බත්තරමුල්ලේ බෝඩින් පට්ටම ගනන්, ටවුන් එක කිට්ටුව බොහොම සාමාන්‍ය පහසුකම් තියන තනි රූම් එකක් උනත් 15+ ක් වගේ වෙනවා.(room + bathroom only). ඇනෙක්ස් එකක් නම් තව ගනන්
ඒක නිසා කොස්වත්ත් පැත්තට වෙන්න පොඩ්ඩක් ඇතුල් පාරවල් වල බලපන් ගොඩක් තැන් වල බෝඩින් තියනවා ටිකක් අඩුවට හොයන්න පුලුවන්
8කනුව තලාහේන හන්දිය පැත්තෙ තවත් අඩුයි. තලාහේන හන්දියෙන් ඇතුල් පාරෙ එහම බලපන් මම කාලයක් ඒ පැත්තෙ හිටිය, අවුලක් නැහැ හොදයි ඒත් ඒ ඇතුලෙ සමහර පැති තියනවා මුඩුක්කු වගේ සයිඩ් ඒව අස්සෙ බෝඩින් හොයන්නෙ නැතුව පොඩ්ඩක් හොද තැනකින් බලපන්
ලහිපිට බලපන්, හැමදාම ඔයපැත්තෙ බෝඩින් දාල තියනවා