බෝට්ටු සවාරිය

ncbrando

Member
Jan 31, 2014
838
115
0

අම්මලත් එක්ක ගිය බෝට්ටු සවාරිය
මතකයි මට තාමත් අද වගේම
අම්මලා මුහුදේ පාවෙවී හිනාවෙවී ඈතට යද්දි
මම විතරයි අද අන්තිමට ඉතුරැ වුණේ ගෙදර



පහුවෙනිදා
නංගියි අම්මයි පෙට්ටිවල ගුලි වෙලා
නැන්දයි මාමයි ආවෙත් පෙට්ටිවල ගුලි වෙලා
හැමෝම අඩනවා සුදු කොඩිත් දානවා
අම්මාගේ පෝස්ටර් එකකුත් ගහලා



ඒත් අම්මා අද සිල්ගන්න යනවා වෙන්න ඇති
ඉතින් ඇයි අපේ මාමලා නැන්දලා අඩන්නේ
මොකටද අඩන්නේ
අම්මා දැන් ගියාට ආපහු ඒවි
මම දන්නවනේ අම්මගේ හැටි



මාව බලල යන්න දැන්වත් එන්නකෝ
දැන් අඩපු මිනිස්සු කවුරැත් අපේ ගෙදර නැහැ
සුදු කොඩිත් නැහැ
නැන්දලත් නැහැ මාමලත් නැහැ
ඒ හින්දායි මම මග බලන් ඉන්නේ
දැන්වත් එන්නකෝ ඉතින්