බෙල්ල, ඉකිලි, කිහිලි කළු වෙනවට හොඳම විසඳුම &#3

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    බෙල්ල, ඉකිලි, කිහිලි කළු වෙනවට හොඳම විසඳුම &#3

    බෙල්ල, ඉකිලි, කිහිලි කළු වෙනවට හොඳම විසඳුම මෙන්න



    nigratis.jpg


    සත්කාරය 1
    සීනක්කාරම් ගෙන හොඳින් කුඩු කරන්න. එය ඇල් වතුරට දමා දෙහි බින්දු හා මී පැණි බින්දු කිහිපයක්ද එක්කර මෙම මිශ්‍රණය සාදා ගන්න. මෙම මිශ්‍රණය ඛෙල්ලල කිහිල්ල හා ඉකිළි වැනි ස්ථානවල ආලේප කිරීමට හැකිය. ඔබට අවශ්‍ය නම් මී පැණි හැර අනෙක් ද්‍රව්‍ය දමා සාදාගත් ආලේපනය එම ස්ථානවල උදේ ගල්වා සවස් යාමයේ වුවද ඉවත් කර ගත හැකියග නැත්නම් මී පැණිත් සමඟ සාදාගත් මිශ්‍රණය ආලේප කර විනාඩි 20ක් 30ක් පමණ කාලයක් තබා සෝදා ඉවත් කරන්න.​


    සත්කාරය 2

    කස්තුරි කහල වැල්මීල මී පැණිල කලාඳුරු අල ආදිය ස්වල්ප වශයෙන් ගෙන එයට දෙහි බින්දු කිහිපයක් එක් කර ගනිමින් සාදාගත් ආලේපනය විනාඩි 20ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය මාසයක් පමණ සිදු කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිය.

    සම පැහැපත් කිරීමට

    සින්ක් ඛනිජ ලවණද මේ සඳහා අත්‍යවශ්‍යම සාධකයකි. වට්ටක්කා ඇටල සූරියකාන්ත ඇටල කොමඩු ඇට හා පිපිඤ්ඤා ඇට සින්ක් යන ඛනිජ ලවණ බහුලවම අඩංගු වන අතරම එය නැවැත සම පැහැපත් කර වර්ධනයටද උපකාරී වන්නකි. වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙන්ම පලා වර්ග හා එළවළු වර්ග ආහාරයට ගැනීමත් නිරෝගී සමක් වර්ධනය වීමට උපකාරී වන්නක්.

    වැළමිට රළු වී දුර්වර්ණ වීම

    වැළමිට හා දණහිස වැනි ස්ථාන නිතර ගැටීමෙන් දුර්වර්ණ වී රළු විය හැකියග මෙය වළක්වා ගැනීමට නම් ගෙදරදීම මෙම ස්ක්‍රබ් එක මේ ආකාරයට සාදා ගන්න. හාල් පිටි, පාන්පිටි, අරළු කුඩු ස්වල්පයක් ගෙන එයට දෙහි බින්දු කිහිපයක් දමා මෙම මිශ්‍රණය කැට සෑදෙන ආකාරයට සාදා ගන්න.

    මෙම මිශ්‍රණය ගෙන අතේ ගල්වා විනාඩි 5ක් 10ක් අතර කාලයක් ස්ක්‍රබ් කර සෝදා ඉවත් කරන්න. අවශ්‍ය නම් ස්ක්‍රබ් කර අවසන් වූ පසු ඖෂධීය තෛලයක් ආලේප කර සම්බාහනය කර ගැනීමට වුවද පුළුවන. එමගින් දෑත්වල සමට නිරෝගී බවක් ගෙනදෙයි. නමුත් තෙල් ගල්වාගෙන අව් රශ්මියට නිරාවරණය වීම නම් නුසුදුසුය. මෙම සත්කාර කර අවසානයේ හිරු ආවරණ ආලේපනයක්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට සුදුසු ආලේපනයක් වුවද භාවිත කිරීමට හැකියාව පවතියි.



    වෛද්‍ය සුලෝචනා සේනාරත්න

    වෛද්‍ය නිලධාරි බාහිර රෝග අංශය,
    ආයුර්වේද සෙත් අරණල නුගේගොඩ

    ශාලිකා රංගනී සමරදිවාකර

    උපුටා ගැනීම මව්බිම පුවත් පත