බොදු ජනතාවගේ හදවත

MacroMP

Member
Mar 6, 2013
648
173
0
බොදු ජනතාවගේ හදවත

1043957_200525316772941_1659671144_n.jpg

හා සංයෝගා වියෝගන්තා හා මතංතා සජීවකා...
(පුදුම යකි එකතු වූ සියලු දෙය විනාශ විය.
ජීවත් වෙන සියල්ලම නැසෙන සුලුය.)

දැනට වසර 2600 ක් ඉක්ම වූ දඹදිව බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාව ලොව පුරා වෙසෙන බොදු ජනතාවගේ හදවත බදුය.

ත්‍රස්තවාදී,අන්තවාදී අමානුෂික වාදී පිරිසක් විසින් අද ලොව බොදු ජනයා කම්පා කරවමින් ඒ සුද්ධ වූ ස්ථානයට කරන ලද බෝම් බ ප්‍රහාරය පිලිබඳ ඔබ හැම සමග කනගාටුවට අපද පත් වන්නෙමු.

දැනට වසර කිහිපයකට පෙර ඇප්ඝනස්ථානයේ ෛඑතිහාසික බුදුරුවක් විනාශ කොට ලෝ බුදු ජනතාව මහත් කම්පනයට පත් කලෝය. එහි ප්‍රථිඵල ඇප්ඝන් රජය හා ජනතාව අද බුක්ති විදිමින් සිටී. අවිගත්තෝ අවියෙන්ම නැසෙති. එය එම රටේ සිදුවන ක්‍රියාදාමයන් තුලින් විදහා පායි. බොදුවන් වන අප ඉවසීමෙන් සංවේගයෙන් යුතුව බලා සිටිමු.

ලොව කොපමණ බලයකින් සිටියත් එය හැමදෙයක්ම තාවකාලික බව කවුරුත් වටහා ගත යුතුයි.

බුද්ධගයාවේ සිදු වූ පාපතර ක්‍රියාව පිලිබද ලෝක තරුණ බෞද්ධ සංඟ සභාව හෙළා දකින අතර එම විපතේදී තුවාල ලැබූ සැමටත් බුරුම හා ටිබෙට් ජාතික බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට ඉක්මණ් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ඉන්දියානු රජයටත් බිහාර් ප්‍රාන්ත රජයටත් මෙම අපරාදයට මුල් වූ අය සොයා ගැනීමට ශක්තිය ෛධර්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


තෙරුවන් සරණයි..!

මේ වගට,
පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි.
මහ ලේකම්,
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාව.