් මහින්ද මහතා ඒ පැති එලකිරි වගේ දිනනව.

    මම කියන්නේ කෝක කොහොම උනත් දෙමල මිනිස්සු එකමුතුව වැඩ කරනව. සිංහල අය පක්ෂ වලට කෑලි කෑලි කැඩිල ගියත් දෙමල ඡන්ද එහෙම කැඩිල නෑ.

    මෙහෙම ගියොත් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගන්න දෙමල පක්ෂයක් හෝ සන්ධානයක් අනාගතයේදී ලංකාවේ පාලක පක්ෂය වෙන එක වෙන්න බැරි දෙයක් නෙමෙයි.

    ඔව් ඔබ හරි , හැබැයි මේ නියෝජන ක්‍රමය ඉදිරියේදී වෙනස් වෙයි , එවිට ඔය තත්වය උදා වෙන එකක් නෑ , එකක් මතකයේ තබා කටයුතු කල යුතුයි , සිංහලයාට ඇති එකම භූමිය මෙය පමණයි
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔව් ඔබ හරි , හැබැයි මේ නියෝජන ක්‍රමය ඉදිරියේදී වෙනස් වෙයි , එවිට ඔය තත්වය උදා වෙන එකක් නෑ , එකක් මතකයේ තබා කටයුතු කල යුතුයි , සිංහලයාට ඇති එකම භූමිය මෙය පමණයි


    රට ගැන හරි කැක්කුමක් තියෙන්න ඕන ආදීවාසීන් වන සිංහලයන්ට. ඒත් ඒක කාටත් මතක්කරල දෙන එක ගොඩක් වටින දෙයක්.:yes::yes:
     

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මම මේ පොත කියෙව්වා. මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙවෙයි නේ?? ඒ කාලේ ඉදන්ම කැස කවාගෙන ඉදලා තියෙන්නේ වෙනම රටක් ගන්න. :baffled::baffled::baffled:

    ඔවු, මේක පිටින් පේන තරම් සරල ප්‍රශ්ණයක් නෙවෙයි. බටහිරයන් විසින් සිංහලත්වය විනාශ කරන්න නිර්මාණය කරපු ප්‍රශ්ණයක්. බටහිර බලපෑම නවත්තනකල් මේක සම්පූර්ණයෙන් ඉවර වෙන්නෙත් නෑ.

    ඔවුන් මුලින්ම කලේ ලංකාවෙ දෙමළ ජනයාට මහා අසාධාරණයක් වෙනව කියන බොරුව නිර්මාණය කරපු එක. ඒ තර්කය මත ඉඳල තමයි තාමත් "දේශපාලන විසඳුම්" කියල ජාතියක් ඉල්ලනේ.

    ඒත් ඇත්තටම ලංකාවෙ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම කිසිම අසාධාරණයක් සිද්ධ වෙලා නෑ.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියම වැඩක් සහො...මෙව මතක් කරලා දෙනවට ගොඩක් ස්තුතියි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    රට ගැන හරි කැක්කුමක් තියෙන්න ඕන ආදීවාසීන් වන සිංහලයන්ට. ඒත් ඒක කාටත් මතක්කරල දෙන එක ගොඩක් වටින දෙයක්.:yes::yes:

    ගොඩක් උන්ට තේරුම් කලාට වැඩක් නෑනේ , උන්ට කන්න රොටිය ගානෙ දෙනවනම් වෙන මුකුත් ඕන නෑ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් ඔබ හරි , හැබැයි මේ නියෝජන ක්‍රමය ඉදිරියේදී වෙනස් වෙයි , එවිට ඔය තත්වය උදා වෙන එකක් නෑ , එකක් මතකයේ තබා කටයුතු කල යුතුයි , සිංහලයාට ඇති එකම භූමිය මෙය පමණයි
    :yes::yes::yes::yes::yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගොඩක් උන්ට තේරුම් කලාට වැඩක් නෑනේ , උන්ට කන්න රොටිය ගානෙ දෙනවනම් වෙන මුකුත් ඕන නෑ


    "කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට..
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ..."

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :yes::yes:
    :frown:
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ගොඩක් උන්ට තේරුම් කලාට වැඩක් නෑනේ , උන්ට කන්න රොටිය ගානෙ දෙනවනම් වෙන මුකුත් ඕන නෑ

    foolඅන්දරේ :rofl::rofl:

    Regarding "ජනාධිපතිතුමාට අපහාස කල admin මෙන්න!!" thread started by Coolkasun
    http://www.elakiri.com/forum/showthread.php?t=427297
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    “සිටි ඔෆ් කලම්බු” යානය පුපුරවයි

    23ක් මරුට 41ක් තුවාලයි

    1985 අපෙ‍්‍ර්ල් මාසයේදී ඊළාම් ජාතික විමුක්ති පෙරමුණ (ENLF)උතුරේ සටන්කාමී සංවිධාන විසින් පිහිටුවා ගන්නා ලදී. එහිදී ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (TELO), ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ (EPRLF), දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE), , ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය (EROS) කණ්ඩායම් නායකයන් වූ ශී‍්‍ර සබාරත්නම්, කේ. පද්මනාභ, වේලුපිල්ලේ ප‍්‍රභාකරන් සහ බාලකුමාර් යන පිරිස් එකමුතුවීමේ ප‍්‍රකාශනයකට අස්සන් කෙළේ ය.


    f0906013-2.jpg

    1986 මැයි 5 වැනිදා ‘දිනමිණ


    එම එකමුතුව සංකේතවත් කරමින් නායකයන් සිව්දෙනා මදුරාසියේ හෝටල් කාමර පෙලක් ඉදිරිපිට සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ලංකා ආණ්ඩුව සමඟ යම්කිසි එකඟතාවකට එලැඹුන ද ස්වාධීන ඊළාම් රාජ්‍ය හැර වෙනත් විකල්පයක් බාර නොගන්නා ලෙසින් නායකයෝ ප‍්‍රකාශනයට අනුව බැදී සිටියහ.
    මේ එකමුතු වීම සම්බන්ධයෙන් නොරුස්නා පුද්ගලයකුව සිටි ප‍්‍රභාකරන් නව සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වුව ද එහි දී නිතර ම නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. ඊ. එන්. එල්. එෆ්. පළමු සමළුවේ දී ම රටෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් නායකයෝ කතා බහ කරන විට ප‍්‍රභාකරන් උනන්දුවක් නොදක්වා බලා සිටියේ ය. ප‍්‍රභාකරන් ගේ නිහඬත්වය නිසා රැස්වීමට සහභාගිවී සිටි වෙනත් සාමාජිකයකු ප‍්‍රභාකරන්ට ද අදහස් දක්වන මෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් ප‍්‍රභාකරන් ගේ පිළිතුර;
    “ඔයගොල්ලො සාකච්ඡා කරගෙන යන්න මට ඇහෙනවා... ඒක දිගට ම කරගෙන යන්න” පමණි. ප‍්‍රභාකරන් වෙනුවට මේ සංවිධානය තුළ සාකච්ඡාවලදී වැඩි වශයෙන්ම කතා කළේ ඇන්ටන් බාලසිංහම් ය.
    කෙසේ හෝ මේ සංවිධානය ආරම්භ වී ටික කලක් ගත වත් ම රටෙ හි ත‍්‍රස්ත කි‍්‍රයාවන් හි ශීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබුණි. මේ අනුව ත‍්‍රස්තවාදීන්ට මුහුණ දීම සඳහා ශී‍්‍ර ලංකා විශේෂ කාර්ය බලකාය (
    S.T.F) රජය විසින් පිහිටවන ලදී.
    මේ අතර 1985 ජූනි 18 වෙනිදා ශී‍්‍ර ලංකා රජය සහ දෙමළ සටන්කාමීන් අතර සටන් විරාමයක් ඇති කිරීමට ඉන්දියාව මැදිහත් වුණි. මේ සටන් විරාමයෙන් පසු සාකච්ඡා ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිනු ලැබුණි. එහෙත් ප‍්‍රභාකරන් කිසිසේත් සාකච්ඡා කි‍්‍රයාමාර්ගයකට සූදානම් නොවුණි. එහෙත් ඉන්දියානු රජයේ බලපෑම මත ඔවුනට සාකච්ඡා මේසයට එක්වන්නට විය.
    මේ වන විට ඉන්දියාවේ අගමැති ධූරය දරුවේ රජීව් ගාන්ධි මහතා ය. 1984 ඔක්තෝම්බර් මස 31 වෙනිදා එවක ඉන්දියානු අගමැතිධූරය දැරූ ඉන්දිරා ගාන්ධි මහත්මිය ඝාතනය විය. ඉන් පසුව බලයට පැමිණියේ ඇයගේ පුත් රජීව් ගාන්ධි ය. රජීව් ගාන්ධි මහතා ශී‍්‍ර ලංකා රජයට වැදගත් වන තීන්දු කිහිපයක් ම රැගෙන තිබුණි. එක්වතාවක දී ශී‍්‍ර ලංකාවට ආයුධ ගෙන එන ගුවන් යානයක් ඉන්දියාවේ දී ගොඩබැස්සවීමට ද රජීව් ගාන්ධි අවසර දී තිබුණි. ඒ අනුව ඉන්දිරා ගාන්ධි මහත්මිය ගේ කි‍්‍රයා කළාපයට වඩා සුබදායි පසුබිමක් ඉන්දියාව තුළ මෙකල ඇතිවෙමින් පැවැතිණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තිම්පු සාකච්ඡා


    f0906013-1.jpg


    ප‍්‍රභාකරන්ට අකමැත්තෙන් වුව තිම්පු සාකච්ඡාවලට යොමු වන්නට වූයේ ද ඉන්දීය බලපෑම නිසා ය. මේ අනුව ශී‍්‍ර ලංකා රජයත් දෙමළ සටන්කාමී කණ්ඩායම් වූ එල්. ටී. ටී. ඊ., ටෙලෝ, ඊ. පී. ආර්. එල්. එෆ්, ඊරෝස්, ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) තිම්පු නුවර පැවැති සාකච්ඡාවලට සහභාගී විය. සාම සාකච්ඡා ඇරඹීමත් සමඟ ම ප‍්‍රභාකරන් ගේ බාහිර පෙනුම ද වෙනස්වන්නට විය. ඔහුට තිබූ උඩු රැවුල ප‍්‍රභාකරන් කපා දමා තිබුණි.
    “අපි උඩුරැවුල තියන්නේ සටන් කරන විට පමණයි. සාමය ගැන කතා කරන්න එන්න කිව්වොත් අපි රැවුල මුඩු කරලා දානවා” යි ප‍්‍රභාකරන්ගේ උපහාසාත්මක පිළිතුරක් විය.
    ඉන්දියාවෙන් එල්ල වුණු බලපෑම් නිසා ප‍්‍රභාකරන් භූතානයේ තිම්පු නුවරට පිරිසක් පිටත්කර ඇරියේය. ලංකා රජය වෙනුවෙන් හෙක්ටර් ජයවර්ධන මහතා සහභාගි විය. ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායමට එම්. එල්. ද සිල්වා, එස්. එල්. ගුණසේකර ද ඇතුළත් විය. දෙමළ නියෝජිත පිරිසට ටෙලෝ, ඊ. පී. ආර්. එල්. එෆ්, ඊරෝස්, ප්ලොට් සහ එල්. ටී. ටී. ඊ. යන එක් එක් සංවිධානයන්ගෙන් දෙදෙනෙක් ඇතුළත් වූහ. මෙහි දී එල්. ටී. ටී. ඊ. ය වෙනුවෙන් ප‍්‍රධානත්වය ගෙන තිබුණේ ලෝරන්ස් තිලකර් ය. මෙම සාකච්ඡාවේ දී ආණ්ඩුව විසින් දිස්ති‍්‍රක් සංවර්ධන සහ විවිධාංගීකරණය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. දෙමළ පක්ෂ එම යෝජනාවලිය ප‍්‍රතික්ෂේප කළේ ය. ඒ වෙනුවෙන් දෙමළ පක්ෂ සහ සන්නද්ධ පිරිස කරුණු 4ක් ඉදිරිපත් කෙළේ ය. “තිම්පු මූලධර්ම” ලෙස හැදින් වූ මේ මූලධර්ම සාකච්ඡාවන් අර්ථවත් කර ගැනීමට පදනම විය යුතු බව ඔවුහු කියා සිටියහ.
    1. දෙමළ ජනයා ජාතියක් ලෙස පිළිගැනීම.
    2. හදුනාගත් නිජබිමක් ඇති බව පිළිගැනීම.
    3. දෙමළ ජනතාවට ස්වයං - තීර්නය සඳහා ඇති අයිතිය පිළීගැනීම.
    4. රට තුළ සිටින සියලු ම දෙමළ ජනයාට පුරවැසිභාවයට හා මානව හිමිකම්වලට ඇති අයිතිය පිළිගැනීම තිම්පු මූලධර්ම විය.
    මේ මූලධර්ම අතර ශී‍්‍ර ලංකා ආණ්ඩුව කරුණු සහිතව ප‍්‍රතික්ෂේප කෙළේ ය. ඇත්ත වශයෙන් ම මේ සාකච්ඡා පළ රහිත වන ලකුණු මුල සිට ම පෙනෙන්නට තිබුණි. දෙපක්ෂය ම දෙපක්ෂයට ම චෝදනා එල්ල කර ගත්හ. සමහර අවස්ථාවල දී සාකච්ඡාවලට සහභාගී වූ දෙපිරිසට භාෂාව පිළිබඳව ද ගැටලු මතුවී තිබුණි. දෙමළ කණ්ඩායම්වල හැසිරීම සම්බන්ධයෙන් ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මෙන් ම ඉන්දියානු විදේශ ලේකම් රොමේෂ් බන්ධාරි ද කෝපයෙන් පසු විය.
    සාකච්ඡාවලට දෙවෙනි වටය පැමිණෙන විට එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. මේ අනුව ප්ලොට්, ඊරෝස්, ඊ. පී. ආර්. එල්. එෆ්. හා ටෙලෝ යන සංවිධාන සාකච්ඡා සඳහා ඉදිරිපත් කර සිටි නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයකු බැගින් ඉවත් කර ගත්තේ ය. ප‍්‍රභාකරන් තම නියෝජිතයන් දෙදෙනා ම ආපසු මදුරාසියට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටියේ ය.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප‍්‍රබල බෝම්බයක්


    ප‍්‍රභාකරන් තම නියෝජිතයන් දෙදෙනා ම ඉවත් කරගත්තා පමණක් නොව සෙසු කණ්ඩායම් සාමාජිකයන් ඉදිරි සාකච්ඡාවලට සහභාගී වනවා දැක ඉමහත් කෝපයට පත් විය. මෙහි දී දැඩි පියවරක් ගන්නා ලෙස ප‍්‍රභාකරන් සෙසු පිරිසගෙන් ද ඉල්ලා සිටියහ. මේ අතර ම තිම්පු සාකච්ඡාවලින් එල්. ටී. ටී. ඊ. ය ඉවත් වන බව බාලසිංහම් විසින් සෙසු කණ්ඩායම්වලට දැනුම් දුණි. ඉන්දියාවේ සිටිය දී බාලසිංහම්ට විවිධ චෝදනා ඉන්දීය බලධාරීන්ගෙන් එල්ල විය. ඔහු විදේශීය ඔත්තුකරුවකු බවට ද මෙහි දී කියැවිණි. කෙසේ හෝ මදුරාසියේ බාලසිංහම් නැවතී සිටි නිවස ප‍්‍රබල බෝම්බයකින් විනාශ වී යන්නේ ද මේ අතර ය. මෙයින් බාලසිංහම් දිවි බේරා ගත්තේ ය. මේ සියල්ල සිදු වන විට තිම්පු සාකච්ඡා බිඳවැටී තිබුණි.
    මේ සමඟ ම එතෙක් පැවැති සටන් විරාමය කඩාකප්පල් කිරීමට එල්. ටී. ටී. ඊ. ය ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම් කටයුතු කළහ.
    එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තයෝ සිය මිලේච්ඡ කි‍්‍රයා ආරම්භ කිරීම නැවතත් ආරම්භ කර තිබුණි. ඒ අනුව 1985 අගෝස්තු 2 වෙනිදා පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සෝමාවතිය ප‍්‍රදේශයට ආසන්න තිරුකොණමඩු ගම්මානයට එල්. ටී. ටී. ඊ. ය ප‍්‍රහාරයක් එල්ල කළේ ය. එහි දී සාමාන්‍ය වැසියෝ හයදෙනෙක් ත‍්‍රස්තයෝ මරා දැමූහ. පසුව අගෝස්තු 14 වෙනිදා අරන්තලාවේ සිංහල ගම්මානයකට ප‍්‍රහාරයක් එල්ලකර 7 දෙනෙකු ද මරා දැමීමට කටයුතු කළහ.
    ඒ මාසයේ ම 18 වෙනි දින ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ නාමල්වත්ත ප‍්‍රදේශයට කඩා වැදුනු ත‍්‍රස්තයෝ තවත් සිවිල් වැසියන් (7) හත්දෙනෙකු වෙඩිතබා මරා දැමූහ. නොවැම්බර් 7 වෙනිදා එල්ල කළ ප‍්‍රහාරයකින් තවත් 10 දෙනෙකු ඝාතනය වූහ. පසුව එලැඹි වසරේ එනම් 1986 පෙබරවාරි 19 දින කන්තලේ ගමකට කඩා වැදුණු කොටි ත‍්‍රස්තයෝ සිවිල් වැසියන් 19 දෙනෙකු කපා කොටා අමු අමුවේම මරා දැමුවේ ය.
    මෙලෙස ශී‍්‍ර ලංකා රජයත් දෙමළ සටන්කාමීනුත් අතර පැවැති සටන් විරාමය බිදවැටීමත් සමඟ ම ගම්බිම්වලට වැදුනු ත‍්‍රස්තයෝ ගම්වාසීහු 50ක් පමණ කපා කොටා මරා දැමූහ.
    මේ අතර 1986 මැයි 03 වැනිදා උදා විය.
    එයාර් ලංකා ගුවන් සේවයට අයත් යූ. එල්. 512 වර්ගයේ ට‍්‍රයිස්ටාර් ගුවන්යානය ලන්ඩන්, සුරිච්, ඩුබායි හරහා ශී‍්‍ර ලංකාවට පැමිණියේ ය. ඒ වන විට වෙලාව පෙරවරු 7.30 පමණ වී තිබුණි. “සිටි ඔෆ් කලම්බු” නමින් හැඳින්වුණු මේ ගුවන් යානයේ ඊළඟට මාලදිවයින බලා යාමට සූදානම් කෙරෙමින් පැවැතිණි. කාලසටහන අනුව මාලදිවයින් ගමන පිටත් වීමට තිබුණේ පෙ. ව. 9.14 ට ය. මේ යානයේ මගීන් 276 කට ගමන් කළ හැකිව තිබුණි. එදින මාලදිවයින බලා පිටත්වීමට සිටියේ මගීන් 133 ක් පමණි. විදේශිකයන් ද රැසක් මේ පිරිසට අයත් ව සිටියහ.
    පෙ. ව. 9.10 ට ආසන්න වෙමින් තිබුණේ මේ අතර ය.
    මේ වන විට මඟීන් 111 ක් යානයට ඇතුළු වී තිබුණි. තවත් 22 ක් යානයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටියහ. වේලාව හරියට ම පෙ. ව. 9.10 ලෙස ඔරලෝසුවේ සටහන් වෙද් දී අසල සිටි පිරිසට දැක ගැනීමට හැකි වූයේ බටහිර චිත‍්‍රපටයක බිහිසුනු දර්ශනයකි.
    ට‍්‍රයිස්ටාර් ගුවන් යානය මැදින් හෙණ හඬක් නංවමින් දෙකඩ වී ගියේ ය. යානයේ වීදුරු කඩා හැලෙද්දී මහා ගිනි ජාලාවක් ඉහළට නැග අහස් කුස වෙලා ගත්තේ ය. මගීන් 17 දෙනෙකු එම ස්ථානයේ ම මරු මුවට පත් විය. තවත් පිරිසක ගේ ශරීරවලට ගිනි ඇවිලී තිබුණි. ඔවුහු ගිනිගෙන දැවෙන සිරුරින් යුතුව ගුවන් යානයේ සුන් බුන් අතරින් එළියට එන්නට විය. මෙලෙස ගුවන් යානය ගිනි ගනිද්දී මාලදිවයින බලා ගමන් කිරීමට සිටි මගීන් ගේ අනුවේදනීය සිදුවීම් රැසක් ගුවන් යානයේ දැක ගන්නට ලැබුණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඛේදජනක අවසානය


    මාලදිවයින් ජාතික කාන්තාවක් වූ ජමිලා අබ්දුල් ඊට කලින් දිනයක ශී‍්‍ර ලංකාවට ආවේ සිය හුසෙන් සියාද් නම් පස් හැවිරිදි දරුවා ගේ අසනීපයකට ප‍්‍රතිකාර ගැනීමට ය. අවශ්‍ය ප‍්‍රතිකාර ගෙන දරුවා ද රැගෙන මාලදිවයින බලා යාමට ජමිලා මැයි 3 වැනිදා සිටි ඔෆ් කලම්බු යානයට ගොඩ වූවා ය.
    එහෙත් බෝම්බ ප‍්‍රහාරය අවසානයේ ජමිලා සිය පුංචි පුතා ද තුරුළු කරගෙන මිය ගොස් සිටියා ය. මියගොස් සිටි පුංචි පුතා ගේ අත් දෙක ම කැඩී ගොස් තිබුණු අතර ඔවුන් දෙදෙනා ම ගින්නෙන් අගුරු වී සිටි අයුරු දුටු බොහෝ දෙනා ගේ හදවත් කම්පා විය. පසු දින ඔවුන් දෙදෙනා ම ජාවත්ත මුස්ලිම් සොහොන් පිටියේ දී භූමදාන කෙරුණි.
    තවත් කාන්තාවක් මාලදිවයිනේ සිටින සිය සැමියා හමුවීමට යන බලාපොරොත්තුවෙන් ගුවන් යානයට ගොඩ වී සිටියා ය. ඇය හාස්කමකින් මෙන් මරණයෙන් බේරුණ ද ඈ සන්තකව තිබූ සියලු සම්පත් ගින්නෙන් දැවී අළු වී ගොස් තිබුණි.
    මෙලෙස මරණ සහ තුවාල සිදුවීම් රැසක් මහත් ඛේදජනක ලෙස අවසාන වී තිබුණි. පිපිරීම අවසානයේ මගීන් 23 ක් මරුමුවට පත් විය. මඟීන් 41කට තුවාල විය.
    1986 වර්ෂයේ කටුනායක ගුවන් තොටුපළෙ දී ට‍්‍රයිස්ටාර් ගුවන්යානය පුපුරා යාමට ටික කාලයකට පෙර මදුරාසියේ ‘මීනම්බක්කම්’ ගුවන් තොටුපලේ දී ද ගුවන් යානයක් පුපුරා ගියේ ය. ඒ සම්බන්ධයෙන් ද ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත කල්ලි පිළිබඳව සැක කෙරිණි.



    f0906013-3.jpg