ඒක තමා කිව්වෙ..වොඩ්කා බෝතලේ අවුරුද්දක් විතර ගහන්ඩ පුළුවං..
ඔව් බං.. මං දොළහ වසරෙදි පට්ට පදිරි ලවක් කලේ.. කතාව කියන්න වෙලාව මදි.. කෙටියෙන් කියන්නං..
කෙල්ලෙක් ක්ලාස් ආවා.. අහම්බෙන් ඒකිම මං දවසක් FB එකෙත් දැක්කා..
කොහොම හරි ඒකිව සෙට් කරගත්තා.. කෙල්ලට පිස්සු කොරවෙන්න සල්ලි..
මං දුප්පතා.. ඒකිගෙ තාත්තා මට දවසක් තර්ජනය කලා.. ලව නවත්තපං කියලා..
මං නැවැත්තුවෙ නෑ.. මොකද මං මේකිට ආදරේ නිසා.. කෙල්ලටත් සිද්ධිය කිව්වෙ නෑ.. බයවෙයි කියලා..
ඔහොම දවස් ගාණක් ගියා.. අපි දෙන්නා කෙල්ලගෙ තාත්තට මාට්ටු වුණා.. කෙල්ල මාව පාව දුන්නා.. කෙල්ල ඇඟ බේරගත්තා.. කෙල්ලගෙ තාත්තා කට්ටියක් දම්මලා මට ගැස්සෙව්වා.. මට සිහිය නැතිවෙලා.. නැගිටලා බලද්දි මං හොස්පිට්ල් එකේ.. යාලුවො මාව වට කරන් හිටියා.. ඔලුව යන්තම් පැලිලා තිබුණා.. කකුලයි, අත් දෙකකුයි කඩලා තිබුණා.. උන් මට ගහලා කාණුවකට දාලා ගිහින්.. මිනිස්සු දැකලා මාව.. එතන මං දන්න අයියා කෙනෙක් ඉඳලා.. ඌ මාව හොස්පිට්ල් එකට අරන් ගිහින්..
මාස තුන හතරක් එකතැන හිටියා.. එතන එක යාලුවෙක් ඒ කෙල්ල ගැන දන්නවා.. මං ආදරේ කරන කාලෙ උන්ට ඒක කියලා තිබුණෙ නෑ.. ඒක මගේ කරුමෙ.. එතන ගිහින් තියෙන්නෙ වෙනම සිද්ධියක්.. කෙල්ලගෙ තාත්තා කුඩු බිස්නස් කාරයෙක්.. සහ ගණිකා මඬමක අයිතිකාරයෙක්.. කෙල්ල අමා වේසියෙක්.. ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. මං කතා කරන්න කැමතිත් නෑ.. හැමදේම දැනගත්තාම මට මං ගැන දුකකුයි, පට්ට තරහකුයි ඇතිවුණා.. මං මටම වෛර කරන්න ගත්තා..
O/L වලට මට A8ක්.. සුපිරියට ඉගෙනගෙන ආවා.. අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරන්න ඕන නිසා.. ඒ හැම දෙයක්ම නැති වුණා.. A/L කලා.. මං හිතන තරම් හොඳ ප්‍රථිපලයක් ගන්න බැරි වුණා..
පස්සෙ කොහොම හරි ඩ්‍රින්ක් එක දාදා පිස්සු කෙලියා.. ඔය අතරෙ ජොබ් එකක් සෙට් වුනා.. පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මාර්ගයෙන් ඊට වඩා හොඳ ජොබක් සෙට් වුණා.. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් පිටරටින් ගෙනල්ලා මෙහෙදි Assemble කරනවා.. එතනින් එහාට අපිට විස්තර කියන්නෑ.. ඒවට ජාතියක් ජන්මයක් නෑ.. නීති ගොඩක් දාලා මාව ජොබ් එකට ගත්තා.. පඬි හොඳ නිසා මාත් ගියා.. නිදහස නැත්තටම නැති වුණා.. ඒක ලංකාවෙ කොම්පැණියක් නෙමේ මං දන්න තරමින්.. තව තැන්වල බ්රැන්ච් ඇති.. මං දන්නෑ.. ඇහුවත් කියන්නෑ..
මං වැඩ කරන තැන බොසා මාත් එක්ක මාර ෆිට් වුණා.. පරණ සේවකයන්ටත් වඩා මාව එයාට අල්ලලා ගියා.. ඉතිං හිටපු ගමන් මං එහේ යනවා.. බොසා එක්ක ඩ්‍රින්ක් එක දානවා..
මං දවසක් බොසා එක්කත් සිද්ධිය කිව්වා.. බොසත් කෙල්ලගෙ තාත්තා දන්නවා.. යාලුවෙක් නෙමෙයි.. ඌ ටිකක් ප්‍රසිද්ධ වෙච්ච චරිතයක්.. කොහොම හරි ඌ පොලීසියට කොටු වෙලා.. කෙල්ල ගැන නම් දන්නෑ..
ඔය සිද්ධිය බොසා ගෙදර ගිහින් කියලා තිබුණා.. මං දන්නෙ නෑ බොසාට දුවෙක් ඉන්නවා කියලා.. ඒ දුව පට්ටම ලස්සනයි.. මන් එයා දියා වැඩිය බැලුවෙ නෑ.. එයා කවුද මං කවුද.. අනික වැඩ කරන තැන ගූ කරගන්නෙ නැතුව නම තියාගෙන ඉන්න මං ට්‍රයි කලා..
දවසක් කෙල්ලම ඇවිත් මාත් එක්ක කතා කලා.. එයා හුඟක් දුක් වුණා මට වෙච්ච සීන් එකට.. එදා ඉඳන් එයා මට එන්න එන්න ළං වෙනව වගේ දැනුණා.. බොසත්, බොසාගෙ වයිෆුත් මට අකමැත්තක් නෑ වගේ මට තේරුණා.. එයාලගෙ කතාවෙන් මට ඒක තේරුණා..
ඒත් මට උත්තර නැති ප්‍රශ්න දෙකක් තිබුනා.. මෙච්චර සල්ලි තියෙන කෙල්ලෙක් ඇයි මට කැමති වෙන්නෙ.. අනික එයාගෙ දෙමාපියන් පවා මට කැමති වෙන්නෙ ඇයි.. උත්තරයක් හොයාගන්න බැරි වුණා.. මං ආදරේ කරන්න බයයි.. කලින් වෙච්ච දේවල් නිසා.. ඉතිං මං හැම වෙලාවෙම ඒකිව මඟහැරියා.. ගණන් ගන්නෙ නැතුව හිටියා.. එයාට මාව එපා වෙන්න ඇති.. දැන් මාව බලන්න එන්නෑ..
මගේ කතාව අවසානයි..තේරුනාද මන්දා..
පිස්සු හැදෙනවා බන් ,,,,,,අපරාදෙ ඒ උනාට බොසාගෙ දුව බන් සිරාවටම උබට කැමතිද දන්නෙ නෑ නෙ ....නිකන් ට්‍රයි කරල බලපන් වාසනාව කියනදේ කොයි වෙලාවෙ එනවද කියන්න බෑ නෙ බන් ..
වොඩ්කා බෝතලේ අවුරුද්දක් විතර ගහන්ඩ පුළුවං..
තේරුනාද මන්දා..



