බොරුකාර එළදෙන

Aug 2, 2014
158
17
0
අකරුණාවන්ත තාත්තා හා බොරුකාර එළදෙන!



දුවේ පුතේ මේ කියන්න යන්නේ එකමත් එක කාලෙක හිටිය අප්‍රිකානු තාත්තා කෙනෙකුයි පුතාල තුන් දෙනෙකුයි ගැන. ඉතින් මේ අයට හිටිය ඉතාම වටිනා වාසනාවන්ත එළ හරකෙකුත්. මේ හතර දෙනා හිටියෙ අප්‍රිකාවෙ. තාත්තා හරිම ආඩම්බරයි මේ එළදෙන ගැන. ඒ මොකද දන්නවද? ඒ එළදෙන හැම අවුරුද්දකම හොඳ වහු පැටියෙක් ඔහුට දෙන හින්ද. දවසක් මේ තාත්තා කියනවා ලොකු පුතාට "පුතේ මේ එළදෙනව හොඳට වතුර, කෑම තියෙන තැනකට ගෙනියන්න" කියල. පුතාල , දුවල දන්නවනෙ අප්‍රිකාවෙ හැම තැනම වතුර නෑ. හරිම හිඟයි වතුර. ඉතින් මේ පුතා එළදෙනව අරගෙන ගියා වතුර තියෙන තැනක් සොයාගෙන. ඇවිදගෙන යනකොට ඒ පුතාට ඔන්න හම්බ උනා හොඳට වැඩුන තණ තියෙන තැනක්. ඒ අසලම තිබුන වතුර වලකුත් තිබුන නිසා එයාට හරි සතුටුයි. පුතා මේ වැස්සිව එතන දිගෙලි කරල ඇතිවෙන කල් කැම කන්න ඇරිය. ඊට පස්සෙ හොඳට වතුරත් බොන්න දුන්න. දැන් ඉතින් ගෙදර යන්න වෙලාව හරි. ඉතින් දෙන්න එක්ක ගෙදර ගියා.



talesbymoon_precious1.jpg




තාත්තා බොහොම සතුටින් ඇහුව මේ එළදෙනගෙන් කොහොමද? හොඳට කෑම බීම ලැබුනද ? කියල. එතකොට මේ එළදෙන කියනවා මෙන්න මෙහෙම. " ම්….. ……………අනේ, ඔබේ නපුරු පුතා මාව ගෙනිහින් කැලෑවකට දැම්ම. එතන වතුර වත් තණකොළ වත් තිබුනෙ නෑ. එයා හොඳටම නිදාගත්තා." කියල.

ඉතින් මේ තාත්තාට හරියට තරහා ගියා මේ පුතා එක්ක. පුතාට කතා කරලා පුතාට ගෙදරින් යන්න කිව්වා. දැන් පුතාට කරන්න දෙයක් නෑ. ගෙදරින් යන්න ගියා. ඔහොම යනකොට පුතාට හම්බ උනා ගොවිපලක්. ඒකෙ හිටියා ඉතාම කරුණාවන්ත ගොවි මහතෙක්. ඔහු මේ පුතාගෙ කතාව අහලා පුතාට ඉඩ දුන්නා ගොවිපළේ නවතින්න. ඉතින් පුතා එහේ නැවතිලා හොඳින් හැම වැඩක්ම ඉගෙන ගත්තා. කවදාහරි තාත්තා ළගට ගිහින් හොඳින් ගොවිතැන් කරන්න කියලා පුතාට ගොවි මහතා අවවාද කලා.
මේ අතර තාත්තා දෙවෙනි පුතාටත් කියනවා අර විදිහටම එළදෙනව අරන් ගිහින් කෑම දෙන්න කියල. ඉතින් මේ දෙවෙනි පුතාත් මේ එළදෙනව අරගෙන යනවා වතුර හා තණකොළ තියෙන තැනක් සොයාගෙන. එයත් එයාගෙ අයියා වගේම එළදෙනව ගෙනිහින් වතුර තියෙන තැනකින් එළදෙනව නාවලා කන්න දීල ගැට ගහල එයත් ටිකක් හාන්සි වෙනවා. තාත්තා මෙ දෙන්නා ඉන්න තැනට ඇවිත් අහනවා " කොහොමද? එළදෙනට අද කෑම වතුර එහෙම ලැබුනාද?" කියල.




talesbymoon_precious2.jpg




එතකොටත් මේ එළදෙන කියනවා "මේ බලන්න, මාව ගැට ගහල මෙ පුතා මට වතුරවත් කන්නවත් දෙන්නෙ නැතිව හොඳටම නිදි නේ" කියල. දැන් ඉතින් තාත්තාට හොඳටෝම කේන්තියි. එයා මොකද කරන්නෙ දිග කෝටුවක් කඩාගෙන පුතාට හොඳටම ගැහුවා. ගහල එයාවත් ගෙදරින් පන්නනවා. ඒ පුතාත් ඇවිදගෙන ඇවිදගෙන යත්දි එයා යන්නෙ කම්මල් කාරයෙක් ළඟටයි. ඒ කම්මල් කාරයා එයාට හොඳට ආයුධ හදන හැටිත් දඬයම් කරන හැටිත් කියල දෙනවා දීල කියනවා "පුතේ ඔයා කවදාහරි ඔයාගෙ තාත්තට කියල දෙන්න අර මෝඩ, දුශ්ට එළදෙන නැතුවට මෙ වැඩ එයාට හොඳින් කරගන්න පුළුවන්" කියල.

ඔය අතරේ තාත්තා තුන්වෙනි පුතාටත් කියනවා "පුතේ, ඔයාත් මේ එළදෙනට කන්න ටිකක් හොයල දෙන්න, හැබැයි හොඳට මතක තියාගන්න අයියල දෙන්නා වාගෙ එහෙම නොකරන්න. ඔයාවත් පිටමන් කරන්න උනොත් මගෙ පපුව පැලේවි "කියල . ඉතින් මේ පුතාත් ඔන්න අයියලා විදිහටම හොඳට තණකොළ තියෙන තැනකට ගෙනිහින් මේ එළදෙනට කන්න දුන්නා. ඊට පස්සෙ නාවලා ගහක ගැට ගැහුවා විතරයි තාත්තා එතනට ආවා. වෙනදා වාගෙම තාත්තා ඒ එළදෙනගෙන් ඇහුවා හොඳින් කෑම කෑවාද? කියලා. මේ විදිහට ඇහුවාම පෙර කිව්වා වගේම එළදෙන කියනවා " අනේ මේ පුතාත් අර නැහැදිච්ච අයියලා වාගෙමයි. මාව පොඩ්ඩක්වත් තණකොළ නැති තැනකට ගෙනත් බැඳලා තිබ්බා මාව මැරෙන්න, කන්නවත් වතුර වත් දුන්නේ නෑ" කියලා. දැන් කරන්න දෙයක් නෑ, තාත්තා දිග කෝටුවක් කඩාගෙන මේ පුතාවත් පන්නනවා ගෙදරින් යන්න කියල.




talesbymoon_precious3.jpg



අනේ! මේ පුතාත් ඇවිදගෙන යත්දි ඔන්න හොඳට ඉගෙන ගත්ත මහත්තයෙක් ළඟට එනවා. ඒ මහත්තයා පුතාට බොහොම ආදරෙන් අකුරු කියන්න , ලියන්න උගන්වනවා. ඔය අතරේ තාත්තා විතරයි දැන් මේ එළදෙනට කන්න දෙන්න ඉන්නේ. ඉතින් එයා ළමයින් වගේම හොඳට වතුර හා තණකොළ තියෙන තැනකට ගෙනිහින් එළදෙනට කන්න දෙනවා. ඊට පස්සෙ අහනවා " එළදෙන, ඔබගේ බඩ පිරුනද? හොඳට වතුර බිව්වද?" කියල. එතකොට අර එළදෙන කියනවා " ඔබත් අර ඔබගේ මෝඩ කොල්ලො වගේමයි, මට කන්න දුන්නෙත් නෑ, බොන්න දුන්නෙත් නෑ. මාව බඩඟින්නේ තිබ්බ" කියල කිව්වා. ඔන්න දුවේ පුතේ එතකොට තමයි වැටහුනේ මේ එළදෙන හැමදාම බොරු කියපු බව.

“හා! උඹ හැමදාම මාව රැවැට්ටුවා, මම මගෙ අහිංසක ළමයින් වත් එළවා ගත්තා. ඉඳින් මම උඹට හොඳ වැඩක් කරන්න” කියල කෙවිටෙන් ගහල ගහල මේ එළදෙනව කැලෑවෙ අතරමං කරල බොහොම දුකෙන් ගෙදර ආව. ඉතින්, ඊට පස්සෙ මේ තාත්තා ගම් දනව් පසුකරගෙන ගිහින් මේ පුතාල තුන් දෙනාවම හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. කාලයකට පස්සෙ ගෙදර ආවෙ බොහොම මහළු වෙලා. දැන් අතපය හයිය නෑ වැඩපල කරගන්න. පුතාල ගැන හිතමින් දුක් වෙනවා.

දවසක් ඉරිදා පොළ දවසක, තාත්තා පොළට යනවා බඩු ගන්න. බොහොම දුර්වලව හිටිය මේ තාත්තව කලන්තෙ දාල වැටෙනවා. ඒ සද්දෙට හැමෝම එකතුවෙනවා. මේ අය අතරෙ ගොවිපලේ පලදාව විකුනන්න ආව ලොකු පුතාත්, ආයුධ විකුනන්න ආව දෙවෙනි පුතාත්, මහත්තයා එක්ක බඩු ගන්න ආව තුන්වෙනි පුතාත් එතනට එකතුවෙනවා.




talesbymoon_precious4.jpg



ඒ වෙලාවෙ, ඒ ඉන්නෙ අපේම තාත්තා බව පුතාල තුන් දෙනාම හඳුනා ගන්නවා. ඒ අය සහොදරයො බවත් දැනගන්නවා. තාත්තාට සිහිය ආවම හරිම සතුටුයි. මේ තාත්තා පුතාල තුන්දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. "පුතාලා මගේ ඇස් දෙක ඇරුනා. මම, මගේ වැරැද්ද හඳුනා ගෙන බොහෝ කල්, මට මගේ එළදෙනට වඩා ඔයාල තුන් දෙනාම වටිනවා දරුවනේ " කියල පුතාලව සෙනෙහසින් සිප ගන්නවා. ඉතින් එදා ඉඳලා හැමෝම ගොවිතැන් කරගෙන සතුටින්, ආදරෙන් ඒ අයගෙ තාත්තාව බලා ගන්නවා.


උපුටාගැනීමක්
 
  • Like
Reactions: maxboysl

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට බන්
    පොඩි කලේ මතක් වෙනවා
    කුබිය සහ පරවියා
    ලසන වසිලිස්සා
    පොත් පට්ට නේ
     
    • Like
    Reactions: ලොල්ල
    Aug 2, 2014
    158
    17
    0
    පට්ට බන්
    පොඩි කලේ මතක් වෙනවා
    කුබිය සහ පරවියා
    ලසන වසිලිස්සා
    පොත් පට්ට නේ

    ලස්සන වසිලීස්ස PDF එක තියෙනවා තාම මගේ ගාව.:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල්ල;16973197 said:
    ලස්සන වසිලීස්ස PDF එක තියෙනවා තාම මගේ ගාව.:yes::yes:

    man gavath thiyanava. elakiri eke damma kuruhari
     
    Aug 2, 2014
    158
    17
    0
    රත්තරං;16973981 said:
    ඉතින් මාමේ ඒ කාලේ අප්පිකාවේ කතාකලන එලදෙන්නු හිතියද?:baffled:

    ඒ කාලේ නෙමෙයි දැනුත් ඔය ඉන්නේ..
    තෝත් එකෙක් තමයි....:angry: