බොද වූ ප්‍රථම පෙම..
පහුගිය මාස 4, 5 ජිවිතේ අමාරුම කාලයක් පහු කරා බන්, වසර හතක් ආදරේ කරල එන වසරේ කසාද බදින්න හිටපු මගේ මුළු ලෝකෙම ඇස් පනාපිටම කඩන් වැටුනා, ඒක දරා ගන්න බැරුව ඔලුව හදා ගන්න බැරුව පිට රටක ඉදන් කරපු රැකියාවත් දමල ගහල ලංකාවට ආවේ අඩුම ගානේ හිතේ සතුටවත් හොයන බන්. යාළුවො කට්ටියක් වරෙන් බොමු කියල කියද්දී ජීවිතේට නොබිව්ව මම බිව්වා. එත් හොයපු හිතේ සතුට එතන නැ කියල තේරුනේ තාත්තා නැති අම්මා මාව මුළු ලෝකෙම කරන් බාලාපොරොත්තු කප්පරක් තියන් එකම පුතාගේ පිස්සු වැඩ දරාගත නොහැකිව කදුළු හලනකොටයි. කොහොමඋනත් අද මට ලෝකෙම කරන් ආදරේ කරපු කෙල්ලත් නැ ජොබ් එකත් නැ විශේෂයෙන් හිතේ සතුටකුත් නැ. එහෙමයි කියල ජිවිතේ අතාරින්න බැ බන්. අම්මා වෙනුවෙන් ආපහු පටන් ගන්නව. එත් කොහොමද කොතනින්ද කියන්න මන් තම දන්නේ නැ.
හිතට දැනුන දුක මේ විදිහට ලියල දැම්ම බන්. කවියක්ද සින්දුවක්ද කියන්න දන්නේ නැ...
සත් වසරක ප්‍රේමය තුල තනි වී තැවෙන්නේ
බොදවී ගිය ඔබේ සෙනෙහස හුදකලා කලානේ
රුදුරුයි අද දෛවය මගේ දෙවියොත් නැ බලන්නේ
තනි වූ සිත ඉකිබිදිමින් ඔබේ රුවමයි පතන්නේ
නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...
කතරකි අද හදවත මා නිහඩව ඉරිතලන්නේ
නැති වූ පෙම සිහි කරකර ඔබේ සතුටයි පතන්නේ
සිරගත වූ මගේ සොම්නස අදුරු වී මිදෙන්නේ
නිරයකි මට ඔබ නැති ලොව කෙසේ නික්ම යන්නේ
නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...
අප තැනු පෙම් ලෝකය අද සුන් වී ගියාදෝ........
නැතිවී වී යන අපේ සෙනෙහස රැක ගන්නට හැකි වේදෝ
නොමැරෙන්නට පෙර පන දෙන්නට කුලුදුල් පෙමට හැකි වේදෝ
ආයාචනයකි ඔබට කරන හැකිනම් පැමිනේම්දෝ.............
නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...
රුසි