බොදු බලේ මහනුවර යයි....

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    බොදු බලේ මහනුවර යයි....

    රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීය.
    මාළිගාව අසළට ආ ගලගොඩ අත්තේ ඥානසාර ලේකම් හිමියනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් එන් බී අඹන්වල මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ජී බී පෙරමුණගේ මහතා කීවේ මෙම වැඩසටහන සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නේ නම් යෝග්‍ය බවයි.
    ‘මේක මෙතන කරගෙන යනවා. මහත්තයා ඔය පැත්තකින් හිටගෙන අපිට මේ වැඩේ කරන්න ආරක්ෂාව දෙන්නකෝ‘ යැයි කී ගලබඩ අත්තේ ඥාණසාර හිමි මාලිගාවේ උඩුමහලට ගොස් මල් පූජා කර සිය අධිෂ්ඨානය සන්නසකින් මල් ආසනයේ තැන්පත් කළහ.
    ඉන් අනතුරුව පත්තිරිප්පුව අසළට ගොස් බොදු බල සේනාවේ හිමිවරු ද ගිහි පිරිස ද අධිෂ්ඨාන පූජාව පැවැත්වූහ.
    ‘අපි ජාතිවාදී නෑ. අපි ජාතිවාදී කලබල ඇති කළෙත් නෑ. මේවා මාධ්‍ය මගින් ගෙතූ සමහර වැරදි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට හා මාධ්‍යවේදීනට සත්‍ය අවබෝධා වේවා‘ යැයි ද අධිෂ්ඨාන පූජාවේ දී කියැවිණි.


    source page : lankadeepa.lk