මේ උලමා සංවිධානය දැන් තොත්ත බබ්බු වගේ කතා කරනවා. මේ රටේ හලාල් ප්‍රශ්නේ ඇතිවීමට වගකීමේ කොටසක් මොවුන් අනිවාර්්‍යයෙන්ම ගත යුතුයි. වෙනත් ජාතියක් බහුතරයක් වෙච්ච රටක ආතක් පාතක් නැතුව සෙවීමක් බැලීමක් නැතුව අන්තර්ජාතිකව නොපිළිගත් ලේබලයක් නිකුත් කරනකොට අනාගතය ගැන හිතන්න මුන්ට මොළයක් නැද්ද ?? මේ රටේ පාලකයෝ සහ තමන්ගේ සුලු වාසිය තකා හලාල් ලේබලය ගහගත්ත සිංහල ව්‍යාපාරිකයිනුත් ඒ වගකීම ගත යුතුයි. නමුත් මේ හලාල් ප්‍රශ්නේ වැඩි වගකීමක් ගත යුත්තේ ඔය කියවන තොත්ත බබ්බු ටික තමයි. මොකද මොවුන්ට ඔය වගේ සිද්ධීන් ගැන ඕනේ තරම් අත්දැකීම් වෙනත් රටවලින් ගන්න පුලුවන්. යුරෝපීය සහ බටහිර රටවල් ඔය හලාල් ලේබල් ගහන සංවිධාන වලට දාලා තියෙන නීති රීති නොදැක ඉන්න විදිහක් නෑ. ඇයි එහෙම නීති රීති ගෙනල්ලා තියෙන්නේ ?? මේ වගේ ප්‍රශ්නයක් ඒ රට වල ඇති නොවීමට. ඉතින් මොවුන් ඒක නොදැන ඉන්න විදිහක් නෑනේ.