බොකෝ හරාම් නායකයා මිය යාම
උතුරු නයිජීරියාවේදී එරට භීතියට පත් කරමින් සිටින ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් නායකයා ඝාතනය වීමත් සමග එම කල්ලියේ සාමාජිකයින් 260 දෙනෙකු එරට හමුදාවන්ට යටත් වී ඇතැයි එරටින් ලැබෙන වාර්තාවල සඳහන්ය. එරට ආරක්ෂක අංශ මාධ්‍ය ප්‍රකාශකයකු පවසා ඇත්තේ එම සංවිධානයේ නායකයා ලෙස පෙනී සිට ඇත්තේ මොහොමඩ් බෂීර් බවත්ය. මොහු මෙසේ නායකයා ලෙස පෙනී සිට ඇත්තේ 2009 වසරේ මරණයට පත් අබුබකර් ෂේකු ලෙසය.
පසුගිය සති කිහිපය තුළ එරට හමුදා සමග ඇති වූ සටන් හේතුවෙන් ත්රස්තවාදීන් විශාල පිරිසක් මරණයට පත්වීම හේතුවෙන් එම සංවිධානය මයිඩුගුරිහිදී විශාල පසුබෑමකට ලක්ව ඇති බවත් හමුදාව ප්‍රකාශ කර සිටියි.
හමුදා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම අවි සමග බෝනෝ ප්‍රාන්තයේ 135 දෙනෙකු සහ තවත් 133 දෙනෙකු ඊසාන දිග ප්‍රාන්තයන්වලින් හමුදාවන්ට භාරවී ඇති බවත්ය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැසවීමකදී නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොනතන් ඉල්ලා සිට ඇත්තේ මෙම ත්‍රස්ත උවදුර මර්දනය සඳහා නව ක්‍රියාමාර්ග සැලසුම් කරන ලෙසටය. තම රටේ මේ වන විට ත්‍රස්ත ක්‍රියාවල යෙදී සිටින බොකෝහරාම් සංවිධානය පවතිනුයේ විදේශයන්ගේ සහාය මත බව ඔහු වැඩිදුරටත් මෙහිදී පෙන්වා දී තිබේ. මෙම උවදුර මුළුමනින්ම විනාශ කිරීමේ හැකියාව රඳා පවතිනුයේ අප සියලුදෙනාගේ එකමුතුභාවය මත ගන්නා ක්‍රියා තුළින් බවද ඔහු පවසා ඇත.
නිව්යෝර්ක් නුවර පිහිටි මානව හිමිකම් සංවිධානයක් පවසන්නේ මෙම වසර තුළ පමණක් බොකෝහරාම් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් මියගොස් ඇති බවය.
බොකෝ හරාම් නායකයා මිය යාමත් සමග සාමාජිකයෝ 260 ක් භාරවෙති

Rivira . lk
Last edited: