සරලව කිවුවොතින් කෑම හදද්දි ජීවාණුහරණය කරලා හදන්නෙ. බෝතලුත් එහෙමයි. බෝතල් කරලා එයා ටයිට් වෙන්න සීල් කරනවා.( මෙහෙම කරලා කල් තබාගෑනීමේ ද්‍රව්‍ය මොනවත් නැතිව බෝතලේ කඩනකන් තියාගන්න පුලුවන්)
හදලා බෝතල් කරලා සති දෙකක් විතර ස්ටෝස් වල තියෙන්න අරිනවා,එතකොට මොනවා හරි ක්ශූද්‍ර ජීවීයෙක් කෑම වල හැදෙනවා නම් බෝතලේ පියන උඩ පොඩි පොඩි බබල්ස් වගේ එනවා, එහෙම එනවා නම් ඒව රිජෙක්ට් කරනවා එහෙම නැත් නම් විකුනන්න මාකට් එකට දානවා. සති දෙකකින් එහෙම බබල්ස් ආවෙ නැහැ කියන්නෙ ශුවර් එකට ජිවාණුහරණ ප්‍රොසෙස් එක වෙලා කියන එක
සාමාන්‍යෙන් හරියට බෝතල් කරනවා නම් බෝතල් පියන ටයිට් කරලා ඊට උඩින් පොලිතින් සීල් එකකුත් ගහන්න ඕන. කඩනකන් තියනවා නරක් වෙන්නෙ නැතුව. ලංකාවෙ පොඩියට කරන තැන් වල මේ පොලිතින් සීල් එක ගහන්නෙ නැහැ
මගේ යාලුවෙක්ගෙ ඔහොම බිස්නස් එකක් තියනවා. උන් ප්‍රිසවේටර්ස් රසකාරක මොනවත්ම නැතුව හදනවා. ලංකාවෙ විකුනන්නෙ බොහොම අඩුවෙන් EU/AU එක්ස්පෝට් කරන එක තමයි කරන්න. උන් කම්ප්ලයන්ස් වලට ලැබ් ටෙස්ට් වලට එහෙම ලොකු ගානක් වියදම් කරනවා EU ස්ටෑන්ඩඩ් තියාගන්න