බොදුබල සේනාව දේශපාලනයට එනවා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොදුබල සේනාව දේශපාලනයට එනවා

    source : lamka c news

    බොදුබල සේනාව දේශපාලනයට එනවා -ඥානසාර හිමි


    November 18, 2013 at 11:53 am | lanka C news


    gnanasara-360.png



    පසුගිය 14 වැනි දා සමගි බලවේගය සංවිධානය විසින් සංවිධානය කර තිබු මානව හිමිකම් උළෙලට සමගාමිව පැවත්වූ ඡයාරුප ප‍්‍රදර්ශනය නැරඹීමට ගිය බොදුබල සේනා සංවිධානය සිරිකොත එජාප මුලස්ථානයට වැඩම කළ අවස්ථාවේ හික්ෂුන් වහන්සේලාට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් පැවසුවේ රටේ ප‍්‍රබල විපක්ෂය මෙසේ අශුද්ධ සංවිධාන සමග එක්වී පිරිහෙනවා නම් රටට අවශ්‍ය රටට ආදරය කරන ප‍්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්නට බොදුබල සේනා සංවිධානයේ සහාය ලබා දෙන බවයි.
    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසුහ.
    ‘අපට විපක්ෂය චෝදනා නගනවා ආණ්ඩුවේ අතකොළු බවට පත්වලා කි‍්‍රයා කරන බවට ආණ්ඩව අපට චෝදනා කරනවා විපක්ෂයේ වුවමනා එපාකම් කරන බවට නමුත් දිගින් දිගටම මෙවැනි ප‍්‍රචාර ගෙන ගියන් අපි හැමදාම වැඩ කළේ බෞද්ධයන්ට සිදුවන අභියෝගවලට එරෙහිවයි.
    සිරිකොතේ පැවත්වූ ඡයාරූප ප‍්‍රදර්ශනයේ බොදුබල සේනා සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හªන්වමින් විවිධ ඡයාරු ප‍්‍රදර්ශනය කරන බව අපට දැනගන්නට ලැබුණා. අපට අයිතියක් තිබෙනවා අපේ සංවිධානය ගැන දැනගන්න. ඒවා ඇත්තද බලන්න. අපි ඒ ස්ථානයට ගියේ.
    නමුත් අපි ඇතුළටත් ගියාට පස්සේ අපට එය නරඹන්න අවස්ථාවක් දුන්නේ නැහැ. එදා එල්ටිටීය මානව හිමිකම් කඩකරද්දී වචනයක් කතා නොකරපු අය අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා. අවසානයේ අපේ ස්වාමින් වහන්සේලා කීප නමක් සුළු තුවාල හේතුවෙන් රෝහලටත් ගෙන ගියා.
    සිරිකොත කියන්නේ දැවැන්න දේශපාලන චරීත නිරුපණය කළ තැනක් එවැනි තැනක් මෙවැනි අශුද්ධ සංවිධානවලට ලබා දුන්නෙ ඇයි? බී‍්‍රටෝ ප‍්‍රනාන්දුලා කියන්නේ කවුද මේ රටේ. එක්සත් ජාතික හික්ෂු පෙරමුණේ ස්වාමින්වහන්සේලාගන් අපි අහන්නේ මේ වගේ අන්තවාදය සතුරන පිරිසට උදව් කරන්නේ ඇයි?’
     
    Last edited: