බෙදුණු යුගයේ මතක

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සභාරත්නම් මරා දමති

    උණ්ඩ
    28කින් ශී‍්‍ර නිහඬයි

    සිරුර බස්නැවැතුම් පොළේ ප‍්‍රදර්ශනයට



    තිම්පු සාකච්ඡා බිඳ වැටිණි. ඒ අනුව කණ්ඩායම් හතරක එකමුතුව හෙවත් ඊළාම් ජාතික විමුක්ති පෙරමුණ
    (ENLF) සම්බන්ධව ප‍්‍රභාකරන්ගේ මුලදී තිබුණු අකමැත්ත එළිපිටට දැමීමට අවස්ථාව උදාවිය. මේ සන්ධානය ආරම්භයේදීම රැස්වීම්වලට සහභාගි වුණු ප‍්‍රභාකරන් පසුව එම සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වීම මඟ හැරියේය.

    saba.jpg

    ‘ENLF’ සංවිධානයේ සාමාජිකයන් සමූහ ඡායාරූපයකට
    පෙනී සිටිමින්...
    පිළිවෙළින් ශී‍්‍ර සභාරත්නම්, කේ. පද්මනාභ,
    වේළුපිල්ලේ ප‍්‍රභාකරන්, බාලකුමාර්

    රැස්වීම්වලට ඔහු වෙනුවට සංවිධානයේ දෙවෙනි පෙළ නියෝජිතයකු යැවීය. තවත් කල්යත්ම ඊටත් කණිෂ්ට සාමාජිකයන් රැස්වීම්වලට යැව්වේය. මේ අනුව ක‍්‍රමයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වූ අතර මේ සමඟ අනෙකුත් කණ්ඩායම් සමඟ ගැටුම් ද ආරම්භ විය.
    දමිළ සටන්කාමීන් අතර අභ්‍යන්තර ගැටුම් ආරම්භ වී තිබුණේ් එම සංවිධානයන් ආරම්භ වීමටත් පෙර ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගතහොත් එහි ආරම්භක සභාපතිවරයා වූ උමා මහේෂ්වරන් සහ ප‍්‍රභාකරන් අතර ගැටුම් ආරම්භ වූයේ 1978 දී තරම් ඈතදීය.
    ඒ වනවිට සංවිධානය ආරම්භ කර ගත වී තිබුණේ වසර දෙකකට ආසන්න කාලයකි. මේ අනුව 1979 දී උමා, එල්.ටී.ටී.ඊ.යෙන් නෙරපා දැමීමට ද ප‍්‍රභාකරන් කටයුතු කෙළේය.
    පසුව උමා මහේෂ්වරන් වෙනම සංවිධානයක් පිහිටුවා ගත්තේය. ‘ප්ලොට්’ සංවිධානය ලෙස හැඳින්වූයේ මේ නව සංවිධානයයි. 1982 වර්ෂයේදී උමා සහ ප‍්‍රභාකරන් අතර ඉන්දියාවේදී වෙඩි හුවමාරුවක් ද සිදුවිය.
    මෙලෙස අභ්‍යන්තර අර්බූද ක‍්‍රමයෙන් ඉහළගිය අතර 1986 වනවිට එය උපරිම තලයකට පැමිණෙන බව පෙනෙන්නට තිබේ. 1986 වනවිට ශී‍්‍ර සබාරත්නම්ගේ ‘ටෙලෝ’ සංවිධානයත් ප‍්‍රභාකරන්ගේ ‘එල්.ටී.ටී.ඊ.ය’ අතරත් ගැටුම් උත්සන්න විය.
    මේ සඳහා කරුණු කිහිපයක් බලපා තිබුණි. සභාරත්නම් නිතරම ඉන්දීය මධ්‍යම රජය සමඟ සමීපව කටයුතු කෙළේය. එමෙන්ම ඔහු තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති වන කරුණානිධි සමඟ සමීප සබඳතා පැවැත්වූයේය.
    එහෙත් ප‍්‍රභාකරන් සමීපව සිටියේ එම්. ජී. රාමචන්ද්‍රන් වැනි අය සමඟය. එම්. ජී. රාමචන්ද්‍රන් දකුණු ඉන්දියාවේ සිටි සුප‍්‍රකට නළුවෙකි. ලංකාවේ මහනුවර ප‍්‍රදේශයේ දී උපත ලැබූ ඔහු පසුව දකුණු ඉන්දියාවට ගියේය.
    පසුව දකුණු ඉන්දීය ජනතාවගේ අසහාය චිත‍්‍රපට වීරයා බවට පත්වන ඔහු දකුණු ඉන්දියානු දේශපාලනය තුළ මහත් කැපීපෙනෙන චරිතයක් විය.

    එම්. ජී. ආර්.ගේ ගුරුවරයා

    ඔහුගේ මේ දේශපාලන ජනපි‍්‍රයත්වයට ද බලපෑවේ ඔහු සිනමාව තුළින් ගොඩනගාගෙන තිබූ යෝධ පෞරුෂයයි. තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත‍්‍රගම් කලහම් පක්ෂයේ
    (DMK) සාමාජිකයකු වූ ඔහු පසුව ඉන් ඉවත්ව සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍රගම් කලහම් පක්ෂය (AIA DMK) පිහිටුවා ගත්තේය.
    News_paper.jpg

    1986 මැයි 07 වැනිදා ‘ඇත්ත’ පුවත්පත

    මේ සඳහා බලපෑවේ එතෙක් ඩී. එම්. කේ. පක්ෂයේ නායකත්වය දැරූ එම්. ජී. ආර්.ගේ ගුරුවරයා වූ කරුණානිධි සමඟ එම්. ජී. ආර්. ඇතිකර ගත්තා වූ දේශපාලන ගැටුමකි.
    පසුව 1977 දී තමිල්නාඩුවේ මහ ඇමැති ධුරයට පත් වූ එම්. ජී. ආර්., කරුණානිධිගේ දේශපාලන හතුරා විය. මේ නිසා එම්. ජී. ආර්. කිසිවිටකත් කරුණානිධි සමඟ සමීපව කටයුතු කළ පිරිස් ළංකර ගත්තේ නැත.
    මෙය දැනගෙන සිටි ප‍්‍රභාකරන් සැමවිටම එම්. ජී. ආර්.ට සමීපවීමට උත්සහ කෙළේය. කිසිවිටකත් කරුණානිධිට සමිපවීමට වුවමනාවක් හෝ තිබෙන බවවත් ඔහු ඇඟෙව්වේ නැත.
    එහෙත් ටෙලෝ නායකයා වූ ශී‍්‍ර සභාරත්නම් කරුණානිධිට සමීප විය. මේ අනුව එම්. ජී. ආර්.ට සමීප වීම ප‍්‍රභාකරන් සමෘද්ධිමත් පුද්ගලයකු බවට පත් කෙළේය.
    වරෙක එම්. ජී. ආර්., ප‍්‍රභාකරන්ට සුවිශාල මුදලක් පරිත්‍යාග කෙළේ ප‍්‍රභාකරන් ද විස්මයට පත්කරමිනි. එල්.ටී.ටී.ඊ.යට මූල්‍යමය අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ සඳහා එම්. ජී.ආර්. සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඇන්ටන් බාලසිංහම් වරෙක දැන්වීය.
    මේ සඳහා සාකච්ඡා කිරීම සඳහා එම්. ජී. ආර්. හමුවීමට බාලසිංහම්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන අවධිය වනවිට එම්. ජී. ආර්. සිටියේ බලවත් ලෙස රෝගාතුරවය.
    බාලසිංහම්ද සාකච්ඡාවට පැමිණ තිබුණේ ලැබෙන කුමන හෝ මුදලක් ගෙන යාමටය. මේ අතර එම්. ජී. ආර්. සිය අතේ ඇඟිලි දෙකක් එක්වරම ඉංගී‍්‍රසි
    ‘V’ අකුරේ හැඩයට ඔසවා පෙන්වා “ප‍්‍රමාණවත්දැයි” ඇසීය.
    ලක්ෂ 2ක මුදලක් ලැබේයැයි සිතූ බාලසිංහම් ද කැමැත්ත ප‍්‍රකාශ කෙළේය. එහෙත් අවසානයේ එම්. ජී. ආර්. මිලියන 20ක අති විශාල මුදලක් ලබාදුන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විශ්මයට පත් කරමිණි.
    මෙලෙස එම්. ජී. ආර්ගෙන් ලැබුණු මුදල් නිසා ප‍්‍රභාකරන් තව තවත් එම්. ජී. ආර්ට සමීප විය. මේ සුහදත්වය කෙබඳුවීද යත් එම්. ජී. ආර්. ප‍්‍රභාකරන්ව ඇමතීමට හුරුව තිබුණේ “මගේ පුතා” යනුවෙනි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වෛරය උච්ච වීම
    මේ සමඟම 1985 සැප්තැම්බර් මාසයේදී යාපනයේ ප‍්‍රමුඛ පෙළේ දෙමළ නායකයන් දෙදෙනකු වූ එම්. අලාලසුන්දරම් හා වී. ධර්මලිංගම් ශී‍්‍ර සභාරත්නම්ගේ අණකිරීමක් මත ටෙලෝ සාමාජිකයන් විසින් මරාදමා තිබුණි. දමිල ජනතාවගේ සම්භාවනාවට පාත‍්‍රව සිටි මේ දේශපාලන නායකයන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන්
    එල්.ටී.ටී.ඊ.යට වරද පැටවිණි.

    Saba_1.jpg


    එම්.ජී.ආර් සහ ප‍්‍රභාකරන්

    මීට පෙර අවස්ථාවකදී එල්.ටී.ටී.ඊ.ය අලාලසුන්දරම්ට වෙඩි තබා තිබුණි. ඒනිසා මේ ඝාතනය එල්.ටී.ටී.ඊ.ය කරපිටම වැටීමට බලපෑවේය.
    ධර්මලිංගම් සම්බන්ධයෙන් සලකන විට ඔහුගේ පුත‍්‍රයා වූ ධර්මලිංගම් සිද්ධාර්තන් ප‍්‍රභාකරන්ගේ සතුරු කණ්ඩායමක් වූ ප්ලොට් සමඟ සම්බන්ධ වී සිටියේය.
    මේ හේතූන් නිසා මොවුන් දෙදෙනා මරාදැමීමට ප‍්‍රභාකරන් සම්බන්ධ බවට ප‍්‍රචාරය වීමට බලපෑවේය. ඒ සමඟම ශී‍්‍ර සභාරත්නම් මේ ඝාතන ද්විත්වයම හෙලාදැක තිබුණි. මෙයද ප‍්‍රභාකරන් සහ ශී‍්‍ර අතර වෛරය උච්ච වීමට බලපෑවේය.
    මේ අතර ටෙලෝ කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුමක් ද පැවැතියේය. ටෙලෝහි දක්ෂ සටන්කරුවෙකු වූ දාස් සහ ශී‍්‍ර අතර මේ ගැටුම පැවැතිණි. ගැටුමේ උච්චතම අවස්ථාවේ ශී‍්‍රගේ ප‍්‍රබල හිතවතකු වූ බොබී විසින් දාස්ව මරාදමන ලදී.
    මේ ඝාතනය නිසා දාස්ගේ කල්ලිය ටෙලෝ කණ්ඩායමෙන් ඉවත්ව ගියහ. මෙලෙස ශී‍්‍ර සබාරත්නම් සිය කණ්ඩායම තුළ අභ්‍යන්තර ගැටුමකටත් එල්.ටී.ටී.ඊ.ය සමඟ බාහිර ගැටුමකටත් මුහුණ දී සිටියහ.
    මේ අතර 1986 අපි‍්‍රයෙල් මස දිනයකදී පෝස්ටර් ඇලවීම හා සම්බන්ධ සිදුවීමකදී පැනනැගුණු ගැටුමක් හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකුට ටෙලෝ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී.
    ඇති වූ මේ ආරවුල සමතයකට පත්කර ගැනීමට එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රභාකරන්ගේ ආරක්ෂකයකු වන ලිංගම්ව ටෙලෝ සමඟ සාකච්ඡා කිරීමට පිට මං කෙළේය. එහිදී ටෙලෝ සාමාජිකයන් විසින් ලිංගම් මරාදමන ලදී.
    මේ අනුව 1986 අපි‍්‍රයෙල් 29 වෙනිදින පෙ.ව. 11.00 සිට ලංකාවේ උතුරු දිග ප‍්‍රදේශයේ තිබූ ටෙලෝ කඳවුරු වෙත එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කෙළේය. මෙහිදී කඳවුරු 24කට ප‍්‍රහාර එල්ල කෙරිණි.

    Saba_2.jpg

    ශී‍්‍ර සභාරත්නම්

    එල්.ටී.ටී.ඊ.ය විසින් ටෙලෝ සාමාජිකයන් මරාදමා තිබුණේ අතිශය අමානුෂික ආකාරයටය. මනිපායිහි ටෙලෝ සාමාජිකයන් දොළොස් දෙනෙකු නිදාගෙන සිටියදීම මරාදමා තිබුණි.
    තිරුනෙල්වෙලි, මල්ලකම්, නෙල්ලිපලෙයි ආදී ස්ථානවල ටෙලෝ සාමාජිකයන්ව මරාදැමුණේ වෙඩි තබා පුළුස්සා දමමිනි. යාපනයට පිටතින් පැමිණ සිටි බොහෝ ටෙලෝ සාමාජිකයන් උදාවන තත්ත්වය දැක මහත්සේ භීතියට පත්විය.
    ඔවුහු හිස් ලූ ලූ අත පලාගියහ. මෙලෙස කඳවුරු බිඳවැටීමත් සමඟම ටෙලෝ සාමාජිකයන් අතුරුදහන් වීම ඇරැඹිණි. සමහර පිරිස් එල්.ටී.ටී.ඊ.යට යටත් විය. යටත් වූ සාමාජිකයන්ද වෙඩිතබා මැරීමට තරම් කුරිරු වූ මානසිකත්වයක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට තිබුණි.
    මේ අතර ටෙලෝ නායක ශී‍්‍ර සභාරත්නම් අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට එල්.ටි.ටි.ඊ.ය ප‍්‍රකාශ කෙළේය. මේ නිසා මරණ බයෙන් පෙළෙමින් සිටි ශී‍්‍ර යාපනයේ ප‍්‍රදේශයක සැඟවී ඊ.පී.ආර්.එල්.එෆ්. නායක කේ. පද්මනාහ වෙත තමන්ව බේරාගන්නා ලෙස ලිපියක් යැවීය.
    අතිශය බැගෑපත් පණිවිඩයක් වූ මේ පණිවිඩය ලද පද්මනාහ ගුවන්විදුලි පණිවිඩ මඟින් “රෝ” සංවිධානයට දන්වා එල්.ටී.ටී.ඊ.යට බලපෑම් කරන්නැයි ඉල්ලා සිටියේය.
    එහෙත් රෝ කණ්ඩායම මෙහිදී සාර්ථක පිළිතුරක් ලබා නොදිණි. මේ අනුව ටෙලෝ නායකයා බේරා ගැනීම සඳහා පද්මනාහ විසින්ම සැලැස්මක් සැකැසීය.
    ඒ අනුව ශී‍්‍ර සභාරත්නම්ව රහසේම තමිල්නාඩුවට පිටමන් කිරීමට කටයුතු සූදානම් කෙරිණි. එහිදී මෝටර් බෝට්ටුවක් යොදාගනිමින් ශී‍්‍ර ඉන්දියාවට ගෙනයාමට සැලැසුම් කෙළේය.
    එහෙත් ප‍්‍රශ්නය වූයේ ශී‍්‍ර සැඟවී සිටි ස්ථානයෙන් මෝටර් බෝට්ටුව පිහිටි වෙරළ තීරයට ගෙන්වා ගැනීමය. මේ සඳහා ට‍්‍රක් රථයක් සූදානම් කෙරිණි. දුම්කොළ පටවා තිබුණු මේ ට‍්‍රක් රථයේ දුම්කොළ මිටි අස්සේ ශී‍්‍ර සබාරත්නම්ව සඟවා වෙරළට ගෙන ඒමට සැලැසුම් කෙරුණි.
    එහෙත් සැලැසුම් පරිදි ශී‍්‍රව වැඩිදුරක් ගෙනයාමට හැකි නොවිණි. ඒ ශී‍්‍ර සොයමින් පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ට‍්‍රක් රථය හසුවීමෙනි. මේ අනුව දුම්කොළ මිටි අතරේ සැඟ වී සිටි ශී‍්‍ර තම ජීවිතය බේරා දෙන්නැයි තමන් අල්ලාගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියහ.
    එහෙත් වහාම කි‍්‍රයාත්මක වූ කිට්ටුගේ
    M – 16 රයිෆලය උණ්ඩ 28ක් මුදාහරිමින් ශී‍්‍ර සභාරත්නම්ව නිහඬ කෙළේය. උණ්ඩ 28කින් තුවාල වූ ශී‍්‍ර සභාරත්නම්ගේ මලසිරුර බස්නැවතුම් පොළක ප‍්‍රදර්ශනය කිරීමට එල්.ටී.ටී.ඊ. කටයුතු කෙළේය.
    1986 මැයි 7 වෙනි දින ටෙලෝ නායක සභාරත්නම් මරාදැමූ එල්.ටී.ටී.ඊ.ය යාපනයේ සන්නද්ධ කණ්ඩායම් අතර ආධිපත්‍යය සියතට ගත්තේය. ඒ සමඟම ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ.යේ ඊළඟ ඉලක්කය වූයේ කේ. පද්මනාහගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයයි. සෙසු කණ්ඩායම් වු ඊරෝස් සහ දෙමළ ඊළාම් හමුදාව එල්.ටී.ටී.ඊ.යේ ආධිපත්‍යය පිළිගෙන තිබිණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නායකත්ව උන්මාදය
    සභාරත්නම් ඇතුළු ටෙලෝ සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාවලිය සාධාරණය කිරීමට එල්.ටී.ටී.ඊ ය පසුව ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් දියත් කෙළේ ය.


    Saba_3.jpg



    කිට්ටු


    එහිදී එල්.ටී.ටී.ඊ ය ප‍්‍රධාන කරුණු දෙකක් ඉස්මතු කිරීමට කටයුතු කෙළේ ය. එහි පළමු වැන්න වූයේ ටෙලෝ කණ්ඩායම ජනතාවට හිරිහැර කළ ජනතාවගේ දේපොළ සොරකම් කළ පිරිසක් ලෙස පෙන්වාදීමයි.
    දෙවනුව ටෙලෝ යනු ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයන් ලෙස කි‍්‍රයා කළ බව ජනතාව හමුවේ ඉස්මතු කර පෙන්වීය.
    මෙහිදී පළමු චෝදනාව ඔප්පු කිරීම සඳහාත් තමන්ගේ පිරිසිදු භාවය පෙන්වීම සඳහාත් ටෙලෝ සංවිධානය හොරකම් කරන ලද බඩු භාණ්ඩ එල්.ටී.ටී.ඊ ය විසින් හිමිකරුවන්ට බෙදා දෙන බවට ප‍්‍රචාර කෙළේ ය.
    එහෙත් පාවිච්චි කරන ලද පැරැණි වාහන සහ විද්‍යුත් භාණ්ඩ කිහිපයක් ජනතාවට ලබාදුන්න ද රත්රන් බඩු කිසිවක් අයිති කාරයන්ට නොලැබිණි.
    ඒ අනුව කොටින් ජනතාවට හිතවත් වීම යනු බැටළුහම පොරවා ගත් සංවිධානයක් බව පෙනෙන්නට විය. මේ අපවාදයෙන් ගැළවීම සඳහා තෙල්ලිපලෙයිහි තුර්කායි අම්මාන් කෝවිලෙන් හොරා ගත් රත්තරන් බඩු පමණක් රහසේම කෝවිලට ලබාදුනි.
    එමෙන්ම දෙවෙනිව එල්.ටී.ටී.ඊ ය මතුකර තිබූ තත්ත්වය ද අසත්‍යයකි. විශේෂයෙන්ම ටෙලෝ සංවිධානය පමණක් නොව දෙමළ සන්නද්ධ කණ්ඩායමට එකල ඉන්දියාවෙන් යම් ආධාර තිබූ බව ප‍්‍රකට නිසා ය.
    ශී‍්‍ර සභාරත්නම් යනු මෙරට ආරක්ෂක අංශවලට පහරදීම මෙන්ම බෝම්බ පිපිරවීම් කිහිපයකට ද වගකිවයුතු පුද්ගලයෙකි. ඔහු ඝාතනය කෙරුණේ අන් කිසිවක් නිසා නොව ප‍්‍රභාකරන්ගේ පැවැති නායකත්වය උන්මාදය නිසාය.
    මීට පෙර දෙමළ ඊළාම් විමුක්ති හමුදාවේ නායක ඔබරෝයි හෙවත් දෙමළ ඊළාම් විමුක්ති අන්තවාදීන් [TELE] බිහි කළ ජෙගන්, දෙමළ ඊලාම් විප්ලවකාරී ජනතා විමුක්ති හමුදාව බිහි කිරීමට උත්සාහ කළ මනෝ මාස්ටර් මරා දැමීමෙන්ද ප‍්‍රභාකරන් එය වඩාත් සනාථ කර තිබුණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලයේ කාල බෝම්බයක්


    14 දෙනෙක් මරුමුවට


    144 කට තුවාල


    දිනය 1986 මැයි 07 වෙනිදා ය.
    ස්ථානය : කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයයි.


    වෙනදා මෙන්ම එදිනද මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලය බොහෝ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. දිනයේ දහවෙනි පැය ගතවෙමින් තිබුණු නිසා මේ තත්ත්වය තවත් වැඩිවී තිබුණි.

    f0906032-1.jpg


    බෝම්බය පුපුරා ගිය සී. ටී. ඕ. ගොඩනැගිල්ල අසලට එක්වූ ජනකාය

    පැය 24ම විවෘතව පවතින මේ ස්ථානයට බොහෝ අවශ්‍යතා ඉටුකැරගැනීම දෛනිකව විශාල ප‍්‍රමාණයක් ජනතාව පැමිණෙති. ගුවන් විදුලි බලපත‍්‍ර, රූපවාහිනී බලපත‍්‍ර, විදේශ දුරකථන ඇමැතුම්, ටෙලිෆෝන් ගාස්තුª ගෙවීම් හා බිල්පත් ගෙවීම් ආදිය මේ ස්ථානයට පැමිණෙන ජනතාවගේ ප‍්‍රධාන කාර්යයන් විය.
    ජනතාවගේ මෙකී අවශ්‍යතාවන් ඉටුකරලීම සඳහා 150ක පමණ සේවක සේවිකාවන් පිරිසක් කඩිමුඩියේ සේවයේ යෙදමින් සිටියහ.
    මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලීය ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත ය. පළමුවෙනි මහලේ බිම සකසා තිබුණේ බාල්ක මත ලෑලි ගැසීමෙනි.
    මේ අතර කාර්යාලයේ විදුලියෙන් කි‍්‍රයාත්මක වන ඔරලෝසුවේ වේලාව 9.23 වූවා පමණි.
    “ඩෝං...” යනුවෙන් කන් බිහිරි කරවන හඬක් නැඟෙමින් ගොඩනැගිල්ල දෙදරා ගියේය. ක්ෂණිකව සියල්ල ම නිහඬවිය. සිදුවූයේ කුමක්ද? සිදුවන්නේ කුමක්දැයි කිසිවක් සිතාගත නොහැකිය.
    ගොඩනැගිල්ලේ වීදුරුත් පළමු මහලේ කොන්කී‍්‍රට් කැබලිත් ලෑලිවලින් සැදි සොල්දරය මතට කඩා හැලිණි. ඒ සමඟම සොල්දරයද බිම් මහලට කඩා වැටුණි. ගිණිදැල් සහ දුමාරය ගොඩනැගිල්ලෙන් මතුවෙද්දී ගොඩනැගිල්ලේ විදුලිබලය අකී‍්‍රය විය.
    ඇග මතට ලෑලි සහ කොන්කී‍්‍රට් කඩා වැටුණු කිහිප දෙනෙකු එයින් නැගිටීමට වෙරදරති. රතු ලෙයින් නැහැවුණු ඇතමෙකු ලෑලි අතරින් නැගිටිද්දී තවත් පිරිසක්
    මරලතෝනි දෙමින් සිටියහ.


    f0906032-2.jpg

    සී.ටී.ඕ. ගොඩනැගිල්ලේ ඔරලෝසුවේ වේලාව 9.23ට නතර වී තිබූ අයුරු

    මේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් විසින් කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේ තබා තිබූ කාලබෝම්බයක් පිපිරී යාමෙන් සිදුවූ විපත යි.
    කිලෝ පහක පමණ බෝම්බයක් යැයි විශ්වාස කළ මෙය පිපිරීයාමෙන් 14ක් මරුමුවට පත්විය. තවත් 144කට තුවාල සිදුවිය. ඉන් බොහෝ පිරිසක් බරපතල පිලිස්සුම් තුවාල ලැබූවන් ය.
    තට්ටු දෙකකින් සමන්විත වූ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලීය ගොඩනැගිල්ලේ බෝම්බය තබා තිබුණේ පළමු මහලේ ය. එදින ගුවන්විදුලි සහ රූපවාහිනී බිලිපත් ගෙවීමට සහ වෙනත් දෛනික කරුණුවලට මේ ගොඩනැගිල්ලට ඇතුළුවූ බොහෝ දෙනෙකු මරුමුවට පත්වන විට තවත් පිරිසකට සිදුවූයේ ජාතික රෝහලට ඇතුළුව ප‍්‍රතිකාර ගැනීමට ය.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මැක්සා කස්සෝ. රෙප්ස් දෙන්න පුලුවන් වුන ගමන් දෙන්නම්. දිගටම මේක අප්ඩේට් කරන්න
     
    • Like
    Reactions: coolkasun

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොළඹ බෝම්බ 4ක්

    මේ බෝම්බ ප‍්‍රහාරය කොළඹ නගරයේ දින හතරක් ඇතුළත පුපුරාගිය දෙවෙනි ප‍්‍රබල බෝම්බය විය. ඊට දින හතරකට පෙර එනම් මැයි මස 03 වෙනිදා කොළඹ කටුනායක ගුවන් තොටුපළේදී “සිටි ඔෆ් කලම්බු” ගුවන්යානය පුපුරවා හැරිණි.
    මැයි මාසය අවසන්වූයේද තවත් ප‍්‍රබල බෝම්බ ප‍්‍රහාර දෙකකිනි. මැයි 30 වෙනිදා කොළඹ “එලිෆන්ට් හවුස්” ආයතනය අසලදී පුපුරාගිය බෝම්බයකින් සිවිල් වැසියන් 11ක් මරුමුවට පත්විය.
    ඒ සමඟම මැයි 31 වෙනි දින කොළඹ නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී බෝම්බයක් පුපුරා ගියේය. මේ බෝම්බය යාල්දේවි දුම්රිය වේයන්ගොඩට ළඟාවත්ම දුම්රිය තුළදී පුපුරා ගොස් තිබුණි.
    කොළඹ නගරය කේන්ද්‍ර කොට බෝම්බ ප‍්‍රහාර හතරක් එල්ල කිරීමට කොටි ත‍්‍රස්තයෝ කටයුතු කෙළේය. මින් කොළඹ නගරයම භීතියෙන් ඇළැලී ගිය අතර ජනතාවට කොළඹ නගරය යනු මරු සිටින භූමියක් වැනි විය.
    මෙලෙස දකුණේ බෝම්බ පුපුරායද්දී උතුරේ සටන්කාමී කණ්ඩායම් එකිනෙක උග‍්‍ර ලෙස මරාගනිමින් සිටියේය. ටෙලෝ කණ්ඩායම් එල්. ටී. ටී. ඊ. ය විසින් විනාශ කරන ලද අතර ටෙලෝ නායකයාව කෘර ලෙස ඝාතනය කෙරිණි. එමෙන්ම එල්. ටී. ටී. ඊ. ය විසින් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයට ද චෝදනා එල්ල කරමින් සිටියේය.
    ඒ පලායන ටෙලෝ සාමාජිකයන්ට ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් උදව් කරන බැව් කියමිණි. මෙවැනි දුරස්වීමක් දෙමළ ත‍්‍රස්තවාදී පිරිස් අතර තිබුණි.


    f0906032-3.jpg

    සී. ටී. ඕ. බෝම්බයෙන් තුවාල වූවකු රෝහලට ගෙන යමින්...

    මේ සිදුවීම් අතර තවත් මිලේච්ඡ කි‍්‍රයා ගණනාවක් එල්. ටී. ටී. ඊ. ය 1986 මැයි මාසයේ සිදුකරමින් තිබුණි. ඔවුන් උතුරු, නැඟෙනහිර පළාත්වල ගම්මානවලට කඩාවැදී අහිංසක සිවිල් වැසියන් වෙඩිතබා කපා කොටා මරාදැමීම සිදු කෙළේය.
    මැයි 04 වෙනිදා ති‍්‍රකුණාමලයේ ආනන්ද කුලම් ප‍්‍රදේශයේ ගමකට කඩාවැදුණු ත‍්‍රස්තවාදීන් සාමාන්‍ය වැසියන් 17ක් ඝාතනය කළහ. ඊට පසුදින ති‍්‍රකුණාමලයේ කින්නියා ප‍්‍රදේශයේ ගමක සිටි ගම්වාසීන් 4ක් මරා දැමූහ.
    මැයි 11 වෙනි දින බස් රථයක් තුළ පුපුරවා හරින ලද කාල බෝම්බයකින් 22ක් මරුමුවට පත්ව තවත් 75ක් තුවාල ලබා තිබුණි. 21 වෙනිදා ති‍්‍රකුණාමලයේ තවත් ගමක් වූ විල්ගම්වෙහෙරට කඩා වැදුණු ත‍්‍රස්තයෝ ගම්වැසියන් 9 දෙනෙකු මරා දැමූහ.
    මැයි 25 වෙනි දින \2කුණාමලයේ මහදිවුල්වැව ප‍්‍රදේශයේදී ගම්වැසියන් 20ක් මරාදැමූ අතර එදිනම කන්තලේ නගරයේ දී බෝම්බයක් පුපුරුවාහරිමින් තවත් සාමාන්‍යවැසියන් 16ක් මරා දැමූහ.
    මෙලෙස එක් අතකින් රටේ අගනුවර කේන්ද්‍ර කරගනිමින් බෝම්බ කිහිපයක් පුපුරා නිරායුධ ජනතාව සිය ගණනින් මිය ගියේය. තවත් අතෙකින් උතුරේ සහ නැඟෙනහිර සිංහල ජනතාව පදිංචිව සිටි හුදෙකලා ගම්මාන වටලා අහිංසක පිරිමි, ගැහැනු මෙන්ම ළදරුවන් ද සමූල වශයෙන් ඝාතනය විය. මේ අනුව ආරක්ෂක හමුදා මැයි 17 වෙනිදා යාපනය අර්ධද්වීපය කොටින්ගෙන් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කෙළේය.
    මේ වන විට ප‍්‍රභාකරන් සිටියේ ඉන්දියාවේය. මෙකල ඉන්දියාවේ සිටි දේශපාලඥයකු වූ නෙදුමරන් එල්. ටී. ටී. ඊ. යට ගුවන් නාශක අවි ලබාදීමට ද එකඟ වී තිබුණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1983 සිට තමිල්නාඩුව තුළ ලංකාවේ දෙමළ සටන්කරුවන්ව පෝෂණය කිරීමට හොඳ පසුබිමක් දමා තිබුණි. එහෙත් 1984 දී මදුරාසියේ මීනම්බක්කම් ගුවන් තොටුපොළේදී සිදුවූ ගුවන් ප‍්‍රහාරයත් සමඟින් එය තරමක දුරස්ථ වන බවක් පෙනෙන්නට තිබුණි.
    ඒ සමඟම 1986 නොවැම්බර් පලමුවෙනි දින මදුරාසියේ කලහයක් හටගත්තේය. තී‍්‍රවීල් රථයක කුලියක් සම්බන්ධයෙන් මතුවූ ගැටුමක් වූ මේ ගැටුමට ඩග්ලස් දේවානන්ද ඇතුළු ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් කිහිපදෙනෙකු සම්බන්ධවී තිබුණි.
    එහිදී ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් තැබූ වෙඩි පහරකින් ඉන්දියානුවෙකු මරුමුවට පත්විය. තවත් පිරිසක් තුවාල ලැබූහ. මීට පෙරද අවස්ථා ගණනකදී තමිල්නාඩුවේදී ශී‍්‍ර ලංකාවේ දෙමළ සන්නද්ධ පිරිස් විසින් වෙඩි තබා ගැනීම් සිදුකර තිබුණි.
    මේ නිසා ඉන්දියාව තුළ මොවුන්ට එරෙහිව අප‍්‍රසාදය ගොඩනැගෙමින් තිබුණි. එවක හින්දු පුවත්පත කතුවැකියකින් මේ පිළිබඳව දැඩි ලෙස විවේචනය කර තිබුණි.
    මේ අතර තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. ආර්. සියලුම සටන්කාමී නායකයන් හමුවීමට තීරණය කෙළේය. එහිදී කෝපයෙන් යුතුව කතා කළ එම්. ජී. ආර්;
    “පසුගිය අවුරුදු ගණනාව පුරාම අපි තමුසෙලට රැකවරණය දුන්නා. ඒත් තමුසෙලා ඒ නිදහස අයුතු ලෙස පාවිච්චි කරලා තියෙනවා. තමුසෙලා අහිංසක ඉන්දියානුවන්ට පහරදෙන්න පටන් අරගෙන තියෙනවා. මේ තත්ත්වය සදහටම අවසාන කරන්න දැන් කාලය ඇවිල්ලයි තියෙන්නේ. තමිල්නාඩුව තමුසේලාගෙන් බේරාගන්න වුවමනායැයි” කීවේය.
    එහෙත් මෙහි දක්නට තිබුණේ වෙනත් කතාවක් බව එවක තමිල්නාඩුවේ පොලිස්පතිවරයා වූ කේ. මෝහන්දාස්ගේ ප‍්‍රකාශයකින් පෙනී යයි.


    f0906032-4.jpg

    වේයන්ගොඩ දී පුපුරා ගිය යාල්දේවී දුම්රිය

    මේ වන විට සාක් සමුළුව නොවැම්බර් මස 15, 16, 17 දිනයන්හි බැංගලෝරයේදී පැවැත්වීමට නියමිත විය. ශී‍්‍ර ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සාක් සමුළුවට සහභාගී වීමට නියමිතවිය.
    එහිදී කලාපයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දියානු මධ්‍යම රජය තමිල්නාඩු ආරක්ෂක අංශවලට දන්වා තිබුණි.
    එම පණිවිඩයට අනුව ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කිරීම සඳහා බැංගලෝරයට කිසිම දෙමළ සන්නද්ධ සටන්කාමියකුට ඇතුළු නොවීමට පොලිසියට නියෝග කෙරිණි.
    මේ අනුව තමිල්නාඩුවේ එවක පොලිස්පතිව සිටි කේ. මෝහන්දාස් කැදවන එම්. ජී. ආර්. දෙමළ සාමාජිකයන් නිරායුධ කිරීමට කටයුතු කරන මෙන් කීවේය.
    මේ අනුව ‘කොටි දඩයම” නමින් මෙහෙයුම කි‍්‍රයාත්මක කරන්නට යෙදුණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප‍්‍රභාකරන් අත්අඩංගුවට

    මේ සමඟම නොවැම්බර් මස 8 වෙනිදා තමිල්නාඩු පොලිසිය සිය මෙහෙයුම ආරම්භ කළේය. එහිදී සටන්කාමීන් සතුව තිබූ අවි ආයුධ රැසක් අල්ලාගනු ලැබුණි.
    ප‍්‍රභාකරන් ද අත්අඩංගුවට පත්විය. ප‍්‍රභාකරන්ගෙන් ප‍්‍රශ්න කරන ලද අතර එහිදී තමිල්නාඩු පොලීසිය ප‍්‍රභාකරන්ගේ ඡායාරූප සහ ඇගිලි සලකුණු ද ලබා ගත්තේය.
    ඒ සමඟම ප‍්‍රභාකරන් සහ බාලසිංහම්ව නිවාස අඩස්සියේ තබන ලදී. මෙහිදී ප‍්‍රභාකරන් සතු සන්නිවේදන උපකරණ රැසක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. මෙයින් ප‍්‍රභාකරන් කෝපයට පත්විය. තම සන්නිවේදන උපකරණ ආපසු ලබාදෙන තෙක් තමා මාරාන්තික උපවාසයක් කරන බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කෙළේය.
    පසුව ඇන්ටන් බාලසිංහම් සිටි මදුරාසියේ නිවසට විත් ඔහු මාරාන්තික උපවාසය ඇරඹීය. මෙහිදී ප‍්‍රභාකරන්ගේ සහයට සිටි තමිල්නාඩු ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ජනතාව උසිගැන්වූහ.
    ඒ අනුව ප‍්‍රභාකරන්ට සහය දක්වමින් තමිල්නාඩුවේ ජනතාව එම ස්ථානයට රැස්විය. මින් පසුව අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සහ ආයුධ ද ආපසු ලබාදෙන මෙන් එම්. ජී. ආර්. තමිල්නාඩු පොලිසියට දැන්වීය. ඒ අනුව ප‍්‍රභාකරන්ගේ උපවාසය පැය 24ක් යන්නටත් මත්තෙන් අවසන් විය.
    පසුව එලැඹි තත්ත්වය අනුව ප‍්‍රභාකරන් ලංකාව බලා යාමට තීරණය කළේය. ඒ අනුව 1987 ජනවාරි මස 4 වෙනිදා ප‍්‍රභාකරන් නැවතත් ලංකාවට පැමිණියේය.
    තමිල්නාඩුවේ පැවැති අනාරක්ෂිත තත්ත්වය මත තමා තමිල්නාඩුව හැරයන බව ප‍්‍රභාකරන් විසින් නැදුමරන්ට ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් එහි සැගවුණු තවත් කතාවක් තිබුණි.
    ඒ ප‍්‍රභාකරන්ගේ නායකත්වයට යාපනයේ විකල්පයක් මතුවෙමින් තිබීම ය. 1986 මැයි මාසයේ ආරක්ෂක හමුදා අරඹා තිබූ ප‍්‍රබල සටන නිසා ඔක්තෝම්බර් මාසයේදී එල්. ටී. ටී. ඊ. මන්නාරම් ප‍්‍රදේශයේ නායක වික්ටර් මරුමුවට පත්විය. වික්ටර් ප‍්‍රභාකරන්ගේ මෙන්ම කිට්ටුගේ ද හිතවතෙක් විය.
    වික්ටර්ගේ සිරුර ජනතාවගේ ගෞරවය සඳහා ස්ථාන කිහිපයකම තැබීමට කටයුතු කෙරිණි. වික්ටර්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජනතාව රැස්වූ විට කිට්ටු කතා පැවැත්වීය. මේ කතා පැවැත්වීම නිසා ජනතාව කිට්ටු කෙරේ වැඩිවැඩියෙන් ආකර්ශනය වනු දක්නට ලැබුණි. එක් අවස්ථාවකදී වෙනත් එල්. ටී. ටී. ඊ. නායකයන් මෙන් වික්ටර් ද සෙබලුන් සමඟ සටන් පෙරමුණේ සිටි නායකයකු බව කිට්ටු ප‍්‍රකාශ කෙළේය.
    මෙය ප‍්‍රභාකරන්ට කළ ඇනුම්පදයක් මෙන් විය. ඒ වන විට ප‍්‍රභාකරන් ඉන්දියාවට වී අවුරුදු කිහිපයක් ගතවී තිබුණු හෙයිණි. මේ අනුව එල්. ටී. ටී. ඊ. ය තුළ කිට්ටුගේ වර්ධනය වලක්වාලීමේ අදහසින් ප‍්‍රභාකරන් ලංකාවට නැවත පැමිණි බව විශ්වාස කෙරේ.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ශී‍්‍ර මහා බෝධිය ලෙයින් තෙත් කරති

    පැය 4කදී මරණ 146යි 24ක් මැරුවේ පෙළට තියලා

    බෝ මළුවේ අහස් කුසම බෝ පත්වලින් වැසී ඇත. හිමිදිරි හිරු කිරණ බෝපත් මත වැටෙමින් තිබිණි. හිරු කිරණ වැටුණු බෝ පත් රන්වන් සේ දිලිසෙන්නට විය. සිහිල් සුළං රොදක් මළුවේ හුන් උවැසියන්ගේ ස්පර්ශය ලබද්දී, ප‍්‍රාණවත් වූ ගතින් යුතු වූ උවැසි උවැසියෝ;
    f-2.jpg

    ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ


    “සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ
    තමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං
    සුභ මේඝවනම් බර මේඝ නිභං
    ජයබෝධි මහං පණමාමි වරං” මුමුණති.


    මඳ සුළඟ සෙලවෙන බෝ දළුවලින් ද සැදැහැයෙන් පිරි උවැසියන්ගේ මුවින් නික්මෙන ගාථා රත්නයන්ගෙන් ද ශ‍්‍රී මහා බෝධි මණ්ඩපයම එකම ලතාවක් ගෙන තිබුණි.
    දිනය ; 1985 මැයි 14 දා ය.
    වෙලාව පෙ.ව. 8.00 පමණ වන්නට ඇත.

    අනුරපුර ජයශ‍්‍රී මහා බෝ මළුව මෙලෙස සැකසෙද්දී ඊට ටික දුරක් ඔබ්බෙන් කුමක්දෝ කලබලයක සේයාවක් සටහන් වෙමින් තිබිණි. අමෙරිකානු කව් බෝයි චිත‍්‍රපටයකට සමකළ හැකි මේ සිදුවීම විස්මයෙන් බලා සිටිනවා හැරෙන්නට නිරායුධ අයකුට කළ හැකි දෙයක් නොමැත.
    සත්‍ය වශයෙන් ම එහි ආරම්භය සටහන් වෙමින් තිබුණේ එදින හිරු පායන්නට ඔන්න මෙන්න කියා තියෙන ඇඳීරියේ ය. හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසුනු ආයුධ අතගත් පිරිසක් පුත්තලම නගරයේ දී පුත්තලම ඩිපෝවට අයත් බස් රථයකට නැගුණි.
    බස් රථය සිය පාලනයට ගත් මේ සන්නද්ධ පිරිස පළමුව සිංහල ජාතික රියැදුරා ද දෙවනුව මුස්ලිම් ජාතික කොන්දොස්තරවරයා ද මරා දැමූහ.
    f-2_1.jpg

    මිය ගිය පිරිසෙන් කොටසක්


    මෙලෙස සිය පළමු ත‍්‍රස්තවාදී කි‍්‍රයාව අවසන් කළ විස්සකට පමණ ආසන්න ත‍්‍රස්තවාදීහු බසයට නැගී එය අනුරාධපුර දෙසට ගෙන යන්නට වූහ. බසය අනුරාධපුර නගරය අතරින් ගමන් කරන්නට විය.
    වේලාව උදෑසන 8.00 පමණ වී තිබූ හෙයින් පාසල් ළමයින් රජයේ සේවකයන්ද, වන්දනා කරුවන් ද අනුරාධපුර නගරයේ සිටියහ. මොවුන් අතරට පැමිණි ත‍්‍රස්තයන් බස් රථයේ සිටම එක දිගට වෙඩි තබන්නට විය.
    ත‍්‍රස්තයන්ගේ ඊළඟ පිවිසුම වූයේ අනුරාධපුර පූජා නගරයයි. ඒ වනවිට ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අබියස වතාවත් කරමින් සිටි බැතිමතුන් ත‍්‍රස්තයන්ගේ ඉලක්කයක් බවට පත්වූහ. බැතිමතුන් මෙන් ම පූජා නගරයේ සේවකයන්ට ද ත‍්‍රස්තයෝ බසයේ සිට ම වෙඩි තබන්නට වූහ.
    මොහොතකට පෙර මහත් භක්තියෙන් ඇළලී සිටි උවැසි උවැසියන්ගේ නිසල සිරුරු සිරිමා බෝ මළුවේ සුදු වැලිතල රත් පැහැ කිරීමට ත‍්‍රස්තයන්ට ගතවූයේ විනාඩි විස්සක් වැනි කෙටි කාලයකි. ත‍්‍රස්තයන්ගේ මේ ප‍්‍රහාරය අවසන් වනවිට 120 දෙනෙකු මරු වැළදගෙන තිබුණි.
    පසුව පූජා භූමියේ ම තිබූ රෝසා බසයකට නැඟගත් ත‍්‍රස්තවාදීන්, නොච්චියාගම දෙසට පැන යන්නට විය. අතරමඟ දී හමුවූ පොලිස් ස්ථානයකට ද වෙඩි තැබූ ඝාතකයන්, විල්පත්තු ජාතික වනෝද්‍යානය දෙසට යොමුවූහ.



    වීඩියෝ එක LTTE එකෙන් රෙකෝඩ් කරපු එකක්...(ද කොහෙද)
    ළගදි එලියට ආවෙ...ගිය අවුරුද්දෙ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37


    වීඩියෝ එක LTTE එකෙන් රෙකෝඩ් කරපු එකක්...(ද කොහෙද)
    ළගදි එලියට ආවෙ...ගිය අවුරුද්දෙ..

    :growl::growl::growl::growl:

    තොපි සදාකල් දුක් විදපියව් නිරයේම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හබරණ ඛේදවාචකය

    126 ක් මැරුවා , 75 ක්ම නිරායුධ හමුදා සෙබලුන්


    මේ,
    1987 වර්ෂයේ අපෙ‍්‍ර්ල් මාසයේ තෙවෙනි සතිය යි. සිංහල අලුත් අවුරුද්ද අවසන් වෙමින් තිබුණි. එහෙත් තවමත් කොවුලාට නිනව්වක් නම් නොමැත. ඌ ‘කොහෝ.... කොහෝ....’ හඬ නඟමින් කෑගසයි.


    paper_article.jpg

    ‘දිවයින’ පුවත්පත සිද්ධිය වාර්තා කළ අයුරු...

    රතිඤ්ඤා කරලක දෙකක හඬද තවමත් ඇසේ. රතිඤ්ඤා හඩින් බියවුණු බල්ලකු දෙන්නකු ද ඉදහිට උඩු බුරුලන්නට විය. සිංහල ජනතාවගේ වසන්ත සැණකෙළිය ලෙසින් හැඳින්වෙන සිංහල අලුත් අවුරුද්ද අවසන් වී දින කිහිපයක් ගෙවී තිබුණ ද ස්වභාව දහමේ හෝ ජනතාවගේ සතුටෙහි මදකුදු හෝ වෙනසක් පෙනෙන්නට නොමැත්තා සේය.
    හරියට ම දිනය අප‍්‍රියෙල් 17 වෙනිදා ය. වේලාව සවස 3.10 ට පමණ වන්නට ඇත. හබරණ කිතුල්ඔටුව ප‍්‍රදේශයට ඉහළින් මළහිරු ටිකෙන් ටික බසිමින් තිබිණ.
    මේ අතර හබරණ ති‍්‍රකුණාමලය මාර්ගයේ බස් රථයක් වේගයෙන් ඇදෙමින් පැවැතිණි. බස් රථය කිතුල්ඔටුව හමුදා ඒකකය පසුකර සැතපුම් 3ක් පමණ හබරණ දෙසට එමින් තිබුණි.
    රතුපාට කොඩියක් වනමින් මහ මඟ සිටින මිනිසකු හදිසියෙන් ම රියදුරාට දිස්වන්නට වූයේ මේ අතරය. බස්රථය එම මිනිසා වෙත ළඟාවත්ම ඔහු හමුදා ඇඳුමට සමාන ඇඳුමක් අඳසිටින්නකු බව රියදුරු දුටුවේ ය.
    වහාම තිරිංග තදකළ රියදුරු බස්රථය පැත්තකට කර නතර කළේය. ඒ සමඟම අසළ කැලෑ බඳ ප‍්‍රදේශයේ සිටි 50ක පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බසය වටකර සිට ගත්හ.