බොන්න එපා ...බීලා එලවන්න එපා...

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    බොන්න එපා ...බීලා එලවන්න එපා...

    මම පාටියට යනකොට
    අම්ම කිව්වේ පුතේ..
    බොන්න නම් එපා කියලා..
    මම බිව්වේ නෑ අම්මේ.
    බිව්වේ කෝක් විතරය්.

    මට මම ගැනම ආඩම්බර හිතුනා අම්මේ..
    මම බිව්වෙම නෑ ....
    හැමෝම වදකරත්..
    යකෝ උඹ ගැනියෙක්ද ?
    කියලා ඇහුවත්..

    මම දන්නවා මම කල දේ හරිය් කියලා..
    මම දන්නවා අම්ම කියන දේ හැමතිස්සෙම ...
    හරිය් කියලත්..
    පාටිය ඉවර වෙන්න යනවා..
    ගොඩ දෙනෙක් බීලා..
    ඇවිද ගන්නත් බෑ...
    එත් මම බිව්වේ නෑ..

    මම කාරෙකට නගින කොටත් ..
    මට දැනුනා මම යහතින් ගෙදර එනවා කියලා..
    මම බිව්වේ නෑ.මම බීල එළවන්නේ නෑ .

    මම කාරෙක පරිස්සමෙන් පාරට ගත්තා..
    පරිස්සමෙන් ටික දුරක් ආවා..
    අනිත් පැත්තෙන් ආපු කාරෙකක් ...
    මාව හැප්පුවා අම්මේ..

    මම වීසිවෙලා ගියා..
    වැටුනේ කානුවකට..
    මේ යකා බීලා නේ..
    පොලිස් කාරයෙක් කියනවා ඇහුනා..
    ඒ කිව්වේ මාව හප්පපු කාර් එක එලවපු කොල්ලට..

    එයාට අමාරුවක් නෑ අම්මේ..
    එත් මන් විදවනවා..
    මට හොදටම අමාරුය් ........

    මම ඉස්පිරිතාලේ ඇද උඩ..
    අන්තිම අසාද්‍යය්..
    මාව හප්පපු කෙනා බීල එලෙව්වේ..
    එත් එයාට එච්චර අමාරුවම් නැති පාටය් ........
    මේක හරිම අසාදාරනය් අම්මේ..

    මගේ ඇග පුරාම ලේ.
    මෙයා ජීවත් කරවන්න අමාරුය්..
    දොස්තර කියනවා මට ඇහුනා අම්මේ..

    මාව හප්පපු කෙනත්
    ගිහිල්ල තිබුනේ මම ගිය පාටියටමය්..
    එයා හොදටම බීලා.
    ඒ මදිවට වාහනෙත් එලෙව්වා..

    නංගිට කියන්න අඬන්න එපා කියලා..
    තාත්තට කියන්න හිත හදා ගන්න කියලා.
    මම වෙනුවෙන් අඬන්න එපා අම්මේ..
    මම බිව්වේ නෑ.බීලා එලෙව්වෙත් නෑ.

    මට යන්න වෙලාව ඇවිල්ල අම්මේ..
    එත් මේ ලෝකේ කොච්චර අසාදාරණද?
    මම බිව්වේ නෑ.....
    බීල එලෙව්වේ නෑ..
    එත් මැරෙන්න සිද්ද වුනේ මට................):

    :(පරිවර්තනයකි.....උපුටා ගැනීමක් නොවේ :(


    stockphotodontdrinkandd.jpg

     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    yeah its applied for all guys in Elakiri.... DONT DRINK & DRIVE....MY best friend also died like this....... its not his fault , he never get drunk.....
    BTW Thanks for sharing machan GREAT WORK !!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගොඩක් හොඳ පෝස්ට් එකක්
    බීල මැරුණ කෙනාගේ පරලොව ජීවිතයයි, නොබී මැරුණ කෙනාගේ පරලොව ජීවිතයයි දකින්න පුළුවන් නම්....

    හැබැයි මේ පුතා මැරුණට පස්සේ නම් අම්මගේ අවවාද පිලිපැදීමේ ආනිසංස හොඳින් තේරුම් ගන්න ඇති