බෝතලේ දාලා මුහුදට දැම්ම ලියුම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    බෝතලේ දාලා මුහුදට දැම්ම ලියුම

    බෝතලේ දාලා මුහුදට දැම්ම ලොව පැරණිම ලියුම හොයාගත්ත කෙනාට ලැබුණු සල්ලි


    1461138878_t.jpg


    වීදුරු බෝතලේක දාපු ලියුමක් මුහුදේ පාවෙලා ගිහින් වෙරළක් අයිනෙදි ඒක කවුරුහරි අහුලගන්නවා අපි චිත්‍රපටිවල දැකලා තියෙනවා. ඒත් ඇත්තටම ඒ වගේ ලියුමක් අපිට හම්බවෙලා නම් නෑ, හැබැයි මේ කියන්න යන්නේ ඇත්තටම මේ විදියට බෝතලේක දාලා එවපු ලියුමක් හම්බවුණු කෙනෙක් ගැන.

    මේ ලියුම අවුරුදු 108ක් පරණයි වගේම ඒක තමයිලු ලෝකේ තියෙන පරණම මුහුදෙන් පාවෙලා ඇවිත් හොයාගත්තු ලියුම.

    1908 වර්ෂයේදී මුහුදට දැම්ම මේ ලියුම එවලා තියෙන්නේ එංගලන්තේ තියෙන සාගර ජීව විද්‍යාත්මක සංගමයකට දෙන්න කියලා.

    ඒ වගේම ඒක ගෙනැත් දුන්නු කෙනාට මුදල් දෙනවා කියලත් ලියුමේ ලියලා තියෙනවලු. ඔහුට ලැබෙන මුදල තමයි සිලිං 1ක්. මේ විදියට බෝතල් ඇතුලේ දැම්ම ලියුම් 1000ක් විතර ඒ කාලේ මුහුදට දාලා තියෙනවලු. මීට අවුරුද්දකට කලින් තමයි අපි කියපු මේ ලියුම හම්බවෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම මේ ලියුමේ වගතුග හොයාගන්න ටික කාලයක් ගතවෙලා තියෙනවා.

    (Internet)

    1461138878_1.jpg