බොකෝ හරාම් නායකයා මිය යාම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බොකෝ හරාම් නායකයා මිය යාම

බොකෝ හරාම් නායකයා මිය යාමත් සමග සාමාජිකයෝ 260 ක් භාරවෙති​

Boko-Haram-leader-Abubaka-008.jpg


Boko-Haram-leader.jpg


උතුරු නයිජීරියාවේදී එරට භීතියට පත් කරමින් සිටින ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් නායකයා ඝාතනය වීමත් සමග එම කල්ලියේ සාමාජිකයින් 260 දෙනෙකු එරට හමුදාවන්ට යටත් වී ඇතැයි එරටින් ලැබෙන වාර්තාවල සඳහන්ය. එරට ආරක්ෂක අංශ මාධ්‍ය ප්‍රකාශකයකු පවසා ඇත්තේ එම සංවිධානයේ නායකයා ලෙස පෙනී සිට ඇත්තේ මොහොමඩ් බෂීර් බවත්ය. මොහු මෙසේ නායකයා ලෙස පෙනී සිට ඇත්තේ 2009 වසරේ මරණයට පත් අබුබකර් ෂේකු ලෙසය.

පසුගිය සති කිහිපය තුළ එරට හමුදා සමග ඇති වූ සටන් හේතුවෙන් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මරණයට පත්වීම හේතුවෙන් එම සංවිධානය මයිඩුගුරිහිදී විශාල පසුබෑමකට ලක්ව ඇති බවත් හමුදාව ප්‍රකාශ කර සිටියි.

හමුදා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම අවි සමග බෝනෝ ප්‍රාන්තයේ 135 දෙනෙකු සහ තවත් 133 දෙනෙකු ඊසාන දිග ප්‍රාන්තයන්වලින් හමුදාවන්ට භාරවී ඇති බවත්ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැසවීමකදී නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොනතන් ඉල්ලා සිට ඇත්තේ මෙම ත්‍රස්ත උවදුර මර්දනය සඳහා නව ක්‍රියාමාර්ග සැලසුම් කරන ලෙසටය. තම රටේ මේ වන විට ත්‍රස්ත ක්‍රියාවල යෙදී සිටින බොකෝහරාම් සංවිධානය පවතිනුයේ විදේශයන්ගේ සහාය මත බව ඔහු වැඩිදුරටත් මෙහිදී පෙන්වා දී තිබේ. මෙම උවදුර මුළුමනින්ම විනාශ කිරීමේ හැකියාව රඳා පවතිනුයේ අප සියලුදෙනාගේ එකමුතුභාවය මත ගන්නා ක්‍රියා තුළින් බවද ඔහු පවසා ඇත.

නිව්යෝර්ක් නුවර පිහිටි මානව හිමිකම් සංවිධානයක් පවසන්නේ මෙම වසර තුළ පමණක් බොකෝහරාම් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් මියගොස් ඇති බවය.


Rivira . lk​
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරන්න ඔන ඔකුන්ව බොරුවට අත් අඩංගුවට අරන් වැඩක් නැහැ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකටද බන් මේ මරා ගන්නේ?
    මොනවා ලබා ගන්නද?
    පිස්සුද බන් මුන්ට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බම්ප් සහ කොමෙන්ටු දමා, රෙප් දී සහය දැක්වූ එළකිරියන්ට හදපිරි තුති
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකටද බන් මේ මරා ගන්නේ?
    මොනවා ලබා ගන්නද?
    පිස්සුද බන් මුන්ට

    සිරාවට බන්... මොනවා ලබා ගන්නද? :rolleyes:

    උබ නිතරම වැදගත් නිවුස් හොයල එළකිරි එක අප්ඩේට් කරනවා මම දැකල තියෙනවා..
    ඒක එළකිරි වැඩක්...
    කීප් ඉට් අප්...:)

    :yes: :yes: ඒක නියම වැඩක්.. :yes: :yes:

    TFS (+5)