බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදප#

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදප#

    maxresdefault%2B%25281%2529.jpg

    බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි

    ලංකාවෙ එපික් ෆිල්ම් හදන්න බෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව එපික් ෆිල්ම් එකක් හදන්න අවශ්‍ය වෙන යන්ත‍්‍ර උපකරණ අපිට නෑ කියන එක නෙමෙයි. ඇත්තටම ඒක අවසාන කාරණය වෙන්න පුළුවන්. ඊට වඩා එහෙම වැඩකට අවශ්‍ය කර්මාන්තමය පසුබිමක් ලංකාවෙ නෑ. ඒ අවශ්‍ය නිෂ්පාදන සම්බන්ධතා වගේම පුහුණුව, අත්දැකීම අපිට නෑ.

    ඊටත් වඩා මූලික වෙන්නෙ අපිට එපික් ලියන්න බැරි එක. අපි තාම ලියන්නෙ තොරනෙ කතාව. ඒ චරිතවල ගැඹුරක්, ජීවිතයක් අදාල නෑ. උඩින් කියාගෙන යන ප‍්‍රවෘත්තිය විතරයි තියෙන්නෙ. අනිත් පැත්තට අපි ඉතිහාසෙ දිහා බලන්නෙ අන්තිම පක්ශග‍්‍රාහී විදිහට. ඉතිහාසෙන් ගැලවිලා ඉතිහාසය දිහා බලලා ඒක ප‍්‍රතිනිර්මාණය කරන්න පුහුණුවක් අපිට නෑ.

    එපික් එකක් ලියන්න තියා අපේ ප‍්‍රවීනයො වුනත් තාම සාමාන්‍ය පිටපතක්වත් ගලපගන්නෙ පුදුම ආයාසෙකින්. ඉතිහාසය පක්ෂග‍්‍රාහීව නිර්මාණය කරන්න බෑ කියනවා නෙමෙයි. ඒ පක්ෂග‍්‍රාහී නිර්මාණය කරන්නත් යම් දුරකින් ඉතිහාසය දිහා බලලා එහි සංවේදී තැන් අඳුරගන්න වෙනවා. අපේ ඉතිහාස කතා නිර්මාණය කරන අය ඉතිහාසයට බැතිමත්ව ඇලීම නිසා ඒ කතාව ඇතුලෙ ජීවිතයක් ගොඩනගා ගන්න බැරුව යනවා.

    දැන් අපි ඉන්නෙ ගොඩක් විවෘත ලෝකෙක. රුපියල් පනහට සීයට එන ඞීවීඞී නිසා චිත‍්‍රපටි ගැන හොඳ දැනීමක් රටේ බහුතරයකට තියෙනවා. විශේෂයෙන්ම මේ වෙද්දි ෆිල්ම් බලන ඕඩියන්ස් එක කියන්නෙ ඉන්ටර්නෙට් එකේ හොඳටම සැරිසරන අය. මහින්දගෙ කාලෙ මේ තත්වෙ වෙනස්. මහින්ද චින්තනය යටතෙ ෆිල්ම් හෝල් පිරුනෙ සිනමා පේ‍්‍රක්‍ෂක පිරිසකගෙන් නෙමෙයි. ඒ පිරිස දේශපාලනිකව එතනට ගාල් කරපු කට්ටියක් විතරයි. ඒක ඕගනික් ඕඩියන්ස් එකක් නෙමෙයි.

    දැන් ආයිමත් ඇත්තට ෆිල්ම් බලන අය හෝල්වලට එන්න පටන් අරන් තියෙනවා. ඒත් ඒ අය මහින්දාගමනය බලන අය නෙමෙයි. එතනදි අපේ එපික් ෆිල්ම් එකක් ලෝකෙ වෙන රටවල එපික් ෆිල්ම් එක්ක නිකම්ම කම්පෙයාර් වෙනවා. එවැනි දැවැන්ත සිනමාවකින් පේ‍්‍රක්‍ෂකයො බලාපොරොත්තු වෙන දේ දෙන්න අපිට තාම සිනමා ‘ආර්තිකයක්’ නෑ.

    ඒත් චිත‍්‍රපටිකරුවෙකුට ඒ වගේ දැවැන්ත නිෂ්පාදන අත්දැකීමක් ගන්න තියෙන ආසාව කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ. බූඩි මාතා ෆිල්ම් එක කිරීම දැකපු තැනින්මයි මං චත‍්‍ර වීරමන් ආලෝකො උදපාදි කරපු එක දකින්නෙත්. ඒ ෆිල්ම් වලට තියෙන ආසාව. කොහොම හරි ලැබෙන අවස්ථාව අල්ලා ගැනීම. රිචර්ඞ් බ‍්‍රැන්සන් කියන විදිහට ඔයා දන්නෙ නැති වැඩක් ඔයාට බාර දෙන්න හැදුවොත් ඉස්සෙල්ලා ඒක බාරගන්න. පස්සෙ කරන හැටි ඉගෙන ගන්න.

    ආලෝකෝ උදපාදි හැදෙන්නෙත් ඒ මහින්ද චින්තන යුගයෙමයි. ඒ කාලෙ වෙන චිත‍්‍රපටි තිබුනෙ නෑ. ආශ්චර්යය තිබුනෙ රජකතා බණකතා රැල්ලෙ. ඒවට අලූත් නිෂ්පාදකයො හැදිලා තිබුන. රාජ්‍ය අනුග‍්‍රහ ලැබුන. ආලෝකෝ උදපාදි කෙරෙන්නෙත් මේ දේශපාලනය ඇතුලෙ. ඒත් ඒ වෙද්දි රජ කතා, බණ කතා සිනමාවෙ උවමනාව වුණු මිනිස්සුන්ගෙ ඔලූවට සහ පොකට් එකට තට්ටු කිරීම කියන සරල කාරණයට එහා ගිහින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්‍ෂවරයාගේ සෞන්දර්යාත්මක උවමනාව පැහැදිලිව පේනවා. දේශපාලනය හෝ මතවාදයට වඩා සිනමාව කියන නිර්මාණාත්මක ප‍්‍රවේශය දැනෙනවා. විශේෂයෙන්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ පීරියොඩිකල් දැක්මකින් ආපහු අපේ ඉතිහාසය බලන්න උත්සාහ කරපු එකම ලොකු දෙයක්. ඒ විදිහට රෙෆරන්ස් එක්ක වැඩ කිරීම අපේ අයට පුරුදු නැති ඩිසිප්ලින් එකක්.

    සෙට් ගැන හිතලා තියෙන විදිහ, ෂොට් කොම්පෝස් කරන විදිහ, චරිත වල බාහිර ස්වරූපයන් වගේ ගොඩක් දේවල් ගොඩක් ලස්සනයි. ඒත් මේ ෆිල්ම් එකට ස්ක‍්‍රීන් ප්ලේ එකක් තිබිලා නැති වග පැහැදිලියි. ෆිල්ම් එකේ කිසි කෙනෙකුට චරිතයක් ගොඩනැගෙන්නෙ නෑ. පරණ තොරනෙ කතාවම වඩා හොඳ ඩිරෙක්ටර්ස් ටී‍්‍රට්මන්ට් එකකින් එලියට එනවා.

    චත‍්‍රගෙ දක්ෂතාවය මං ගොඩක් දකින්නෙ මේ කාරණයත් එක්කයි. හරිහැටි ලියවුන පිටපතක් පවා නැතිව එයා සිද්ධීන් වල ටෙන්ෂන් ගොඩනැගීම, රිද්මය පවත්වාගෙන යාම වගේ කාරණා ඉතා හොඳට කරනවා. කිසි දෙයක් අඩංගු නැති සිද්දීන් දිහා පවා කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් විදිහෙ සිනමාත්මක ස්පර්ශයක් එයා දෙනවා.

    අපේ හැම එපික් ෆිල්ම් එකක්ම වගේ ෆේල් වුණු සමූහ යුධ දර්ශන, ත‍්‍රාසය දනවන ලූහුබැඳීම් ආදිය නම් ආලෝකො උදපාදිවලදි සෑහෙන ප‍්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඒත් ක්ලෝස් අප්ස් වලදි ලොකු දුර්වලතාවයන් පේනවා.

    වතාවෙන් වතාව හාමුදුරුවරු පෙන්නද්දි ගාථා සද්දෙ පිටින් දාන එක වාතයක්. ඒ හාමුදුරුවරුන්ට තැන තැන ලැග ඉන්නවට වඩා දෙයක් පිටපතෙන් හදලා දීලා නැති හින්ද තත්වෙ තවත් බරපතල වෙනවා.

    ගොඩක් අය සැබෑ ඉතිහාස දත්ත එක්ක ෆිල්ම් එකේ යම් කාරණා සසඳන්න උත්සාහ ගත්තත් මට හිතෙන්නෙ මේ ඒ විදිහෙ චිත‍්‍රපටියක් නෙමෙයි කියල. ඒ වෙනුවට ඉතිහාසෙන් පිට ගිහින් නිර්මාණය කරන යම් යම් කාරණා ෆිල්ම් එකේ රියැලිටියට ගැටගහන්න චත‍්‍රට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ඉතිහාස කතා ප‍්‍රවෘත්තියට වඩා යමක් ෆිල්ම් එකට එකතු කරන්නෙ ඒ පිටපැනීම් වලින්.

    දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ෆිල්ම් එකේ රජා වීරයා වෙන්නෙ නෑ. ඒ වෙනුවට අතිශය දුර්වල පෙඳයෙක් වගේ චරිතයක් තමයි මහ කලූ සිංහලයාට දීලා තියෙන්නෙ. උද්දික වෙනුවට දර්ශන් ධර්මරාජ් මේ චරිතෙට ගත්තා නම් ඒක වළගම්බා හැලගෙම්බා නොකර බේරගන්න විතරක් නෙමෙයි ඉතිහාස කතා චිත‍්‍රපටි රැල්ලෙ දේශපාලනයටත් අභියෝගයක් කරන්න පුළුවන් කමක් තිබුණ. (ඒත් ඒ කාලෙ කවුද එහෙම හිතන්නෙ?)

    ඒ වගේම මේ රජවරු කියන්නෙ පොඩි කල්ලියක් එක්ක ඉන්න චන්ඩි වගේ පිරිසක් කියන එක ෆිල්ම් එක ඇතුලෙ පේනවා. පරසතුරු උවදුරු එද්දි රජා රකින්න පෙළගැහෙන රංචුවෙ සෙබළු දහයක්වත් නැති තරම්. ෆිල්ම් එක පුරාම අපි දකින්නෙ පොඩි පොඩි රංචු අතර ගැටුමක් විතරයි. ඒක ආලොකො උදපාදිවල බලාපොරොත්තු වෙච්ච තත්වයක් නොවෙන්න ඇති. ඒත් මං හිතන්නෙ ඒක තමයි අපේ රජකාලෙ ඇත්ත තත්වය. මහා වංශයම ලියවිලා තියෙන්නෙ මේ වගේ පොඩි පොඩි නඩ ටිකක් ගැන. අපි ඉතිහාසය කියල ලොකුවට මවාගන්නෙ ඉන්දියානු ඉතිහාසෙ තියෙන ආනුභාවය අපේ එක උඩට දාලා. අපේ රටෙ සයිස් එක අමතක කරලා.

    වළගම්බා ඇත්තටම සතුරන්ව පරාජය කරන්නෙ සටන් වැදිලා වීරත්වයෙන් නෙමෙයි. ඒ වෙනුවට උන් උන් කොටාගෙන දුර්වල වෙනකල්ම බලාගෙන ඉන්න තිබුණ ඉවසීමෙන්. කාලය තමයි එයාගෙ එකම ස්ට‍්‍රැටජිය වෙන්නෙ. ෆිල්ම් එකෙත් වළගම්බා ගැන කිසිම ආනුභාවයක් ගොඩනැගෙන්නෙ නෑ. ඊට පස්සෙ වීරයෙක් විදිහට ඉතුරු වෙන්නෙ බුද්ධ ධර්මය හෝ හාමුදුරුවරු සෙට් එක. ඒත් වැල්ලෙ තැන් තැන්වල කයිය ගහනවට වඩා ජීවිතයක් හාමුදුරුවරුන්ට ලියවිලත් නෑ. ෆිල්ම් එකේ මුලදි නායකයො විදිහට හඳුන්වාදෙන චරිත පවා ටිකක් දුර එද්දි හොයාගන්න නැති වෙනවා.

    ෆිල්ම් එකේ ටී‍්‍රට්මන්ට් එක කොයිතරම් ඉදිරියෙන් තිබුනත් කෑලි හැලෙන පිටපතක් නිසා කතාව අරාජික වෙලා යනවා.

    ෆිල්ම් එකේ සංගීතය අති විශිෂ්ට වැඩකොටසක් කරනවා. එපික් ෆිල්ම් එකකට අවශ්‍ය මූඞ් එක, විශාල බව, හැ`ගීම ආදී සියල්ල හොඳින් කැටි කරගන්නත් චිත‍්‍රපටියෙ තිරරචනයේ අඩුපාඩු පවා ඇතැම් තැන්වලදි වහන්නත් මියුසික් වල පවර් එක උදව් වෙනවා.

    මේ කොයි අඩුපාඩු තිබුණත් ලංකාවෙ කෙරුණු එපික් ෆිල්ම් අතර හොඳම එක විදිහට ගන්න වෙන්නෙ ආලොකො උදපාදි. ඒ ෆිල්ම් එක ඒ තරම් හින්ද නෙමෙයි ඒ වෙනුවෙන් අරන් තියෙන වෑයම ඒ තරම් හින්ද.

    අන්තිමට ෆිල්ම් එක ඉවර වෙන්නෙ බුද්ධ ධර්මය ග‍්‍රන්ථාරූඩ කරන තැනින් . සිද්දියක් විදිහට ඒ කොටසෙ රූපමය ගොඩනැංවීමට මං ගොඩක් කැමතියි (ඒ ඞීටේල් වලට ගිහින් තියෙන විදිහ) . පුස්කොල පදම් කරලා, පන්හිඳෙන් කුරුටු ගාලා, ඒවායෙ ගාථා මතුවෙද්දි ඒ වචන වලට ලොකු හැ`ගීමක් ඇතුල්වෙනවා.

    චක්ඛුං උදපාදි - ඤාණං උදපාදි - විජ්ජා උදපාදි - ප‍්‍රඥා උදපාදි - ආලෝකෝ උදපාදි
    දැකීම ඇති වේවා. ඒ දැකීම තුලින් ඤාණය ඉපදේවා. ඒ ඤාණයෙන් විද්‍යාව හෙවත් දැනීම ඇතිවේවා. ඒ දැනීමෙන් අවබෝධය ලැබේවා.
    ඒ අවබෝධයෙන් ආලෝකය ඉපදේවා...

    ලංකාවෙ ඇතිවුණු හිස්ටොරිකල් එපික් සිනමා රැල්ලෙ අවසානය ඒ විදිහට සළකුණු වෙනවා.

    -චින්තන ධර්මදාස

    http://c-u-l-t.blogspot.com/2017/01/blog-post_30.html
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    රුවන්වැලිසෑය වැඩක් නැහැ කියපු එකා නේද ඕකා?????
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Watched Last weekend. Movie eka Hodata karanna Sahenna Loku Effort ekak dila tiyenawa, But Kathawak Widihata Gattama Story eke Sahenna Adu Paadu tiyenawa. Antima Hariya Sahenna Boring.
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    එපික් ෆිල්ම් හදන්න ඔච්ච්ච්ර වියදම් කරන්න ඕනි නෑ බොලව් , උදාහරණයක් විදිහට The Man from Earth.
    මේකේ තියෙන්නේ කාමරයක ඉදල කතාකරන සිද්දියක් විතරය්, නමුත් චරිත ඉතාමත්ම සාර්ථක විදිහට ගොඩනගල තියෙනවා, දැකල නැත්තන් හොයාගෙන බලන්න (ස්පොයිලර් ඇලර්ට් : මේකේ බුද්දාගමට සම්බන්දෙකුත් තියෙනවා).

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එපික් ෆිල්ම් හදන්න ඔච්ච්ච්ර වියදම් කරන්න ඕනි නෑ බොලව් , උදාහරණයක් විදිහට The Man from Earth.
    මේකේ තියෙන්නේ කාමරයක ඉදල කතාකරන සිද්දියක් විතරය්, නමුත් චරිත ඉතාමත්ම සාර්ථක විදිහට ගොඩනගල තියෙනවා, දැකල නැත්තන් හොයාගෙන බලන්න (ස්පොයිලර් ඇලර්ට් : මේකේ බුද්දාගමට සම්බන්දෙකුත් තියෙනවා).

    patta movie eka ne ban. mama deparak baluwa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එපික් ෆිල්ම් හදන්න ඔච්ච්ච්ර වියදම් කරන්න ඕනි නෑ බොලව් , උදාහරණයක් විදිහට The Man from Earth.
    මේකේ තියෙන්නේ කාමරයක ඉදල කතාකරන සිද්දියක් විතරය්, නමුත් චරිත ඉතාමත්ම සාර්ථක විදිහට ගොඩනගල තියෙනවා, දැකල නැත්තන් හොයාගෙන බලන්න (ස්පොයිලර් ඇලර්ට් : මේකේ බුද්දාගමට සම්බන්දෙකුත් තියෙනවා).

    Ow ban movie ekaka budget ekata wada wadagath script ekai directorge talent ekai!!.Mamath oka depaarak withara baluwa:yes::yes:

    The Man from Earth (2007)

    MV5BNjUwMDQ2NTQxMF5BMl5BanBnXkFtZTcwMDQ4NDIzMQ@@._V1_.jpg

    http://www.imdb.com/title/tt0756683/
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    එපික් ෆිල්ම් හදන්න ඔච්ච්ච්ර වියදම් කරන්න ඕනි නෑ බොලව් , උදාහරණයක් විදිහට The Man from Earth.
    මේකේ තියෙන්නේ කාමරයක ඉදල කතාකරන සිද්දියක් විතරය්, නමුත් චරිත ඉතාමත්ම සාර්ථක විදිහට ගොඩනගල තියෙනවා, දැකල නැත්තන් හොයාගෙන බලන්න (ස්පොයිලර් ඇලර්ට් : මේකේ බුද්දාගමට සම්බන්දෙකුත් තියෙනවා).

    Patta film eka!
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    අපේ හැම එපික් ෆිල්ම් එකක්ම වගේ ෆේල් වුණු සමූහ යුධ දර්ශන, ත‍්‍රාසය දනවන ලූහුබැඳීම් ආදිය නම් ආලෝකො උදපාදිවලදි සෑහෙන ප‍්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඒත් ක්ලෝස් අප්ස් වලදි ලොකු දුර්වලතාවයන් පේනවා.

    වතාවෙන් වතාව හාමුදුරුවරු පෙන්නද්දි ගාථා සද්දෙ පිටින් දාන එක වාතයක්. ඒ හාමුදුරුවරුන්ට තැන තැන ලැග ඉන්නවට වඩා දෙයක් පිටපතෙන් හදලා දීලා නැති හින්ද තත්වෙ තවත් බරපතල වෙනවා.

    meka nm aththama kathawa...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    rZrrDDPI.jpeg

    ලාංකීය සිනමාව වෙන රටවල් වල ලබ්බවල් එක්ක සංසන්දනය කරන්න එපා බං. මෙච්චරකල් ලංකාවේ හැදුනේ අමුම ගොං චිත්‍රපට.(ඉතා අතලොස්සක් හැරෙන්න.)
    ඒවා අතරින් ආලොකෝ උදපාදි හොද මට්ටමක තියෙනවා. දැන් අපි කරන්න ඔන ඌට අතදීලා තව තවත් මේවගේ හොද මට්ටමේ චිත්‍රපටි ටිකක් හැදෙන විදිහට වැඩ සලසන එක. පොඩි පොඩි අඩුපාඩු නැතිව නෙමෙයි. හැබැයි අපේ අනික් ඒවත් එක්ක බලද්දී මේක අති විශිෂ්ඨ චිත්‍රපටියක්. වලගම්බා රජතුමත් හෙන පොරක් නෙමේනේ බං. ඒකනේ ඇත්ත. සමහරු කියනවා උද්දික මලානිකයිලු. ඌ මලානික වෙන්න ඔන තමයි. වලගම්බා රජතුමාට පොරක් වගේ පැනලා යන්න බෑ බං. ඒ පරාජිත හැගීම මුනෙන් පේන්න ඔන. කොහොමද බං හෙන වීරයෙක් වගේ පැනලා යන්නේ. ඒවා තාත්වික නෑනේ.

    අපේරටේ උන් හිතන්නේ මහා පුදුම විදිහට. හොද දෙයක් කවදාවත් හොද විදිහට දකින්නේ නෑ. හැම රෙද්දම පිටරට ලබ්බවල් එක්ක කම්පෙයා කරන්න යනවා.
     
    Last edited:

    waligamaya

    Well-known member

  • ලාංකීය සිනමාව වෙන රටවල් වල ලබ්බවල් එක්ක සංසන්දනය කරන්න එපා බං. මෙච්චරකල් ලංකාවේ හැදුනේ අමුම ගොං චිත්‍රපට.(ඉතා අතලොස්සක් හැරෙන්න.)
    ඒවා අතරින් ආලොකෝ උදපාදි හොද මට්ටමක තියෙනවා. දැන් අපි කරන්න ඔන ඌට අතදීලා තව තවත් මේවගේ හොද මට්ටමේ චිත්‍රපටි ටිකක් හැදෙන විදිහට වැඩ සලසන එක. පොඩි පොඩි අඩුපාඩු නැතිව නෙමෙයි. හැබැයි අපේ අනික් ඒවත් එක්ක බලද්දී මේක අති විශිෂ්ඨ චිත්‍රපටියක්. වලගම්බා රජතුමත් හෙන පොරක් නෙමේනේ බං. ඒකනේ ඇත්ත. සමහරු කියනවා උද්දික මලානිකයිලු. ඌ මලානික වෙන්න ඔන තමයි. වලගම්බා රජතුමාට පොරක් වගේ පැනලා යන්න බෑ බං. ඒ පරාජිත හැගීම මුනෙන් පේන්න ඔන. කොහොමද බං හෙන වීරයෙක් වගේ පැනලා යන්නේ. ඒවා තාත්වික නෑනේ.

    අපේරටේ උන් හිතන්නේ මහා පුදුම විදිහට. හොද දෙයක් කවදාවත් හොද විදිහට දකින්නේ නෑ. හැම රෙද්දම පිටරට ලබ්බවල් එක්ක කම්පෙයා කරන්න යනවා.
    [/COLOR][/SIZE]​

    හොද බගේම වැරදි අඩුපාඩු කියන ඕන. එක කොට තමයි ඊළගට ඊටත් වඩා හොද දෙයක් එන්නේ
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    ඔය චින්තන දර්මදාස කියන්නේ අර අලුත් පරපුරේ පොන්නයා නේද
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    චින්තන දර්මදාසය ගහපු ෆිල්ම් එකක් දාහන්කො බලන්න මට මූ කියන ඒව කම්පෙයාර් කරලා බලන්න ඕනෙ ඌ ඒව ඔක්කොම කරලා තියනවද බලන්න.....කවුරු හරි තියන එකෙක් එවහන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විචාරය මගක් කියවද්දී පුද්ගල රූපයක් හිතේ ඇඳුන. යටට scroll කරලා ලියපු එකාගේ නම search කරලා බලපුහම මම හිතපු එකාම තමයි. එතනින් එහා විචාරය කියෙව්වේ නෑ, කියෝලා තේරුමක් නෑ. මේ film එක release වෙන්ඩ කලින් ම හිතුන ඔහොම විචාර ලියවෙයි කියල.