දින 2න් සුදු වෙන්න

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දින 2න් සුදු වෙන්න

    488.jpg





    අපේ කෙල්ලෝ කොල්ලෝ මාරම ආසයිනේ ලස්සන වෙන්න සුදු වෙන්න. ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අද කියලා දෙන්නම් ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය.

    තෙල් සහිත සමකට නම්

    කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන ප‍්‍රමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳි එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශ‍්‍ර කරගන්න.

    වියළි සමකට නම්

    කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශ‍්‍රකර ගන්න.

    සාමාන්‍ය සමකට නම්

    කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප‍්‍රමාණයෙන් ගෙන එළකිරි, මී පැණි, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශ‍්‍රණය සාදා ගන්න.

    පැක් එක දමා ගන්නා ආකාරය

    *ඔබේ සමට ගැළපෙන සේ සකස් කරගත් පැක් එක මුහුණේ උඩු අතට ගනව සිටින සේ බුරුසුවකින් ආලේප කරන්න.

    *විනාඩි 20ක් පමණ එය වියළෙන්නට හැර එළකිරි හෝ පිටිකිරි ස්වල්පයක් දියකර බුරුසුවක ආධාරයෙන් මුහුණේ ආලේප කර ඇති පැක් එක මත තවරන්න.

    *නැවැත විනාඩි 15ක් හෝ 20ක් එය මුහුණේ තබා වියළුණු පසු අයිස් වතුර පෙගවූ ස්පොන්ජ් කැබැල්ලකින් මුහුණ තෙත් කරන්න.

    *ගැල් වූ ආලේප අයිස් වතුරෙන් හොඳින් පෙගුණු පසු ස්පොන්ජ් කැබැල්ලෙන්ම එය ඉවත් කරන්න.

    *ටිෂූ කැබැල්ලක ආධාරයෙන් මුහුණ හොඳින් තෙත මාත්තු කරගන්න.

    *සාදාගත් ටෝනර් එක පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න.

    ටෝනර් සාදා ගන්නා ක‍්‍රම කිහිපයක්

    *රතු රෝස පෙති පිරිසුදු වතුර වීදුරුවකට දමා රාත‍්‍රියේ වසා තබන්න. පසුදා උදෑසන එය පෙරා භාවිතයට ගන්න.

    *පිපිඤ්ඤ බ්ලෙන්ඩර් කර පෙරා ඉස්ම ගන්න.

    *සමන් පිච්ච මල්, සේපාලිකා මල් පිරිසුදු වතුර වීදුරුවකට දමා රැයක් පෙගෙන්නට තබා පසුදා උදෑසන පෙරා ගන්න.

    මේ සියල්ල ශීතකරණයක දමා දවස් 5ක් පමණ කල් තබා ගත හැකිය. එසේ කිරීමට අපහසු නම් අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් සාදා ගන්න.

    මේ සත්කාරය කිරීමෙන් පසු හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් අවම කරගන්න. එසේ නොමැති නම් හිරු කිරණින් සම ආරක්‍ෂා කරන ආලේප වර්ගයක් සමග මතුපිට ආලේප කරන්න.

    මෙම ප‍්‍රතිකාර උදෑසන 7-11 අතර හා සවස 2 – 5 අතර කරන්න. එසේ නොමැති නම් වඩාත් සුදුසු වන්නේ රාත‍්‍රි කාලයයි.

    මේ සත්කාරය කිරීමෙන් පසු එදින රාත‍්‍රියේ සහ පසුදා උදෑසන සබන් නොයොදා අයිස් වතුරෙන් පමණක් මුහුණ සෝදන්න.

    සෙම බහුල අයෙක් නම් මඳ රස්නය ඇති ජලය පමණක් භාවිත කරන්න.

    ඊට පසුදින සවස් වූ විට ඔබට සුපුරුදු පරිදි මුහුණ සේදීම කළ යුතුය. ස්වාභාවික සත්කාර කළ පසු නැවැත සති 2ක් යනතෙක් ස්ක‍්‍රබ් කිරීම හෝ ෆෙෂල් කිරීම එතරම් සුදුසු නැත.

    මෙහි ප්‍රතිපල නිවැරැදිව දැකිය හැක්කේ දවස් 2ක් පමණ ඉක්ම ගිය පසුය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි, කිරි පිටි, රතු පරිප්පු, යෝගට්, එළකිරි, මී පැණි, යෝගට් :eek:

    මේ ටික බඩට දාගන්න එක ගුණ නැද්ද මූනේ ගානවට වඩා :D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි, කිරි පිටි, රතු පරිප්පු, යෝගට්, එළකිරි, මී පැණි, යෝගට් :eek:

    මේ ටික බඩට දාගන්න එක ගුණ නැද්ද මූනේ ගානවට වඩා :D

    දෙවිදිහටම කරලා බලකො :P:P
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කඩලපිටි ගෑවම රැවුල ගැලවෙනව එන්නෙ නෑ කියන්නෙ අැත්තද
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    nomal bn 😀😀😀 kollontath shapeda wede

    අවුලක් නෑ බන් ,මගේ නම් ඔයිල් ස්කින් එකක් තියෙන්නේ .වැඩේ හරියනවා ,කරලා බලපන් .සයිඩ් එෆෙක්ට් එන්නෙත් නෑ මොකද ඔක්කොම natural නිසා :yes::yes:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    අවුලක් නෑ බන් ,මගේ නම් ඔයිල් ස්කින් එකක් තියෙන්නේ .වැඩේ හරියනවා ,කරලා බලපන් .සයිඩ් එෆෙක්ට් එන්නෙත් නෑ මොකද ඔක්කොම natural නිසා :yes::yes:

    ela ela try ekak daala balannam 😊😊😊
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කරපු කවුද ඉන්නෙ.... හරි ගියාද.... :)
    පිම්ප්ල්ස් කඩල මාක්ස් තියනව අදුරු පාටට මූන හැමතැනම..... :(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කරපු කවුද ඉන්නෙ.... හරි ගියාද.... :)
    පිම්ප්ල්ස් කඩල මාක්ස් තියනව අදුරු පාටට මූන හැමතැනම..... :(

    සතියකට පාරක් විතර ක්ලිනප් එකක් දාපන් .
    එකත් එක්ක මේ ෆේස් පැක් එක දාපන් .මාසයක් විතර යයි හැබැයි හොදටම අඩුවෙන්න ,පිම්පල්ස් කඩන්න එපා බන් .උබේ නියපොතුවල තියන විස්බිජ යනවා ඒ තුවාල වලට .